Coss Ear2
lakbima.lk
COSS Ear 1

නළුකමේ රඟේ දැනෙද්දී මම ප්‍රමාද වැඩියි

අපේ රටේ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් අතරින් මුල් තැන රැඳී සිටින රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවින්ද්‍ර කියන්නේ. හොඳම නළුවා විදිහට මේ වනවිටත් සම්මාන උළෙල රැසකදීම ඇගැයුමට පාත්‍රවී තිබෙන ඔහු තමන්ට රංගනයට ලැබෙන සෑම ආරාධනාවක්ම බාර ගන්නා නළුවෙකුත් නොවෙයි. මේ දිනවල ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙන “සහෝදරයා” ටෙලිනාට්‍යයේ ‘අජිත් කුමාර’ නමැති ප්‍රධාන භූමිකාවෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන රොෂාන් “සහෝදරයා” ගැන වගේම ‍පොදුවේ වත්මන් ටෙලි නාට්‍ය කර්මාන්තය ගැනත් කතා බහ කරන්නට ‘රිද්ම’ සමග සංවාදයට එක්වූයේ මේ විදිහටයි.

  • රොෂාන් ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහකරන්නේ “සහෝදරයා” නිසා කීවොත් හරි නේද?

ඔව්, තවමත් සහෝදරයා ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක් පමණයි විකාශය වෙලා තියෙන්නේ. නමුත්, ඒ ගැන ප්‍රේක්ෂකයන් තුළ විශාල උනන්දුවක් තිබෙන බව දැනටමත් ලැබෙමින් පවතින ප්‍රතිචාරවලින් වැටහෙනවා. මම කැමැති විදිහේ චරිතයක් තමයි මටත් “සහෝදරයා” ටෙලි නාට්‍යයේදී ලැබුණේ. ටෙලි නාට්‍යයට සහ මගේ චරිතයට හිමිවන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.

  •  ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් ඔබ සමග කිට්ටු සම්බන්ධයක් තිබෙන, ඔබේම පරපුරේ කලාකරුවෙක් නේද?

නාමල් ජයසිංහ කියන්නේ වසර ගණනාවක් තිස්සේ මා සමග සමීපව කලා ක්‍ෂේත්‍රයේ එකට වැඩකළ කෙනෙක්. ඔහු තිර පිටපත් රචනයෙන් දායක වූ ටෙලි නාට්‍යවලත් මම රඟපාලා තියෙනවා. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මෙවැනි ටෙලි නාට්‍යයක් සඳහා මාව තෝරාගැනීම ගැන.

  •  ඔබ පුංචි තිරයේ නිතර දකින්නට ලැබෙන නළුවෙක් නොවෙයි. මොන විදිහේ තෝරා බේරා ගැනීම්වල ප්‍රතිඵලයක් විදිහටද ඔබේ රංගනය සීමා වෙලා තියෙන්නේ?

කොහොමටත් මගේ කැමැත්තක් නැහැ අවුරුදු ගණනාවක් එක දිගට විකාශය වන ටෙලි නාට්‍යවල රඟපාන්න. ඊට එක හේතුවක් තමයි, මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකයන්ට විවිධත්වයක් අවශ්‍ය බව. ඒ නිසා ටෙලි නාට්‍යයක් කොටස් 50කට 60කට වඩා දීර්ඝ විය යුතු නැහැ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. තවත් කාරණයක් තමයි, මම ආසා කරන විදිහේ  ටෙලි නාට්‍ය අද හැදෙන්නේ බොහොම අඩුවෙන්. ඔය විදිහේ කාරණා නිසා තමයි ප්‍රේක්ෂකයන්ට මාව “සහෝදරයා” වගේ ටෙලිනාට්‍යවලින් විතරක් මුණ ගැහෙන්නේ.

  •  ඔය කියන විදිහට ඔබ මෙගා ටෙලි නාට්‍යවලටත් ස්වයං වාරණයක් පනවාගෙන සිටින නළුවෙක්?

අනිවාර්යයෙන්ම ඔව්, කීයක් දුන්නත් මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ කියන තීරණය මම මුලදීම ගත්තු එකක්.

  •  නළුවෙක් විදිහට ඔය වගේ සීමාවන් පනවා ගැනීම ආර්ථික පැත්තෙන් නම් ඒතරම් සුබ දායක නැහැ නේද?

ඒක ඇත්ත, ටෙලි නාට්‍ය කර්මාන්තය ව්‍යාපාරයක් විදිහට දියුණු මට්ටමක තිබෙනවා නම් අපි වගේ නළුවෝ මීටත් වඩා හොඳට වැඩකරයි. නමුත් ඒ විදිහේ වාතාවරණයක් ‍නෙවෙයි අද අපේ රටේ කලාව ඇතු‍ලේ තියෙන්නේ. මේ අර්බුද ගැන නොතේරෙන කාලයේදීයි තිබුණු ආසාවට මම රඟපෑමට එන්න තීරණය කරන්නේ. ආර්ථික ගැටලු දැනෙන්න පටන් ගනිද්දී තමයි ඒ තීරණයේ බරපතළකම වැටහෙන්න පටන් ගත්තේ. ඒත් ඒක වැටහෙනකොට ප්‍රමාද වැඩියි.

  •  වගකිව යුත්තන් අහක බලපු නිසාද අද නළු නිළියන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ ?

බලයට පත්වූ කිසිම ආණ්ඩුවක් ටෙලි නාට්‍ය කර්මාන්තයේ තිබෙන අර්බුදවලට විසඳුම් ලබා දෙන්න මැදිහත් වුණේ නැහැ. උදාහරණයක් විදිහට කීවොත් වෙනත් රටවල නම් ප්‍රේක්ෂකයෝ නරඹන ටෙලි නාට්‍යවල ඉන්නේ තමන්ගේ රටේ නළු නිළියෝනේ. ඒත් අපේ රටේ බැලුවොත් විකාශය වන ටෙලි නාට්‍ය වැඩි හරියක ඉන්නේ ඉන්දියානු නළු නිළියන්. මේ කියන අර්බුද වගකිව යුත්තන්ට තේරුම්ගන්න බැරි ඇයි කියන එක ලොකු ගැටලුවක්. මට හිතෙන විදිහට කලාව ඇතු‍ලේ විතරක් නමෛයි සමස්ත සමාජයේම තිබෙන අර්බුදයක ප්‍රතිඵල තමයි අපි අද මේ අත්විඳින්නේ.

  •  ටෙලි නාට්‍ය කලාවේ ඔය කියන අර්බුද තිබියදී ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් පිවිසුණා ?

ඔව්, තිබුණු ඉඩකඩම් පවා විකුණලා මම මීට වසර 5-6කට කලින් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අත ගැසුවා. නමුත් පවතින රැල්ලට නොගිය නිසා ඒ පැත්තෙන් මට සාර්ථක වෙන්න බැරි වුණා.

  •  රංගනය සහ නිෂ්පාදනය කියන කඩඉම් පසුකරපු කලාකරුවකුගේ ඊළඟ ඉලක්කය වෙන්නේ අධ්‍යක්ෂණය ?

ඇත්තටම ඔව්. ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම තමයි මගෙත් හිතේ තිබෙන ලොකුම බලා‍පොරොත්තුව.

  •  නමුත් ඔබ සඳහන් කරපු ගැටලුත් එක්ක ඔබ වැනි රැල්ලට නොයන කලාකරුවකුට සාර්ථකත්වයක් ලැබේවිද?

අර්බුදකාරී වාතාවරණය මැද වුණත් අද වෙද්දී ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ කොළ එළියක් දැල්විලා තියෙනවා. ඒ තමයි “කූඹියෝ” සහ “සහෝදරයා” කියන ටෙලි නාට්‍ය නිසා ඇතිවී තිබෙන පිබිදීම. මේ කියන සතුටුදායක තත්ත්වය තව කෙතරම් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. හැබැයි ඒ තත්ත්වය දිගටම පැවැතුණහොත් අපි වගේ කලාකරුවන්ට ඉදිරි කාලයේදී යම් අස්වැසිල්ලක් ලැබේවි.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 559

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1425

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2623

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3802

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4794

Please publish modules in offcanvas position.