Coss Ear2
lakbima.lk
COSS Ear 1

SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම

ශී‍්‍ර ලංකාවේ අළෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන SLIM  තම ජාතික අළෙවිකරණ අධ්‍යාපන මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින්, මේ වන විට දිවයින පුරා එම  ආයතනයෙහි අනුමැතිය ලත් ප‍්‍රාදේශීය අධ්‍යාපන ආයතන විශාල ප‍්‍රමාණයක් සමග අත්වැල් බැඳ ගෙන ඇත.

2017 වර්ෂයේ අවසන් මාස 04  තුළ ප‍්‍රාදේශීය අළෙවිකරණ අධ්‍යාපනය සම්බන්ධව SLIM ආයතනය ඇතිකරගත් ප‍්‍රගතිය හා සාර්ථකත්වය සැමරීමේ උත්සවයක් හා SLIM ප‍්‍රාදේශීය අධ්‍යාපන ආයතන වෙත විශේෂ සම්මාන ප‍්‍රදානය කිරීමක් ද  දෙසැම්බර් මස 11 වන දින SLIM ආයතනයේදී පැවැත්විණි.  මේ සඳහා SLIM ආයතන ප‍්‍රධානීන් මෙන්ම, දිවයින පුරා විසිරුණු SLIM වරලත් අධ්‍යාපන ආයතනයන්හි ප‍්‍රධානීන් ද සහභාගී විය. මෙහිදී පිරිනැමුණු සම්මාන අතරින් 2017 වර්ෂයේ අවසන් කාර්තුවේ වැඩිම MIS සිසුන් බඳවා ගැනීම සඳහා වසරේ සම්මානය Inspire business academy (පොළොන්නරුව) බවද, PCM ප‍්‍රාදේශීය බඳවා ගැනීම් සඳහා පිරිනමන සම්මානය Royal International College (ත‍්‍රිකුණාමලය)  විසින් ද MIT සිසුන් බඳවා ගැනීම සඳහා සම්මානය E Best Campus (කල්මුනේ) විසින්ද දිනාගන්නා ලදි.

ශී‍්‍ර ලංකාව තුළ අළෙවිකරණ අධ්‍යාපනය කොළඹ දිස්ත‍්‍රික්කය ට සීමා වූවක් හෝ, අළෙවිකරණය හැදෑරීම සඳහා භාෂාව කිසිම ආකාරයක බාදාවක් නොවිය යුතු ය යන්න තරයේ විශ්වාස කරන SLIM ආයතනය, ඉංගී‍්‍රසි භාෂාවෙන් මෙන්ම, සිංහල හා දමිල මාධ්‍යන්ගෙන් ද තම පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට අළෙවිකරණය දැනුම අපේක්ෂා කරන සියළු ශී‍්‍ර ලාංකිකයන්ට ආරාධනා කර සිටියි.

ඒ අනුව අළෙවිකරණයේ මූලිකාංග හා සංකල්ප සමග ප‍්‍රායෝගිකත්වය ඔප් නැංවෙන ආකාරයට සැකසුණු (MIS) ‘‘මාකටින් සිංහලෙන් ’’ (Marketing in Sinhala) සහ (MIT) ‘‘මාකටින් දමිලෙන් ’’ (Marketing in Tamil) යන පාඨමාලාවන් මගින් ඉංග‍්‍රීසි භාෂාව නිසා අළෙවිකරණ අධ්‍යාපනයට පිවිසීමට පසුගාමීත්වයක් දක්වන සියලූම දෙනාට තම මව් බසින් අළෙවිකරණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම (MIS)/ (MIT) පාඨමාලා අද වන විට දිවයින පුරා අධික ඉල්ලූමක් ඇති පාඨමාලා බවට පත් වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් උප සභාපති ප‍්‍රදීප් එඩ්වඩ් මහතා පවසා සිටියේ ගුණාත්මක අළෙවිකරණ අධ්‍යාපනය බස්නාහිර පළාතට පමණක් සීමා නොවිය යුතු බවත්, රටේ සෑම ප‍්‍රදේශයකම ගුණාත්මක අළෙවිකරණ අධ්‍යාපනය තහවුරු කිරීමට SLIM මූලිකත්වය ගෙන ඇතිි බවත් ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා SLIM හා සම්බන්ධ වී වඩාත් හොඳින් රටට සේවය කිරීමට එක්වන්නැ යි අළෙවිකරණ දැණුම අපේක්ෂා කරන සියලූ දෙනාට ආරාධනා කරන ලදී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.