මෝටර් රථවාහන ක්ෂේත්රයේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන ෆෝඩ් මෝටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයින් වන සොෆ්ට්ලොජික් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ JEN (Japan Emergency NGO) හා එක්ව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ව්‍යාපෘති තුනක් සාර්ථකව නිම කරයි.
යුද ගැටුම් පැවති සමයේ අවතැන් වූ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණ. මේ යටතේ එම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ප්රමුඛ තැනක් ලබාදී තිබුණි. එම පළාත්වල ගොවීන්ට වසර පුරාම කෘෂිකර්මාන්තයෙන් ආදායම් ලැබිය හැකි තත්වයක් උදා කරලීම මෙම ව්‍යාපෘතීන්වල අරමුණ විය. ෆෝඩ් හි Global Giving programme යටතේ මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර Global Giving 2007වසරේ දී ෆෝඩ් හා සම්බන්ධ වූ ව්‍යාපෘතියකි. මෙම සබඳතාව නිසාම වසර 2014දී ෆෝඩ් සමාගම ලොව වඩාත්ම ආචරධර්මීය සමාගම ලෙස Ethisphere විසින් නම් කර තිබේ. තවද ඇමරිකාවේ සමාගම් හා සමාජ වගකීම් සම්බන්ධ සඟරාවක් විසින් ලොව හොඳම ආයතනික පුරවැසියන් 100අතරට ෆෝඩ් සමාගම ද පත්කර තිබේ.
“ යහපත් ලොවක් සඳහා ෆෝඩ් මෙහෙයුම “ යන තේමාවෙන් යුක්තව කෘෂි ලිං සැකසීම සහ සත්ව පාලනය වැඩිදියුණු කිරීම සඳහා සහය වීම මුලික වශයෙන් මෙරට ක්‍රියාත්මක කළ අතර 2016මාර්තු මාසයේ සිට ෆෝඩ් සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෘහ ඒකක 55ක් වෙත සහන සැලසීම අරඹන ලදී. මේ යටතේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනයිවිලුන්දාන් ග්‍රාම නිලධාරි වසමේ සහ පච්චෙයි පල්ලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තම්පකාමම් ග්‍රාම නිලධාරි වසමේ කෘෂි ලිං 27ක් ඉදිකෙරුණි. එම ළිං ඉදිකිරීමෙන් පසුව එම ගොවීන් වෙත බීජ වර්ග , පැළ වර්ග, කෘෂි උපකරණ, වතුර පොම්ප සහ කෘෂිකර්මාන්තයට අදාල අනිකුත් පහසුකම් ද සපයන ලදී. දිගු කාලීන භෝග වගාව, එළවලු සහ පළතුරු වගාව, නිසි ආකාරයට අස්වනු නෙලාගැනීම ආදී කටයුතු සඳහා එම ජනතාව හුරු කරවීම එහි අරමුණ විය. මීට අමතරව කිලිනොච්චියේ තම්පකාමම්, ආනයිවිලුන්දාන්, සහ මුලතිව් හි තන්ඩුවාන් , අම්පකාමම් යන ග්‍රාම නිලධාරි වසම් සඳහා වැසි ජල ටැංකි 4ක් බෙදාදීම ද මීට සමගාමීව සිදු කෙරිණ.
ෆෝඩ් හි සහන වැඩසටහනේ ජාත්‍යන්තර මාසය යටතේ ක්‍රියාත්මක වූ දෙවන ව්‍යාපෘතිය යටතේ තම්පකාමම් ග්‍රාම නිලධාරි වසම සදහා ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සිදු කෙරිණ. JEN හි කෘෂි සමූපකාර සමිතිය සහ කාන්තා කණ්ඩායමක් විසින් මෙම ප්‍රජා මධ්‍යස්ථානය තුළ ඇඹරුම් හලක් ස්ථාපිත කර පවත්වාගෙන යන්නේ අමතර වටිනාකමක් එක් කරමිනි.මෙහි ඉදිකිරීම් සඳහා ෆෝඩ් කණ්ඩායම ද ස්වේඡාවෙන් දායක විය. .තුන්වන ව්‍යාපෘතිය “වඩා යහපත් ලොවක් සඳහා ෆෝඩ් මෙහෙයුම 2016 “ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ගෘහස්ථ මට්ටමින් ජලය අරපිරිමැස්ම සඳහා ප්‍රජාව හුරුකරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී ජලය අරපිරිමැස්ම සඳහා නිර්මාණශිලී අදහස් හා යෝජනා සඳහා තරඟයක් පැවැත්වූ අතර ඒ අතරින් වඩා ප්‍රායෝගික අදහස් ඇතුළත් කරගනිමින් පොතක් ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරින.මෙහි විශේෂත්වය වන්නේ එම ප්‍රජාව විසින්ම මේ සඳහා නව අදහස් සම්පාදනය කිරීමයි.
මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රදාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ JEN විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා සේවා සඳහා ෆෝඩ් හා එක්ව දායක වීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට යළි සිය ගම් බිම් වල පදිංචි වීමේදී සිය ජීවනෝපාය ගොඩනඟාගැනීමට සහය වීම උතුම් කාර්යයක් වනවා සේම එය මීළඟ පරපුරට ආදර්ශයක් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
JEN වෙනුවෙන් අදහස් දැක්වූ මනාමි මොචිසුකි කියා සිටියේ සිය ආයතනය වසර ගණනාවක් තිස්සේ GlobalGiving හා එක්ව කටයුතු කරන බවයි.මෙම සහයෝගීතාව තුළින් ලොව බොහෝ රටවල ව්‍යාපෘති රැසක් සාර්ථකව අවසන් කර ඇති බව ද සඳහන් කළේය. ෆෝඩ් හා එක්ව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව ප්‍රසාදය පළ කළ හෙතෙම ස්වාභාවික ජලය ආරක්ෂා කරගැනීම වැනි වටිනා ආකල්පමය වෙනසක් වෙත ජනතාව යොමු කිරීමට ලැබුන අවස්ථාව සුවිශේෂි වන බව ද පෙන්වා දුන්නේය.
වසර ගණනාවක් පුරා ෆෝඩ් සමාගම මෙරට විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා සහයෝගය දක්වමින් සිටියි. පසුගිය වසරේදී වර්ල්ඩ් විෂන් ලංකා හා එක්ව මඩකලපුව වාකරෙයි ප්‍රදේශයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් දියත් කළේය. මීට අමතරව ෆෝඩ් හි “පරිසර ආරක්ෂණ වැඩසටහන “යටතේ සිවිල් සංවිධාන සහ විවිධ කණ්ඩායම් දැනුව් තිරීමේ ව්‍යාපෘතින් රැසක් දියත් කර තිබේ. එහි කොටසක් ලෙස 2014වසරේදී ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යාව හදාරන කණ්ඩායම (FOGSL) වෙත ඇමරිකානු ඩොලර් 20000ක මුදලක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. මේ අතර වසර 2013දී ශ්‍රී ලංකා වෘක්ෂලතා සංගමය සහ වනසරණ තුරුලතා ස්වේච්ඡා සංගමය වෙත ඩොලර් 15000ක ආධාර පිරිනමා තිබේ. 2012දී නක්ලස් රක්ෂිතය ගින්නෙන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති තරඟයක ජයග්‍රාහකයින් වෙත ඩොලර් 10000ක ත්යාගයයක් ෆෝඩ් සමාගම විසින් පිරිනමන ලදී.
Japan Emergency NGO හෙවත් JEN සරණාගතයින් සහ අභ්‍යන්තර අවතැන්වූවන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පිහිටවූ සංවිධානයක් වන අතර පෙර යුගොස්ලාවියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම සංවිධානය 1994වසරේදී පිහිටවාගනු ලැබිණ. වසර කිහිපයක් තුළදී ස්වාභාවික විපත්, හෝ අනිකුත් විපත් සහ හදිසි අවස්ථා රැසකදී මෙම සංවිධානය සිය සහන සේවා දියත් කර තිබේ. “ජීවත් වීමේ බලය සඳහා සහය වීම“ යන්න තේමා කරගනිමින් Japan Emergency NGO හෙවත් JEN කටයුතු කරයි. 2000වසරේදී මෙම සංවිධානය ජපානයේ ටෝකියෝ නගරයේ ෂින්ජුකු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් NPO JEN නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස යළි ස්ථාපිත කරන ලදී.
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.