Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවුරුදු කිරිබතටත් ලූනු මිරිස් පිටරටින්



මෙම සතිය ආරම්භ වූයේ සිංහල අලුත් අවුරුදු උණුසුමත් සමගිනි.  වසරේ වෙන කවරදාකටත් වඩා භාණ්ඩ හා සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ජනිත වෙනුයේ මෙම කාලසීමාවේදීය. සිංහල හා හින්දු සංස්කෘතිය හා බැඳුණු සූර්ය මංගල්‍යයේ චාරිත්‍ර වාරිත්‍ර අතර තෑගි භාණ්ඩ හා සුහදතාව හුවමාරු කරගැනීම අනිවාර්ය අංග ලක්ෂණයකි. සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින්  සිත් සේ කා බි විනෝද වීම අලුත් අවුරුදු සමයේ සුලභ අත්දැකීමකි. මේ සඳහා වන සූදානම මෙම සතිය තුළ උපරීම වශයෙන් දැකිය හැකිවන අතර එහි ප්‍රතිඵලයන් වශයෙන් වෙළෙඳ ‍පොළ මුදල් සංසරණය හා භාණ්ඩ හුවමාරුව වේගවත් වෙයි.
රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අලුත් අවුරුදු අත්තිකාරම් (උත්සව අත්තිකාරම්) හිමිවන අතර පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා උත්සව අත්තිකාරම්වලට අමතරව ප්‍රසාද දීමනා හා තිළිණ  ප්‍රදානයන් හිමිවේ. මේ සියල්ල සමග මෙම සතිය ඇතුළත වෙළෙඳ ‍පොළ තුළ වැඩි මුදලක් සංසරණය වන අතර ආර්ථිකයේ සමස්ත ඉල්ලුමෙහි විශාල ප්‍රසාරණයක් දැකිය හැකි වෙයි.
සහල්, එළවළු, මස්, මාළු වැනි ආහාර ද්‍රව්‍ය වලට අමතරව රෙදිපිළි, තෑගි භාණ්ඩ, රස කැවිලි, රතිඤ්ඤා වැනි පාරිභෝගික භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් නිතැතින්ම ඇතිවේ. අනෙක් පැත්තෙන් ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය වැනි සේවා  සඳහාද විශාල ඉල්ලුමක් ඇතිවන අතර ආර්ථිකයෙ ඇතිවන කෙටි කාලීන ප්‍රසාරණය තුළින් නිෂ්පාදන හා සේවා අංශයේ පිබිදීමක් ඇතිවේ.
වෙළෙඳ‍පොළ
මිල ගණන්
බක් මාසය සැලකෙන්නේ ඵල බර මාසය ලෙසටය. මෙම මාසයේදී අඹ, කජු වැනි පලතුරු වර්ග වලට අමතරව කාලගුණික සාධක මත එළවළු අස්වනුවලද ඉහළ යාමක් දැකිය හැකිවෙයි. සාමාන්‍යයෙන් සෑම අලුත් අවුරුදු  සමයකදිම
එළවළුවල මිල ගණන් සාපේක්ෂව පහළ අගයක් ගනු ලබයි. එහෙත් ලීක්ස්, වම්බටු, කැරට්, රතු ලූනු වැනි එළවළු වර්ග කිහිපයක පමණක් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය. ඒ වෙළෙඳුන් විසින් නිර්මාණය කරනු ලබන වෙළෙඳ ‍පොළ තත්ත්වයකි. එසේම බිත්තර, කුකුළු මස් ආදියෙහිද සාපේක්ෂ මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.
ඒ එම ආහාර ද්‍රව්‍ය සඳහා වෙනදාට වඩා වැඩි ඉල්ලුමක් ජනිත වීම නිසාය. එහෙත් සමස්තයක් වශයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු, බිත්තර හා මස් යනාදියෙහි මිල ගණන් පාරිභෝගිකයාට දරාගත හැකි මට්ටමේ පැවැතියද මාළු, කරවල, ආදියෙහි මිල ගණන් විශාල වශයෙන් වැඩි වී තිබේ. කෙසේවෙතත් රජය මැදිහත් වී උත්සව සමයේ  ලංකා සතොස  හරහා ලොකු ලූනු, අර්තාපල්, සහල්, මුං ඇට, පරිප්පු, සීනි ආදි වියළි ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට අලෙවි කිරීමට පියවර ගෙන තිබිම අගය කළ යුත්තකි.
මෙවර සිංහල අලුත් අවුරුදු සමයේදීද ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇත්තේ මෙරට නිෂ්පාදිත භාණ්ඩ හා සේවා නොව ආනයනික භාණ්ඩ හා සේවාවන්ය. සහල් ලොකු ලූනු, වියළි මිරිස්, අර්තාපල්. වියළි හාල් මැස්සන්, සීනි, මුංඇට මේ ආදි සියලු ආහාර ද්‍රව්‍යයන් ආනයනය කරනු ලැබූ ඒවාය. අතීතයේදී අප අවුරුදු සමරනු ලැබුවේ අටුකොටු දේශීය බව බෝග වලින් පුරවා ගැනීමේන් අනතුරුවය. ආනයන සීමා කරමින්  අපනයන ඉහළ
නංවාගත යුතු බව රජය හැම විටම කියා සිටියත් අපට තවමත් ආහාර වලින් ස්වයං ‍පෝෂිත වීමට නොහැකි වී තිබේ.
ඉහළ ආර්ථික වර්ධන වේගයන් ලබා ගැනීමකින් තොරව රටේ සමාජ ආර්ථීක ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කළ නොහැකිය. ඒ සඳහා යන ගමනේදී කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශ තුනෙහිම වර්ධනයන් සිදුවිය යුතු අතර ජාතික ආදායමින් පරිභෝජන කටයුතු සඳහා කරනු ලබන වියදම් සාපේක්ෂව පහළ මට්ටමක පවත්වා ගැනීමට සමත් විය යුතුය. එය වෙනත් වචනවලින් කිවහොත් ආදායමින් ආහාර ඇතුළු පරිභෝජන භාණ්ඩ සඳහා කරනු ලබන වියදම සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ගත යුතුව ඇත.  ඒ සඳහ අප ආහාර සඳහා විදේශ ගතවන විනිමය ප්‍රමාණය රට තුළ ඉතිරි කර ගැනීමේ ප්‍රයෝජන වැඩ පිළිවෙළක් වෙත ප්‍රවේශ විය යුතුය. උදාහරණයන් ලෙස කිරෙන් ස්වයං ‍පෝෂිත වීම යන කරුණු සැලකිල්ලට ගනිමු. කිරිපිටි ආනයනය කිරීමකින් තොරව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාව යථාර්ථයක් කරගත යුතුය. දේශීය කිරි නිෂ්පාදකයන් කියා සිටින්නේ තමන්ට ජාතික කිරි අවශ්‍යතාව සැපිරිය හැකි වුවත් කිරිපිටි  ආනයනය නිසා එම සත්‍යතාව සාධනය කරගැනීම අසීරු වී ඇති බවකි. රජයට මේ සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
දේශපාලන අවිනිශ්චිතතාව
දේශපාලන තලයේ ඇතිවී ඇති උණුසුම සිංහල අවුරුදු උත්සවයේ සූදානම නිසා තරමක් යටපත් වී පැවැතියද සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යනවාද නැතහොත් ඉන් ඉවත්ව එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක්  ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් පවතී.  සාමාන්‍ය ජනතාව දේශපාලනය සම්බන්ධයෙන් ඇල්මැරුන ස්වභාවයක් දැරුවද දේශපාලනය ඔවුන් බුක්ති විදින බත්පත තුළද ඇති බව ඇතැම් විට ඔවුන් නොදනී. ඕනෑම දේශපාලන පක්ෂයක අරමුණ බලය ලබා ගැනීම, පවත්වා ගැනීම හා එය ආරක්ෂා කර ගැනීමයි. එම අර්ථයෙන් බලන කල්හි වත්මන් දේශපාලන නායකයන්ටද අවශ්‍යව ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් බිහි කරගැනීම කෙසේ වෙතත් කෙසේ හෝ බලය පවත්වා ගෙන යාමය. නමුත් මෙමගින් රටට සහ ආර්ථිකයට සිදුවන්නේ විශාල හානියකි. ස්ථාවර ආණ්ඩුවක් නොමැති වූ විට එම රටේ සිටින ආයෝජකයන් පවා ස්වකීය ආයෝජන අරමුණු ප්‍රමාද කරගැනීමට යොමුවන අතර ඇතැම් ආයෝජකයෝ කලාපයේ වෙනත් ස්ථාවර ආර්ථිකයන් ඇති රටවල් කරා යොමු වෙති.
අනෙක් පැත්තෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවැසි විදේශ මූල්‍යාධාර සහ ණය ලබාගැනීම දැඩි අර්බුදයකට ලක්වනු ඇත. ඕනෑම රටකට ණය ලබාදීමේදී  එම රටේ ආණ්ඩුවේ ඇති ස්ථාවරත්වය, ජනතා කැමැත්ත ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන දක්ෂතාව ආදිය පිළිබඳව  දැඩි අවධානයෙන් යොමු කරනු ලබයි.
පවතින තත්ත්වය යටතේ එවැනි ස්ථාවර බවත් ජාත්‍යන්තරයට පෙන්වීමේ හැකියාවන් ආණ්ඩුවට ලැබේද යන්න සැක සහිතයි. ආණ්ඩුව දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවන විට උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විරෝධතාවන්ගේ අඩුවක්ද අපේක්ෂා කළ නොහැකිය. මෙම උද්ඝෝෂණ වැඩ වර්ජන දෙස් විදෙස් ආයෝජකයෝ දැඩි ලෙස අධෛර්යමත් කරන සාධකයෝ වෙති. මෙම විරෝධතා බැටන් ‍පොල්ලෙන්, කඳුළු ගෑස්වලින් මර්දනය කිරීමට ගියහොත් ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ජන රැල්ල තවදුරටත් වැඩිවනු ඇත.
විදේශ ආයෝජන, කොටස් වෙළෙඳ‍පොළ වැනි සංවේදී ආර්ථීක සාධක කෙරෙහි ඕනෑම රජයක පවත්නා ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන ස්ථාවරත්වය දැඩි ලෙස බලපෑම් කරනු ලබයි. ආණ්ඩුවත් දේශපාලනික වශයෙන් බෙලහීන වන විට ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති  හා තීරණයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.  මක්නිසාදයත් ඒවාට එරෙහිව  හැගෙන විරෝධතාවන් හා උද්ඝෝෂණයන් ඉදිරියේ පසුබෑමකට ලක්වන නිසාය. උදාහරණයන් ලෙස ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීම හෝ බදුදීම යන කාරණාව අරභයා ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව රතු එළි දල්වා තිබිම දැන්විය හැකිය.
ආර්ථිකය දේශපාලනයට නතුවුවහොත් එහි ඉදිරි වර්ධනයන් අපෙක්ෂා කළ නොහැකිය. ඉහළ ආර්ථික වර්ධනයන් සඳහා ස්ථාවර ආණ්ඩුවක් පැවැතීම අත්‍යවශ්‍ය කොන්දේසියන් ලෙස ආර්ථීක විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එම නිසාය. එය අවුරුදු උණුසුමින් යටපත් කළ නොහැකි මහ ‍පොළොවේ යථාර්ථයකි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.