Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනප්‍රිය නිළි අයිශාරා යුග දිවියට

ඔබේ අතගත් ජීවන සහකරු ගැන මුලින්ම සඳහන් කළොත්
ඔහු විදේශගතව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්. අවුරුදු කිහිපයක ආදර සම්බන්ධයකින් තමා ඔහු මගේ සැමියා බවට පත්වෙන්නේ.
ඔබේ සැමියා තීක්ෂණ ගැන අයිශාරාට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
මම හිතනවා මගේ තෝරා ගැනීම හරියට හරි කියලා. ඔහු මාව හොඳින් තේරුම් ගත්ත හොඳම සහකරුවෙක්. සහකරුවා කියන වචනයෙන් ඔහු ගැන හොඳින්ම හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ඒ තරමටම ඔහු මගේ වැඩකටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙනවා. මම හිතනවා බිරිඳක් විදිහට මම හරිම වාසනාවන්තයි කියලා.
කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විවාහ ජීවිත අසාර්ථක බව බොහෝ දෙනා කියන කතාවක්. ඔබට මේ ගැන කියන්න තියෙන්නේ මොනවාද..?

තේරුම් ගැනීම, අවබෝධය තියෙනවා නම් ඕනම කෙනෙක්ට විවාහ ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන්. තීක්ෂණ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධයි. මං වෘත්තීය නිළියක්. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඉතිං අපි දෙන්නටම ගොඩාක් හොඳ සාර්ථක ජීවිතයක් ගතකරන්න පුළුවන් වේවි.
ඔබ ඉදිරියේ දී කලා කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ මොන විදියටද..?
ලබන අවුරුද්දේ මම රඟපෑ අයිස්ක්‍රීම්, ‍පෝරිසාදයා කියන චිත්‍රපට තිරගත වීටම නියමිතයි. ඒ වගේම සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ මංගල තෑග්ග කියන ටෙලි නාට්‍යයත් ඉදිරියේදී එන්න තියෙනවා. නිරූපණය පැත්තට නම් ඒ තරම් යොමුවෙන්න අදහසක් නැහැ. සිනමාවට මූලිකත්වය දීලා ඉදිරියට යන්න තමා හිතාගෙන ඉන්නේ.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1935

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2951

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3275

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2374

Please publish modules in offcanvas position.