Coss Ear2
lakbima.lk
COSS Ear 1

ග්ලෝබල් හවුසින් නවතම නිවාස ව්‍යාපෘතිය බත්තරමුල්ලට

මෙරට ප‍්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන ග්ලෝබල් හවුසින් ඇන්ඞ් රියල් එස්ටේට් ((Global Housing & Real State (Pvt.) Ltd.) සිය නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු බත්තරමුල්ල නගරය කෙන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ. ‘‘අවුරෝරා රෙසිඩන්සීස් (Aurora Residencies) නමැති මෙම  සියලූ පහසුකම්වලින් සපිරි, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි ඉදිකෙරෙන නිවාසයක සාඩම්බර හිමිකරුවකු වීමේ අවස්ථාව, සුපිරි නිවසක සිහිනය සැබෑ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින  ඕනෑම කෙනකුට දැන් උදාකර ගත හැකි බව සමාගම පවසයි.

වසර 14 ක් පුරා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නොසැලෙන පාරිභෝගික විශ්වාසයක් දිනා සිටින ග්ලෝබල් හවුසින් ඇන්ඞ් රියල් එස්ටේට් (පුද්ගලික* සමාගමේ 14 වැනි නිවාස ව්‍යාපෘතිය වනුයේ ‘‘අවුරෝරා රෙසිඩන්සීස්’’ ය. ඉතා ඉහළ වාණිජ වටිනාකමකින් යුත් බත්තරමුල්ල නගරයේ කලපළුවාව පාර සහ තලංගම පොලීසියට මායිම්ව පිහිටි නිස්කලංක පරිසරයක මහල් හතකින් සමන්විත නිවාස සංකීර්ණයක් ලෙස ‘‘අවුරෝරා රෙසිඩන්සීස්’’ හි ඉදිකිරීම් කටයුතු සිදුවේ. ශීඝ‍්‍රයෙන් දියුණු වන වාණිජ නගරයක සියලූ පහසුකම් හිමිකර දෙමින් පාර්ලිමේන්තුව, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල, දියත උයන ආදියද ඇතුළුව ප‍්‍රධාන පෙළේ රජයේ කාර්යාල, පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳ සල් වැනි ස්ථානවලට ඉතා කෙටි කාලයක් තුළ පහසුවෙන් ළඟාවිය හැකි ප‍්‍රදේශයක අවුරෝරා රෙසිඩන්සීස් පිහිටා තිබේ. නිදන කාමර 2 කින් සහ 3 කින් සමන්විත නිවාස ලෙස සියලූම පහසුකම්වලින් සපිරි නිවාස 72 කින් අවුරෝරා රෙසිඩන්සීස් සමන්විත වේ. මෙම සියලූම නිවාස වර්ග අඩි 1029 කට වැඩි වපසරියකින් යුක්ත වන අතර, තම රුචිකත්වය පරිදි එකිනෙකට වෙනස් ගෘහ නිර්මාණ සැලසුම් කිහිපයක් යටතේ එ්වා තෝරාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාකර දී තිබේ. නිදන කාමර 2 කින් යුත් නිවාස රුපියල් මිලියන 14.3 සිටද, නිදන කාමර 3 කින් යුත් නිවාස මිලියන 15.9 සිටද මිල නියම කර ඇත. නිවාස වෙන්කරවා ගැනීම ඇතුළු වැඩිදුර තොරතුරු සඳහා 0768787878 යන දුරකථන අංකය විවෘත කර තිබේ.
            පාරිභෝගික රුචිකත්වය හොඳින් හඳුනන, පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක සැලසුම සහ අධීක්ෂණය අනුව ‘‘අවුරෝරා රෙසිඩන්සීස්’’ හි ඉදිකිරීම් කටයුතු සිදුවේ. ඉතා ඉහළ ප‍්‍රමිතියෙන් යුතු අංගෝපාංග මෙම ඉදිකිරීම් කටයුතුවලදී යොදාගැනීම විශේෂත්වයකි. අංග සම්පූර්ණ ව්‍යායාම් ශාලාව (Gym) පිහිණුම් තටාකය (Family Swimming Pool) සුපිරි වෙළෙඳ සල (Mini Super Market) සැලෝනය (Salon) යනාදි පහසුකම් රැසක් අවුරෝරා රෙසිඩන්සීස් හි නිවාස හිමියන්ට හිමිවෙයි. තමන්ටම වෙන්වූ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම්, සෝපාන පහසුකම් මෙන්ම සුඛෝපභෝගී දිවි  පෙවෙතක සුරක්ෂිත බව සුරකින පැය 24 පුරා ක‍්‍රියාත්මක ආරක්ෂක සේවයකින්ද අංග සම්පූර්ණව අවුරෝරා රෙසිඩන්සීස් පාරිභෝගික අයිතියට පැවැරෙන බව ග්ලෝබල් හවුසින් ඇන්ඞ් රියල් එස්ටේට් (පුද්ගලික) සමාගම පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3207

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3481

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1411

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3359

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

Please publish modules in offcanvas position.