Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ සංගීතවේදියා විදිහටයි ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් වඩාත් ප්‍රකටව සිටින්නේ. එපමණක් නොවෙයි ඔහු සංගීත ගුරුවරයකු මෙන්ම තමාගේම ගීත රැසකට හිමිකම් කියන සම්මානනීය ගායන ශිල්පියෙක්. 85 හැවිරිදි මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා මේ වන විට පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොවෙයි. හදිසි අනතුරකට ලක්ව තදබල ලෙස රෝගාතුර වූ අයිවෝ ඩෙනිස් මහතාගේ අලුත්ම තතු මෙලෙස 'රිද්මට' පැවසුවේ ඔහුගේ පුත් තුසිත පින්සිරි පැස්කුවල්. 
 
අයිවෝ ඩෙනිස් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට හොඳ අතට හැරිලාද තියෙන්නේ? 
මේ වන විට තාත්තා කොළඹ ජාතික රෝහ‍ලේ ගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. ඔහුගේ රෝගී තත්ත්වය තවමත් හොඳටම සුව අතට හැරිලා කියලා කියන්න බැහැ. තාත්තාගේ ශරීරයේ දුර්වලකම තවමත් එහෙමම තියනවා. ආහාර විදිහට දෙන්නෙත් දියරමය දේවල් විතරමයි. සංඥාවලින් පිළිතුරු දෙනවා මිස පැහැදිලිව කතා බහ කරන්න පුළුවන් විදිහේ වර්ධනයක් නම් තවම නැහැ. 
 
අවුරුදු 85ක් වැනි වයසක පසු වුණත් රෝගාතුර වෙන්න කලිනුත් ඔහු කලා කටයුතුවලට සහභාගි වුණා නේද? 
ඔව්. හදිසි අනතුරකට ලක්වෙලා බරපතළ විදිහට අසනීප වෙන්න මාස දෙකකට විතර කලින් තමයි තාත්තා අවසන් වරට ප්‍රසංගයකට සහභාගි වුණේ. ඒ බණ්ඩාර ඇහැලියගොඩ මහතා වෙනුවෙන් පැවැත්වූ ප්‍රසංගයක්. එදා තාත්තාගේ ගීත රස විඳපු ප්‍රේක්ෂකයන් හුඟක් සතුටු වුණා. බොහෝ අය තාත්තාව එදා අගය කළා. 
 
කොහොමද ඔහු හදිසියේ මේ විදිහට රෝගාතුර වුණේ? 
ඒ වෙනකොටත් තාත්තා අසනීපයෙනුයි හිටියේ. ශරීරයේ සමතුලිත බව පිළිබඳ ප්‍රශ්නයක් ඔහුට තිබුණා. ඒ නිසා අපි හැමවෙලාවේම ඔහු ගැන විමසිල්ලෙනුයි හිටියේ. ඒත් අපි කවුරුත් නින්දට ගිහින් හිටපු වෙලාවක සිදුවුණු වැටීමකින් තාත්තාගේ මොළය ඇතුළේ ‍ලේ ගැලීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනතුරෙන් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා රෝහල් ගත කරපු අවස්ථාවේ ඉඳන් මේ වෙනතුරුම ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. 
 
දිගටම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබන්නට සිදුවීම අයිවෝ ඩෙනිස් මහතාගේ පවු‍ලේ අයට මූල්‍යමය වශයෙනුත් විශාල බරක් වෙන්න ඇති නේද? 
ඔව්. තාත්තා මුලින්ම කොළඹ නවලෝක රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ නැවතිලයි ප්‍රතිකාර ලබා ගත්තේ. එතැනින් ජාතික රෝහලට මාරු වෙද්දී අපට රුපියල් ලක්ෂ 25ක බිලක් ගෙවන්න තිබුණා. තාත්තා වෙනුවෙන් නවලෝක රෝහල ඒ බිල ලක්ෂ 19ක් දක්වා අඩු කළා. නමුත් ඒ මුදලත් අපට ණය වෙලා තමයි ගෙවන්න සිද්ධ වුණේ. 
 
ඒ වේලාවේ මූල්‍යමය වශයෙන් උදවු උපකාර කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද? 
කාදිනල් තුමා සහ වෛද්‍ය රුවන් ඒකනායක අපට මුදලින් ආධාර කළා. මහාචාර්ය කාලෝ ෆෙන්සේකා හුඟාක් උදවු උපකාර කළා. දැනුම්දීමක් නොකර බැංකු ගිණුමට මුදල් දාපු අයත් හිටියා. ඒත් ලොකු මුදලක් නම් එකතුවෙලා තිබුණේ නැහැ. ජනාධිපති අරමුදලින් මූල්‍යමය ආධාරයක් කරාවි කියන බලා‍පොරොත්තුවෙන් තමයි අපි දැන් ඉන්නේ. 
 
රෝහල් ගත කළාට පස්සේ කලා ක්‍ෂේත්‍රයේ අය ආවාද අයිවෝ ඩෙනිස් මහතාගේ දුක සැප විමසන්න? 
හිතූ තරම් කලාකරුවෝ පිරිසක් තාත්තා බලන්න ආවේ නැහැ. ඒ ගැන හිතේ කනගාටුවක් තියනවා. හැබැයි අපි තවමත් බලා‍පොරොත්තු තබාගෙනයි ඉන්නේ කලාකරුවෝ තාත්තා වෙනුවෙන් යම් උපකාරයක් කරාවි කියලා. 
අයිවෝ ඩෙනිස් මහතා වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට කැමති අයකු වේ නම් ඒ සඳහා 0776792630 යන දුරකථන අංකයෙන් තොරතුරු විමසිය හැකිය. 
 
කිෂාන් කනංකෙ 

තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය අවස්ථාවක ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කර තිබේ.

එහි ගිය ‍පොලිස් නිලධාරීන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් තිබෙන බව පවසා ඇත.

එම අපේක්ෂකයා ඉහත සඳහන් ඉල්ලීම කොට ඇත්තේ එම අවස්ථාවේ දීය.

රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව්  උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා ‍පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී  මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.

ඊට අමතරව අපේක්ෂකයන් කුලී කරුවන් යොදවා කසිප්පු පෙරන අවස්ථා ඇති බවද ඔවුහු කීහ.

ආධාරකරුවන්ට පානය කිරීම සඳහා රජයේ මත්පැන් ලබාදීම සඳහා  අධික මිලක් වැය වන බැවින් විවිධ අපේක්ෂකයන් කුලීකරුවන් යොදාගෙන තම මැතිවරණ කාර්යාල ආසන්නයේ නීති විරෝධී මත්පැන් පෙරා ගැනීම සිදුකරන බවද ‍පොලිස් නිලධාරීහු පැවැසූහ.

එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලව‍ා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

 

 

 

පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස සිදුවන ගැබ්ගැනීම් වැලැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන ඖෂධ වර්ගයක ඇසුරුම්  විශාල ප‍්‍රමාණයක් ඊයේ (15)හමුවී තිබේ.
අනුරාධපුර නගරාසන්නයේ පිහිටි එම විද්‍යාලයේ නව වසරේ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර මීට දිනකිහිපයකට ඉහත දී පැවැති ශ‍්‍රමදාන කටයුත්තකදී පන්ති කාමරයකින් වීසිකරනු ලැබූ බවට සැකකරන කුඩා පාර්සලයක් ඇයට හමුවී ඇත.

ඇය එම පාර්සලය පිළිබඳව සැකසිතී පරීක්ෂාවට ලක්කරද්දී එය භාවිතා කළ ඖෂධ වර්ගයක ආරක්ෂිත ඇසුරුම් කවර බව හඳුනාගෙන තිබේ.

එම ඖෂධය හමු වූ මව එය අහඹු ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා යොදාගන්නා බව නොදැන  වෙනත් රෝගයකට හෝ සිසුන්ට මත් ගතිය ඇතිවීමට භාවිත කරන ඖෂධ යැයි සිතා ශ‍්‍රමදානයට සහභාගීව සිටි තවත් තරුණ මවකට පෙන්වා තිබේ.

 ඒ අවස්ථාවේ එම ඖෂධය අහඹු ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා අඹු සැමි ඇසුරකින් පසු එක්වරක් පමණක් භාවිතා කරන ඖෂධ වර්ගයක් බව එම මව  හඳුනාගෙන තිබේ. පසුව එම සිද්ධිය ශ‍්‍රමදානයට පැමිණි බොහෝ පිරිසකගේ කණවැකී ඇති අතර පාසලක් තුළට එවැනි ඖෂධයක් පැමිණියේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව  ශ‍්‍රමදානය සඳහා සහභාගි වූ දෙමාපියන් තුළ දැඩි සැකයක් මතුවී තිබේ.

ඊට හේතුව පාසලක් වැනි ස්ථානයක අඹුසැමි හැසිරීම් වල යෙදෙන්නේ කවුරුන්ද? එවැනි  හැසිරීම් වල යෙදීමෙන් පසු අහඹු ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා මේවා භාවිතා කරන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව කිසිවක් සිතාගත නොහැකි වීමය.

පසුව එම ඇසුරුම් කිහිපයක් තවත් අයෙකුට පෙන්වූ අවස්ථාවේ ඒවා හදිසි ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා අඹුසැමි ඇසුරකින් පසු කාන්තාවන්ට පානය කිරීම සඳහා මීට වසර කිහිපයකට පෙර වෙළෙඳ පොළට හඳුන්වා දුන් පෙති වර්ගයක් බව තහවුරු වී තිබේ.

එමෙන්ම රුපියල් දෙසීයකට ආසන්න මිලකින් යුත් පෙති දෙක බැගින් එම ඇසුරුම් වල බහා තිබූ බව තහවුරු කරගත හැකි වූ අතර ඇසුරුම් වල ඇති පෙති ෆාමසියකින් ඉවතලන ඒවා නොවන බවත් කිසියම් කාන්තාවක් විසින් පාවිච්චි කරන ලද ඒවා බවත් මනාව තහවුරු කරගත හැකිවිය.

ශ‍්‍රාමදාන අවස්ථාවේ හමු වූ කවරයේ භාවිත කළ  ඖෂධ පෙති හතළිහක් පමණ අඩංගුවූ කවර 20ක ප‍්‍රමාණයක් හමු වී ඇත.

 

අනුරාධපුර බුද්ධික - මහේෂ් විජේසූරිය

 

 

 

ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. මේ ඡායාරූප පිටුපස ඇති සත්‍ය කතාව කියන්නයි උදාරි පෙරේරා මේ විදියට අද අපිත් එක්ක එකතු වෙන්නේ. 
 
ඔබ හිස මුඩුකරගත් ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. ඇත්තටම ඔබේ ඔය ලස්සන කොණ්ඩය කපා දැමුවාද?
නැහැ, මම ඇත්තටම කොණ්ඩය කපා දැමුවේ නැහැ. පිළිකා රෝගීන් වෙනුවෙන් කරපු ව්‍යාපෘතියක් සඳහායි මම ඔය විදියට පෙනී සිටියේ. ඇත්තටම කොණ්ඩේ තිබුණත් නැතත්, බාහිර ස්වරූපය නිසා දුකින් ඉන්න අවශ්‍ය නැහැ කියලා තමයි අපිට කියන්න වුවමනා වුණේ. “ගියා-ගත්තා” විදියේ ෆොටෝ ෂූට් එකක් නෙමෙයි මේක. ගොඩක් මහන්සි වෙලා කරපු ෆොටෝ ෂූට් එකක්. 
 
මේ වගේ හොඳ වැඩකට ඔබේ පෙනුම වුණත් වෙනස් කරගන්න කොහොමද අදහසක් ආවේ? 
ඉස්සර ඉඳලාම මම පිළිකා රෝගීන් වෙනුවෙන් කරන ව්‍යාපෘති එක්ක එකතු වෙලා වැඩ කරනවා. මගේ මිතුරු මිතුරියන්ගේ සහෝදර සහෝදරියෝ,  ඔවුන්ගේ දෙමවුපියෝ පිළිකා රෝගයට ගොදුරු වෙලා තිබුණා. පිළිකාවක් කියන්නේ හෙම්බිරිස්සාවක් උණක් වගේ නෙමෙයි. මෙවැනි  තත්ත්වයකදී අපි කොහොමද ධනාත්මකව හිතෙන්නේ... සතුටින් ඉන්නේ කොහොමද කියන පණිවුඩය තමයි මා ඇතුළු කණ්ඩායමට සමාජයට දෙන්න ඕන වුණේ. ඒ සඳහා මම හරිම කැමැත්තෙන් ඡායාරූපවලට පෙනී සිටියා. 
 
කොණ්ඩේ ඇත්තටම තට්ටේ ගාපු වේෂ නිරූපණයක් ඔබට ලැබුණට පස්සේ කණ්ණාඩියෙන් එහෙම මුහුණ බැලුවද?
බැලුවා... බැලුවා... ඒ වෙලාවේ දුකක් නමෛයි හිතට ලොකු නිදහසක් දැනුණා. කොණ්ඩෙත් සමහර වෙලාවට අපිට කරදරයිනේ. තැනකට යන්න ගියාම කොහොමද කොණ්ඩය පීරන්නේ කියන එකනේ ගැහැනු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය. නිළියක් වුණොත් මේ ප්‍රශ්නය තවත් වැඩියි.  කොණ්ඩය නැතිව තට්ටේ විතරක් තියෙනවා කණ්ණාඩියෙන් දකින කොට මට නම් හිතට ආවේ ඔය වගේ හැඟීමක්. 
 
තට්ටේ එක්ක ඔබව දැක්කට පස්සේ කට්ටිය මොකද කිව්වේ?
හැමෝම ලස්සනයි කිව්වා. ඒ මදිවට වැළඳගෙන සුබ පැතුවා.
 
බොහෝ විට පිළිකා රෝගීන් කොණ්ඩේ යෑම නිසා ඉක්මනින් කම්පනයට පත්වෙනවා. ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට මේ වගේ ව්‍යාපෘතියක් හරහා ඔබ ඔවුන්ට ලබාදෙන පණිවුඩය කුමක්ද? 
රූපය කියන දේ සදාකාලික නැහැ. ඒක හැමෝටම ‍පොදු දෙයක්. රංගන ශිල්පිනියක් විදියට මටත් ඒ කාරණය ‍පොදුයි. පිළිකාව කියන්නේ අපිට එකපාරටම පාලනය කරන්න බැරි ලෙඩක් වුණත් දැන් ඒ සඳහා ප්‍රතිකාර තිබෙනවා. සමහරු ධනාත්මකව හිතලා තමන්ගේ  ශරීරය සහ මනස කොයිතරම් ලස්සනට තියාගන්නවාද කිව්වොත් පසුකාලීනව ප්‍රතිකාර එක්කම පිළිකාව ශරීරයෙන් ඉවත් වෙලා ගිහින් තියෙනවා. ඒ අයගේ ධනාත්මක චින්තනය නිසයි එහෙම වුණේ. පිළිකා රෝගීන්ට මුළු ලෝකය කඩාගෙන වැටුණා වගේ දැනෙන්න පුළුවන්. ඒත් මිනිස්සුන්ගේ හිත වගේම විශ්ව ශක්තියත් එකතු වුණාම ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මම පිළිකා රෝගීන්ට ආදරෙන් කියනවා ලෙඩේ ගැනම හිතන්නේ නැතිව ධනාත්මකව හිතන්න. ඒ ධනාත්මක චින්තනයට පුළුවන් ඔබව සුවපත් කරන්න කියලා. අපේ හිත ශක්තිමත්ව තබා ගත්තොත් පිළිකාව වුණත් පරාද කරන්න පුළුවන් කියලා කියන්නයි මට වුවමනා වුණේ. ඒත් එක්කම එබඳු රෝගීන්ව දිරිගන්වන්නත් මට වුවමනා වුණා.
 
මේ ව්‍යාපෘතිය සඳහා එකතු වුණ කණ්ඩායම ගැන මතක් කළොත්? 
වේෂ නිරූපණ කටයුතුවලින් අපට සහය දුන්නේ ප්‍රියන්ත දිසානායක. කොණ්ඩ සැකසුම් කළේ හරූන් ෂයිඩීන්. එතකොට අපිට ඡායාරූපවලින් සහෝගය දුන්නේ සන්දේශ් බණ්ඩාර. අපේ සහෝදර හිතවතුන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා තමයි අපි මේ ව්‍යාපෘතිය දියත් කළේ. ඉදිරියටත් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් මගේ සහයෝගය නොමදව ලබා දෙන බව කියන්නම ඕනේ. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - සන්දේශ් බණ්ඩාර

වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා රාත්‍රියේ (ඇමෙරිකාවේ වේලාවෙන් එය ඉරිදා රැය වුවද අපට එය සඳුදා පාන්දරය) දක්නට ලැබිණි. එදින එයට සහභාගි වූ සියලු කලාකරුවන් කලින් කතාකරගත් පරිදි කළු පැහැයෙන් සැරසී පැමිණ සිටියෝය. තවත් විශේෂත්වයක් වූයේ ගෝල්ඩන් ග්ලෝබ් හා ඔස්කාර් සම්මාන උළෙලවල මුල් පෙළෙහි අසුනක් කවදත් ලැබෙන සුපිරි චිත්‍රපට නිෂ්පාදක හාවී වෙයින් ස්ටේන් පෙනෙන්නට නොසිටීමය. මේ කළු පාට ඇඳුම් විරෝධය ඔහු නිසා ඇතිවීම ඊට හේතුවයි. හාවී තම චිත්‍රපටවල රඟපාන්නට එන නිළියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවට නිළියක කළ හෙළිදරව්වකින් පසු ඔහු ගැන මෙන්ම මෙවැනි අකටයුතුකම්වල යෙදෙන තවත් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ගැන බොහෝ තොරතුරු හෙළිවන්නට විය. ඒ සමගම දැඩි විරෝධයක් රැකියා ස්ථාන තුළ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පැන නැගුණු අතර එය ඇමෙරිකාව පුරා කාන්තාවන් මෙන්ම පිරිමින්ද පෙළපාළි යන තත්ත්වයට හැරවිණි. හාවීගේ බිරිය ඔහු හැරගිය අතර වරද පිළිගෙන චිත්‍රපට නිෂ්පාදන කටයුතුවලින් ඉවත්ව පරීක්ෂණයකට මුහුණදෙන්නට හාවී වෙයින්ස්ටේන්ට සිදුව තිබේ.
තම වෘත්තිය තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට විරෝධය පා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආ පිරිස කළු ඇඳුමින් සැරසුණේ ටයිම්ස් අප් යනුවෙන් සිදුකරන විරෝධතා ව්‍යාපාරය සංකේතවත් කරමිනි. සම්මාන ලබාගැනීමට වේදිකාවට ආ සියලු දෙනාම පාහේ ලිංගික අතවරවලට එරෙහිව ඉදිරියට ආ කාන්තාවන් අගය කරමින් කතා කළෝය.
මෙවර උළෙ‍ලේ තවත් විශේෂත්වයක් වූයේ සුප්‍රකට නිවේදිකාවක මෙන්ම නිළියකද වන ඔප්රා වින්ෆේ‍ර් තමාට පිරිනැමුණු කලාකරුවකුට එක්වරක් පමණක් පිරිනැමෙන සිසිල් බි. ඩිමෙල් සම්මානය බාරගනිමින් කළ කතාවය. මෙම සම්මානය ලැබූ පළමු කළු ජාතික නිළියද ඇයය. පසුගිය කාලයේ රටපුරා පැතිරුණු කටකතාවක් ගැන ඉඟිකරමින් ඇයව වේදිකාවට හඳුන්වාදෙන අතරේ සෙත් මෙයර්ස් පවසා සිටියේ ඇමෙරිකාවේ 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වීමට ඉඩ ඇති බවය. තම කතාව කරමින් ඔප්රාද පවසා සිටියේ එය සනාථ වන ආකාරයේ කරුණුය.
දිගුකලක් ඔප්රා වින්ෆේ‍ර් ෂෝ නමින් තම රූපවාහිනී වැඩසටහන ගෙනගිය ඇය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කොට ඇති අතර මේ වනවිට රූපවාහිනී නාලිකා සේවයක හිමිකාරියකි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙ‍ලේදී ඇය කළ කතාව අසා සිටි බොහෝ දෙනෙකු එය ජනපති අපේක්ෂිකාවකගේ කතාවකට සමාන බව පිළිගෙන තිබිණි. 
ඔප්රා මෙහිදී සුදු ජාතිකයන් බහුල සමාජයක් තුළ කළු ජාතිකයන්ට තවමත් විඳින්නට සිදුවන ගැහැට ගැන කතා කරන්නට අමතක නොකළාය. ඇය ප්‍රධාන වශයෙන් සඳහන් කළේ 1944 වසරේදී සුදු ජාතික පිරිමින් හයදෙනෙකු වෙතින් සමූහ දූෂණයට ලක්වූ රෙසී ටේලර් නම් කාන්තාව ගැනය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට දින කිහිපයකට පෙර ඇය මියගියේ තම අනූඅටවැනි උපන් දිනයට දින දහයක් ඉතිරිව තිබියදීය. මෙම සිදුවීමෙහි විශේෂත්වය වූයේ ඇයව දූෂණය කළ පිරිමින් සුදු ජාතිකයන් වීම නිසා ඔවුන්ට අධිකරණයෙන් කිසිදු දඬුවමක් හිමිනොවීමය.වසර ගණනාවකට පසු රෝසා පාක්ස් ඇතුළු කළු ජාතික විමුක්ති සටන්කාමීන් ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු රජය රෙසීට සිදුවූයේ අසාධාරණයක් බව පිළිගෙන සමාව ඉල්ලා සිටියේය. 
කෙසේ වුවද ඔප්රා ජනපතිවරණයට පිවිසෙන බව අසා සිනාසෙමින් ජනපති ට්‍රම්ප් පවසා සිටියේ “ඒක නම් නියමයි. හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. මට පුළුවන් ‍ලේසියෙන්ම ඔප්රාව පරද්දන්න.” යනුවෙනි.
මෙවර සම්මාන උළෙ‍ලේ කැපීපෙනෙන චිත්‍රපටය වූ අතරම හොඳම චිත්‍රපටය ලෙසද සම්මාන ලැබුවේ ත්‍රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසුරි චිත්‍රපටයයි. මාටින් මැක්ඩොනා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ඇතුළත් වන්නේ අඳුරු හාස්‍යය හෙවත් බ්ලැක් කමෙඩි නමින් හැඳින්වෙන චිත්‍රපට ගොන්නටය. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේද එහි රඟපෑ ෆ්රාන්සස් මැක්ඩොමන්ඩ්ය. තම දියණියගේ මිනීමරුවා නීතියේ රැහැනට හසුකරගැනීමට ප්‍රදේශයේ ‍පොලීසිය අසමත්  වූ විට ඒ බව නිවේදනය කරන හා මිනිමරුවා සොයාගැනීමට ජනතාව දැනුවත් කරන දැන්වීම් පුවරු තුනක් තමා ජීවත්වන මිසුරි ප්‍රාන්තයේ එබින් නගරයේ එල්ලා තැබූ කතාව මෙම චිත්‍රපටයට ඇතුළත් වේ. හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනාගත්තේද මෙම චිත්‍රපටයේ රඟපෑ සෑම් රොක්වෙල් වන අතර හොඳම තිර රචනය සඳහා සම්මානයද එයට හිමිවිය.
හොඳම සංගීතමය හෝ විකට චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‍ලේඩි බර්ඩ් චිත්‍රපටයයි. එහි රඟපෑ සැයොරස් රොනැන් සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නිළිය විය. ඩාකස්ට් අවර් චිත්‍රපටයේ රඟපෑ ගැරී ඕල්ඩ්මන් හොඳම නළුවා ලෙස සම්මානය දිනාගත් අතර සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නළුවා වූයේද ඩිසා ස්ටර් ආටිස්ට් චිත්‍රපටයේ රඟපෑ ජේම්ස් ෆ්රැන්කෝය. හොඳම සහය නිළිය ලෙස අයි ටොන්යා චිත්‍රපටයේ රඟපෑ ඇලිසන් ජෙනී සම්මාන දිනාගත් අතර ද ෂේප් ඔෆ් වෝටර් අධ්‍යක්ෂණය කළ ගුග්ලිඑල්මෝ ඩෙල් ටෝරෝ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන ලැබුවේය. හොඳම සංගීතය සඳහා සම්මානය ලැබුවේද මෙම චිත්‍රපටයයි. ද ග්‍රේටස්ට් ෂෝමන් චිත්‍රපටයේ එන දිස් ඉස් මී හොඳම ගීතය වූ අතර විදෙස් බසකින් නිර්මාණය කළ හොඳම චිත්‍රපටය වූයේ ජර්මනිය ඉදිරිපත් කළ ඉන් ද ෆේ ඩ් චිත්‍රපටයයි. මෙයට අමතරව ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේ හොඳම නිර්මාණ සඳහාද මෙහිදී සම්මාන හිමිවිය. හොඳම ටෙලි නාට්‍ය මාලාව ලෙස සම්මානය දිනාගත්තේද හෑන්ඩ්මේඩ්ස් ටේල් ටෙලි නාට්‍ය මාලාවය.
 
නිශානි දිසානායක

සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු ‍පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම් ආදී මාධ්‍ය භාවිතයෙන් වූ හේතු නිසා බැව් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා පවසයි.
සැමියාගේ පහරදීම නිසා හා නොයෙකුත් වදහිංසාවලට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කරනු ලැබූ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
2013 ජනවාරි සිට 2017 ජූනි මසය දක්වා කාලය තුළ සැමියාගේ පහර කෑමට ලක්වූ කාන්තාවන් 183 දෙනකු සම්බන්ධ කරගෙන මෙකී පර්යේෂණය සිදුකොට තිබේ. විශේෂයෙන්ම හිංසනයට ලක්වූ කාන්තාවන්ගේ සමාජ හා ආර්ථිකමය පසුබිම, තුවාලවල තත්ත්වය සහ හිංසනට ලක්වීමට හේතු වූ කරුණු පිළිබඳ මෙම පර්යේෂණයේදී අනාවරණය කරගෙන තිබේ. අන්තර්ජාලය හා තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සම්බන්ධයෙන් ඇතිවන සිද්ධීන් නිසා කාන්තා හිංසනය වැඩිවී ඇති බවද අධිකරණ වෛද්‍යවරයා පවසයි.
මෙම පර්යේෂණයට ලක්වූ කාන්තාවන්ගෙන් සියයට පනස් එකකට පහර දී ඇත්තේ මුහුණට හා කම්මුල්වලට වන අතර ඉන් සියයට දහඅටකට පහර දී ඇත්තේ ඇඳ ‍පොලුවලින් හා කොසු මිටිවලින් බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී තිබේ. 
මෙම පර්යේෂණය පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා මෙසේ පැවැසීය.
පහරකෑමට ලක්වූ කාන්තාවන්ගේ වයස් කාණ්ඩ දෙස බැලූ විට ඉන් සියයට 58 ක් හිටියේ වයස අවුරුදු 16 සිට 63 දක්වා කාන්තාවන්, පහර කෑමට ලක්වූ කාන්තාවන් 106 ක් හිටියේ වයස අවුරුදු 21 හා 30 අතර පසුවන කාන්තාවන්. මෙකී කාන්තාවන්ගෙන් සියයට හැටතුනක් 117 වතාවක් පහර කෑමට ලක්ව තිබුණා. හවස හය සහ රාත්‍රී 10 අතර කාලයේදී තමයි මෙම පහරදීම්වලින් බහුතරයක් ලක්වෙලා තිබුණේ. ඉන් සියයට 89 ක් වෙලා තිබුණේ ඒ අයගේ නිවස තුළයි. කායික වශයෙන් කරපු පීඩාවන් 183 වතාවක් වාර්තා වෙලා තිබුණා. මානසික වශයෙන් කරපු පීඩාවන් 130 වතාවක් වාර්තා වෙලා තිබුණා. බලහත්කාරයෙන් ලිංගික කටයුතුවල යෙදීම් 13 ක් වාර්තා වෙලා තිබුණා. විවිධාකාරයේ පාලනය කිරීම් 42 ක් වාර්තා වෙලා තිබුණා. වැඩි වශයෙන් පහර දීලා තිබුණේ මුහුණට හා කම්මුල්වලට. අතමිට මොළවා හා පාදවලින් කරන පහරදීම් සියයට 51 ක් වාර්තා වෙලා තිබුණා. අවි ආයුධ, මොට ආයුධවලින් සියයට 18 ක් එනම් ඇඳ ‍පොලුවලින් හා කොසු මිටිවලින් තමයි මෙම පහරදීම් වෙලා තිබුණේ. කැපෙන ආයුධයකින් පහර දීලා තිබුණේ සියයට හතරක් වගේ ඉතා අඩු සංඛ්‍යාවක්.
කාන්තා හිංසනයට ප්‍රධාන හේතුව සැමියන්ගේ බිමත්කම. සියයට 29 ක් අවස්ථාවල සැමියා බිගෙනවිත් තමයි පහරදීම් කරලා තිබුණේ. සියයට 23 ක් මුදල් සම්බන්ධ ගැටලු මුදල් නැතිවූ විට ඇතිවූ ආරවුල්, සියයට 31 ක් අනියම් සම්බන්ධතා නිසා ඇතිවූ සැකය නිසා කාන්තාවන් පහර දීම්වලට ලක්ව තිබුණා. බිරිඳගේ හා සැමියා යන දෙදෙනාගේම ඇතිවූ සැකයන් මේ සඳහා හේතුවෙලා තිබුණා. ඉන් සියයට 26 ක් ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු ‍පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම්, මාධ්‍ය භාවිතයෙන් වූ හේතු නිසා තමයි පහර දීම්වලට ලක්වෙලා තිබුණේ. ඇත්තටම මේකත් සැකය කියන එක එහාට ගියපු අවස්ථාවක්. ජංගම දුරකථනයට එන ඇමතුම්, මුහුණු ‍පොතේ තිබූ ඡායාරූප, සම්බන්ධ සැක සිතූ අවස්ථාවන් නිසා කාන්තාවන් සැමියාගෙන් පහර කෑමට ලක්ව තිබුණා. නවීන තාක්ෂණික මෙවලම් මේ සඳහා බලපාලා තියෙනවා. සරල කාරණා තේරුම් ගැනීමට නොහැකිව, සුළු සුළු මත ගැටුම් දුරදිග යාම නිසා සියයට 19 ක් වූ කාන්තාවන් පහර දීමට ලක්වෙලා තියෙනවා.
කාන්තාවන් සියයට 44 ක්ම කීවා මීට කලින් එක් වතාවක් හෝ තුන් වතාවක් තමන් පහර දීම්වලට ලක්වී ඇති බව. කාන්තාවන් සියයට 24 ක් පළමු වතාවට තමයි පහර දීම්වලට ලක්ව තිබුණේ. තුවාලවල තත්ත්වය දිහා බැලූ විට සියයට 47 දෙනකුගේ මුහුණට හා හිසට තමයි පහර දීලා තිබුණේ. සියයට 42 ක විතර කාන්තාවන්ගේ පාදවල තුවාල තිබුණා. සියයට 22 ක විතර කාන්තාවන්ගේ අත්වල තුවාල තිබුණා. ලිංගික අවයවවලට පහරදීලා තිබුණේ සියයට 2 ක විතරයි. තැලීම් තුවාල තමයි වැඩිපුර තිබුණේ. තැලීම් තුවාල සියයට 47 ක් තිබුණා. සීරීම් තුවාල සියයට 36 කගේ තිබුණා. දාරිත තුවාල. සියයට 7 ක් අස්ථිභංග සියයට තුනක් පිළිස්සුම් තුවාල සියයට එකක්. කැපුම් තුවාල සියයට දෙකයි. තුවාලවල බරපතළ තත්ත්වය දිහා බැලූ විට සියයට 85 ක්ම තිබුණේ බරපතළ නොවන තුවාල. බරපතළ තුවාල සියයට දහතුනක් තිබුණා. ජීවිතයට හානි පමුණුවන තුවාල තිබුණේ එක් අයකුගේ හා දෙදෙනකුගේ විතරයි.
බොහෝ විට පහර දුන් සැමියාම තමයි ඇය රෝහලට රැගෙන එන්නේ. ඇතැම් කාන්තාවන් තුවාලවලට පුද්ගලික වෛද්‍යවරයකු හමුවෙලා බෙහෙත් ගන්නවා. කාන්තාවකට සැමියා විසින් පහර දුන් විට ආපසු ටික කාලයක් හොඳට ඉන්නවා. මාස දෙක තුනක් යනකම් සැමියා පහර දෙන්නේ නැහැ. මේ බව කාන්තාවද දන්නවා. මේකට කියන්නේ හනිමුන් කාලසීමාව කියලා. නමුත් ඊට පසු කරන පහරදීම ඉතා දරුණුයි. අවසානයේ මහත් විනාශයක් වෙන්නත් පුළුවන්. 
 
කමල් විජේහේවා - ගාල්ල

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1924

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2943

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3266

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3180

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.