Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද  දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබෙන විශාලම ගැටලුව තමයි නයි ‘මුගටි වයිරය.’  ඒ කියන්නේ වෘත්තීය සමිති අතර තිබෙන ගැටුම හා අරගලය, එක් වෘත්තීය සමිතියක් බලන්නේ අනෙක් වෘත්තීය සමිතිය පාගාගෙන ඉදිරියට එන්න. මේ තත්ත්වය වෙනස් විය යුතු කාලය දැන් එළඹී තියෙනවා.

අද දුම්රිය සේවය විශාල අභියෝගයකට ලක්වෙලා තියෙනවා. අනෙකුත් ප්‍රවාහන සේවා ඉදිරියට එමින් තියෙනවා, ඒ අතර පෞද්ගලික බස් සේවාව ප්‍රධාන තැනට පත්වී තිබෙනවා.

නව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා වැඩ බාර ගැනීමේ උත්සවයට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම අදහස් පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද මේ දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරට පත්ව සිටින අබේවික්‍රම මහතා වසර තිස්දෙකක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කළ නිලධාරීවරයෙක්. ඒ නිසා මේ දෙපාර්තමේන්තුව පිළිබඳව මනා දැනුමක් හා පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඒ මහතාට තිබෙනවා. අබේවික්‍රම මහතා මෙම තනතුරට පත්වූයේ කිසිදු දේශපාලන බලපෑමකින් හෝ අමාත්‍යවරයා ලෙස මගේ බලපෑමක් මත හෝ නොවේ. ඔහුට තිබෙන සුදුසුකම් මත අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ විදිමත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි.

නමුත් අබේවික්‍රම මහතාට පමණක් මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනංවන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා සියලු දෙනාගේ සහය මෙතුමාට ලබා දිය යුතුයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන් ලාභ ලැබිය යුතු නැහැ. නමුත් පාඩු නොලබා සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපේ  රජය කිසිසේත් දුම්රිය සේවය පෞද්ගලිකකරණය කරන්නේ නැහැ. අනික පාඩුවට යන මේ දෙපාර්තමේන්තුව කිසි කෙනෙක් ගන්නෙත් නැහැ.

මම ඇමැතිවරයා ලෙස පත්වී පැමිණි පසු වෘත්තීය සමිති ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විසඳලා තියෙනවා. තවත් තිබෙන ප්‍රශ්න නව දුම්රිය සමාන්‍යධිකාරීතුමා සමග සාකච්ඡා කරලා විසඳා ගන්න පුළුවන්. මම එතුමාට කියනවා දවසකට පැය භාගයක් පමණක්වත් යොදවලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න කියලා. නමුත් වෘත්තීය සමිතිවලට ඔහුව මෙහෙයවන්න යන්න දෙන්න නම් බැහැ.

ඉන්දියානු ණය සහනාධාර යටතේ දුම්රිය එන්ජින් ලබා ගැනීමට මේ වනවිට ඇනවුම් කරලා තියෙනවා. නමුත් මේ එන්ජින් ලංකාවට එන්න තව වසර එකහමාරක් පමණ යනවා. චීනයෙන් දුම්රිය මැදිරි මිලදී ගන්න අවශ්‍ය කටයුතු නම් මේ වනවිට  නිමකරලා තියෙනවා.උඩරට  මාර්ගයේ ධාවනය සඳහා එන්ජින් හතක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. බම්බු ගේට්ටු කරුවන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා 'බෙල් ඇන්ඩ් ලයිට්' සවිකිරීමට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ඒ නිසා කිසි කෙනකුට කියන්න බැහැ අපි වැඩ කළේ නැහැ කියලා. දේශපාලන නායකත්වය පැත්තෙන් දුම්රියට විශාල ප්‍රශ්න අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් මම නම් එහෙම කරලා නැහැ. ඒ නිසා ඒ අතීතයේ සිදුවීම් ගැන සිත සිතා ඉන්නේ නැතිව අනාගතය සඳහා ගුණාත්මක දුම්රිය  සේවාවක් ඇති කිරීම සඳහා ‘ නයිමුගටි වෛරය’ අමතක කොට සියලු වෘත්තීය සමිති හා සියලුදෙනා  එක්ව නව දුම්රිය සාමාන්‍යධිකාරී අබේවික්‍රම මහතා සමග එක්ව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

පානුක රාජපක්ෂ

 

මේ දිනවල තිරගතවන “ධර්ම යුද්ධය“  චිත්‍රපටය ඔස්සේ ඔබ හමුවට එන ඔහු “හාරකෝටිය”  “ පැහැසරා” සහ “ලව් ටූ බෝයි” යන ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයට එක්වෙයි. ඊට අමතරව “කෝ කුක්කෝ” වේදිකා නාට්‍යයෙන් සහ තමන් විසින්ම නිර්මාණය කරමින් රංගනයට දායක වූ “හොරු හොඳයි” වේදිකා නාට්‍යයෙන්ද ඔහු අපට හමුවෙයි.

දශක හතරකට ආසන්න කාලයක් පුරා ප්‍රහසන රංගනයේ පටන් ගැඹුරු චරිතාංග රංගනය දක්වාම සිය කුසලතා පළකළ ඔහු ආනන්ද අතුකෝරාල නම් දක්ෂ රංගන ශිල්පියාය.

ඔබේ රංගන දිවියේ ආරම්භය සිහිපත් කරමින්ම මේ කතාබහ අරඹමු

මගේ ගම් පළාත හොරණ. මුලින්ම නාත්තන්ඩිය දම්මිස්සර විදුහලින් අධ්‍යාපනය ලබලා ඉන් පස්සේ මාදම්පේ මධ්‍ය මහා විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. පාසල් වේදිකාවෙන් තමයි රංගනයට අත්‍පොත් තැබුවේ. ඒ වගේම ගමේ විවිධ ප්‍රසංගවල රඟපෑවා. ගීත ගායනා කළා. පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සෙත් රංගනයට ඇති ඇල්ම ඒ ආකාරයටම පැවතුණා. ඔය කා‍ලේ පුවත්පත්වල නවක නළු නිළියන් ඉල්ලලා දාන දැන්වීම්වලට ඉල්ලුම් කළා.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් ඔහුගේ නවතම නිර්මාණයට නළු නිළියන් අවශ්‍ය බව දන්වලා පුවත්පතක පළකර තිබූ දැන්වීමක් අනුව ඉල්ලුම් කරලා ඒ මහතාගේ “සොක්කානෝ රජානෝ” නාට්‍යයේ සුළු චරිතයකට එක්වන්න අවස්ථාව හිමිවීම තමයි මේ ක්ෂේත්‍රයේ දොරටු විවර වූ අවස්ථාව වුණේ. ඒ අසූව දශකයේ මුල් භාගයේදී. ඉන් පසුව දිගටම එම නාට්‍යයේ රැඳී සිටියා. පසු කාලෙක එහි ප්‍රධාන නළුවා ඉවත්වීමෙන් පසුව ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා.  ඔය අතර දිගින් දිගටම වේදිකා නාට්‍ය සඳහා අවස්ථා ලැබුණා.

වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් එකතු වූ ආකාරයත් කතා කරමු?

ටෙලි නාට්‍යවලට එකතු වූයේත් අසූව දශකයේදීම තමයි. ඒ ධම්ම ජාගොඩ මහතාගේ මිහිකතගේ දරුවෝ” ටෙලි නාට්‍යයෙන් ඉන්පසු දිගටම වේදිකා සහ ටෙලි නාට්‍යවල රැඳී සිටියා. “ජැක් ඇන්ඩ් ජිල්” සිනමා පටයෙන් තමයි සිනමාවට එකතු වුණේ.

දශක හතරකට ආසන්න කාලයක් කලාවේ රැඳී සිටි ඔබ රංගනයේදී තෝරාගැනීම් සිදු කරනවාද ? නැතිනම් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන නළුවෙක්ද?

සිනමාව සහ වේදිකාව තුළ තෝරාගැනීම් කරනවා. ඒත් ටෙලිනාට්‍යය තුළ නම් තෝරාගැනීම් කරන්නේ නැහැ.

ඊට හේතුව ?

කලා නිර්මාණ කෙරෙන්නේ වේදිකාවේ සහ සිනමාවේදී. ඒත් ටෙලි නාට්‍යය ඊට වෙනස් එහි මුල්තැන වාණිජ පරමාර්ථ මත සිදුවන්නේ. ඒක රූපවාහිනී මාධ්‍යයේ ස්වාභාවය. මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ජීවත් වෙන්නේ කලාවෙන් නම් අපේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. ඒ හින්දා ඕනෑම ටෙලි නාට්‍යයක්, ඒ වගේම මොකක් හෝ රූපවාහිනී වැඩසටහනක්, රියැලිටි වැඩසටහනක් වුණත් භාරගන්නවා. ඒ ආර්ථිකය ගැන හිතලා. ඒත් වේදිකාව සහ සිනමාව තුළ නම් නිර්මාණයකට දායක වන්නේ මුදලට වඩා කලාව ගැන හිතලා. එහිදී නම් තෝරාගැනීම් කරනවා.

කලාවෙන්ම ජීවන පැවැත්ම සකසා ගනිද්දී ගැටලු මතුවන්නේ නැද්ද ?

ඇයි නැත්තේ, මාසෙකට ලැබෙන මුදල මෙච්චරයි කියල මමවත් දන්නේ නැහැ. මගේ බිරිඳ නිශානි නෙල්කා අතුකෝරාලගෙන් ලැබෙන සහය හින්දම තමයි මම මේ විදියට මගෙ පැවැත්ම සකසාගෙන ඉන්නේ. ඇය මුල් කාලයේ කරාබු දෙක උගස් තියලා පවා මගේ නාට්‍ය කරන්න මුදල් දීල තියෙනවා. ලැබෙන මුදල අනුව ජීවන පැවැත්ම සකසාගන්න හින්ද ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවනි.

ආනන්දගේ එකම දියණිය රංගනය තුළින් ඉදිරියට යවන්න කැමති නැද්ද ?

මගේ දුව ඉෂාරා අතුකෝරාලට වයස 22 යි. දුව උසස්පෙළ අවසන් කරලා ඉන්නේ. ඇය “ආත්මා” ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒත් දුවව පූර්ණ කාලීනව රංගනයට එවන්න නම් කැමති නෑ. එයා ගෑනු ළමයෙක්නේ.

ඇයි ගෑනු ළමයෙකුට මේ ක්‍ෂේ්ත්‍රය සුදුසු නැද්ද ?

කලා ක්‍ෂේත්‍රය ඉතා උත්තරීතර ක්‍ෂේ්ත්‍රයක්. ඒත් ඒ ක්‍ෂේ්ත්‍රයේ විවිධාකාර අය ඉන්නවා. ඒ අතර ඉන්න සමහරු හින්දා තමයි ක්‍ෂේත්‍රයේ නම කැතවෙන්නේ. ඒ හින්දා ගෑනු ළමයෙක් මේ ක්‍ෂේත්‍රයට එවද්දී ටිකක් හිතන්න වෙනවා.

ආනන්ද දශක හතරකට ආසන්න කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳිල ඉඳලත් ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා. ඒත් අද ගීත රූප රචනාවක් දෙකක් රඟපාලත් ලක්ෂ ගණන් හම්බකරන අය ඉන්නවා ?

කෙටි කලකින් ජනප්‍රිය වන අය, ඉතා හදිසි ගමන් යන අය, ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා යන අය අරගෙන බැලුවොත් ඒ අතරින් බහුතරයක් ටීවී එක මුල් කරගෙන ආව අය. ඒ අය එක්කෝ ටෙලි නාට්‍යයකින් එහෙම නැතිනම් කවර හෝ ටීවී වැඩ සටහනකින් තමයි ඇවිත් ඉන්නේ. ඒත් සිනමාව හෝ වේදිකාව ඊට වෙනස්. වේදිකාව කියන්නේ හොඳ රංගන පාසලක්. අපේ රටේ කලාව හදාරන්න තැනක් නැහැ. වේදිකාව ඊට හොඳ තෝතැන්නක්. කලා ක්‍ෂේත්‍රයේ රැඳී හිදින කලාකරුවන් අතරින් සියයට අනූවක්ම වේදිකාවෙන් පැමිණි අය. ඒ අය අතර එක රැයින් ජනප්‍රිය වූ චරිත නැති තරම්. ඔබ කී ආකාරයේ අය බහුතරයක්ම ඇතිවී නැතිවී යන අය. මම එතැන නැහැ. ඒත් මම තවමත් කේෂ්ත්‍රය තුළ රැඳී සිටින එක ගැන මට සතුටුයි .

එක රැයින් ජනප්‍රිය වන අයට පවතින්න බැරිද?

පැවැත්මට අවශ්‍ය  ප්‍රධාන සුදුසුකමක් තමයි කැපවීම. සාමූහික බව.. වේදිකාවෙන් පියවරින් පියවර එද්දී ඒ පුහුණුව අපට ලැබුණා.  ලැබෙන මුදල සහ පරිබාහිර දේට වඩා අප හිතන්නේ නිර්මාණය ගැන. ඒත් එක රැයින් අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණම එහෙම නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ඒ ලැබූ ජනප්‍රියත්වය පවත්තවා ගන්න. එහෙම වුණාම සමහර වෙලාවට තමන්ගේ ජනප්‍රියත්වය කළමනාකරණය කරගන්නත් අමාරු වෙනවා. පැවැත්ම නැතිවී යන්නට ඒ හේතු බලපානවා.


ආරියවංශ කුලතිලක

සුරාජ් මාපා කිව්වාම ඔබ ගැන මේ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ විවිධ චිත්ත රූප මවා ගන්නවා. ඒත් ඔබ සතුට හා දුක කියන වචන දෙක කෙටියෙන් විස්තර කරන්නේ කොහොමද කියලා ඔවුන්ට හිතාගන්න බැරි වෙයි. ඒ නිසා මුලින්ම ඒ ගැන ඔබේ අදහස කිව්වොත්. 
සතුට කියන්නේ නිදහසට. දුක කියන්නේ නිදහසට සීමාවක් එකතුවීම තුළින් දැනෙන කනගාටු දායක හැඟීම්වලට. 
 
හරි........ දශක එක හමාරක ඔබේ කලා ජීවිතය තුළ ඔබ අත් විඳපු ලොකුම සතුට යළි මතක් කරන්න කීවොත්? 
මම ජනප්‍රිය නළුවා විදියට සම්මාන ලබලා තියෙනවා.කුසලතා සම්මාන ලබලා තියෙනවා. හොඳම නළුවා විදියට  නිර්දේශ වෙලත් තියෙනවා. ඒ හැම අවස්ථාවකම මට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ අතරින් වැඩිම සතුටක් ඇති වුණේ හොඳම නළුවාට නිර්දේශ වූ අවස්ථාවේ හා කුසලතා සම්මාන ලැබූ අවස්ථාවේ. ඊට හේතුව ඒ ඇගයීම් මගේ රංගන කුසලතාවය වෙනුවෙන් ලැබුණු ඇගයීම් නිසා. 
 
කලා ජීවිතය තුළ ඔබ විඳපු ලොකුම දුක මතකද? 
පිටින් බලන අයට හරි සුන්දරයි කියලා හිතුනට කලා ලෝකය පුරාම තියෙන්නේ දුක තමයි. එකට ඉන්න අයගෙන් ලැබෙන කැපිලි කෙටිලි, ලැබිය යුතු අවස්ථා අහිමිවීම්...... ඔය අතර සමහර නාලිකා අපිව රවටන අවස්ථා...... ඔන්න ඔය වගේ දේවල් අනන්තවත් මගේ ජීවිතය තුළ සිදුවෙලා තියෙනවා. 
 
රූපවාහිනී නාලිකාවලින් ඔබ රැවටීමට ලක් වුණේ මොන විදියටද? 
නාලිකා කිහිපයක් රියැලිටි වැඩසටහන්් කියා මා රැවටීමට ලක්කළ අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒත් ඒක ඒ නාලිකාවේ වරද ‍නෙවෙයි. ඒ තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ වැරදියි. 
 
ඒ කියන්නේ කලා ජීවිතයේදී සුරාජ් ලොකුම දුක වින්දේ රූපවාහිනී නාලිකාවල සිටින විවිධ පුද්ගලයන් නිසා? 
ඒ, එක පැත්තක් විතරයි. මම තවත් දුක හිතුණු සිදුවීමක් කියන්නම්. එක්තරා චිත්‍රපටයකට මට ආරාධනාවක් ලැබුණා. එහි ප්‍රධාන චරිතය මගේ නර්තන හැකියාවන් මතු කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒත් දින ප්‍රශ්නයක් හින්දා මට ඒ ආරාධනාව භාරගන්න බැරිව ගියා. ඒ නිසා මට ලැබුණු චරිතය වෙනත් නළුවකු රඟපෑවා. ඒ අවස්ථාව අහිමිවීම මට ලොකු දුකක් ඇති කළා. 
 
පෞද්ගලික ජිවිතේ ඔබ අත් විඳපු ලොකුම දුක මොකක්ද?
2016 ජූලි 13 තාත්තාගේ අභාවය සිදු වූ දවස.
 
දුක ගැන කතා කළා දැන් ඇති. දැන් අපි කතා කරමු පෞද්ගලික ජීවිතේ අත් විඳපු ලොකුම සතුට ගැන? 
ආදරේ අරගෙන කාලෙන් කාලෙට අපේ ජීවිතවලට ළං වෙන අය ඉන්නවා. ඔය අතරේ මට හැම අතින්ම ගැළපෙන කෙනෙක් මගේ ජීවිතේට ළං වුණා. ඒ මම හොයපු කෙනා. ඒ අවස්ථාව තමයි ජීවිතේ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව? 
 
ඔබට ආදරය සතුටක්ද දුකක්ද? 
ආදරය කියන්නේ දුක තුළින් විඳින සතුටක්. 
 
ආදරය හින්දා ඔබ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මොකක්ද? 
පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම සතුට මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි මේ ප්‍රශ්නෙටත් දෙන්න වෙන්නේ. 
 
ආදරය හින්දා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව මතකද? 
දෙපාර්ශ්වයේ අය විසින් ඔය කිව්ව කෙනා මගෙන් දුරස් කිරීම. 
 
වැඩියෙන්ම ආදරේ කරපු කෙනා අහිමි වීමෙන් දැනුණු දුක තවමත් සුරාජ් විඳිනවාද?
අහිමි වුණේ නැහැ. ඒත් ඈතයි. අපි දැනට ඔය ගැන වැඩිපුර කතා නොකර ඉමු. මොකද කියනවා නම් අපේ පෞද්ගලික දේවල් මාධ්‍යයට කිව්වාම සමහර වබේ අඩවි ඒවාට විවිධ අයුරින් විවිධ අර්ථකථන දීලා පළ කරනවා. ඒක ඔය හැමදේටම වඩා දුකක්. 
 
ආරියවංශ කුලතිලක

මේ සතියේ “රිද්ම” කවරය සරසන අක්කයි නංගියි දෙන්නම මේ රටේ සංගීත ක්‍ෂේත්‍රය තුළ වෙනස්ම ආරක අනන්‍යතාවයන් ගොඩනගා ගත්තු දෙන්නෙක්. නංගි උමාරියා නම් මේ වනවිට නිරතුරුව සංගීත ක්‍ෂේත්‍රයේ හමුවන චරිතයක්. ඒත් උමාරා අවුරුදු ගණනක් රටින් පිටවෙලා හිටියේ. ඔන්න දැන් උමාරත් ලංකාවට ඇවිත්. පහුගියදා උමාරා තමන්ගේ Music School එකේ කලඑළි දැක්වීමේ උත්සවයත් මහ ඉහළින් පැවැත්වූවා. උමාරයි උමාරියි දැන් සූදානම් වන්නේ සංගීත ක්‍ෂේත්‍රය තුළ විශාල වෙනසක් කරන්නයි.
 
මුලින්ම අපි උමාරාගේ සංගීත පාසල ගැන කතා කරමු?
මේක ආරම්භ කරලා දැන් ටික දවසක් වෙනවා. ඒත් එය ලෝන්ච් කරන්න ටිකක් පමා වුණා. මේ වනවිට සිසු සිසුවියන් 100ක් විතර මගෙන් ඉගෙන ගන්නවා. වයස් භේදයක් නැහැ. මගේ පන්තියේ ඉන්න ළාබාලම කෙනාගේ වයස අවුරුදු 3යි. වැඩිහිටිම සිසුවියට වයස අවුරුදු 60යි. වයස 60 සිසුවිය සංගීතයට දක්ෂතා දැක්වුවත් විවාහ වෙලා දරුවන් ලැබූ පසු කාර්ය බහුලත්වයත් එක්ක සංගීතයෙන් ඈත්වූ කෙනෙක්. ඒත් අද සියලු වගකීම්වලින් නිදහස් වෙලා නිදහස් ජීවිතයක් ගෙවන ඇය සංගීතයට යොමු වෙලා. ඇය තරුණ ළමයින්ටත් වඩා දක්ෂයි.
 
උමාරා ලංකාවෙන් ඈත්වෙලා ඉන්න කා‍ලේ උමාරියා ක්‍ෂේත්‍රයේ දුර ගියා. ඇය ජනප්‍රිය තරුවක් වුණා වගේම අමරදේවයන් වැනි විශිෂ්ටයන් සමග යුග ගී ගයන්නත් භාග්‍යය උදාකරගත්තා?
නංගිගේ දක්ෂතා ගැන, ජයග්‍රහණයන්  ගැන වැඩියෙන්ම සතුටු වෙන අය අතර මමත් ඉන්නවා. චිත්‍රාල් සෝමපාල වගේම ඉන්දියානු ජාතික සංකර් මහදේවන් වැනි අය සමග යුග ගී ගයන්න මටත් අවස්ථාව ලැබුණා. ඒත් ඒ හැම දේම අතෑරල වසර 6ක් පුරා මම ජෑස් සංගීතය හැදෑරුවා.
 
පවු‍ලේ අය අතරින් සංගීතයට යොමුවුණේ උමාරයි උමාරියි විතරක්ද?
අපේ පවු‍ලේ හැමෝම සංගීතයට දක්ෂයි. තාත්තා ඉන්දුනීසියානු ජාතිකයෙක්. අම්මා සිංහල. ලොකු අයියා හර්තෝනෝ ගායනයට දක්ෂතා දැක්වූවත් වෙනත් ක්‍ෂේත්‍රයක රැකියාව කරනවා. ‍පොඩි අයියා සුභන්ද්‍රිගේ සිංහවංශ විදෙස් රටවල පැවැති ජාත්‍යන්තර සංගීත තරග තුනකින්ම ජය ලැබූ කෙනෙක්. ‍පොඩි අයියා ලංකාවට ගෙන්නලා සිංහල ගීතයක් ගායනා කරවන්නයි නංගියි මමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. මම හිතන්නේ ‍පොඩි අයියගේ හඬ සිංහල සංගීතය තුළ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් සුවිශේෂී කටහඬක්. ඒත් එයා ලංකාවට ඇවිත් ගී ගයන්න දක්වන මැලිකම තමයි ප්‍රශ්නේ. 
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - මංජුල පෙරේරා

මේ කියන්න යන දේ ප‍්‍රසිද්ධියේ කියන එකත් ඒ තරම් හරි නැති දෙයක් කියා ඔබට කියන්න පුළුවන්.මේක කියවන කාන්තාවන් පුංචි ලැජ්ඡාවකට පත්වෙන්නත් පුළුවන් .වැඩි දෙනෙක් ප‍්‍රසිද්ධියේ නොකිව්වත්,‍ ‍මේක පෞද්ගලිකව කතා බහ කරන දෙයක්. ඒ තමයි හදිසි අවස්ථාවක දී කාන්තාවන්ටත් පිරිමින් හා සමාන ඉරියව්වකින් සිටගෙන මුත‍්‍රා කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියන එක. කාන්තාවන් විශේෂයෙන් මේ ගැටලූවට මුහුණ දෙන්නේ දුරබැහැර විනෝද චාරිකා වැනි ගමන් බිමන්වලදී. මේක ගැටලූවක් විදියට ලෝකයේ හැම තැනම කතා වෙන නිසා එයට කදිම විසඳුමකුත් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ විසඳුම තමයි Mate Standing Pee Device නමින් හඳුන්වන්නේ. මේක කුඩා සරල උපකරණයක්. මෙහි උදව්වෙන්  ඕනෑම කාන්තාවකට පිරිමින් හා සමානව අපහසුවකින් තොරව සිටගෙන මුත‍්‍රා කිරීමේ හැකියාව ලබා දෙනවා. ඔබ කුමන ඇඳුමක් ඇඳගෙන සිටියත්, කිසිදු ගැටළුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව මේ උපකරණයෙන් ලබා දෙනවා.

නියම ආකාරයෙන් ස්ථාන ගත කළාට පසුව කිසිදු කාන්දුවකින් හෝ ශරිරයට බලපෑමකින් තොරව ඒ කාර්යය කරගන්නට පුළුවන්. එය කුඩා නිසා අපහසුවෙකින් තොරව බෑගයේ දමාගෙන යන්නටත් පුළුවන්. ඇමරිකානු ඩොලර් 5.95 (රු. 906.00ක්) වන මෙය ඇතුළු අන්තර්ජාලයේ ඇති බොහෝ කඩ සාප්පුවලින් මිලට ගන්නට පුළුවන්. ඇතැම් විට මිල ගණන්වල සුළු වෙනස්කම් තියෙන්නට පුළුවන්.

නමුත් නගරයෙන් දුර බැහැර විනෝද ගමනක් යන ඔබට කුමන ඇඳුමක් ඇඳ සිටියත් කාන්තාවන්ට අපහසු කාර්යයක් පිරිමින් වගේ බොහොම පහසුවෙන් කරගන්නට මේ පුංචි උපකරණයෙන් ලොකු සහයක් ලැබෙනවාට සැක නැහැ.

ප්‍රතිභා රත්නසුරිය

තම පුතු එල්ලා මරාදමනවාට කැමති මවක මේ මිනිස් ලෝකයේම නැතැ'යි ඔබ සිතනු ඇති. එහෙත් 17 වියති පාසල් දැරියක කෙලෙසා ඝාතනය කරන ලද පාපතරයකුගේ මවක තම පුතු එල්ලා මරාදමනවාට   අකමැත්ක් නොමැති බවත් තමන් එවන්නකුගේ මවක වීම පිළිබඳව සමාව අයදින බවත් සදහන් කරමින් කළ ලිඛිත ප්‍රකාශයක් එම දැරියගේ අවසන් කටයුතු කරන අවස්ථාවේ කියවිමට සැලැස්වු අසාමාන්‍ය පුවතක් සාලිය අශෝකපුර ප්‍රදේශයෙන් වාර්තාවේ.

එම ලිපිය මෙසේය,
හෙට දිනයේ ලොවක් දිනන්නට වෙරදැරූ ආදරණීය දියණියනි. ඔබගේ පරලොව ජීවිතයට ඔබ වෙනුවෙන් මා කරනා කුසලයන් අනුමෝදන් වෙත්වා.
මෙහි රැස්ව සිටින ලොකු කුඩා සෑම දෙනකුගේ ඇස්වලින් වැටෙන සෑම කඳුළු බිඳුවකටම පාපතර පුතෙක් බිහි කළ පවට මා සමාව අයැද සිටිමි. තවද මේ සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවට ඔබ සියලුදෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි.”
ඒ රූපවාහිනිය නරඹමින් සිටියදී තම නිවස තුළදීම අසල්වැසි පාපතරයෙකුගේ ග්‍රහණයට ලක්ව අකාලයේ මියගිය ගිරිබාව මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිට සාලිය අසෝකපුර සන්ධ්‍යා මධුෂානි (17) පාසල් දැරියගේ අවසන් කටයුතු සිදුවු අවස්ථාවේය.ඇගේ අවසන් කටයුතු ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා දහස් ගණනක පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 26 වනදා සාලිය අසෝකපුර ‍පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
සන්ධ්‍යා මධුෂානිගේ අවසන් කටයුතු සිදුකරන මොහොතේ ගිරිබාව හා තදාසන්න ප්‍රදේශයන්හි සියලු වෙළෙඳ ව්‍යාපාර වසා දමා තිබුණි. අති විශාල ජනකායක් මෙම අවමඟුලට සහභාගි වී සිටි අතර කලබලකාරී තත්ත්වයක් ඇතිවේ යැයි යන සැකය මත විශේෂ ‍පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබිණි. දේහය සුසාන භූමිය කරා රැගෙන ගියේ ගිරිබාව මහා විද්‍යාලයේ තූර්යවාදක මණ්ඩලය පෙරටුකොට ගෙන සිසුන්ගේ සහභාගිත්වයෙනි.
ගිරිබාව ශාසනාරක්ෂක මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී පූජ්‍ය වක්කුණුවල සරණංකර හිමියන් ආගමික කටයුතු ආරම්භ කරමින් මෙසේ පැවසූහ.“උදේ බුදුන් වඳිමින් නිරන්තරයෙන් පන්සල හා සම්බන්ධව කටයුතු කරමින් ආගම දහමට ඉතාමත් ලැදිව සිටි මේ දියණියගේ හදිසි වියෝගය ගැන බුද්ධ චීවරය දරා සිටියත් දුක වේදනාව ඉවසාගන්න අමාරුයි. ඇය ගැන ඇයගේ ගතිගුණ ගැන මා දන්නා ඉතාමත් යහපත් දේ පිළිබඳව වචන රාශියක් ගොනු කරන්න පුළුවන්. ඒ තරමට මේ දියණිය නිහතමානියි. නමුත් සිදුනොවිය යුත්තක් දැන් වෙලා ඉවරයි. අපට ඉතිරිව ඇත්තේ ඇය වෙනුවෙන් පින් පමුණුවීම පමණයි.” යනුවෙන් පවසා සිටියහ.
පූජ්‍ය රාජාංගනයේ රතනවංශ  හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ කීහ.“අසීමිත ආශාවන්ගෙන් වැඩි වුණ ලෝකයක අද ජීවත්වන අපට ජීවිත ආරක්ෂාව සපයා ගන්නේ කෙසේද කියලා මේ දියණියගේ අභාවයත් සමග බොහෝ දුරට සිතන්න ඕන කාලය එළඹිලා තියෙනවා. මේ දියණියගේ අවාසනාවන්ත මරණය සිදුවෙලා දින දෙකක් යාමටත් පෙර රක්වාන ප්‍රදේශයේත් මෙවැනිම දියණියකට වූ ඉරණම ඇසුවම මේ බෞද්ධ රටේ මේ තරම් අපරාධ සිදුවීම ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීම් ලෙසයි සංඝරත්නය දකින්නේ. මේ තරම් බණ කියන බණ අහන රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ. එවැනි රටක මේ වගේ අපරාධ වෙන්නේ ඇයි කියන එක අද විශාල ප්‍රශ්නයක්.
මිනිසකු ලෙස උපත ලැබුවත් තිරිසන් ගති ඇති අධමයන් ලෙස අප අතර ඉන්නේ මුග්ධයින් බව මේ දියණියගේ මරණය නැවත වතාවක් ඔප්පු කළා. මේ ප්‍රදේශය විවිධ අපචාරයන් සිදුවන ප්‍රදේශයක් බවට පත්වෙලා. අපිත් අද නොදැනුවත්වම ඒ අපචාර අපරාධවලට හවුල් වෙලා. වැරදි කරන, සමාජයට හානි කරන පුද්ගලයන් නීතියෙන් බේරාගන්නට තම තමන් කොතරම් දායක වෙලාද කියලා තමන්ගේම හිතෙන් ඇහැව්වා නම් පිළිතුර තමන් ළඟම තියෙනවා. එහෙම නම් මේ මියගිය ආදරණීය දියණියගේ දේහය ඉදිරිපිට තම පපුවට අත තියලා 'සපථ වෙන්න' මින් ඉදිරියට මේ ප්‍රදේශයේ සිදුවන අපචාර සමාජ විරෝධී දූෂණ පිළිබඳ දැනගත් වහාම තත්පරයක් ගතවෙන්න කලින් නීතිය, ‍පොලීසිය දැනුවත් කරන බවට. ඒ ‍පොරොන්දුව සන්ධ්‍යා  මධුෂානි දියණියගේ නාමයට කරන ගෞරවයක් හා විශාල පින්කමක්”.

චන්ද්‍රරත්න ඉලංගකෝන් - ගල්ගමුව

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2216

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3212

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3483

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1412

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3361

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2470

Please publish modules in offcanvas position.