Coss Ear2
lakbima.lk
COSS Ear 1

එදා දන ගැහුවේ ගුරුවරියක් අද විදුහල්පතිනියක්

හීනමානය යනු තමන් අනුන්ට වඩා පහත් යැයි සිතීමයි. තමන් පහත් යැයි යන හැඟීමෙන් පෙළෙන රෝගියකු අතට බලය ලැබුණහොත් එය මහත් ලෙඩකි.
එබඳු අලුත්ම රෝගියා වාර්තා වන්නේ ඌව පළාතෙනි. මේ හාදයා සිය රෝගය උග්‍ර වූ තැන බදුල්ල ප්‍රදේශයේ දමිල බාලිකා විද්‍යාලයක විද්‍යාලයාධිපතිනියක සිය නිල නිවෙසට ගෙන්වා දණගස්වා වැඳුම් ලබාගෙන තිබේ. මෙහි පසුබිම් කතාව මෙසේය.

හීන මානයෙන් පෙළෙන දේශපාලනඥයා සිසුවියක මෙකී විද්‍යාලයාධිපතිනිය සේවය කරන පාසලට ඇතුළු කරගන්නා ලෙසට ලියුමක් නිකුත් කර ඇත. ඇගේ දෙමාපියන් ඒ ලියුම රැගෙන පාසලට ගිය විට  තමන් බැඳී සිටින්නේ දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොවේ යැයි පවසා විද්‍යාලයාධිපතිනිය එය ප්‍රතික්‍ෂේප කර තිබේ.

හීනමානකාරයා විද්‍යාලයාධිපතිනිය ලවා බලහත්කාරයෙන් වන්දවා ගෙන ඇත්තේ නීතියට අනුව කටයුතු කළ වැරැද්දටය. ‍පොතේ හැටියට විද්‍යාලයාධිපතිනියට නියෝගයක් දීමට පුළුවන්කම ඇත්තේ අධ්‍යාපන කාර්යාලයටයි. දේශපාලනඥයා සිය නූගත්කම නිසා ඒ බව නොදැනයි විද්‍යාලයාධිපතිනිය හා සෘජුව ගනුදෙනු කිරීමට ගොස් ඇත්තේ. දැන් ඊළඟට සිදුවනු ඇත්තේ කුමක්ද?

විද්‍යාලයාධිපතිනිය තමන්ට සිදුවූ වැරැද්ද ගැන ෙනෙතික ක්‍රියාමාර්ග ගතහොත් හීනමානයෙන් පෙළෙන, නූගත්, දේශපාලනඥයාට උසාවියෙන් දඬුවම් ලැබෙන්නට වුවද පුළුවන. ඊට පසුව?

ඉන් අනතුරුවද දේශපාලනඥයා දැහැමින් සමෛන් වාසය කරනු ඇත. ඔහු දරන තනතුරු කිසිවක් ඔහුට අහිමි නොවනු ඇත.
එය මෑත ඉතිහාසයෙන්ම අපට කියා දී ඇති පාඩමකි. ඉකුත් පාලන සමයේ වයඹ පළාතේ දේශපාලනඥයෙක් සිය දරුවාට දඬුවමක් දීමේ වරදට නවගත්තේගම පැත්තේ පාසලක ගුරුවරියක් දණ ගැස්සුවේය.

ඒ ගුරුවරිය සිය ප්‍රශ්නය උසාවියටද ගෙන ගිය අතර අධිකරණයෙන් දේශපාලනඥයාට දඬුවම්ද කෙරුණේය. පරීක්ෂණ පැවැත්වෙන කාලයේදී දේශපාලනඥයාගේ පක්ෂ සංවිධායක ධුරය අත්හිටවනු ලැබූ අතර උසාවියෙන් දඬුවම්කරනු ලැබිමෙන් පසුව ඔහු තනතුරෙන් පහකරනු වෙනුවට නැවත සංවිධායක ධුරයේ පිහිටවනු ලැබිය. දැන් ඒ  ගැන කතාකරන්නේද නැත.

ඒ නිසා ඌවේ දේශපාලනඥයාට අත්වන ඉරණම ගැන පේන කියන්නට ගුප්ත විද්‍යාවන් දැනගත යුතු නැත. හීනමාන, නූගත් දේශපාලනඥයා ගැන අධ්‍යාපන අමාත්‍යංශ ‍ලේකම්ට පැමිණිලි කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයද, ඉදිරියේදී මෙයට මැදිහත්වනු ඇතැයි අප සිතන ගුරු සංගම්ද කුමක් කළද අන්තිමට ලැබෙන්නේ නවගත්තේගම ආදර්ශය නොවේද?

මුලින්ම ගුරුවරියක් ලබා වන්දවාගත් දේශපාලනඥයන් දැන් විද්‍යාලයාධිපතිනියකගෙන්ද වැඳුම් ලබා තිබේ. මොන තරම් දියුණුවක්ද?

මෙබඳු දේශපාලනඥයන් අතට ගිය රටක අපි කුමක් කරමුද? අපි දණින් වැටී ජීවත් වෙමු.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2151

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3398

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1378

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3298

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2428

Please publish modules in offcanvas position.