Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය. පසුගියදා සත් වැනි වරටද උත්කර්ෂවත් ආකාරයෙන් “ දෙරණ ඩ්‍රීරීම්ස්ටාර්” අවසන් මහා තරගය පැවැතියේ තවත් ගායන තරුවකට කිරුළු පලඳවමිනි. “ දෙරණ ඩ්‍රීරීම් ස්ටාර් හත්වැනි අදියරේදී කිරුළු පැලඳුවේ කඳානෙන් තරග වැදුණු “සුනීර සුමංගයි. තරගය නැරඹූ බහුතරයකගේ මනාපය දිනූ සුනීර පිළිබඳ තතු දැනගන්නට රුචි පාඨක පිරිස වෙනුවෙන් මෙවර අපි සුනීරව කතා බහකට එක්කර  ගන්නට සිතුවෙමු. 
 
සුනීර පාසල් දිවියට සමුදුන් හැටියෙම තරග බිමට පැමිණි නව යෞවනයෙක්. මුලින්ම අපි ඔබගේ පෞද්ගලික තොරතුරු බිඳක් කතාබහ කරමු .. 
මම ඉපදුණේ 1997 මැයි මාසේ 8 වැනිදා. මම ඉපදුණේ හැදුණේ ‍පොල්ගහහේන ප්‍රදේශයේ. දැන් පදිංචි රාගම . කඳානේ “ද මැසනඩ්” විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ . අම්මයි තාත්තයි මමයි නංගියි හතර දෙනාම සංගීතයට දක්ෂයි. පල්ලියේ ගීතිකා කණ්ඩායමින් වගේම පාසලිනුත් මගේ සංගීත හැකියාව දියුණු කරගන්න පුළුවන් වුණා. අම්මයි තාත්තයි දෙන්නත් පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගී ගයනවා. ඉස්කෝ‍ලේ 3 වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම විවිධාකාර පාඨශාලාන්තර තරග සඳහා ඉදිරිපත්වෙලා ජය ගත්තා. 2015 දී සමස්තලංකා ගායනා තරගයෙන් “පාසල් ගායනා” අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත්තේ මම. උසස් පෙළ කලා අංශයෙන් විභාගය කළේ පහුගිය අවුරුද්දේ . විශ්වවිද්‍යාලයට යන්න ලකුණු කිහිපයක් මදි වුණා. ඒත් දෙවැනි වතාවට විභාගය කරන්නවත් බාහිර පාඨමාලාවක් කරන්නවත්  යොමු වුණේ නැත්තේ අවුරුද්ද පුරාම “ඩ්‍රීරීම් ස්ටාර් තරගය වෙනුවෙන් කැපවුණ හින්දා . ඒ කැපවීමේ ප්‍රතිඵල සාර්ථක ලෙස අත් විඳින්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි . 
 
ඒ කැපවීමට වටාපිටාවෙන් ලැබුණුු සහයත් සුනීරගේ ජයග්‍රහණයට හේතුවක් වුණා නේද .. ?
අනිවාර්යයෙන්ම.. මේ වෙලාවේ මම මට උදව් කළ හැමෝම ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි. ඒ විදියට උදව්කළ අය ගොඩක් ඉන්නවා. නම් සඳහන් කරන්න ගියොත් ඒ අය අතරින් එක්කෙනෙක්ගේ නමක්වත් අතපසු වෙන්න බැරි නැහැ. ඒ හින්දා මම මේ අවස්ථාවේ මෙම තරගය පුරාවට මට සහය ලබාදුන් හැමෝම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.
 
මේ තරගයෙන් ඩ්‍රීරීම් ස්ටාර් වෙන්න ලැබෙයි කියන බලා‍පොරොත්තුව ඔබට තිබුණද?
එහෙම  අදහසකින් නෙමේ මුලින්ම ආවේ. ඒත් දවසින් දවස ඉදිරියට යනකොට මට හිතුණා මට ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා.
 
පවු‍ලේ හැමෝම ගායන කුසලතා ඇති අය නම් සුනීරගේ නංගීත් ඊළඟ අදියරකදී “දෙරණ ඩ්‍රීරීම්ස්ටාර්” තරගයට එක්වේවිද .. ?
නංගිටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒත් තවම පාසල් අධ්‍යාපනය ලබන හින්දා නංගි දැන්මම  බාහිර කටයුත්තකට එන එකක් නැහැ.. නංගි ඉදිරියේදී  මොන වගේ ක්ෂේත්‍රයක් තෝරාගනීද මම දන්නේ නැහැනේ .. මම මේ ක්ෂේත්‍රය තෝරාගත්තා වගේ නංගිත් එයා කැමති ක්ෂේත්‍රයක් තෝරාගනීවි .
 
දැන් ඉතින් ඊළඟට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ .. ?
ගායකයකු විදියට ඉදිරියට යන්න තමයි කැමති . හැබැයි ගුණාත්මක ගීත තුළින් සංගීතය තුළ යමක් කරන්නයි හිතාගෙන ඉන්නේ . 
 
වෘත්තීය ගායකයකු විදියට ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවා නම් ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්නත් සිදුවනවා. එහෙම වුණොත් ගුණාත්මක ගීතවලින් පමණක් පවතින්නට බැරිවේවි නේද .. ?  
මේ වනවිටත් ප්‍රසංග වේදිකාවට ආරාධනා තියෙනවා. ඒ අවස්ථා අනුව ඊට සුදුසු ගීත ගයන්න සිදුවේවි . ඒත් ගුණාත්මක ගීතවලට වැඩි නැඹුරුවක් දක්වන්නටයි හිතාගෙන ඉන්නේ . 
 
ඔබ හොඳ හඬක් හා මනා ගායන කුසලතාවක් ඇති දක්ෂ යොවුන් ගායකයකු හින්දයි මේ ජය හිමිවුණේ .. ඒත් සුනීර ගායනය තුළ ඉදිරියට යන්නට නම් හැකියාව වගේම සංගීත ඥානයත් වැදගත් නේද .. ?
අනිවාර්යයෙන්ම.. මමත් එය පිළිගන්නවා. මම උසස් පෙළට හැදෑරුවේ කලා විෂය ධාරාව. එහිදී සංගීතයත් විෂයක් විදියට හැදෑරුවා. ඒත් එතැනින් නවතින්නට මමත් කැමති නැහැ. ඉදිරියේදී වැඩි දුරටත් සංගීතය හදාරන්නටයි හිතාගෙන ඉන්නේ ..
 
දැන් ඔබ රටම හඳුනන චරිතයක් . කොහොමද රසික ප්‍රතිචාර
මේ තරගයේ ජය ලබන්න මට රසික පිරිස ලොකු ශක්තියක් වුණා. මගතොටේදී මුණ ගැහුණම කතාකරන අය වගේම මගේ දුරකථන අංකය හොයාගෙන මට කතාකරන අයත් ඉන්නවා. මමත් ඒ හැමෝටම සුහදව වචනයක් හෝ කතාකරන්න අමතක කරන්නේ නැහැ. 
 
කෙනෙක් ඉදිරියට යනවිට ආදරයෙන් මග සකසාදෙන සුබ පතන අය වගේම ඊර්ෂ්‍යා කුහකකම් කරන අයත් ඉන්නවා. ඔබටත් එවැනි වේදනාකාරී ප්‍රතිචාර එල්ල කළ අයත් ඇති .
ඒ වගේ අයත් ඉඳලා තියෙනවා. ඒත් තරගය තුළදී මම එවැනි සිදුවීම් හින්දා මානසිකව වැටුණේ නැහැ. කවුරු හරි ඒ විදියේ නිර්නාමික දුරකථන ඇමතුමක් දුන්නත් මම ඒවා මගහරිනවා. හැබැයි ඉතින් ඒ විදියේ අයහපත් ප්‍රතිචාර ලැබුණේ හරිම අඩුවෙන්. වැඩියෙන්ම ලැබුණේ ආදරණීය ප්‍රතිචාර
 
ඒ විදියට ආදරය කරන අය අතරේ සුවිශේෂ කෙනෙක් නැද්ද .. ?
දැනට එහෙම කෙනෙක් නැහැ.
 
ආරියවංශ කුලතිලක 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 106

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 819

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 610

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1809

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1402

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1082

Please publish modules in offcanvas position.