Coss Ear2
lakbima.lk
COSS Ear 1

අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්

මේ උත්සව සමයේ අනුරාධපුර නගරයේ පිහිටි කුටුම්භය රිසෝට් (Kutumbaya Resort) සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට් (Lavonka Tourist Rest)  වෙත පැමිණෙන දෙස් විදෙස් අමුත්තන් සඳහා මින් පෙර කිසිදා ලබා නොදුන් ආකාරයේ දැවැන්ත වට්ටම් පිරිනැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර ඇත. මෙම ආකර්ෂණීය වට්ටම් අප්‍රේල් සහ මැයි මාස පුරා වලංගු වේ.
මේ අනුව කුටුම්භය රිසෝට් සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට්හි නවාතැන් ගන්නා අමුත්තන්ට කාමර ගාස්තුවෙන් 50ක වට්ටමක්ද, ආහාරපාන සඳහා 25ක වට්ටමක්ද උත්සව සමයේ හිමිවන බව හෝටල් කළමනාකාරීත්වය පවසයි. “කුටුම්භය රිසෝට් සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට් වෙත පැමිණෙන අමුත්තන්ට අති විශිෂ්ට ආගන්තුක සත්කාරක සේවාවක් සැපයීම සඳහා අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. මේ උත්සව සමයේ ඔවුන්ට මෙවැනි සුවිශේෂී වරප්‍රසාදයක් පිරිනැමීමට අප තීරණය කළේ දෙස් විදෙස් අමුත්තන් මතෛක් කාලයක් අප කෙරෙහි තැබූ විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙසයි.මෙම පාසල් නිවාඩු සමයේ දෙමව්පියන්ට තම දරුවන්ද සමග අනුරාධපුර පූජා නගරයට පැමිණීමේදී අපගේ මෙම සොඳුරු නවාතැන් හරහා පිරිනමන ලෙන්ගතු සත්කාරක සේවාව ඉතා සහනදායී මිලකට භුක්ති විඳීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇති” යනුවෙන් කුටුම්භය රිසෝට් සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට්හි කළමනාකාර අධ්‍යක්ෂිකා තාරා සෝමවීර මහත්මිය පැවැසුවාය.
අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර 2 ක් තරම් සමීපව අනුරාධපුර නව නගරයෙහි පිහිටා තිබෙන කුටුම්භය රිසෝට් සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට් අනුරාධපුරයේ ඓතිහාසික පුදබිම්, දර්ශනීය ස්ථාන ඇතුළු ඉහළ සංස්කෘතික වටිනාකමකින් යුත් පෙදෙස් දැකබලා ගනිමින් මිහිරි මතකයක් සැමදා සිත තුළ රඳවාගත හැකි සුවපහසු නවාතැන් පහසුකම් සහ ප්‍රණීත ආහාරපාන පිළිගන්වන 
සොඳුරු නවාතැන් දෙකක් ලෙස නම් දරා සිටියි. තමන්ගේ රුචිකත්වය පරිදි මාදිලි කිහිපයක් යටතේ එහි කාමර පහසුකම් සපයාගත හැකිය. 
අටමස්ථානය ඇතුළු අනුරාධපුර නගරයේ පුදබිම් වැඳපුදා ගැනීමටත් සුන්දර ස්ථාන දැකබලා ගැනීමට, අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඉතා පහසු මිල ගණන් යටතේ සපයා දීමද කුටුම්භය රිසෝට් සහ ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට්හි විශේෂත්වය වෙයි. උතුරු මැද පළාතටම ආවේණික ඕනෑම ආහාරයක් තමන්ගේ රුචිකත්වය පරිදි පිළියෙළ කරවා ගැනීමේ අවස්ථාවද මෙහිදී අමුත්තන්ට හිමිවෙයි.
කුටුම්භය රිසෝට් අංක 803, ෆී්‍රමන් මාවත, අනුරාධපුර දරණ ලිපිනයේද ලැවොන්කා ටුවරිස්ට් රෙස්ට් ඊට ඉතා සමීපවද පිහිටා තිබේ. 0777180308 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් නවාතැන් පහසුකම් ඇතුළු  වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.