Coss Ear2
lakbima.lk
COSS Ear 1

වාසනා ටේ‍්‍රඩින් ලංකා සංචාරක හෝටල් කර්මාන්තයට පිවිසෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප‍්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්) සමාගම තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා (අපේ‍්‍රල් 01) සංචාරක හෝටල් ක්ෂේත‍්‍රයේද සිය අනගිභවනීය නාමය සනිටුහන් කරගනු ලැබීය.
එ්, නාගොඩ, කඳාන යන ප‍්‍රදේශයෙහි අක්කර 5 ක් පුරා විහිදුණු අති රමණීය, පරිසර හිතකාමී භූමි භාගයක ඉදි කෙරුණු ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටුරන්ට්’’ සොඳුරු පාරාදීසය විවෘත කිරීමත් සමගිනි.
අදියර 3 ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටොරන්ට්’’ හි ඇති විශේෂත්වය වන්නේ සොඳුරු නවාතැනක පහස ලබාගැනීමට ප‍්‍රිය කරන අයට සේම, තමන් කැමති දෙස්, විදෙස්,  ඕනෑම ආහාරයක් භුක්ති විඳීමට කැමති අයවලූන්ටත්, විනෝදකාමී මෙන්ම ස්වභාවික පරිසරයේ සැබෑ ආශ්වාදය විඳ දරා ගැනීමට කැමති ලොකු කුඩා කාටත්, අගනුවරදී කිසිවිටෙකත් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ සොඳුරු සත්කාරක සේවාවක් සමගින් අපූරුතම මිහිරි මතකයක්ද ජීවිතයට එක්කර ගැනීමට අවස්ථාව ලැබීමය.
වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සහ කළමනාකාර අධ්‍යක්ෂ ආසිරි දයාන් මෙරෙන්චිගේ යන මහත්වරුන්ගේ සංකල්පයකට අනුව 100% ක්ම පරිසර හිතකාමී ලෙස මෙම සොඳුරු පාරාදීසය ඉදිකර ඇත. ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටුරන්ට්’’ හි සොඳුරු විවේකයක් ගත කිරීමට කැමති අය සඳහා හතර දෙනකුට එකවර නැවතී සිටිය හැකි පරිදි ප‍්‍රධාන කබානා 2 ක් විවෘත කර ඇති අතර වායු සමනය කරන ලද සහ නොකරන ලද ආදී වශයෙන්, එක් එක් අයගේ රුචිකත්වයට ගැළපෙන පරිදි ආහාරපාන ගැනීම සහ ප‍්‍රියසම්භාෂණ පැවැත්වීම සඳහා මාදිලි 5 ක සම්භාෂණ ශාලා ඉඩකඩද වෙන්කර දී ඇත.
අංග සම්පූර්ණ සිංහල ආයුර්වේද මධ්‍යස්ථානයක්ද දෙස් විදෙස් සංචාරකයන් සඳහා එහි විවෘත කර තිබේ. පර්චස් 05 ක භූමි ප‍්‍රදේශයක විහිදුණු විශාල ජලාශයක්ද ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටොරන්ට්’’ සතු සුන්දරත්වය තවත් වැඩි කරවන්නකි. ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප‍්‍රවීණ සූපවේදීන් පිරිසක් මෙම සංචාරක නිකේතනය සමග අත්වැල් බැඳගෙන සිටින අතර චීන සහ ඉතාලි කෑම සඳහා වැඩි ප‍්‍රමුඛත්වයක් තම අවන්හල් මගින් ලබා දෙන බව කළමනාකාරීත්වය පවසති.
දෙස්, විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරන ලද මෙම සොඳුරු පාරාදීසය පිළිබඳ අදහස් දක්වන ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටුරන්ට්’’ හි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙසේ පවසයි.
‘‘වාහන වෙළෙඳපොළ තුළ ‘වාසනා’ කියන නාමය ඉතා විශ්වසනීය සහ නොමැකෙන අයුරින් මෙරට
පාරිභෝගිකයන් තුළ සනිටුහන් වී තිබෙනවා. වාහන වෙළෙඳාමේදීත් පරිසර හිතකාමී වාහන අලෙව් කිරීමට මුල් තැනක් දෙන දිවයිනේ විශාලතම වාහන ප‍්‍රදර්ශනාගාරය ලෙසත් වාසනා ටේ‍්‍රඩින් ලංකා ආයතනය ප‍්‍රසිද්ධයි. අපි සංචාරක හෝටල් කර්මාන්තයටද අත තැබුවේ මේ කියන පරිසර හිතකාමී සංකල්පයේ පිහිටාගෙනයි. අදියර 3 ක් යටතේ අක්කර 5 ක් පුරා පැතිරුණු මේ සුවිසල් භූමි භාගය සංවර්ධනය කෙරුණු පසු ප‍්‍රධාන කබානා 30 ක්, සුවිශල් පිහුණුම් තටාංගයක් සහ 600 කට වඩා වැඩි පිරිසකට අසුන් ගත හැකි උත්සව ශාලාවකින්ද ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටුරන්ට්’’ සමන්විත වනු ඇති. අද දෙස් විදෙස් සංචාරකයන්ට මේ වගේ නිදහස්, සුවපහසු, ප‍්‍රණීත ආහාර වේලක් ලබාගත හැකි ස්ථානයක් සොයා ගන්න කොළඹින් බොහෝ දුර ඈතට යාමට සිදු වෙනවා.  නමුත් දැන් ඔබට කොළඹ ඉඳන් විනාඩි 20 කටත් වඩා අඩු කාලයකින් ‘‘වාසනා නේචර් රිසෝට් ඇන්ඞ් රෙස්ටුරන්ට්’’ වෙත පැමිණ ඔබ බලාපොරොත්තු වන සියලූ දේවල් සපුරා ගත හැකියි.’’
wasananature.lk යන වෙබ් අඩවියෙන් මෙන්ම 011 7664664 යන දුරකථන අංකයෙන්ද මේ පිළිබඳව තවත් වැඩි විස්තර ලබාගත හැකිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1101

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.