Coss Ear2
lakbima.lk
COSS Ear 1

HNB ඇෂුවරන්ස් පී එල් සී ( HNBA) සහ එහිපුර්ණ  පරිපාලිතයක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන් ලිමිටඩ් (HNBGI) 2017 දෙසැම්බර්31වන දිනයෙන් අවසන්වූ වසර සඳහා රු. මිලියන 910ක බදු පසු ලාභයක් අත්පත් කර ගන්නා ලද අතර, එය 2016 වසරේදී වාර්ථාකරන ලද රු. මිලියන 647ක බදු පසු ලාභයටසාපේක්ෂව බලන කල 41%ක ස්ථාවර වර්ධනයකි. සමූහය රු.බිලියන 7.82ක දළ වාරික අදායමක් වාර්ථාකල අතර,එය2016මුල්‍ය  වර්ෂය තුළවාර්ථාකරන ලද රු. බිලියන 6.65 ට සාපේක්‍ෂව17%ක වර්ධනයකි.HNB ඇෂුවරන්ස් පී එල් සීමව් සමාගම 2017වසර සඳහා රු. බිලියන 3.96ක දළ වාරික අදායමක්වාර්ථාකළඅතර අතර එහි පරිපාලිතය වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් විසින් රු. බිලියන 3.86ක් සිය දළ වාරික අදායම ලෙස වාර්ථාකරන ලදී.

සමූහය 2017 වසරේදිපොළී සහ ලාභාංශ ආදායම ලෙස රු. මිලියන 1,693 ක්උපයාගත්අතර, එය2016 වසරේදී උපයාගත්රු. මිලියන 1,180 සමගසැසදීමේදී43% වර්ධනයකි. සමුහයේ මුළු වත්කම් වටිනාකම රු. බිලියන 18.65ක අගයක්  වූ අතර මුල්‍ය ආයෝජන වටිනාකම රු. බිලියන 15.05කි.2017වසරතුලදීජීවිත රක්ෂණ අරමුදලේ වටිනාකම රු. බිලියන 10.9ක්දක්වාලගාවූඅතර සාමාන්‍ය රක්ෂණ අරමුදලේ වටිනාකම රු. බිලියන 2.38ක් විය.

HNB ඇෂුවරන්ස් සමූහයේ සභාපතිනිය වන රෝස් කුරේ මහත්මිය විසින් වසරේ මුල්‍ය ප්‍රතිඵල පිලිබඳ  මෙලෙස සිය අදහස් දැක්වූවාය,“2017වසර තුල සමූහය ඉතා ප්‍රශංසනීය මුල්‍ය කාර්යය සාධනයක් අත්පත්කරගනු ලැබුවේ  ආදායම් උපයා ගැනීමේ ස්ථාවරත්වය සහ අපගේ ආයතනික ඉලක්කයන්ටලඟා වීමසඳහා අවශ්‍ය වර්ධන ක්‍රියා පටිපාටීන් කඩිනම් කිරීම් තුළින්ය.සියළුම පාර්ශවකරුවන් සඳහා වැඩි වටිනාකමක් ලබාදීමේ අරමුණින් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මඟපෙන්වීමද සහිතව සමාගමේ කළමණාකාරීත්වය විසින් මනාව සැකසුණු ආයතනික සැලසුම්ක්‍රියාවට නංවන ලදී. කොටස්කරුවන්ගේ බලාපොරොත්තු ඉටුකරලීම පමණක් නොව,සමූහය රුපියල් බිලියන 2.29 ක් වටිනා හිමිකම් ගෙවීම්ද ලබා දුන් අතර සමාගමේ කාර්යය මණ්ඩලයට නිසි ප්‍රතිලාභද, සමාජය වෙනුවෙන් සිය දායකත්වය දැක්වීම සඳහා නොයෙකුත් සමාජ සත්කාර වැඩසටහන්ද වසර පුරා ඉටු කරන ලදී. මෙසේ අප අත්කරගත් වර්ධනය 2018 වසර සඳහාද  අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි”.

HNBA සහ HNBGI හී කළමණාකාර අධ්‍යක්‍ෂක/ ප්‍රධාන විධායක නිලධාරීදීප්ති ලොකුආරච්චි මහතා සමාගමේ මුල්‍ය කාර්යය සාධනය පිලිබඳ සිය අදහස්මෙසේප්‍රකාශ කරන ලදී, “2017වසර තුළ අප විසින් යොදා ගන්නා ලද විචක්ෂණශීලී ක්‍රමෝපායන් මඟින් වෙළඳ පොළෙහි ඉස්මතුවූ විවිධාකාරී මෙන්ම මහඟු අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට සමූහයට හැකිවිය. වසර පුරා දක්නට ලද ඉහළ තරඟකාරීත්වය සහ අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද අප සමුහයට ක්ෂේත්‍රය තුල ශක්තිමත් මෙන්ම ස්ථාවර ස්ථානයක්  පවත්වාගෙන යා හැකිවිය. HNBA සමුහය2017වසර තුල ස්ථාවර මුල්‍ය වර්ධනයක් වසර පුරා පෙන්නුම් කරන ලදී. මෙම ධනාත්මක මුල්‍ය ප්‍රතිඵලයන් අත්කරගැනීමට, සමූහය විසින් දියත් කරන ලද උපායශීලි ආයෝජනයන් සහ ප්‍රතිරක්ෂණ අවධානම් බාරගැනීම සම්බන්ධයෙන් බලපැවැත්වූනුනව්‍යමය ප්‍රතිපත්තීන් ඉවහල් වූනි.

ක්ෂේත්‍රයේ සමස්ත වර්ධනයහා ගත්කල HNBGI සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය ඉතාමත්  කැපී පෙනෙන ඉහල වර්ධන අනුපාතයක් 2017 වසර තුළදී අත්කර ගැනීමට සමත් විය. HNBGI මෙම වර්ධනය සනිටුහන් කරන ලද්දේ මනා ලෙස රක්ෂණ අවධානම්  තෝරා ගැනීම තුළින් හා  හිමිකම් පුර්ණය කිරීමේ සහ සේවාවන් මිල කිරීමේ ක්‍රොමෝපායන් යොදාගැනිම මගිනි. තවද අප ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයන්  පසුගිය කාලය පුරාවට දේශය මුහුණදුන් ගංවතුර, ඩෙංගු වැනි වසංගත රෝග හමුවේ පැනනගින ලද හිමිකම් ලබා දීමේ වගකීම් සමුදාය නොපිරිහෙලා සාඩම්බරයෙන් ඉටු කරන ලද බව මෙහිදී  විශේෂයෙන්ම සඳහන් කල යුතු තවත් කාරණාවකි. HNBA සමාගමේකළමණාකාරීත්වය සිය අනාගත දැක්ම පිළිබඳවද,මතු පැමිණෙන අවස්ථාවන් හමුවේ වඩාත් ශක්තිමත් මුල්‍ය ස්ථාවරත්වයක් අත්පත් කරගැනීමට ඇති හැකියාව පිළිබඳවද විශ්වාසයෙන් පසුවේ” යනුවෙනි.

HNB ඇෂුවරන්ස් පී එල් සී(HNBA) ආයතනය ශාඛා 59ක් සහිත ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම් අතරින් එකකි. HNBA යනු ‘ජාතික රක්ෂණ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම්’ සහ‘ජාතික දිගු කාළීන ශ්‍රේණිගත කිරීම්’ සඳහා ෆිච් රේටිං ලංකා විසින් ලබා දුන් A (lka) ශ්‍රේණිගත කිරීම සහිත ජීවිත රක්ෂණ සමාගමකි.  රක්ෂණ නියාමකයන් විසින් හඳුන්වා දුන් වෙන් කොට තැබීමේ රීති අනුව යමින් HNBGI සමාගම නිර්මාණය කොට 2015ජනවාරි මස සිට   තම මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර HNBGI සමාගම  මෝටර් වාහන සහ මෝටර් වාහන නොවන සහ තකාෆුල් රක්ෂණ සේවා සපයන අතර HNB  ඇෂුවරන්ස් පී එල් සී සමාගමේපූර්ණපරිපාලිත සමාගමකි. HNBA  සමාගම ද  LMD  විසින් ශ්‍රේණිගත කරන  ලද මුල් පෙළේ  සන්නාම නාම  100ට සහ ශ්‍රී ලංකාවේ තිබෙන මුල් පෙළේ සමාගම් 100ට අයත්  සන්නාම නාම  විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය සහ මානව සම්පත් විශිෂ්ටත්වය  සඳහා ජාත්‍යන්තර සම්මාන ලබාගෙන ඇති, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනය සහ දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංගමය සංවිධානය කළ සම්මාන උලෙලේදී තම වාර්ෂික වාර්තාවට සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

  1. ජර්මානු සහතික ලත් මෝටර් වාහන කාර්මික පාඨමාලවක් ඩීමෝ හඳුන්වා දෙයි
  2. රුපියල් බිලියනයක Huawei ස්මාර්ට්ෆෝන් විකුණා සිංගර් අලෙවි වාර්තා පිහිටුවයි
  3. කොස් ලංකා දැන් ඉරිදාත් විවෘතයි
  4. සම්පත් බැංකුව වාර්තාගත ලාභයක් උපයයි
  5. රස වෙදකම නවීන වෛද්‍ය විද්‍යාවට විකල්පයක් නොව අභියෝගයකි
  6. අපේ තරුණ තරුණියන්ට මාසිකව රු 60000ක් සමඟ චීන සරසවි වරම්
  7. මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ වෙතින්
  8. හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක් දියත් කරයි
  9. තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි
  10. කොස් ලංකා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් රැසියාවට
  11. වාහන වංචාවලට වැට බඳින්න අලුත් වැඩක්
  12. පැල්වත්ත අයිස්ක්‍රීම් දැන් සතොසින්
  13. සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ
  14. රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ
  15. SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම
  16. Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි
  17. COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන
  18. ග්ලෝබල් හවුසින් නවතම නිවාස ව්‍යාපෘතිය බත්තරමුල්ලට
  19. කොස්ලංකා හොඳ නම කැළැල් කරන්න හදනවා
  20. නත්තල් සමය වෙනුවෙන් විශේෂ Y5 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්
  21. 'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  22. සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි
  23. Huawei nova2i දැන් ලංකාවේ
  24. අති නවීන තාක්ෂණය සමගින් වාසනා කෙයාර් අලූත් වෙයි
  25. Huawei ‘Seeds for the Future’ වැඩසටහන දෙවන වරටත්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.