Coss Ear2
lakbima.lk
COSS Ear 1

Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය වසරින් වසර වර්ධනයක්

2017වසරේ පළමු කාර්තුවේදී ස්මාර්ට්ෆෝන් මිලියන 34.55ක් අපනයනය කළ බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය නිවේදනය කරයි. ඒ අනුව Huawei ස්මාර්ට්ෆෝන් අපනයනයේ වසරින් වසර වර්ධනය 21.6කින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර වෙළද දර්ශකයක් වන IDC හි වාර්තා වලට අනුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරුවන් තිදෙනා අතර වන වෙළඳ පළ ප්‍රතිශයෙහි Huawei සතුව පැවති ප්‍රමාණය 9.8%කින් ඉහළ යාමකි.

2017පළමු කාර්තුව තුළදී ලොව පුරා රටවල් රැසක Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. රටවල් 52වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කරන අතර එම අපනයන ප්‍රතිශතය 50%කින් ඉහළ යාම කැපී පෙනෙන්නකි.ඒ අතරින් රටවල් 32ක් වෙත  Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කිරීම 100%කින් ඉහළ ගොස් තිබේ. චීනය සහ යුරෝපය වෙත පමණක් Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 20%ක් සහ 15%ක් ලෙස වාර්තා වී  ඇත.මේ අතර අග්නිදිග ආසියාව සහ දකුණු පැසිෆික් කලාපයේ රටවල් වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 70%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව ඉහළ පරාසයේ Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ද විශේෂත්වයකි. Huawei P9මාදිලියේ සහ Huawei Mate 9මාදිලියේ ස්මාර්ට්ෆෝන් අලෙවිය ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ගොස් තිබේ. මේ අනුව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් ‍වෙළඳ පළ තුල තවදුරටත් ස්ථාවර වීමට Huawei සමාගම සමත්වී තිබේ. පසුගිය වසරේ පළමු කාර්තුව තුළදී ද Huawei හි ඉහළ හා මධ්‍යම පරාසයේ ස්මාර්ට්ෆෝන් (2000 RMB or above $300) අලෙවිය 11%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ජාත්‍යන්තර ඉහළ පරාසයේ එනම් ඇමරිකානු ඩොලර් 500ට ඉහළ වටිනාකමකින් යුත්  ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ 9.7%ක වෙළද පල ප්‍රතිශතයක් හිමිකර ගැනීමට 2017වසරේ පෙබරවාරි මාසයේදී  Huawei සමත් වූ බව GfK වාර්තා පෙන්වා දෙයි.  චීනය,ස්පාඤ්ඤය, තායිලන්තය, මලයාසියාව, දකුණු අප්‍රිකාව  සහ පෝලන්තය ආදී ප්‍රමුඛ වෙළඳ පළ රාසක් හිමි රටවල් 9ක ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 10%ක ප්‍රතිශතයක හිමිකාරීත්වය දරන්නේ Huawei සමාගමයි.

2017පෙබරවාරි 26වන දින  නිකුත් කරන ලද  නවතම Huawei P10ස්මාර්ට්ෆෝනය මේ වනවිට  ලොව පුරා වෙළඳ පළ 30කට අධික සංඛ්‍යාවකදී අලෙවි වෙමින් පවතියි. එම ස්මාර්ට්ෆෝනය සතුව පවතින ඡායාරූපකරණයෙ සුවිශේෂිතාව නිසා මේ වනවිට ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන ස්මාර්ට්ෆෝනය බවට Huawei P10පත්ව තිබේ.

මීට අමතරව ටැබ්ලට් වෙළඳ පළ තුළ ද Huawei කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ව්‍යාපාරික සහ පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි නිපදවෙන Huawei ටැබ්ලට්  අපනයනය වසරින් වසර 70%කට අධික ප්‍රමාණයකින් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1928

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2946

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3270

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.