Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු කොරියාවේ රූමතියන් තනන ප්ලාස්ටික් සැත්කම්

ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ අද නොඇසූ කෙනෙක් නැති තරම්ය. ලෝකයේ ප්ලාස්ටික් සැත්කම් වැඩිපුරම කෙරෙන්නේ දකුණු කොරියාවේ අගනුවර වන සියොල් නගරයේය. එනිසා සියොල් නුවර, ප්ලාස්ටික් සැත්කම් ලෝකයේ අගනුවර සේ ප‍්‍රකට වී ඇත. 
දකුණු කොරියාවේ දුම්රිය නැවතුම් පොළවල, බස්රථ වල හා මහමග දිගේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත. ප්ලාස්ටික් සැත්කමක් කරගැනීම සඳහා වැය වන මුදල් ලබාදීම දෙමාපියන් විසින් තරුණ දියණිවරුන්ට දෙන ත්‍යාගයක් බවට පත්ව ඇති සෙයකි.
ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම කොරියානු  ජන ජීවිතයට ඉතා තදින් බැඳී පවතින කරුණක් බව පෙනේ. රැකියාවක් ලබා ගැනීමට වුවත් සිරුරේ බාහිර පෙනුම තිබිය යුතු බව දෙමාපියෝ හා දරුවෝ අදහති. මෙනිසා තම පෙනුම ගැන සෑහීමට පත් නොවී කණස්සල්ලෙන් සිටින අයට ප්ලාස්ටික් සැත්කම් කදිම විසඳුමකි. මෙම සැත්කම් නිසා ඇතැම් ජීවිත වෙනස්වන අයුරු දැක්වෙන රූපවාහිනී වැඩසටහන් මගින් ද ජනතාවට ලැබෙන්නේ දිරිගැන්වීමකි. 
දකුණු කොරියාවේ ප්ලාස්ටික් සැත්කම් විදෙස් රටවල පවා ප‍්‍රසිද්ධය. ඒ වොෂිංටන් පෝස්වී, නිව් යෝකර් වැනි පුවත්පත් වල මේ සම්බන්ධ තොරතුරු නිරන්තරයෙන් සඳහන් කෙරෙන බැවිනි. 
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික සංගමය සඳහන් කරන්නේ දකුණු කොරියාවේ කාන්තාවන්ගෙන් 20%ක් කවර හෝ ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇති බවයි. ඒ අනුව එරට කාන්තාවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකු හෙවත් පස්දෙනෙකුගෙන් එක් අයෙකු තම රූපය සැත්කමකින් වෙනස් කර ගෙන ඇත. මෙය අමෙරිකාවේ මෙන් දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකි. 
දහනව හැවිරිදි යුවතියක් ප‍්‍රකාශ කර තිබුණේ ප්ලාස්ටික් සැත්කමක් යනු සාමාන්‍ය දෙයක් බවයි. ඇගේ යෙහෙළියන් නිවාඩු කාලයකට පසු නැවත එන්නේ නව මුහුණකින් බව ඇය සඳහන් කර තිබුණි. කොරියානු රූපවාහිනියේ පරිවර්තිකාවක් ලෙස ඉඳහිට කොරියානු රූපවාහිනියේ පෙනී සිටින එම තරුණිය ඇගේ පෙනුම නිසා පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙන්නේ නින්දාසහගත ප‍්‍රතිචාර බව කියයි. ඇය රූපවාහිනී තිරයේ දක්වන්නේ ඇයි? ඇය මෙතරම් මහත ඇයි? වැනි ප‍්‍රශ්න වලට ඇය මුහුණ දෙන්නේ තමන්ට වෙනත් ප‍්‍රකට තැනැත්තියන්ගේ පෙනුම නැති නිසා බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ නිසා තම නාසය හා හනු වෙනස් කරගැනීමට ඇය කල්පනා කරයි.
සෑම කාන්තාවකටම අවශ්‍යව ඇත්තේ බෝනික්කියන්ගේ හැඩරුවට සමාන වීමට බව පෙනේ. මෙනිසා සිරුරේ මහත අඩු කර ගැනීම, ඉංග‍්‍රීසි වී අකුරේ හැඩයට මුහුණ සකසා ගැනීම, පියයුරු විශාල කර ගැනීම, නළලේ පිරුණු බවක් ඇති කිරීම හා නාසය වෙනස් කර ගැනීම වැනි දේට බොහෝ කාන්තාවෝ ප‍්‍රිය කරති. මේ සියල්ලට වඩා වර්තමානයේ කොරියානු ජනයා උත්සුක වන්නේ තමන් උපතින් ලබා ඇති ඇසිපිය වෙනස් කර ගැනීමටයි.
කොරියානු ජාතිකයන් දෙනෙත් ඇරගෙන සිටින විට ආසියාතිකයින්ගේ මෙන් ඇහිපිය දාරයට උඩින් රැල්ලක් නොපෙනේ. එසේ රැුල්ලක් තිබීම හැඳින්වෙන්නේ ද්විත්ව ඇසිපිය Double Eyelidයනුවෙනි. තනි පියනේ ඇසිපිය මත ඇති මේදය ඉවත් කිරීමෙන් ද්විත්ව ඇසිපිය සැකසීමට ප්ලාස්ටික් සැත්කම් සිදුකෙරේ. ලෝකයේ ප්ලාස්ටික් සැත්කම් වලින් 15%ක්ම කෙරෙන්නේ ද්විත්ව ඇසිපිය සකසා ගැනීමටය. 
දැන් බොහෝ දෙනා ප්ලාස්ටික් සැත්කම් සඳහා පැමිණෙන්නේ දකුණු කොරියාවටය. එරටට එන සංචාරකයන්ගෙන් 1/5ක්ම වෛද්‍ය අරමුණු මත එන්නන්ය. 2020 වන විට එම පිරිස මිලියනයකින් වැඩිකර ගැනීමට ඔවුහු අපේක්ෂා කරති. පසුගිය සැප්තැම්බරයේදී එරට ප්ලාස්ටික් සැත්කම් සායන 1414ක් ලියාපදිංචි කර ඇත. ඒ වෙනත් රූපලාවන්‍ය සැත්කම් කෙරෙන රෝහල් හා සායන රැසකට අමතරවය. දැන් මේ සැත්කම් දකුණු කොරියාවට කදිම ආදායම් මාර්ගයකි.
එක්සත් රාජධානියේදී ඇස් සඳහා ප්ලාස්ටික් සැත්කමක් කරවා ගත් යුවතියක් පවසන්නේ තමන් කොරියාවේදී පෙර සැත්කමේ දොස් නිවැරදි කර ගත් බවයි.  
තම රටේදී ඒ සඳහා ඩො. 8000ක් වැය වුන ද, කොරියාවේදී වැයවන්නේ ඩො, 2000 - 4000ක් පමණක් බව ඇය පවසයි. මෙවර ඇගේ නළල, නාසය හා නිකට යළි සකසනු ලැබ ඇත. උදරයේ මේද ස්ථරයක් ද ඉවත් කරවාගෙන ඇත. 
ඇස්වල පළල වැඩිකිරීමට මෙන්ම නාසය හැඩ කිරීමට ද මෘදු රවුම් නළලක් ලබා ගැනීමට ද නිකට ප‍්‍රදේශයේ පිරුණු බව නැති කිරීමට ද කොරියානු යුවතියන් පෙළඹී ඇත්තේ ඒවා කෙනෙකුගේ පෙනුමට ඉතා වැදගත් බව පිළිගනිමිනි. 
ලොව බොහෝ රටවල ජනප‍්‍රියව ඇති හිසකෙස් සිටුවීම ඊළඟට ජනපි‍්‍රය සැත්කම් වර්ගයයි. අවපැහැවූ දත් සඳහා තුනී පෝසිලේන් සිවියක් අලවා කෙරෙන වේදනා රහිත ප‍්‍රතිකාරය සඳහා වැය වන්නේ සතියක කාලයක් පමණි. 
මේ තොරතුරු කියවන ඔබට ද ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීමට සිතුණේ නම් තම නාසය පිළිසකර කර ගත් යුවතියක් පැය ගණනාවක සැත්කමෙන් පසු කියන මේ කතාවත් අසන්න. 
‘මම මාස ගණනක් ගොඩක් වේදනා වින්දා. ඒක විස්තර කරන්න බෑ. මගේ ඇටකටු පිහියකින් කපන්න වගෙයි දැනුණේ. මගේ කට ඇරිල කෙළ බේරෙනවා. නහයෙ පුළුන් තලියයි.ඇත්තමයි මම පසුතැවිලි වුණ.’
මේ තවත් අයෙකුගේ වචන. 
මට කවදාවත් දරුවන් ලැබිල නැති නිසා ඒ වේදනාව ගැන මම දන්නේ නෑ. ඒත් මම ජීවිතේ විඳපු ලොකුම වේදනාව මේක. මහා පාපයක් විඳිනව වගේ. ‘රත්තරනේ ඇයි මේක කරගත්තෙ? මම අඩුවක් නැතිව ඔබ මැවුවා.’ කියල දෙවියන් වහන්සේ මට කියන හඬ විතරමයි මට ඇහුණෙ.
මෙවැන්නක් නොකර ගන්නැයි කිහිප දෙනෙකුම ලෝකයට කියා තිබුණි. ඔවුන් පවසන්නේ ඔබේ ස්වරූපය හෙළා දකින්නන් වෙනුවට ඔබට පි‍්‍රය කරන අලූත් යහළුවන් සොයා ගන්නා ලෙසයි. 
සැත්කමේ වේදනාවට වඩා මරණය හොඳයැයි ඒ දිනවල සිතුණත් දැන් තමන් තුළ වැඩි ආත්ම විශ්වාසයක් තිබෙන බවයි ඇතැමුන් නම් පවසන්නේ.
 
 ඒ.ජී. දීපිකා ප‍්‍රියදර්ශනී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1708

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1386

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2195

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3507

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4293

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4459

Please publish modules in offcanvas position.