Coss Ear2
lakbima.lk
COSS Ear 1

'Huawei' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි.  ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ලබාදීමට  Huawei එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය  ක්‍රිකට් තරමට ශ්‍රී ලාකේය හදවත් වෙත සමීප කරවීමට  Huawei අපේක්ෂා කරයි.

Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වයට අත්සන් තැබීම සහ එම ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදුකෙරිණ.

මෙම අවස්ථාවට එක්වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei, ශ්‍රී ලංකා  ක්‍රිකට් හා අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්  වෙත සහයෝගය දැක්වීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද හෙතෙම සඳහන් කළේය.  ප්‍රජාවට සිය සිහිනයේ  බලය  අවබෝධ කර ගැනීමට  ඉඩ සැලසීම Huawei හි අරමුණ බවද හෙතෙම සඳහන් කලේය.   සන්නාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වර්ධනය කිරීම මෙන්ම  ලොව විවිධ සංස්කෘතින් වල විවිධ ජන කොටස් වලට අයත් පාරිභෝගිකයා  වෙත සමීප වීමට  Huawei සමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.   විවිධ ජන සමාජ වල විවිධ ශක්‍යතා හඳුනා ගනිමින් ඒවාට අනුග්‍රහය ලබාදීමට ඉදිරියේදී Huawei සැලසුම් කර ඇති බවද  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වන්නේ ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී  ය. Huawei සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන Huawei යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕසනියාව ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

Huaweiලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFLකණ්ඩායම සමඟ ද Huaweiඅත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට NRLහි Canberra Raider කණ්ඩායම වෙත දHuaweiසිය දායකත්වය ලබාදී තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.