Coss Ear2
lakbima.lk
COSS Ear 1

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් සුපිරි නිවාස සංකීර්ණයක්

හෝම් ලෑන්ඩ්ස් හි දේපළ වෙළඳාම් අංශය  මෙන්ම  මෙරට  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ  ප්‍රධාන පෙළේ හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින්  තවත් සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කරයි. සුපිරි නිවාස සංකීර්ණ රැසක නිවාස ඒකක 727කහිමිකාරීත්වය දරන හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින් සමාගම ඇතැම් ව්‍යාපෘති අවසන් කර පාරිභෝගිකයින් වෙත භාර දී අවසන් කොට තිබේ. සිය 8 වන සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ලෙස අරඹා ඇති නවතම ව්‍යාපෘතිය “Aurum Skyline Residencies” ලෙස නම් කර ඇති අතර එය කොළඹ 5 ජාවත්ත ප්‍රදේශයේ තිඹිරිගස්යාය පාරට මුහුණලා ඉදිකිරීමට යෝජිතය.

බුලර්ස් පාර, හැව්ලොක් පාර, ඇල්විටිගල මාවත, නාවල, කිරුලපන පාර සහ බම්බලපිටිය යා කෙරෙන මාර්ගයක පිහිටි “Aurum Skyline Residencies” ප්‍රමුඛතම පාසැල් වන විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය,සිරිමාවෝ බාලිකා විද්‍යාලය,  ආදී පාසැල් වෙත පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක පිහිටා තිබීම විශේෂත්වයකි. මීට අමතරව සාප්පු සංකීර්ණ, රෝහල්, පමණක් නොව විනෝදාස්වාදය, විලාසිතා සහ ආහාර පාන ආදී සියලු පහසුකම් වෙත පහසුවෙන් ළගාවිය හැකි ස්ථානයකAurum Skyline Residencies ඉදිවෙයි . මේ අයුරින් කොළඹ නගරයේදී අත්විඳිය හැකි සියලු පහසුකම් වෙත ඉතා පහසුවෙන් සමීප විය  හැකි ස්ථානයක පිහිටි මෙම “Aurum Skyline Residencies” සුපිරි නිවාස සංකීර්ණය සුඛෝපබෝගී ජීවන රටාවට කදිමට ගැලපෙයි. උදෑසන ගොල්ෆ් ක්‍රීඩා කිරීමට හෝ නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම සඳහා ඇවිද යාමට පහසු ස්ථානයක මෙම නිවාස සංකීර්ණය ඉදි කිරීමට නියමිතය.

හෝම් ලෑන්ඩ්ස්  සමූහයේ සභාපති නලින් හේරත්  මහතා මෙම නවතම නිවාස සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ  Aurum Skyline Residencies ඉසුරුමත් සුඛෝපභෝගී ජීවිතයක සැබෑ අත්දැකීම විඳ ගැනීමට කදිම අවස්ථාවක් බවයි. කොළඹ නගරයේ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන සියලු පහසුකම් වලට සමීප ස්ථානයක මෙම නිවාස සංකීර්ණය පිහිටීම නිසා මෙය සුවපහසු සුපිරි ජීවිතයක් ගත කිරීමට ලැබෙන අවස්ථාවක් පමණක් නොව වටිනා ආයෝජනයක් බව ද සඳහන් කළේය. සරලව ගතහොත් ආඩ්ම්බර විය හැකි ලිපිනයක්  අත්පත් කරගත හැකි කදිම අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විශිෂ්ඨතම අසල්වාසීන් සමඟ සුපිරි ජීවිතයක් ගතකිරීමට කැමති ඕනෑම අයෙකු විසින් සිය අනාගතය වෙනුවෙන් ගනු ලබන හොඳම තීරණය ලෙස Aurum Skyline Residencies හැඳින්විය හැකිය. අසමසම ජීවන රටාවකට අනුව ජීවත් වීමට අවශ්‍ය සියලු පහසුකම් වලින් අනූන Aurum Skyline Residencies ජීවිතයේ සුපිරිතම  කාලය ගත කිරීමට සුදුසුම ස්ථානයයි.  Aurum Skyline Residencies හි දොරටු ඔබ වෙත විවර වීමෙන් සුපිරි බව සහ නිදහස් බව පමණක් නොව සාඩම්බර ජීවන තත්වය ද පෙන්නුම් කරයි. මහල් 9ක් පුරා විහිදුන නිවාස ඒකක 45 ක් Aurum Skyline Residencies සතු වන අතර  පළමු මහල සහ බිම් මහල අතර මහලක් සහ මහල් 3ක් වාහන නවතා තැබීම සඳහා වෙන් කෙරෙයි.මෙම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට තම සිතැගියාව පරිදි එක් වාහනයක් හෝ දෙකක් නවතා තැබීම සඳහා අවස්ථාව ලබාගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇත.

මුළු පවුලටම අවශ්‍ය සුපිරි ජීවිතයක් ගතකිරීම සඳහා විශිෂ්ට පහසුකම් සහිත  මෙහි නිවාස නිර්මාණය කර ඇත්තේ අනර්ඝතම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ය. සාමකාමී සහ නිදහස ආරක්ෂා වන ආකාරයට සියලු අභ්‍යන්තර ගෘහ සැලසුම් සකස් කර තිබේ. සුවිශාල ජනේල සහ විශේෂ බැල්කනි සහිතව විසිත්ත කාමරය සැලසුම් කර  ඇති අතර මනස්කාන්ත හාත්පස දර්ශණය මැනවින් දැකබලා ගත හැකි වන ආකාරයට එය සකසා තිබේ. මෙහි ජීවත් වීමේදී අහසේ පියාඹන කුරුල්ලකු සේ නිදහස අත්විදීමට  අවකාශය උදාකරගත හැකිය.

Aurum Skyline Residencies හි නිදන කාමර මනරම්  අභ්‍යන්තර සැලසුමකින් යුක්ත වන අතර සුවපහසු බව සහ නිදහස් බව මැනවින් ආරක්ෂා වන පරිදි ඒවා නිමවා තිබේ. සිය ජීවිතයේ සිහින සැබෑවන අවස්ථාව Aurum Skyline Residencies හිදී අත්විඳිය හැකි වන අතර සුවිසාල ජනේල ඔස්සේ හාත්පස සුන්දරත්වය විඳිමින් සුපිරි නින්දකට අවකාශ සලසා දෙනු නොඅනුමානය.

නාන කාමර සහ මුළුතැන්ගෙය ද ලොව හොඳම නිෂ්පාදන වලින් සමන්විත වන අතර ඔබේ දෛනික අවශ්‍යතා වලට  සරිලන ආකරයට සකසා තිබීම විශේෂත්වයකි. ලොව ඉහළ තත්වයේ නාන කාමර උපාංග වලින් සමන්විත නාන කාමරය ජීවිතයේ සුවපහසු බව තවදුරටත් වර්ධනය කරයි. උණු ජලය ආදී සියලු පහසුකම් වලින් අනූන ඔබේ අදහසට ගැලපෙන අංග සම්පූර්ණ නාන කාමර වලින් මෙම Aurum Skyline Residencies සමන්විත වෙයි.

සම්පූර්ණයෙන් සකසා ඇති මුළුතැන්ගෙයි පැන්ට්‍රි කබඩ් පද්ධතිය  කුකර් සහ කුකර් හුඩ් සහිතව සකසා ඇති අතර  ඉවුම් පිහිම් කටයුතු වලට අවශ්‍ය නිදහස් අවකාශය සහිතව නිමවා ඇති අතර ඉවුම් පිහිම් කලාවක් ලෙස අත්විඳීමේ අවස්ථාවද හිමිකරදෙයි.

සම්පූර්ණ උපකරණ සහිතව කාය වර්ධන මධ්‍යස්ථානයකින් ද සමන්විත Aurum Skyline Residencies නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ පිහිටි උද්‍යානය නිවැසියන්ගේ නිදහස උපරිම ආකාරයෙන් විදීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වෙයි. ඉහළම විවෘත මහලේ ඇති පිහිනුම් තටාකය  සුඛෝපභෝගී දිවියේ  සතුට සහ වින්දනය තීව්‍ර කරන අතර මනස සහ සිරුර සැහැල්ලුවෙත් තබා ගැනීමට උපකාරී වෙයි. සිකුරාදා රාත්‍රියේ හිතමිතුරන් හා එක්වී බාබක්‍යු සාදයක් හෝ මිතුරු හමුවක් පැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ ඉහළම විවෘත මහලේ  වෙනම පරිශ්‍රයක් වෙන්කර ඇති අතර  නගරයේ අසිරිය නරඹමින් එම ප්‍රිය සාදය අත්විදීමට අවශ්‍ය අවකාශය මෙහිදී හිමිවෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.