ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී"ඞී.පී. කුමාරගේ මහතා විසි වසරක අභිමානවත් සේවාවකින් පසු පසුගියදා විශ්‍රාම ගත්තේය. පීපල්ස් ලීසිං සමාගමේ සාර්ථකත්වයට හා ප්‍රවර්ධනයට සේම සමස්ථ ලීසිං ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් අසමසම සේවයක් සිදු කළ කුමාරගේ මහතාගේ විශ්‍රාමගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සමුදීමේ උත්සව රැසක් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හා සෙසු කාර්යාලවලදී පසුගියදා උත්සවශී‍්‍රයෙන් පැවැත්විණ.
1995දී ශී‍්‍ර ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක ලෙසින් පීපල්ස් ලීසිං සමාගම අරඹන විට මෙරට මූල්‍ය සේවා සැපයීමේ වැඩි වෙළෙඳ කොටස හිමිවූයේ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලටය. නමුත් එයින් 6වසරකට පසු පීපල්ස් ලීසිං සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් ප්රමුඛ ස්ථානයට පත්කිරීමට හා අඛණ්ඩව 15වසරක් එම ස්ථානය රැකගනිමින් සාර්ථක ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යෑමට ඞී.පී. කුමාරගේ මහතා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලැබීය. ඔහු 1997දී පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී තනතුරට පත්ව විශ්‍රාම යනතුරුම එම තනතුරෙහි උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කළේය.
ඞී.පී. කුමාරගේ මහතාගේ සේවා කාලයෙහි සුවිශේෂත්වය වන්නේ ඔහු පීපල්ස් ලීසිං සමාගමේ උන්නතිය වෙනුවෙන් කළ කාර්යභාරයට අමතරව එහි සේවක ජීවිත ප්‍රවර්ධනය"සමස්ත ලීසිං ක්ෂේත්රයේ ප්රගමනයට ලබාදුන් දායකත්වය"මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ සාර්ථකත්වයට උරදීම හා සමාජ සත්කාරක වැඩසටහන් මගින් මෙරට ජන ජීවිතය නගා සිටුවීමට කැපවීමයි. එම අංශවල සාර්ථකත්වයට ඔහු විසින් ගනු ලැබූ විශේෂිත හා අභියෝගාත්මක තීරණවල වැදගත්කම කැපී පෙනේ. උදාහරණයක් ලෙසින් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වර්ධන ලබාදීමේ සාමාන්‍ය පරිපාටියවන වාර්ෂික වැටුප් වර්ධක වෙනුවට"පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන්ට කි‍්‍රයාකාරීත්වය පදනම් වූ සංස්කෘතියක් එම සමාගමට හඳුන්වාදුන්නේ සෙසු රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් සපයමිනි. එම හඳුන්වාදීමෙන් පසු පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන් තුළ ඇති වූ දැඩි උනන්දුව"කැපවීම හා සියුම් තරගකාරීත්වයක් මගින් එම සමාගමේ සාර්ථකත්වය සහතික කෙරුණි. එමෙන්ම ඞී.පී. කුමාරගේ මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමට හඳුන්වාදුන් ව්‍යාපාරික ප්‍රතිපත්තිය වූයේ ලාභ ලැබීමට වඩා පාරිභෝගිකයාට සහන සළසමින් ඔහු සාර්ථකකත්වයට පත්කරමින් ව්‍යාපාරික ජයග්‍රහණ අත්පත් කරගැනීමයි. ඞී.පී. කුමාරගේ මහතා හඳුන්වාදුන් මෙම ව්‍යාපාරික ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ක්ෂේත්රය ඇති වූ කදිම පිබිදීමෙන් නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවීම සුවිශේෂී සිදුවීමකි. විශේෂයෙන්ම පීපල්ස් ලිසිං සමාගම මෙරට පෞද්ගලික බස්රථ හිමියන්ට විශේෂ ණය යොජනා ක්‍රම හඳුන්වාදීම මත මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ විශාල ප්රවර්ධනයක් ඇතිවිණ. කුමාරගේ මහතා සිදු කළ එම අභියෝගාත්මක වෙනස හේතුවෙන් වර්තමානයේ පවා පෞද්ගලික බස්හිමියන්ගේ පි‍්‍රයතම ලීසිං සමාගම වන්නේ පීපල්ස් ලීසිං සමාගමය.
පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙසින් සේවය කළ විසි වසරක කාලය පුරා සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් නව මගකට යොමු කළ ඞී.පී. කුමාරගේ මහතා"ප්රමුඛ වශයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වැඩිදියුණු කිරීමට අමතරව"දිවයින පුරා ග්‍රාමීය පාසල් හා රෝහල් සංවර්ධනය හා පරිසරය සුරැකීමේ වැඩසටහන්වලට දායකත්වය ලබාදුන්නේ මෙරට ජනජීවිතය නගාසිටුවීමට කැපවෙමිනි. එයට අමතරව යුද සමයෙන් පසු උතුරෙහි පිබිදෙන ජනදිවියට සවියක් ලෙසින් කොඩිකාමම් දුම්රියපල හා මැදවච්චිය බස්නැවතුම්පල පහසුකම් සහිතව මහජන බැංකුව සමඟඑක්ව අලූතෙන් ඉදිකිරීම සිදු කෙරුණි.
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.