Coss Ear2
lakbima.lk
COSS Ear 1

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුවිශේෂී වට්ටම්

මෙරට ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල සුවිශේෂී වට්ටම් සහිතව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් නව සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ පෙළක් හඳුන්වා දී තිබේ. විවිධ වයස් මට්ටම්වල පසුවන සහ විවිධ සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් යුත් අය සඳහා වෙන් වෙන් වශයෙන් විශේෂයෙන් සකස් කරන ලද පැකේජ රැුසක් මීට ඇතුළත් වේ.
අධි තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදුකරනු ලබන අති නවීන වෛද්‍ය පරීක්ෂණද ඇතුළත්ව නිරෝගී දිවියක් පවත්වා ගැනීම සඳහා උපකාරී වන වෛද්‍ය පරීක්ෂණ රැුසක් ආවරණය වන පරිදි හඳුන්වා දී තිබෙන මෙම සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ කාටත් දැරිය හැකි සහනදායී මිල ගණන් යටතේ පිරිනැමීමට පන්නිපිටිය පෞද්ගලික රෝහල පියවර ගෙන තිබේ. වයස අවුරුදු 40 ට අඩු අය සඳහා වන පැකේජ, අවුරුදු 40 ට වැඩි අය සඳහා පැකේජ, හදවත් පරීක්ෂණ සඳහා පැකේජය, දියවැඩියා පිරික්සුම් පැකේජය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පැකේජය, පූර්ව විවාහ පැකේජය, සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීම් පරීක්ෂාව සඳහා පැකේජය සහ යෞවනයන් සඳහා පිරික්සුම් පැකේජය රෝහල නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙන පැකේජ අතරින් කිහිපයකි.
‘‘ලාභ ඉපයීමම අරමුණු කර නොගනිමින් අනවශ්‍ය වියදම් කපා හැර ඉන් අත්වන ප‍්‍රතිලාභද රෝගීන් වෙත ලබාදීමටයි අප රෝහල නිරන්තරයෙන් පියවර ගන්නේ. මෙම නව සෞඛ්‍ය පැකේජ එ්වා පරීක්ෂණ සඳහා සම්බන්ධයෙන් වැයවන මුදලට අඩු විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ හඳුන්වා දීමට කටයුතු කළේද  ඕනෑම අයකුට තමන්ට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සියල්ල දැරිය හැකි මිලකට සහ උසස් ප‍්‍රමිතියකින් යුතුව සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දෙමිනුයි’’ යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. මෙම පැකේජ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0115886500 සහ 0115842000  යන දුරකථන අංක විවෘත කර තිබේ.
ඉතා සාධාරණ පිරිවැයක් යටතේ, ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවාවක් සැපයීමේ ප‍්‍රතිපත්තියට අනුව කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල නවීන ප‍්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ සහ අධි තාක්ෂණික පහසුකම් රැුසක්ද අලූතින් හඳුන්වා දී ඇත. රුධිර කාන්දු පෙරණ ක‍්‍රියාදාම එ්කකයක්ද මෑතකදී ස්ථාපිත කළ අතර, විශේෂඥ වෛද්‍යවරු සහ දක්ෂ, පළපුරුදු හෙද කාර්ය මණ්ඩලයක සත්කාරය යටතේ සහනදායී මිලකට එම ප‍්‍රතිකාර ලබාගත හැකිය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෑතකදී හඳුන්වා දෙන ලද ‘‘සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යටතේ ඇති සියලූම ප‍්‍රතිලාභ සිසු දරු දැරියන් වෙත තිළිණ කිරීමටද පන්නිපිටිය පෞද්ගලික රෝහල කටයුතු සූදානම් කර තිබේ.මීට අමතරව, සියලූම රාජ්‍ය සේවකයන්ට අග‍්‍රහාර රක්ෂණය යටතේ හිමි විශේෂ වරප‍්‍රසාද ලබාදීමටද රෝහල කටයුතු යොදා තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.