Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලොව විශාලතම පොත් අලෙවිය  වන Big Bad Wolf පොත් අලෙවිය සිය පාඨකයින් වෙත ජීවිත කාලය තුළදීම පොත් කියවීමේ අත්දැකීම තිළිණ කිරීමට සූදානම් වෙයි. මේ අනුව මෙම පොත් අලෙවිය යළිත් 2018 ජුනි  මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට පෙර අවස්ථාවේදී සේම මෙම පොත් අලෙවිය පැය 24පුරා විවෘතව තැබීමට නියමිත අතර පොත් මිලදී ගන්නන්ට පහසු අවස්ථාවක ගොස් පොත් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

පසුගිය  වසරේ මෙම ප්‍රදර්ශනය පැවැති අවස්ථාවේදී  තරුණ වැඩිහිටි වයස් භේදයකින් තොරව පාඨකයින් ඉතා විශාල පිරිසක්  පැමිණ පොත්  මිලදී ගැනීමට උනන්දු විය. පුළුල් පොත් එකතුවකින් සමන්විත මෙම පොත් දැක්ම සුවිශේෂි වූ වට්ටම් යටතේ ක්‍රියාත්මක වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වූ අවස්ථාවේදී අති සාර්ථකත්වයට පත් විය.  මේ වසරේ අපේක්ෂිත කාලයටත් පෙර මෙම  පොත් අලෙවිය නැවතත් පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික පාඨකයින්ට නැවත වරක් එම අත්දැකීම අත්විඳීමට කාලය උදාවී ඇත.

60%සහ 80%ආදී වශයෙන් වන සුවිශේෂී වට්ටම් යටතේ විවිධ වූ පුළුල්ව පැතිරුණු ෂානරයන් ඔස්සේ  මෙහිදී පොත් අලෙවිකරන අතර රට වටා සිටින පාඨකයින්ට උසස් තත්වයේ කෘතින් මිලදී ගැනීමට ද  අවස්ථාව සැලසෙයි.  සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යා, තරුණ වැඩිහිටි, නවකථා, කෙටිකථා, කොෆි ටේබල් බුක් ආදී ලොව ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රකාශන ඇතුළුව  උසස් තත්වයේ ඉංග්‍රීසි මාධ්‍ය පොත් මිලියන 1.5ක් පමණ මෙම පොත් දැක්ම සඳහා ඉදිරිපත් කෙරෙයි.

සාමාන්‍ය පාඨකයාට මිලදී ගත හැකි මිලකට පොත් අලෙවි කිරීම සහ ශ්‍රී ලාංකිකයින් අතර උසස් මට්ටමේ ඉංග්‍රීසි පොත පත පරිශීලනය කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික පාඨක ප්‍රමාණය ඉහළ නැංවීමේ  අරමුණ මෙම ජාත්‍යන්තර පොත් අලෙවිය මෙරටදී පැවැත්වීමේ අරමුණ වෙයි.

Big Bad Wolf පොත් අලෙවිය 2009 වසරේදී  මලයාසියාවෙන් ඇරඹි අතර ඇන්ඩෘ යැප් හා ජැකලීන් Ng මෙහි නිර්මාතෘවරුන් වෙති. පසුව ක්‍රම ක්‍රමයෙන් මෙම පොත් අලෙවිය ආසියානු කලාපයේ අනිකුත් රටවල් දක්වා ව්‍යාප්ත කරන්නට විය. ඒ අනුව මේ වනවිට තායිලන්තය පිලිපීනය වැනි රටවල  ක්‍රියාත්මක මෙම පොත් දැක්ම සඳහා  මේ වනවිට සහ ශ්‍රී ලංකාව ද සම්බන්ධ වී සිටියි.

  1. අභිමානවත් සීගිරිය රාජධානියේ සුපිරි හෝටලයක හිමිකාරයකු වීමේ දුලභ අවස්ථාව දැන් ඔබටත්
  2. Hutch 4G දියත් කරයි
  3. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මගින් දැවැන්ත තෑගි මල්ලක්
  4. වාහන වංචාකරුවන්ගෙන් බේරෙන්න වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් අලුත් වැඩක්
  5. Huawei Y7 Pro සහ Y9 මුල් වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  6. 2017 මුල්‍ය වර්ෂයේ HNB ඇෂුවරන්ස් සමුහයේ ඉහළ වර්ධනයක්
  7. ජර්මානු සහතික ලත් මෝටර් වාහන කාර්මික පාඨමාලවක් ඩීමෝ හඳුන්වා දෙයි
  8. රුපියල් බිලියනයක Huawei ස්මාර්ට්ෆෝන් විකුණා සිංගර් අලෙවි වාර්තා පිහිටුවයි
  9. කොස් ලංකා දැන් ඉරිදාත් විවෘතයි
  10. සම්පත් බැංකුව වාර්තාගත ලාභයක් උපයයි
  11. රස වෙදකම නවීන වෛද්‍ය විද්‍යාවට විකල්පයක් නොව අභියෝගයකි
  12. අපේ තරුණ තරුණියන්ට මාසිකව රු 60000ක් සමඟ චීන සරසවි වරම්
  13. මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ වෙතින්
  14. හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක් දියත් කරයි
  15. තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි
  16. කොස් ලංකා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් රැසියාවට
  17. වාහන වංචාවලට වැට බඳින්න අලුත් වැඩක්
  18. පැල්වත්ත අයිස්ක්‍රීම් දැන් සතොසින්
  19. සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ
  20. රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ
  21. SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම
  22. Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි
  23. COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන
  24. ග්ලෝබල් හවුසින් නවතම නිවාස ව්‍යාපෘතිය බත්තරමුල්ලට
  25. කොස්ලංකා හොඳ නම කැළැල් කරන්න හදනවා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.