Coss Ear2
lakbima.lk
COSS Ear 1

හෙට අනිද්දා පැවසෙන මැතිවරණ අනාවැකි වලට පෙරවදනක්

මැතිවරණයක් ළං වන විට සමාජ කරලියට එන පිරිස් අතරින් ජෝතිර්වේදීන්හු ප්‍රමුඛ වෙති. රටට ජනසමාජයට බලපාන ප්‍රබල සංසිද්ධීන් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක් ලබා දිය හැකි යැයි පැවසෙන මාධ්‍ය අතරින් ජ්‍යොතිෂයට හිමිවනුයේ ද ප්‍රබල තැනකි. එනිසාම අතීතයේ පැවැති සෑම මැතිවරණයකට පෙරාතුවම ඒ සම්බන්ධයෙන් රටේ පිළිගත් ජෝතිර්වේදීන් විසින් අනාවැකි පළ කළ අවස්ථා කොතෙකුත් තිබේ. ඒ අනාවැකි අතරින් යම් ප්‍රමාණයක් සත්‍ය වූ අතර තවත් ප්‍රමාණයක් අසත්‍ය වූ බව පෙනේ.

අතීතයේ සිට අපරටේ ජනතාව ප්‍රචලිතව තිබූ ජෝතිර්වේදය මෑතක සිට ඉතා වේගවත් පසුබෑමකට ලක් වෙමින් පවතින බව නොරහසකි. ඊට හේතුව ජෝතීර්වේදීන් ලෙසින් ජනමාධ්‍ය ඔස්සේ ජනතාව අතරට ආ බොහෝ දෙනෙකු තුළ ජ්‍යොතීර්වේදය පිළිබඳව මූලික සිද්ධාන්තමය දැනුමවත් නොතිබීමය. විශේෂයෙන් පසුගිය කාලය තුළ රූපවාහිනියෙන් ජ්‍යෙතීර්වේදීන් ලෙස ජනකාන්ත බවට පත් බොහෝ දෙනෙකු තුළ ජ්‍යෙතිර්වේදය පිළිබඳ සිද්ධාන්තමය දැනුමවත් නොතිබූ බව ජොතිර්වේදය හදාරා ඇත්තවුන්ට රහසක් නොවේ. නමුත් ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන වලට අතයට මුදල් ගෙවීමෙන් සහ තමන්ගේ හැකියාවන් පිළිබඳව පැවසෙන නරඹන්නන්ගේ දුරකතන ඇමතුම් ලෙස හඟවමින් තමන්ගේ තැරැව්කරුවන් විසින් දෙනුලබන ව්‍යාජ ඇමතුම් තමන් පෙනී සිටින සජීවී වැඩසටහන් වලට ගෙන්වා ගැනීම ආදී සටකපට ක්‍රියා නිසා මොවුන් සැබෑ ජ්‍යොතීර්වේදීන් සේ සාමාන්‍ය ජනතාවට වැටහී තිබුණි. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී අසවල් අපේක්ෂකයා බලයට පත්වුවහොත් තමන් වෙඩිතබා ගන්නවා, ගිනිතබා ගන්නවා වැනි අඥාන ප්‍රකාශ කළ සටකපට තොරම්බල් කාරයන් කිහිප දෙනෙකු අදවනවිට ජනප්‍රියත්වයේ කුණු බක්කියට විසිවී සිටිති.

මේ තත්ත්වය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අනාවැකි පිළිබඳවද බොහෝ දෙනෙක් විමසිලිමත්ව සිටිති.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂ අතරින් වැඩි ජයග්‍රහණයක් අත්කරගන්නේ කුමන පක්ෂයක්ද යන්න ඉදිරියේ පළවන ජ්‍යොතිෂ්‍ය අනාවැකි මගින් පැවසෙනු ඇත.

 එහෙත්  පසුගිය මැතිවරණ වලදී ඊනියා ජ්‍යොතීර්වේදීන් පලකළ කිසිදු අනාවැකියක් සමඟ ඒ සඳහා බලපාන ග්‍රහපිහිටීම් දක්වා තිබුණේ නැත. ඔවුන් දක්වා තිබුණේ අසවලාගේ ග්‍රහපිහිටීම අසවලාට සාපේක්ෂව සුබයි; එනිසා මෙම ජයග්‍රහණය නියතයි; ආදී වශයෙන් වන ශාස්ත්‍ර විරෝධී ප්‍රකාශ පමණි. එමෙන්ම කිසිදු ජ්‍යොතිෂ අනාවැකියක් 100% ඉලක්ක කොට පැවසිය නොහැකි බවට වන සිද්ධාන්තය වත් ඔවුන් දන්නා බවක් නොපෙනේ.

එහෙත් අතීතයේ විසූ ජ්‍යොතිර්වේදීන් ජ්‍යෙතිෂ්‍ය සම්බන්ධයෙන් පළ කරන සෑම අනාවැකියටම පෙරම ඒ සම්බන්ධ ග්‍රහ පිහිටීම ඉදිරිපත් කළ බය නොරහසකි. එවිට ජ්‍යෙතීර්වේදයේ නිපුන තවත් අයෙකුට ඒ සම්බන්ධයෙන් ජ්‍යෙතීර්වේදයට අනුව විශ්ලේෂණයක් කිරීමටත් ජ්‍යෙතීර්වේදය තුළින් ම එම මතය ඛණ්ඩනය කිරීමටත් හැකිවනු ඇත.

එහෙත් නූතනයේ  ජනකාන්ත තොරම්බල්කාර ජ්‍යෙතීර්වේදීන්ට එවැන්නක් කර කියා ගැනීමට නොහැකිව ඇත්තේ ඔවුන් හුදු තොරම්බල් කාරයන් මිස සැබෑ ජ්‍යෙතීර්වේදීන් නොවන නිසා යැයි මට සිතේ. ඒ කෙසේ හෝ ඉදිරියේ දී කල එලි බසින ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධ දේශපාලන අනාවැකි සහ ඒවා පළකරන්නවුන් පිළිබඳව ඉහත සඳහන් කරුණු විමසා බැලීමෙන් එවැනි සටකපට පුද්ගලයන්ගේ ශාස්ත්‍රීය නිරුවතද  අප සමාජය හමුවේ එළි දැක්වෙනු නොඅනුමානය.

 

මහාචාර්ය දයා අමරසේකර

සමාජවිද්‍යා අධ්‍යනාංශය

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2151

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3398

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1378

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3298

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2428

Please publish modules in offcanvas position.