Coss Ear2
lakbima.lk
COSS Ear 1

හොඳම ජාත්‍යන්තර සන්නාම පිළිබදව වන Interbrand’s 2017ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යමින් 70වන ස්ථානය පත්වීමට Huawei සමත් වෙයි. 2017වසර සදහා වන Interbrand’s හි නවතම ශ්‍රේණිගත කිරීම් පසුගියදා එලිදැක්වුනු අතර ඊට අනුව Huawei හි සන්නාම වටිනාකම  පසුගිය වසරට සාපේක්ෂව 14%කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම Huawei හි වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6676ක් දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම  ලොව හොඳම සන්නාම 100අතර සිටින Huawei ගතවූ වසරේ වර්ධනය ඉලක්කම් දෙකක ප්‍රතිශතයකින් ඉහළ නැංවූ සමාගම් 16අතරට ද එක්ව සිටියි.

Huawei හි  මෙම සාර්ථකත්වය  පසුපස ඇත්තේ පාරිභෝගික අපේක්ෂාවන් වෙනුවෙන් Huawei කළ කැපකිරීම වන අතර සමාගමක් වශයෙන් පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් කටයුතු කිරීම මෙහිදී වැදගත් ක්‍රියාවකි.

ගතවූ  දශක තුන තුළ  නවීන තාක්ෂණය සිය පාරිභෝගිකයින් වෙත සමීප කරවීමට  මෙන්ම උසස් මට්ටමේ  නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට කටයුතු කළ බවත් ඒ ඔස්සේ කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමට සමත් වූ බවත්  Huawei හි සමූහ අලෙවි සභාපති කෙවින් සැන්ග් පෙන්වා දෙයි.

ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය පසුගියදා ආරම්භ විය. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී  පැවැත්වෙන මෙහි සමාරම්භක අවස්ථාව පසුගියදා පැවැත්විණ.   අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව සිටි අතර , මෙම අවස්ථාව සඳහා  Big Bad Wolf Books  නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් මහතා, සම නිර්මාතෘ ජැකලින් Ng , ProRead Lanka (Pvt) Ltd  අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම පොත් අලෙවියෙහි නිල සන්නිවේදන සහකරු වන්නේ මොබිටෙල් සමාගමයි. එමෙන්ම නිල ආහාර පාන සහ අයිස් ක්‍රීම් සන්නාමයන් ලෙස Keells Krest සහElephant House කටයුතු කරයි.

මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24පුරාම විවෘතව පැවතීමයි. පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම පොත් අලෙවිය පැය 255ක්  විවෘතව තැබීමට නියමිතය. මෙම නිසා ඕනෑම වයසක පසුවන්නකුට සිය කැමැත්ත පරිදි පොත් තෝරා ගැනීම සඳහා කාලය ගැටළුවක් නොවනු ඇත. නවතම ඉංග්‍රීසි පොතපත සඳහා 60%සිට 80%දක්වා විශේෂ වට්ටම් මෙහිදී ලබාගත හැකිය. උසස් තත්වයේ නවතම ඉංග්‍රිසි පොත් පත් රැසක් මෙහිදී අලෙවි කීරිමට අපේක්ෂිත ය.  අඩු මිලකට හොඳ පොත් පත් මිලට ගැනීමට පාඨකයාට අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව මෙම පොත් අලෙවිය  ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලාංකිකයන් තුළ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ පොත පත කියවීමේ වටිනාකම ප්‍රචලිත කිරීම ද මෙහි තවත් අපේක්ෂාවකි.

විවිධ පොත පත රැසක් එකම වහලක් යටදී අඩුම මිලකට මිලදී ගැනීමට ලැබෙන හොඳම අවස්ථාව ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකිය.  ලොව පුරා අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි පොත් 20000ක් ද ඇතුළුව  විවිධ ෂානරයන්ගෙන් යුත්  මිලියන 1.5කට අධික පොත්පත් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කෙරේ.  චරිත කථා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, සාහිත්‍ය, ඉවුම් පිහුම්, ළමා පොත් වැනි කුඩා පොත පත සහ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ ළමයින්ට වැදගත් වන අධ්‍යාපනික පොත පත ද ඒ අතර වෙයි.  ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්‍යාවලින් යුතු පොතපත එකතු කරන්නන්ට ද මෙම අවස්ථාව කදිම අවස්ථාවකි. දේශීය පොතපත අලෙවි කරුවන්ටද මෙම අලෙවියෙහි අවකාශයක් වෙන් කර දී ඇති අතර DVD සහ  Blu-Ray චිත්‍රපට මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.

වසර 2009දී  මැලේසියාවේ  සේලන්ගර් හි Dataran Hamodal  හි දී ඇරඹි මෙම Big Bad Wolf පොත් අලෙවිය ඉතා කෙටි කලක් තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ සංකල්පයකි.කෙටි කාලයක් තුළ අසල්වැසි රටවල් වන ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් වෙත මෙම Big Bad Wolf පොත් අලෙවිය  ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකාව මෙම දැවැන්ත පොත් අලෙවිය පවත්වන  හතරවන රට ය.

පහත සඳහන් සබැඳිය ඔස්සේ Big Bad Wolf Book Sale හි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් Wolf Pack සමාජිකත්වය හා ලියාපදිංචි වී මෙම පොත් අලෙවියේ දී විශේෂ වරප්‍රසාද ලබාගත හැකිය.

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා  විසින් සිංගර්  GEO Smart ශිතකරණ වෙළඳ පළට හදුන්වා දෙයි. ආසියාවේ වඩාත්ම කාර්යක්ෂම  සහ බලශක්තිය පිරිමසින ශීතකරණයක් ලෙස මෙම GEO Smart ශිතකරණය වෙළඳ පළට හදුන්වා දී තිබේ.

වසර 2003දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර්  GEO ශීතකරණ තාක්ෂණය  තව දුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශිතකරණය නිපදවා තිබේ. 100%ක්ම පරිසර හිතකාමී ශීතකරණයක් වන මෙම  GEO Smart ශිතකරණය R600aක  ශීතකරණ හැකියාවෙන් යුක්ත  වෙයි. එමෙන්ම 50%ක බලශක්ති අරපිරිමැස්මක් සහිත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. භාවිත කරන කාලය පුරාම වගකීමක් සහිත තඹ නල වලින් සැදුම් ලත් මෙම ශීතකරණය අවම නඩත්තුවක් සහිත  එකක් වන අතර එහි  LED දීප්තිමත් බල්බ් පද්ධතිය සහ  දිගු කළක් බලශක්තිය පිරිමසා ගැනීමට හැකිවීම ආදී විශේෂතා රැසකි. දේශීය නිෂ්පාදනයක් වන මෙම  සිංගර්  GEO Smart ශිතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර්  GEO Smart ශිතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසැල් වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමඟ මිලදී ගැනීමෙට හැකියාව ඇත. Inverter, No Frost  සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම සිංගර්  GEO Smart ශිතකරණ මිලදී ගත හැකිය. මෙම සිංගර්  GEO Smart ශිතකරණවල උපරිම ප්‍රමාණය ලීටර් 240ක ධාරිතාවයෙන් යුක්ත වෙයි.

සිංගර්  GEO Smart ශිතකරණය නවතම Smart තාක්ෂණයෙන් යුක්ත වන අතර  ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්තිය අරපිරිමැස්ම සඳහා  මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතරපරිසර උෂ්ණත්ව සෙන්සරය මඟින්   ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත  ඇති උෂ්ණත්වයට සමගාමීව ශිතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකස් වීම ප්‍රමුඛ විශේෂතාවයකි එමෙන්ම  විදුලි බලය අඩු වැඩි වීමකදී  ශිතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක් නොවන ආකාරයට ඊට අනුගත වීමේ ස්වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම , ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැලැක්වීමේ ක්‍රමවේදය හා ද්විත්ව ක්‍රියාකාරී උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්ෂණික ක්‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි.

වසර 2013දී   හඳුන්වා දුන් සිංගර් GEO මාදිලියේ ශීතකරණ R600a ගෑස්  තාක්ෂණය යටතේ මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ශීතකරණය වෙයි. R600a ගෑස්  තාක්ෂණය 100%ක් පරිසර හිතකාමී වන අතර HFC තාක්ෂණයේ ශීතකරණ වලින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය අවම කිරීම හා මිහිතලය උණුසුම් වීම වැනි පාරිසරික හානි අවම කිරීම ද එමඟින් සිදුවෙයි.  පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මොන්ට්‍රියල් ගිවිසුම අනුව වසර 2040වන විට R600a ගෑස් තාක්ෂණය භාවිත කිරීම අනිවාර්ය කිරීමට නියමිතව තිබේ. සිංගර් විසින් මෙම ගෝලීය තත්වයන්  මීට දශක දෙකකට පමණ ඉහතදී හඳුනාගනිමින් R600a ගෑස් තාක්ෂණයෙන් යුත් ශීතකරණ මෙරට හඳුන්වා දීමට කටයුතු කර තිබේ.එහිදී සියලු ප්‍රවර්ධනය කිරීම් ආදිය සිදු කළේ ද  R600a ගෑස් තාක්ෂණයේ විශේෂත්වය හා වාසි පිළිබදව අවධාරණය කරමිනි. තවද සිංගර් සමාගම විසින් ඒ වනවිට අලෙවි කරමින් සිටි R134a මාදිලියේ ශීතකරණ අලෙවියද සම්පූර්ණයෙන් නවතා දමමින් සම්පූර්ණයෙන් R600a  ශීතකරණ අලෙවිය සඳහා යොමු විය.

නවතම සිංගර්  GEO Smart ශිතකරණ හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා  සඳහන් කලේ  වසර 2013හඳුන්වා දීමේ සිට අති සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන සිංගර් GEO ශීතකරණ  මේ වනවිට 500, 000 ක් පමණ  අලෙවි කර ඇති බවයි.  බලශක්ති අරපිරිමැස්ම   සහ  Smart තාක්ෂණය සහිතව හදුන්වා දුන්  සිංගර්  GEO Smart ශිතකරණය වත්මන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි  නිමවා ඇති බවත්  එය ශීතකරණ ක්ෂේත්‍රෙය් නවතම පෙරළිය බවත්  හෙතෙම සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන පර්යේෂන හා සංවර්ධන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස නවතම කාර්යක්ෂම ශීතකරණයක් හදුන්වා දීමට හැකි ව ඇති බව ද සමරසිංහ මහතා  වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නියත වශයෙන්ම මෙම නවතම සිංගර්  GEO Smart ශිතකරණය මෙරට වෙළඳ පළ තුල අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම Beko,Huawei, Dell, Moulinex, Tefal, Singer, SISIL, Samsung, Hitachi, TCL, Sony, Sharp, Whirlpool  සහ  Mitsubishi ආදී  ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයා වෙත අලෙවි කරන ලබයි. සිංගර් සමාගම  දිවයින පුරා පිහිටි  420කට අධික  අලෙවි සැල් සහ 2800කට අධික නියෝජිත අලෙවි සැල් ජාලය ඔස්සේ  මෙම නිෂ්පාදන අලෙවි කරන අතර ඊට සමගාමීව අලෙවියෙන් පසු සේවාවක් ද සපයනු ලබයි. භාණ්ඩ මිලදී ගැනීමේ දී සිය පාරිභෝගිකයින් වෙත පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, විශේෂ වට්ටම්, අලෙවි වට්ටම්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා  විශේෂ දීමනා ආදී  වරප්‍රසාද රැසක් ලබාදෙයි.

Huawei Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Huawei Y7 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. නවීන විශේෂතා රැසක් සමඟින් එන Huawei Y7 කාර්යක්ෂමතාව අතින් ද ඉහල ස්මාර්ට්ෆෝනයකි. ස්මාර්ට්ෆෝනය  දිගු කළක් සක්‍රියව තබාගැනීමට සහ කාර්යයන් රාශියක් සඳහා භාවිත කිරීම සඳහා වන පාරිභෝගික නිදහස සුරකිමින් මෙම නවතම  Huawei Y7   ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ. නවතම පෙනුම සහ ස්මාර්ට් පවර් සේවින්ග් තාක්ෂණය සහිත 4000mAh බැටරිය, උසස් තත්වයේ කැමරාව ආදී දිගු කළක් සක්‍රියව තබාගැනීමේ විශේෂතා රැසකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත  වෙයි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ  Huawei ශ්‍රී ලංකා හි  වෙළඳ කළමණාකාර රුවන් ගමගේ මහතා සඳහන් කළේ  ශ්‍රී ලාංකේය ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා වලට සරිලන  සියලු පහසුකම්  නවතම  Huawei Y7 හි අන්තර්ගත බවයි. ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන පාරිභෝගිකයින්ට සිය දෛනික ජීවිතය පහසු කරවීම සඳහා වන විශේෂාංග රැසක්  Huawei Y7 හි  අන්තර්ගත වන බව ද  හෙතෙම සඳහන් කළේය.

ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන පරිදි නිමවා ඇති Huawei Y7 ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා නිමවා ඇත. මෙහි කෙළවර  මද වක්‍රාකාර ස්වරූපයක් ගැනීම නිසා ඊට නව පෙනුමක් හිමි ව තිබේ. ලෝහමය නිමාවකින් යුතු මෙම Huawei Y7 ස්මාර්ට්ෆෝනය 5.5” පුළුල් HD තිරයකින් යුක්ත වෙයි. එම නිසා විචිත්‍රවත් වර්ණ සහ ග්‍රැෆික්ස්  නැරඹීමේ පහසුකම් වලින් ද යුක්ත වෙයි. අගනා බාහිර පෙනුමකින් යුක්ත මෙම  Huawei Y7 ස්මාර්ෆෝනය  ක්‍රීඩා, වීඩියෝ, සහ ඡායාරූප යන සියලු කාර්යයන් සඳහා යෝග්‍ය වෙයි.

4000mAh බැටරිය සහ Huawei ස්මාර්ට් පවර් සේවිං තාක්ෂණය නිසා දිගු වේලාවක් ස්මාර්ට්ෆෝනය සක්‍රියව තබාගැනීමට හැකියාව  ලැබෙයි. මෙමඟින් පැය ගණනාවක් වුව සංගීතය රස විදින අතර වීඩියෝ ක්‍රීඩා කිරීමේ පහසුකම් ද සහිත වෙයි. Qualcomm Octa-core ප්‍රොසෙසරය ,  2GB RAM සහ  16GB ROM  නිසා Huawei Y7 ස්මාර්ට්ෆෝනය   ඉක්මන් සහ වේගවත් ක්‍රියාකාරීත්වයකින්  යුක්ත වෙයි.

Huawei Y7 හි ඇති 12MP පසුපස කැමරාව සහ 8MP F2.0 ඉදිරිපස කැමරාව නිසා සුපැහැදිලි ඡායාරූප ගැනීමේ  හැකියාවෙන්  ද යුක්ත වෙයි.

කළු සහ රන්වන් පැහැයෙන් වෙළඳ පළට එන Huawei Y7 ස්මාර්ට්ෆෝනය රුපියල් 25,900 ක් වැනි මුදලකට දිවයින පුරා පිහිටි  සිංගර් ශ්‍රී ලංකා  අලෙවි සැල් සහ Huawei මධ්‍යස්ථාන වලින් මිලට ගත හැකිය.

2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව හොඳම සන්නාම 100 අතර 47 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ Huawei විසිනි. එමෙන්ම Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම සන්නාම අතර 70 වන ස්ථානයට පත්ව ඇත්තේ Huawei සන්නාමයයි. තවද GfK වාර්තා වල පුළුල්තම වෙළඳ පළ ප්‍රතිශතයක් හිමි  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ලෙස  Huawei හඳුන්වා තිබේ.

ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන් සඳහා SAP Business Oneඔස්සේ අති නවීන මෘදුකාංග හා විසඳුම් හඳුන්වාදීමේ නිරතව සිටින Pristine Solutionසමාගම තම නවතම මෘදුකාංග විසඳුම හඳුන්වාදෙන ලදිSAP Business Oneහි මෙම නිර්මාණශීලී ව්‍යාපාර කළමනාකරණ මෘදුකාංගය වර්ධනය වන කි‍්‍රයාශිලී ව්‍යාපාරික ආයතන වෙනුවෙන් සැලසුම් කොට තිබේ. රටවල් 150කට අධික සංඛ්‍යාවක සමාගම් 55,000කට අධික සංඛයාවක විශ්වාසය දිනූ මෙම ඒකීය විසඳුම, ගිනුම්කරණය, පාරිභෝගික සබඳතා කළමනාකරණ, සැපයුම් දාම කළමනාකරණ, නිෂ්පාදන සහ මිලදී ගැනීම් ආදී මූලික ව්‍යාපාරික කි‍්‍රයාකාරකම් මනාව සංවිධිත කරනු ලබයි.

මෙම මෘදුකාංග විසඳුම මගින් තනි පරිමාණීය පද්ධතියක් මගින් සමස්ත ව්‍යාපාරික තොරතුරු ග‍්‍රහණය කිරීම, ඒකීයකරණ ව්‍යාපාරික බුද්ධිය සම්බන්ධ සංකීර්ණ ගැටලූ සඳහා පිළිතුරු සෙවීම, සේවකයින්ට ජංගම දුරකථන යෙදුමක් (App) එකක් ඔස්සේ ඉතා පහසුවෙන් මෘදුකාංගය වෙත ප‍්‍රවේශවීම, කෙටි කාලයක් තුළ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ලබාගත හැකි වීම ආදිය සඳහා පහසුකම් සලසා තිබේ.

මේ මෘදුකාංග විසඳුම හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගි වූ SAP Business Oneහි කලාපීය ප‍්‍රධානී නිතින් පරන්ජාපේ මහතා මෙසේ සඳහන් කළේය. ”අද අප බොහෝ දෙනා ඇතැම් තොරතුරු සොයන්න ecommerceක‍්‍රියාකාරකම් වල නිරත වෙන්න, තැනක් සොයා ගැනීමේ අදහසින් අන්තර්ජාල සිතියම් භාවිතා කරන්න, මේ ආදී බොහෝ දේ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මෙහිදී අපි ගනුදෙනු කරන්නේ ඩිජිටල් ලෝකය සමගයි. ලෝකයේ සියලූම වයස් කාණ්ඩවල, තරාතිරම්වල ජනයා අතර ඩිජිටල් අත්දැකීම අද පොදු දෙයක් බවට පත්ව ඇති අතර ඒ අනුව අපේ භෞතික ලෝකය නිරන්තරයෙන්ම ඩිජිටල් ලෝකය සමග අන්‍යොන්‍ය ලෙස සම්බන්ධ වී තිබෙනවා. මෙහිදී සමාගම් තම ගනුදෙනු කාර භවතුන්, සේවකයන් හා පාර්ශ්වකරුවන් සමග ඩිජිටල් හා භෞතික මිශ‍්‍රණයක නිරත වෙමින් කටයුතු කිරීම පුදුමයක් නෙමෙයි මේ තමයි ෆිජිටල් (physical+digital)යුගය. ”

ව්‍යාපාර සම්පත් සැලසුම් (ERP) ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛයෙකු වන SAP Business Oneවසර 2009දී ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙන ලද්දේ Pristine Solutionපුද්ගලික සමාගම විසිනි. එදා සිට මේ දක්වා ශී‍්‍ර ලංකාවේ සමාගම් 100කට අධික ප‍්‍රමාණයක් සහ භාවිත කරුවන් 4000කට අධික සංඛ්‍යාවක් SAP Business Oneහි ප‍්‍රතිලාභ ලබති. ගෝලීය වශයෙන් සමාගම් 55,000කට අධික සංඛ්‍යාවක් මෙම මෘදුකාංග භාවිතා කරන අතර වර්තමානයේ සමාගම ලොව ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ව්‍යාපාර සම්පත් සැලසුම් විසඳුම් සපයන සමාගම් අතරින් එකකි.

ආසියානු කලාපයේ වඩාත් කාර්යක්ෂම ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින Pristine Solutionපුද්ගලික සමාගම අන්තර්ජාතික වෙළෙඳපොළ කීපයකටම තම සේවාවන් හා මෘදුකාංග සැපයීමේ නිරතව සිටී. එහි උසස් ගුණාත්මක බවින් යුත් මෘදුකාංග නිර්මාණයන් ජාතික වශයෙන් විශිෂ්ටතම මෘදුකාංග සඳහා සම්මාන පිරිනැමීම්වලදී ඇගයීමට පාත‍්‍රවී තිබේ. මෙරට ආර්ථිකය සඳහා තම දායකත්වය ලබා දීමට අමතරව Pristine Solutionසමාගම ආයතන සමාජ වගකීම් වලද නිරත වෙමින් කුඩා සමාගම් වල සේවකයන්ට හා සිසුන්ට තාක්ෂණය සහ ඩිජිටල් ව්‍යාපාරික මොඩලයන් පිළිබඳ නොමිලේ දැනුම ලබා දෙමින් ඔවුන් අනාගතයේ කුසලතා පූර්ණ වෘත්තිකයන් බවට පත් කිරීමේ මෙහෙයකද නිරතව සිටි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳ තම අදහස් දැක්වූ Pristine Solutionපුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පි‍්‍රයන්ත කුමාරගේ මහතා මෙසේ පැවැසීය. ”මෙය සමස්ත ව්‍යාපාරයටම පැහැදිලි දෘශ්‍යතාවයක් ලබා දෙමින් මෙහෙයුම්වල සෑම අංශයක්ම පාලනය කරනු ලබන තනි ඒකීයකරණ විසඳුමක්. ක්ෂණික ප‍්‍රවේශයක් තුළින් තීරණාත්මක ව්‍යාපාරික තොරතුරු ග‍්‍රහණය කිරීමේ හැකියාවක්ද සහිත එය සමාගමකට අවශ්‍ය මූලික ව්‍යාපාරික ඉසව් කළමනාරණය කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සැලසුම් කිරීමටද සමත්. ව්‍යාපාර එකිනෙකට වෙනස් වන නිසා SAP Business Oneසැලසුම් කොට ඇත්තේ ඒ සෑම ව්‍යාපාරයකටම ගැලපෙන ලෙසයි. SAP HANA®සහ Microsoft SQLසර්වර් වේදිකා ඔස්සේද කි‍්‍රයාත්මක වන නිසා ඔබට  ඕනෑම තැනක සිට  ඕනෑම වෙලාවක  ඕනෑම ජංගම දුරකථනයක් ඔස්සේ ඊට ප‍්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා.”

මෙම අවස්ථාව සඳහා Pristine Solutionකළමනාකාර  අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාරගේ,SAP Business Oneකලාපීය ප‍්‍රධානී නිතින් පරන්ජාපේ, ඉන්දීය උප මහද්වීපය සඳහා LPEසමුහයේ ප‍්‍රධානී සතිශ් කුමාර මොව්වා සහ නිශාන් විජේගුණවර්ධන, Pristineඋපදේශකයන් වන ප‍්‍රගීත් වනිගසූරිය සහ අකිල කුමාර මහත්වරු ඇතුළු පාර්ශ්වකාර සමාගම් රැසක නියෝජිතයන්ද සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වූහ.

මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ  ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන ෆෝඩ් මෝටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයින් වන සොෆ්ට්ලොජික් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම  සහ JEN (Japan Emergency NGO) හා එක්ව  කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ව්‍යාපෘති  තුනක් සාර්ථකව නිම කරයි.

යුද ගැටුම් පැවති සමයේ  අවතැන් වූ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණ. මේ යටතේ  එම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය  නඟා සිටුවීම සඳහා  ප්‍රමුඛ  තැනක් ලබාදී තිබුණි. එම පළාත්වල ගොවීන්ට වසර පුරාම කෘෂිකර්මාන්තයෙන්  ආදායම්   ලැබිය හැකි තත්වයක් උදා කරලීම මෙම ව්‍යාපෘතීන්වල අරමුණ විය. ෆෝඩ් හි Global Giving programme යටතේ මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර Global Giving 2007වසරේ දී ෆෝඩ් හා සම්බන්ධ වූ  ව්‍යාපෘතියකි. මෙම සබඳතාව නිසාම  වසර 2014දී ෆෝඩ් සමාගම ලොව වඩාත්ම ආචරධර්මීය සමාගම ලෙස Ethisphere විසින් නම් කර තිබේ. තවද ඇමරිකාවේ සමාගම් හා සමාජ වගකීම් සම්බන්ධ සඟරාවක් විසින් ලොව හොඳම ආයතනික පුරවැසියන් 100අතරට ෆෝඩ් සමාගම ද පත්කර තිබේ.

“ යහපත් ලොවක් සඳහා ෆෝඩ්  මෙහෙයුම “  යන තේමාවෙන් යුක්තව  කෘෂි ලිං සැකසීම සහ සත්ව පාලනය වැඩිදියුණු කිරීම සඳහා සහය වීම මුලික වශයෙන් මෙරට ක්‍රියාත්මක කළ අතර 2016මාර්තු මාසයේ  සිට  ෆෝඩ් සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෘහ ඒකක  55ක් වෙත  සහන සැලසීම අරඹන ලදී.  මේ යටතේ කරච්චි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනයිවිලුන්දාන් ග්‍රාම නිලධාරි  වසමේ සහ   පච්චෙයි පල්ලෙයි  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තම්පකාමම් ග්‍රාම නිලධාරි  වසමේ කෘෂි ලිං 27ක් ඉදිකෙරුණි. එම ළිං ඉදිකිරීමෙන් පසුව  එම ගොවීන් වෙත බීජ වර්ග , පැළ වර්ග, කෘෂි උපකරණ, වතුර පොම්ප සහ කෘෂිකර්මාන්තයට අදාල අනිකුත් පහසුකම් ද සපයන ලදී.  දිගු කාලීන භෝග වගාව, එළවලු සහ පළතුරු වගාව, නිසි ආකාරයට අස්වනු නෙලාගැනීම ආදී කටයුතු  සඳහා එම ජනතාව හුරු කරවීම එහි අරමුණ විය. මීට අමතරව   කිලිනොච්චියේ තම්පකාමම්, ආනයිවිලුන්දාන්,  සහ මුලතිව් හි තන්ඩුවාන් , අම්පකාමම් යන ග්‍රාම නිලධාරි  වසම්  සඳහා වැසි ජල ටැංකි 4ක් බෙදාදීම ද මීට සමගාමීව සිදු කෙරිණ.

ෆෝඩ් හි සහන වැඩසටහනේ ජාත්‍යන්තර මාසය යටතේ ක්‍රියාත්මක වූ  දෙවන ව්‍යාපෘතිය යටතේ  තම්පකාමම් ග්‍රාම නිලධාරි වසම සදහා ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සිදු කෙරිණ. JEN හි කෘෂි සමූපකාර සමිතිය සහ කාන්තා කණ්ඩායමක් විසින් මෙම ප්‍රජා මධ්‍යස්ථානය තුළ  ඇඹරුම් හලක් ස්ථාපිත කර පවත්වාගෙන යන්නේ අමතර වටිනාකමක් එක් කරමිනි.මෙහි ඉදිකිරීම් සඳහා ෆෝඩ් කණ්ඩායම ද ස්වේඡාවෙන් දායක විය. .තුන්වන ව්‍යාපෘතිය “වඩා යහපත්  ලොවක් සඳහා ෆෝඩ් මෙහෙයුම 2016 “ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර  ඒ අනුව ගෘහස්ථ මට්ටමින් ජලය අරපිරිමැස්ම  සඳහා ප්‍රජාව හුරුකරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී ජලය අරපිරිමැස්ම සඳහා නිර්මාණශිලී   අදහස් හා යෝජනා සඳහා තරඟයක් පැවැත්වූ අතර ඒ අතරින් වඩා ප්‍රායෝගික අදහස් ඇතුළත් කරගනිමින් පොතක් ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරින.මෙහි විශේෂත්වය වන්නේ එම ප්‍රජාව විසින්ම මේ සඳහා නව අදහස් සම්පාදනය  කිරීමයි.

මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රදාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ  JEN විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා සේවා සඳහා ෆෝඩ් හා  එක්ව දායක වීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට යළි සිය ගම් බිම් වල පදිංචි වීමේදී සිය ජීවනෝපාය ගොඩනඟාගැනීමට සහය වීම උතුම් කාර්යයක් වනවා සේම එය මීළඟ පරපුරට ආදර්ශයක්  වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

JEN වෙනුවෙන් අදහස් දැක්වූ මනාමි මොචිසුකි කියා සිටියේ සිය ආයතනය වසර ගණනාවක් තිස්සේ  GlobalGiving හා එක්ව කටයුතු කරන බවයි.මෙම සහයෝගීතාව තුළින් ලොව බොහෝ රටවල ව්‍යාපෘති රැසක් සාර්ථකව අවසන් කර ඇති  බව ද සඳහන් කළේය. ෆෝඩ් හා එක්ව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව ප්‍රසාදය පළ කළ හෙතෙම ස්වාභාවික ජලය ආරක්ෂා කරගැනීම වැනි වටිනා ආකල්පමය වෙනසක් වෙත ජනතාව යොමු කිරීමට ලැබුන අවස්ථාව  සුවිශේෂි වන බව ද  පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් පුරා ෆෝඩ් සමාගම මෙරට විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා සහයෝගය දක්වමින් සිටියි. පසුගිය වසරේදී වර්ල්ඩ් විෂන් ලංකා හා එක්ව මඩකලපුව වාකරෙයි ප්‍රදේශයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් දියත් කළේය. මීට අමතරව ෆෝඩ් හි “පරිසර ආරක්ෂණ වැඩසටහන “යටතේ   සිවිල් සංවිධාන සහ විවිධ කණ්ඩායම් දැනුව් තිරීමේ ව්‍යාපෘතින් රැසක් දියත් කර තිබේ. එහි කොටසක් ලෙස 2014වසරේදී  ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යාව හදාරන කණ්ඩායම (FOGSL)  වෙත ඇමරිකානු ඩොලර් 20000ක  මුදලක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. මේ අතර වසර 2013දී ශ්‍රී ලංකා වෘක්ෂලතා සංගමය  සහ වනසරණ තුරුලතා ස්වේච්ඡා සංගමය වෙත ඩොලර් 15000ක ආධාර පිරිනමා තිබේ. 2012දී නක්ලස් රක්ෂිතය ගින්නෙන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති තරඟයක ජයග්‍රාහකයින් වෙත ඩොලර් 10000ක ත්‍යාගයයක් ෆෝඩ් සමාගම විසින් පිරිනමන ලදී.

Japan Emergency NGO හෙවත්  JEN  සරණාගතයින් සහ අභ්‍යන්තර අවතැන්වූවන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පිහිටවූ සංවිධානයක් වන අතර පෙර  යුගොස්ලාවියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම සංවිධානය  1994වසරේදී පිහිටවාගනු ලැබිණ.  වසර කිහිපයක් තුළදී ස්වාභාවික විපත්,  හෝ අනිකුත් විපත් සහ හදිසි අවස්ථා රැසකදී මෙම සංවිධානය සිය සහන සේවා දියත් කර තිබේ. “ජීවත් වීමේ බලය සඳහා සහය වීම“ යන්න තේමා කරගනිමින් Japan Emergency NGO හෙවත්  JEN  කටයුතු කරයි.  2000වසරේදී මෙම සංවිධානය ජපානයේ ටෝකියෝ නගරයේ ෂින්ජුකු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් NPO JEN නමින්  රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස යළි ස්ථාපිත කරන ලදී.

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3480

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

Please publish modules in offcanvas position.