Coss Ear2
lakbima.lk
COSS Ear 1

චීනය ලංකාවේ විශාලතම වෙළෙඳ ප‍්‍රදර්ශනයට සැරසෙයි

ලාංකේය ව්‍යාපාරික ප‍්‍රජාව චීනයේ නව නිපැයුම් දැක බලා ගැනීමේ, අධ්‍යයනය කිරීමේ හා මිලදී ගැනීමේ අරමුණින් යුතුව චීන සංචාරයේ අදටත් යෙදෙති.
සිය කාලය, ශ‍්‍රමය හා මිල මුදල වැයවීම අවම කරගනිමින් මේ අත්දැකීම ලබන්නට ශ‍්‍රී ලාංකේය වෙළෙඳ ප‍්‍රජාවටද ඉඩක් සැලසේ නම් එ් කොපමණ වාසනාවක්ද? මේ කියන වාසනාව අප රටේ ව්‍යාපාරික ප‍්‍රජාවටද මේ මැයි මාසයේ 18 වැනිදා සිට 20 වැනිදා දක්වා විවර වන්නේය. එ් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන ආයතනයේදීය.(SLECC)

මේ අපූරු වෙළෙඳ ප‍්‍රදර්ශනය හඳුන්වනු ලබන්නේ 2018 China Guangxi Products Exhibition (Sri Lanka) & China Guangxi Brands Silk Road Series (Sri Lanka) යනුවෙනි. 2018 මැයි මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මේ ඉසව්ව සංවිධානය කරන්නේ චීනයේ ග්වශේෂී සු ඕගේ ස්වාධීන කලාපයේ වාණිජ කටයුතු අංශය (Department of Commerce of Guangxi Zhuang Autonomous Region, China) විසිනි.
මෙබ`දු අති දැවැන්ත චීන නිෂ්පාදන හඳුන්වා දීමේ ප‍්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය. මෙබඳු ප‍්‍රදර්ශනයකින් ඇති වාසි කවරේදැයි යමෙකු ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබේ. මෙහිදී සිදුවන්නේ චීනයේ ඉහළම පෙළේ සමාගම් ගණනාවක්ම සිය නිෂ්පාදන සමග ලංකාවට පැමිණීමයි. එමෙන්ම ප‍්‍රබල ව්‍යාපාරිකයන්ද එ් සමගින්ම පැමිණෙන බැවින් ලාංකික ව්‍යාපාරික ප‍්‍රජාවටද ඔවුන්ගේ නිෂ්පාදන හා එරට ව්‍යාපාරික අවස්ථා පිළිබඳව මනා අවබෝධයක්, දැනුමක් ලබාගන්නට එහිදී අවස්ථාව සැලසෙයි. නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගැණුම්කරුවන් යනාදී වශයෙන් වූ සැමකෙකුටම සිය අදහස් හුවමාරු කරගැනීමටද එහිදී කදිම වේදිකාවක් සැපයෙයි.


මේ ප‍්‍රදර්ශනයේදී චීනයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් හැට හතක (67) නිෂ්පාදන දැක බලාගන්නට ලාංකේය ව්‍යාපාරික ප‍්‍රජාවට අවස්ථාව හමිවෙයි. ඊට අමතරව ලාංකේය සමාගම් දහයකටද මේ ප‍්‍රදර්ශන භූමියේ ඉඩකඩ හිමිවී තිබේ. එ් ඔවුන්ගේ නිෂ්පාදන චීන වෙළෙඳ පොළට හඳුන්වා දීම සඳහාය.
යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික්, කුඩා කර්මාන්ත, ලෝහ හා රසායනික නිෂ්පාදන මේ වෙළෙඳ ප‍්‍රදර්ශනයේදී ප‍්‍රධාන වශයෙන් දැක බලා ගන්නට පුළුවන් වෙයි. එ් හැරුණු කොට ආහාර හා සත්ත්ව නිෂ්පාදන, වෛද්‍ය හා සෞඛ්‍ය මෙන්ම රෙදිපිළි හා ඇඟළුම් මේ ප‍්‍රදර්ශනයේදී ඔබට දැක බලා ගන්නට හා අධ්‍යයනය කරන්නට හැකි අනෙකුත් අංශයන්ය.


ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන ආයතනයේදී (Sri Lanka Exhibition & Convention Centre) පැවැත්වෙන මෙකී ප‍්‍රදර්ශනය සැසි හතරකින් සමන්විතය. ඉන් පළමුවැන්න මැයි 14 වැනිදා පෙරවරු 11 ට සිනැමන් ලේක් සයිඞ් (Cinnamon Lakeside)  හි පැවැත්වෙන දැනුවත් කිරීමේ හමුවයි. මැයි මස 18 වැනිදා පෙරවරුවේ 10.30 ට සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ දෙවැනි පියවර වශයෙනි. දෙරටේ ව්‍යාපාරික ප‍්‍රජාව මුණ ගැසෙමින් ආයෝජන හා නිෂ්පාදන ඉහළ නැංවීමේ කතාබහකට එදිනම සවස 2 ට ඉඩ සැලසෙයි. මැයි 19 වැනිදා සවස 3 ට ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන ආයතනයේදී ආරඹෙන ස්වර්ණාභරණ හා මැණික් ප‍්‍රදර්ශනය සතරවැන්න ලෙස මෙයට එක්වෙයි.
චීනයේ ප‍්‍රමුඛතම වෙළෙඳ සමාගම් සමග එකම බිමකදී කටයුතු කරන්නටද මේ ප‍්‍රදර්ශනයේදී ලාංකේය වෙළෙඳ ප‍්‍රජාවට ඉඩකඩ ලැබීම කලාතුරකින් ලැබෙන අවස්ථාවකි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.