Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලුත් අවුරුදු ආරම්භයත් සමගම ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම සතොස සුපිරි වෙළඳසැල් සමග එක්ව සිය රසවත් අයිස්ක්‍රීම් බෙදා හැරීමට තීරණය කර ඇත. මේ වන විට බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල් වලින් පැල්වත්ත අයිස්කිරීම් ලබා ගත හැකි අතර නුදුරේදීම අනෙකුත් ප්‍රදේශ වලටද ව්‍යාප්ත කෙරෙනු ඇති.

“අයිස්ක්‍රීම් යනු උත්සව සඳහා අත්‍යවශ්‍යම අතුරුපසක් ලෙස ජනතාව විසින් සම්මත කරගත් ආහාරයකි. සෑම සෘතුවක් සඳහාම ගැලපෙන ලෙසින් පාරෝභෝගිකයා අතට පත්කිරීමට හැකි වීම පිළිබඳව ඔවුන් ආඩම්බර වෙන බව” පැල්වත්ත කිරි සමාගමෙහි කළමනාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක පැවසීය.

පැල්වත්ත අයිස්ක්‍රීම් සම්ප්‍රදායික චොක්ලට් සහ වැනිලා රසයන් අභිබවා යමින් ස්ටෝබෙරි, අඹ, කෙසෙල් සහ මිශ්‍ර පළතුරු වැනි විවිධාකාර රසැති අයිස් ක්‍රීම් නිෂ්පාදනයන් වෙළඳපල ට නිකුත් කර ඇත. වෙළඳපොළ අනෙකුත් වෙළඳ නාමයන් මෙන් නොව  පැල්වත්ත අයිස්ක්‍රීම් වල ඇති අද්විතීය ක්‍රීම් රසය නිසා එය වඩාත් පාරිභෝගික ප්‍රසාදය දිනාගෙන ඇත.

පැල්වත්ත අයිස්ක්‍රීම් තම නිෂ්පාදන සඳහා භාවිතා කරනුයේ 100% ක්ම ස්වාභාවික කිරි වන අතර කෘතීම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන නිසා සෞඛ්‍යට ද වඩා හිත කර වේ. පැල්වත්ත නිෂ්පාදන අනෙකුත් අයිස්ක්‍රීම් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඒ නිසාවෙනි. පැල්වත්ත අයිස්ක්‍රීම් මිලි.80 කප්, මිලි 500, සහ ලීටර් 1, 2 සහ ලීටර්  4 ටබ් වශයෙන්ද වෙළඳපලට නිකුත් වේ. 

නුගේගොඩ සහ ගාල්ලෙහි පිහිටි පැල්වත්ත අලෙවිසැල් වලින් අයිස්ක්‍රීම් වර්ග ලබා ගත හැකි අතර දිවයින පුරා බෙදාහරින්නන් ද සිටී. වැඩි විස්තර සඳහා 0115 990111 අමතන්න.

සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ‘සෙලාන් පැහැසර’ වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්” එම වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද 150 වන පුස්තකාලය පසුගියදා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර
විද්‍යලයේදී සිසු අයිතියට පත්කෙරිණි.එදින එම විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත් මෙන්ම පරිගණකද පරිත්‍යාග කරන ලද අතර ඒ අනුව සිසුන්ට තොරතුරු තාක්ෂණය භාවිතයෙන් විද්‍යුත් පොත්පත් බාගත කරගැනීම මෙන්ම අනෙකුත් නවීන ඉගෙනුම් ක‍්‍රම පූර්ණ අධ්‍යාපනයට උපයෝගී කරගත හැකි අයුරින් බහුමාධ්‍ය ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක්ද  කෙරිණි.
සියලූ අභියෝග ජයගනිමින් ප‍්‍රශස්තව පෙරට පැමිණි සෙලාන් බැංකුව විසින් සිය බැංකුකරණයේ 25 වන සැමරුමට සමගාමීව ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාපාඨයට අනුව පියවර නගමින් 2013 මාර්තු මස 01 වැනිදා අනුරාධපුර ප‍්‍රදේශයේදී සෙලාන් පැහැසර වැඩසටහන දියත් කරන ලදි. මේ යටතේ ඉදිකෙරුණු 100 වැනි පුස්තකාලය 2016 මාර්තු 29 වන දින මොරටුව වීර පුරන් අප්පු ආදර්ශ පාසලේදී විවෘත කෙරිණි. මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රසාදයද හිමිවී ඇති අතර දිවයින පුරා දරුවන් වෙත නැණ නුවණ තිළිණ කිරීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වෙයි.
‘‘සෙලාන් බැංකුව යනු කවදත් තම ගනුදෙනුකරුවන්ට උසස් මට්ටමේ සේවාවක් සලසන අතරම ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වෙමින් සමාජ-ආර්ථිකමය සංවර්ධනයට දායක වන බැංකුවක්. සෙලාන් පැහැසර වැඩසටහන අපගෙ
් ආයතනික ප‍්‍රජා සත්කාර ක‍්‍රියාවලියේ ඉතාමත් වැදගත් අංගයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ පහසුකම් අඩු පාසල් වල පුස්තකාල පහසුකම් දියුණු කරමින් දහස් ගණනක් දරුවන් වෙත උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ නවීනතම පහසුකම්
සමීප කරවීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.
‘‘2019 වසර වනවිට පුස්තකාල 250 සීමාවට ළඟා වීම අපගේ ඉලක්කයයි’ ඒ වගේම පසුගිය වසරවලදී විවෘත කරන
ලද පුස්තකාල නැවත නැවත බැහැදකිමින් එ්වායේ යටිතල පහසුකම් නගාසිටුවීමටත්, පොත්පත් ලබාදීමටත් අප කටයුතු කරමින් සිටින නිසා මෙය දීර්ඝකාලීනව සිසුන්ට යහපත සලසමින් සමස්තයක් ලෙස රටේ අනාගතය වඩාත් යහපත්
කිරීමට විශාල දායකත්වයක් ලබාදෙන වැඩසටහනක් බවට පත්වේවි’” ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙම වැඩසටහන යටතේ කලාපීය හා ප‍්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල සමග අත්වැල් බැඳගනිමින් රටේ සෑම දිස්ත‍්‍රික්කයම පාහේ
අඩුපහසුකම්ලාභී පාසල්වල පුස්තකාල වලට පහසුකම් සැලසීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.
‘‘ජාත්‍යන්තර ප‍්‍රවණතා වලට සමගාමීව දරුවන්ට නවීනතම තාක්ෂණය සමීප කරවීම Smart Classroom සංකල්පයට මුල්තැනක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
සෙලාන් බැංකුව තම ආයතනික ප‍්‍රජා සත්කාරය සඳහා තෝරාගෙන ඇති පරිශ‍්‍රයත් එම වැඩපිළිවෙළට සහය වීම සඳහා හොඳින්ම ගැළපෙන මෙහෙයුම්
භූමිකාවක් බව මගේ අදහසයි.” සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (වාණිජ) පී.ඞී. වීරසිංහ මහතා පැවසී ය. ශ‍්‍රී ලාංකික සිසුන් අධ්‍යාපනය තුළ විශිෂ්ට දක්ෂතා දක්වමින් රටට වැඩදායී පුරවැසියන් පිරිසක් බවට පත්වනු දැකීම සෙලාන් බැංකුවේ
අරමුණ වේ. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ‘සෙලාන් පැහැසර’ ඔස්සේ සිසුන්, දෙමාපියන්, පාසල් බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් යනාදී සියලූම පාර්ශ්වයන් එකට මුණගස්වමින් ඔවුන්ව පොදු අරමුණක් ඔස්සේ ක‍්‍රියාකාරී සාමාජිකයන් කරවීමට පොදු වේදිකාවක් නිර්මාණය කිරීමට සෙලාන් බැංකුව නිතැතින්ම සමත් වී ඇත.

රුසියාව බලා පිටත්වීමට නියමිත COSS LANKAමීළග සිසු කාණ්ඩය සදහා වූ පුර්ව දැනුවත්කිරීමේ වැඩසටහන සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම කොළඹ Renuka City හෝටලයේදී ඊයේ (14) දින සිදුවිය.



ශී‍්‍ර ලංකාවේ අළෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන SLIM  තම ජාතික අළෙවිකරණ අධ්‍යාපන මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින්, මේ වන විට දිවයින පුරා එම  ආයතනයෙහි අනුමැතිය ලත් ප‍්‍රාදේශීය අධ්‍යාපන ආයතන විශාල ප‍්‍රමාණයක් සමග අත්වැල් බැඳ ගෙන ඇත.

2017 වර්ෂයේ අවසන් මාස 04  තුළ ප‍්‍රාදේශීය අළෙවිකරණ අධ්‍යාපනය සම්බන්ධව SLIM ආයතනය ඇතිකරගත් ප‍්‍රගතිය හා සාර්ථකත්වය සැමරීමේ උත්සවයක් හා SLIM ප‍්‍රාදේශීය අධ්‍යාපන ආයතන වෙත විශේෂ සම්මාන ප‍්‍රදානය කිරීමක් ද  දෙසැම්බර් මස 11 වන දින SLIM ආයතනයේදී පැවැත්විණි.  මේ සඳහා SLIM ආයතන ප‍්‍රධානීන් මෙන්ම, දිවයින පුරා විසිරුණු SLIM වරලත් අධ්‍යාපන ආයතනයන්හි ප‍්‍රධානීන් ද සහභාගී විය. මෙහිදී පිරිනැමුණු සම්මාන අතරින් 2017 වර්ෂයේ අවසන් කාර්තුවේ වැඩිම MIS සිසුන් බඳවා ගැනීම සඳහා වසරේ සම්මානය Inspire business academy (පොළොන්නරුව) බවද, PCM ප‍්‍රාදේශීය බඳවා ගැනීම් සඳහා පිරිනමන සම්මානය Royal International College (ත‍්‍රිකුණාමලය)  විසින් ද MIT සිසුන් බඳවා ගැනීම සඳහා සම්මානය E Best Campus (කල්මුනේ) විසින්ද දිනාගන්නා ලදි.

ශී‍්‍ර ලංකාව තුළ අළෙවිකරණ අධ්‍යාපනය කොළඹ දිස්ත‍්‍රික්කය ට සීමා වූවක් හෝ, අළෙවිකරණය හැදෑරීම සඳහා භාෂාව කිසිම ආකාරයක බාදාවක් නොවිය යුතු ය යන්න තරයේ විශ්වාස කරන SLIM ආයතනය, ඉංගී‍්‍රසි භාෂාවෙන් මෙන්ම, සිංහල හා දමිල මාධ්‍යන්ගෙන් ද තම පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට අළෙවිකරණය දැනුම අපේක්ෂා කරන සියළු ශී‍්‍ර ලාංකිකයන්ට ආරාධනා කර සිටියි.

ඒ අනුව අළෙවිකරණයේ මූලිකාංග හා සංකල්ප සමග ප‍්‍රායෝගිකත්වය ඔප් නැංවෙන ආකාරයට සැකසුණු (MIS) ‘‘මාකටින් සිංහලෙන් ’’ (Marketing in Sinhala) සහ (MIT) ‘‘මාකටින් දමිලෙන් ’’ (Marketing in Tamil) යන පාඨමාලාවන් මගින් ඉංග‍්‍රීසි භාෂාව නිසා අළෙවිකරණ අධ්‍යාපනයට පිවිසීමට පසුගාමීත්වයක් දක්වන සියලූම දෙනාට තම මව් බසින් අළෙවිකරණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම (MIS)/ (MIT) පාඨමාලා අද වන විට දිවයින පුරා අධික ඉල්ලූමක් ඇති පාඨමාලා බවට පත් වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් උප සභාපති ප‍්‍රදීප් එඩ්වඩ් මහතා පවසා සිටියේ ගුණාත්මක අළෙවිකරණ අධ්‍යාපනය බස්නාහිර පළාතට පමණක් සීමා නොවිය යුතු බවත්, රටේ සෑම ප‍්‍රදේශයකම ගුණාත්මක අළෙවිකරණ අධ්‍යාපනය තහවුරු කිරීමට SLIM මූලිකත්වය ගෙන ඇතිි බවත් ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා SLIM හා සම්බන්ධ වී වඩාත් හොඳින් රටට සේවය කිරීමට එක්වන්නැ යි අළෙවිකරණ දැණුම අපේක්ෂා කරන සියලූ දෙනාට ආරාධනා කරන ලදී.

රෝග නිශ්චය කිරීමේ රසායනාගාර සේවා සහ  මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගම් ජාලයක් වන Metropolis Healthcare පුද්ගලික සමාගම  මෙරට සිය මෙහෙයුම් වල 12 වන වසර සපුරයි. මෙම අවස්ථාව සමරමින් මෙරට රසායනාගාර සේවා සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලය තව දුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ආයෝජනය කිරීමට  මෙම සමාගම අපේක්ෂා කරයි. දැනට නාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන මධ්‍යම රසායනාගාරය සහ සැටලයිට් රසායනාගාර 6ට අමතරව  මෙම නව රසායනාගාර සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතව තිබේ.

ගතවූ වසර 12 තුල පරීක්ෂණ මිලියන 20 ඉක්මවා සිදුකරමින්  මෙරට රෝගීන් මිලියන 6කට පමණ සේවා සැපයීමට  Metropolis Healthcare සමත් ව ඇති අතර දිවයින පුරා  වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් එම එම පරීක්ෂණ වාර්තා පිළිගනිමින් මෙම සාර්ථකත්වය සඳහා දායකත්වය දක්වා ඇත.

 Metropolis Healthcare සමාගමේ ප්‍රවර්ධක සහ කළමණාකාර අධ්‍යක්ෂිකා අමීරා ෂා  මහත්මිය සඳහන් කළේ  සාර්ථක වසර 12  සේවාවකින් පසු  මෙම සේවාව දිවයින පුරා දියත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඉදිරි වසර දෙක තුළ මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හා තාක්ෂණික අතින් ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම මෙම රසායනාගාර සඳහා වෘත්තිය සුදුසුකම් සහිත සේවක මණ්ඩලයක් යෙදවීමටද අපේක්ෂා කරන බව ඇය පෙන්වා දුන්නාය.

වසර 12ක සිය සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් Metropolis Healthcare හි ජ්‍යෙෂ්ට උප සභාපති - ජාත්‍යන්තර ව්‍යාපාර අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේ  ගතව ූදශකය තුළදී  තත්වයෙන් උසස් සේවාවක් සැපයීම තුළින්   මෙරට වෛද්‍යවරුන්ගේ  සහ රෝගීන්ගේ  විශ්වාසය දිනාගැනීමට තම සමාගමට හැකිවූ බවයි.  උසස් තත්වයේ මෙහෙයුම් ක්‍රියාවලියකින් සමන්විත  ස්වයංක්‍රිය උපකරණ  මෙරට භාවිත කිරීමට තම සමාගම සමත් වූ බවත් ඒ ඔස්සේ ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට තම සමාගමට හැකිවූ බවත් අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේය.  මෙරට රසායනාගාර තාක්ෂණය ඉදිරියේදී තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙට්‍රොපාලිස් විසින් මේ වන විට මෙරට වෛද්‍ය පරීක්ෂණ 4500 කට අධික ප්‍රමාණයක් මෙහෙයවන අතර සෑම වසර 3කටම  වරක් නව  වෛද්‍ය පරීක්ෂණ 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් මේ අතරට එක්වෙයි.මේ අනුව වර්තමානය වනවිට පාරිභෝගික අවශ්‍යතාව පරිදි ඕනෑම පරීක්ෂණයක් ජාත්‍යන්තර මට්ටමින් සිදුකිරීමට මොට්‍රොපොලිස් සමාගම සමත් වන අතර ඉතා ඉහළ පාරිභෝගික් සේවාවක් ද සමාගම සතු වෙයි.

 මෙරට රෝග නිශ්චය කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරවල පැවැති අවශ්‍යතාව සපුරාලමින් මීට දශකයකට පමණ ඉහතදී  Metropolis Healthcare විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කරන ලදී. ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාර පරීක්ෂකවරුන් සහ තාක්ෂණ ශිල්පීන් තවදුරටත් බඳවා ගනිමින් උසස්තම සේවාවක් මෙරට පාරිභෝගිකයා වෙත සැපයීමට ‍  Metropolis Healthcare අපේක්ෂා කරයි.

Metropolis Healthcare විසින් මෙවන විට ඩකලපුවගාල්ලයාපනයනාවලමාවනැල්ලතංගල්ලයක්කලවරකාපොළ,සහ පානදුර යන ප්‍රදේශවල ජනතාවට සේවා සපයමින් සිටියි.

Metropolis Healthcare සමාගම ඉන්දීය සමාගමක් වන අතර ඉන්දියාව,දකුණු ආසියාවමැදපෙරදිග,  සහ අප්‍රිකාව යන රටවල ක්‍රියාත්මක සමාගමකි.මෙට්‍රොපොලිස් හි ප්‍රධානත්වය දරන්නේ අමීරා ෂා මහත්මිය විසින් වන අතර ඇය මෙට්‍රොපොලිස් සමූහයේ ප්‍රවර්ධක සහ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරයි.

COSS LANKA  ආයතනය  මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී හෝටල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ය යටතතේ Food & Beverage අංශයේ වසරේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව සම්මානයත් Culinary Artsඅංශයේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව  සම්මානයත්දිනා ගැනීමට  COSS LANKAසිසුන් සමත්විය. Multi Mediaඅංශයේ වසරේ හොඳම සිසුවා ලෙස ගෞරව සම්මාන ලැබුවේද COSS LANKAආයතනයේ සිසුවෙකි. 








IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3480

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

Please publish modules in offcanvas position.