Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා සඳුනි අබේවික්‍රම පසුගිය 30 වැනිදා ඝාතනයට ලක් විය. ඒ කොට්ටාව බාලිකා නිවාස පාරේ පිහිටි තම නිවසේදීය. ඇය ඝාතනයට ලක්වන්නේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල උණ්ඩ 13කට ගොදුරු  වීමෙනි.
මෙම රූපලාවන්‍ය ශිල්පිනියගේ ඝාතනයත් සමගම පාතාල කල්ලි පිළිබඳ කතාබහ නැවතත් කරළියට එන්නේය. ඒ ඇගේ ඝාතනයද පාතාලයට සම්බන්ධතා පවතින බැවිනි. ඇගේ ඝාතනයට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය ජනවාරි 17දා ඇගේ රූපලාවන්‍යාගාරයේදී අතුරුගිරියේ බණ්ඩා නමැති අය නාඳුනන වෙඩික්කරුවකු අතින් ඝාතනය වීමයි.
අතුරුගිරිය, මොරටුහේන පාරේ පදිංචිව සිටි දහනායක මහත්තරාලගේ රනිත් බණ්ඩාර ධර්මසිරි නොහොත් අතුරුගිරිය බණ්ඩා යනු නමගිය පාතාල සාමාජිකයෙකි.
ඔහු පාතාල නායක අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයා මෙන්ම කඩුවෙල පාතාලයේ  ලඩියාගේ කල්ලියේ හොඳම කෙරුම්කාරයෙකි. බණ්ඩාරගේ ඝාතනයට ඇඟිල්ල දික්වන්නේ හුණුගොඩ පතිරණලාගේ අනුර උදයන්ත හෙවත් කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළදී වෙඩි කා මියගිය රණා‍ලේ සමයං දෙසටය. සමයංගේ කල්ලිය අංගොඩ ලොක්කාගේ සහ ලඩියාගේ කල්ලිය සමග දිගු කලක් තිස්සේ පැවැතියේ විරසකයකි. ඒ කප්පන් හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධවය. මේ නිසාම ඔවුන් අතර දිගින් දිගටම පැවැතියේ විරසකයකි.
බණ්ඩාගේ ඝාතනය සමයංගේ අවශ්‍යතාවයට සිදුකරන්නේ ආමි අසංක හෙවත් ගොත අසංක විසිනි. ඒ අනුව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ආමි අසංකව අත්අඩංගුවට ගත්තේය. බණ්ඩාගේ ඝාතනය සැලසුම් කරන්නේ රණා‍ලේ සමයං හා පැටි මහත්තයා විසිනි. ඒ කළුතර බන්ධනාගාරයේ සිට බව කියැවේ. මෙහිදී අතුරුගිරිය බණ්ඩා පිළිබඳ සියලු තොරතුරු පැටී මහත්තයාට ලබාදෙන්නේ සයොනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන මංජුලා විසිනි. මේ පිළිබඳ ‍පොලිස් තොරතුරු අනාවරණය කරන්නේ මංජුලාගේ දුරකථනය
පිරික්සීමේදීය.
බණ්ඩා ඝාතනය වන්නේ ජනවාරි 17 වැනි දින සවස 6.05ටය. එදින මංජුලා සහ පැටී මහත්තයා අතර සවස 2.30 සිට සවස 6.02 දක්වා දුරකථන ඇමතුන් දහයක් හුවමාරු වී තිබේ. මෙහිදී පැටී මහත්තයා නමැත්තා මංජුලාට මුලදී එක් අංකයකිනුත් පසුව තවත් අංකයකිනුත් ඇමතුම් ලබාගෙන ඇති බව ‍පොලීසිය තහවුරු කරගන්නේය. පැටී මහත්තයා මේ සියලු දුරකථන ඇමතුම් ලබා ගන්නේ කළුතර බන්ධනාගාරයේ සිටය. එසේම මංජුලාගේ ඥාතියකු මෙන්ම සමයංගේ කල්ලියේ සගයකු වන කැලුම් සමගද එදින දුරකථන ඇමතුම් කිහිපයක් මංජුලාගේ දුරකථනය සමග හුවමාරු වී තිබේ. කැලුම් ඒ වන විට සිටින්නේ පැටී සහ සමයං සමග කළුතර බන්ධනාගාරයේය.
මංජුලා සමයංගේ කල්ලිය සමග සම්බන්ධ වන්නේ මංජුලාගේ ඥාතියකු වූ කැලුම් හරහාය. මංජුලා සමයං සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බවට පැවැසේ. ඇය සමයංගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරතව සිටි බව පැවැසේ. මේ අතරතුර මංජුලා මියගිය බණ්ඩා සමගද හිතවත් කමක් පවත්වාගෙන ගොස් ඇත්තේ බණ්ඩා මංජුලාගේ රූපලාවන්‍යාගාරයට යන්නේ එන්නේ ඒ හිතවත්කම මතය.
පසුගිය පෙබරවාරි 28 වැනි දින කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරයකින් රණා‍ලේ සමයං, පැටී මහත්තයා හා කැලුම් යන අය මියගියහ. මේ මරණ තුනත් සමගම මංජුලාට තිබූ ආරක්ෂාවද යම්තාක් දුරට අඩුවී යන්නේය. මේ නිසා මංජුලා බණ්ඩාරගේ මරණයට සැකපිට බන්ධනාගාරගතව සිටින ආමි අසංක සමග සම්බන්ධ වන්නීය.
පැටී, සමයන් හා කැලුම්ගේ මෙහෙයවීමෙන් බණ්ඩා ඝාතනය කරන්නේ ආමි අසංක ඇතුළු සිව්දෙනෙකි. ඒ දුලිප්, මද්දා සහ ගරා යන තිදෙනාය. ආමි අසංක පවසන්නේ පසුගිය ජනවාරි 17 වැනිදා හවස පැටී මහත්තයා කතා කොට බණ්ඩා ඝාතනයට යන ලෙස තමන්ට දැන්වූ බවයි. ඒ අනුව මද්දා සහ ආමි අසංක යතුරු පැදියකින් කඩුවෙල සිට අතුරුගිරියට යන අතර දුලිප් සහ ගරා යන අය පැමිණෙන්නේ ත්‍රිරෝද රථයකිනි.
මද්දා සමග ආමි අසංක මංජුලාගේ රූපලාවන්‍යාගාරය තුළට යන අතර එහිදී අසංක පැටී මහත්තයාට ඇමතුමක් ලබාදී පවසන්නේ බණ්ඩා ඇතුළේ නැහැ කියාය අනෙක් පසින් පැටී මහත්තයා ඔහොම ඉන්න කියා දුරකථනය විසන්ධි කරන්නේය. ඉන් විනාඩි කිහිපයකට පසුව අසංක අමතන පැටී කියන්නේ ඔය පේෂල් එකක් දාලා ඇස් වහලා ඉන්නේ බණ්ඩා ඉක්මනට වෙඩි තියලා දාන්න යනුවෙනි. ඒ වන විට බණ්ඩාගේ දෑස් පිපිඤ්ඤා පෙති දෙකකින් වසා තිබුණු අතර පැටීගේ නියෝගයත් සමගම ආමි අසංක බණ්ඩාගේ හිසට වෙඩි කීපයක් තබන්නේය.
මෙම වෙඩි තැබිම සම්බන්ධව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ආමි අසංක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් අතර එහිදී හෙළිවන තොරතුරු අනුව හා මංජුලාගේ ජංගම දුරකථන විශ්‍ලේෂණයේදී මංජුලා බණ්ඩාගේ ඝාතනයට අනුබල දී ඇති බව හෙළි වන්නේය. මංජුලා ‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය.
බණ්ඩාගේ ඝාතනය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත වන මංජුලා මීට මාස පහකට පමණ පෙර ඇප මත මුදා හැරෙන නමුත්, වැඩිපුර එළිපහළියට නොඑන ඇය ඒ කාලය පුරාම ගත කළේ සැඟවුණු ජීවිතයකි. ඒ බණ්ඩාගේ මළගම දිනයේ අංගොඩ ලොක්කා ඇතුළු පිරිස ඇය මරණ බවට දිවුරා ප්‍රකාශ කිරීමත් සමගයි. මංජුලා ඇප මත මුදා හැරීමෙන් පසුවද ආමි අසංක බන්ධනාගාරයේ සිට ඔහුගේ ගෝලයන් මෙහෙයවා මංජුලාට ආරක්ෂාව ලබාදෙන්නේය. අසංක සමග මේ වන විට ඇයගේ සම්බන්ධතාවය දලුලමින් තිබිණි. ඇය බොහෝ විට එහේ මෙහේ ගියේ ආමි අසංකගේ ගෝලයන්ගේ ආරක්ෂාව පිටයි.
පසුගිය 30 වැනි දින ඇයට එරෙහිව තිබූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ නඩු තුනක් කඩුවෙල අධිකරණයේදී විභාග විය. එහිදී එක් නඩුවකට රුපියල් දසදහසක් දඩ ගැසුණු අතර සෙසු නඩු දෙකෙන් ඇයට එදින නිදහස ලැබිණි.
මතෛක් දිනක් ජීවිත රැක ගැනීම සඳහා විවිධ තැන්වල සිටි මංජුලා නඩුවලින් නිදහස් වීමේ සතුටත් සමග තම නිවසට ගියාය. ඒ  එදින රාත්‍රිය මව, පියා, දරු දෙදෙනා හා සැමියා සමග ගත කිරීමටයි. මතෛක් කල් මංජුලා පසුපස හඹා ආ ඝාතකයන්ට මෙය කදිම අවස්ථාවක් විය.
නොවැම්බර් 30 වැනිදා රාත්‍රියේ මංජුලාගේ සැමියා නිවසින් බැහැරව ගොස් සිටි අතර මව, පියා හා දරු දෙදෙනා සමග මංජුලා නිවසෙහි සතුටින් සිටියාය.
ඒ වනවිට රාත්‍රී අට පසුවී විනාඩි හතළිහක් පමණ ගතවී තිබුණි. ඉදිරිපස දොරට කවුරුන් හෝ තට්ටු කරනු මංජුලාට ඇසිණි. ඒත් සමගම මව දොර අරින හඬද ඇයට ඇසුණි. ඉහළ මහ‍ලේ සිටි මංජුලා මේ ශබ්දය කුමක්දැයි බැලීමට පියගැට පෙළ බැස්සාය. ඒ සමගම මුහුණු ආවරණ හෙල්මට් පැළඳ සිටි තුවක්කුකරුවන් දෙදෙනකු මංජුලා දෙසට පිස්තෝල එල්ල කරගෙන සිටියහ. අනතුර හොඳ හැටි වටහාගත් මංජුලා මවගේ ඇගේ එල්ලී බේරීමට උත්සාහ කළාය. එහෙත් පිස්තෝලකරුවන්ගෙන් ඇයට අනුකම්පාවක් ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා අත තිබූ ගිනි අවි ඇය දෙසට එල්ලවී කොකා ගැස්සිනි. පළමු වෙඩි පහරින්ම ඇය මුනින් අතට වැටුණි. තුවක්කුකරුවන් දෙදෙනා මාරුවෙන් මාරුවට ඇයට වෙඩි තැබූහ. දෙදෙනා ඇයට වෙඩි ප්‍රහාර දහතුනක් එල්ල කර තිබුණි. අවසානයේ ඇය දෙමාපිය දූ දරුවන් ඉදිරිපිටදීම දෑස් පියා ගත්තාය.
ලෙයින් ලෙයට පළිගන්නා පාතාලයේ තවත් මෙහෙයුමක් මෙසේ අවසන් විය. ඒ පාතාල ගැටුම් හමුවේ කාන්තාවකටද මරු කැඳවමිනි. කෙසේ වෙතත් මේ පළිගැනීමේ ඝාතන රැල්ල මෙතනින් නිමාවේ යැයි සිතිය නොහැකිය. එය චක්‍රයක් සේ තවත් දිවෙන බව නම් නොඅනුමානය.

ශිරෝමි රත්නායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 105

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 813

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 610

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1807

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1402

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1081

Please publish modules in offcanvas position.