Coss Ear2
lakbima.lk
COSS Ear 1

බාල වයස් ඥාති දුව පැහැර ගත් නිරූපණ ශිල්පියා අත්අඩංගුවට

පාසල් වයසේ පසුවන ඥාති දියණියක පැහැරගෙන ගොස් අතුරුගිරිය ප්‍රදේශයේ රඳවා ගැනීමේ වරදට දහඅට හැවිරිදි  මෝස්තර නිරූපන  ශිල්පියෙකු යැයි කියන තරුණයෙකු හා ඊට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ සහෝදරිය අනුරාධපුර මූලස්ථාන  ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (03) අත්අඩංගුවට ගත්හ.
අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාරියගේ පියා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරු සමග පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන තිබුණි. මීට වසර තුනකට පමණ ඉහත සිට දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබි ඇති බව කියන ‍පොලීසිය පසුගිය (27) වනදා තරුණයා දැරිය පැහැරගෙන ගොස් ඇති බව කියයි.
දැරිය පැහැර ගැනීමෙන් අනතුරුව තරුණයා අතුරුගිරියේ පිහිටි සහෝදරියගේ නිවසට ගොස් තිබෙන බවත් සහෝදරයා හා දැරිය වහාම බාරදීමට කටයුතු කරන ලෙස ‍පොලීසිය ඇයට දැන්වුවත් නව වසරෙන් පස්සේ ගෙනත් දෙන්නම් යනුවෙන් පවසා දුරකථන ඇමතුම විසන්ධි කළ බවත් ‍පොලීසිය කියයි. ඒ අනුව සැකකරු දැරිය රඳවාගෙන සිටින ස්ථානයට ගොස් අනුබල දුන් සහෝදරියත් සමග අත්අඩංගුවට ගත් බව ද ‍පොලීසිය පැවැසුවේය.
සැකකරු දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කෙරුණි. 
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් දැරියක් අපහරණය කිරීමේ චෝදනාවට සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සහෝදරියත් අධිකරණයට ඉදිරිපත් කරන බව ‍පොලීසිය පැවැසුවේය.
අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක කේ. ඒ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.