Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලෝක වාර්තා තැබූ බුද්ධික හදිසි අනතුරක

බුද්ධික රඹුක්වැල්ල නළුවෙක් වගේම ලෝක වාර්තා කිහිපයක්ම තැබූ පුද්ගලයෙක්. ඔහු ඒ සෑම වාර්තාවක්ම තැබුවේ වාහන පැදවීම සම්බන්ධවයි. දෙපයින් රිය පදවලා වාහනේ රිවස් කරගෙන දුර ගමනක යෙදිලා බුද්ධික ලෝක වාර්තා තැබුවා. පහුගිය දවසක තමන්ගේ වාහනය පදවමින් සිටින අතර බුද්ධික මාරාන්තික අනතුරකට ලක් වුණා. අනූනවයෙන් ජීවිතය ගලවා ගන්නට හැකි වුණත් වාහනය බේරා ගන්නට නම් බුද්ධික සමත් වුණේ නැහැ.

සිද්ධියේ වැඩි විස්තර අපි ඔහුගෙන්ම අහලා බලමු.

  • බුද්ධික මොකක්ද මේ සිදු වූ අනතුර?

පහුගිය 30 වැනිදා හවස 7ට විතර කළුතර රොබට් පාරේ ගමන් කරමින් ඉන්න අතරේ එකපාරටම මගේ වාහනය ගිනි ගත්තා. මම වාහනෙන් පැනලා ජීවිතය ගලවාගත්තා. ඒත් වාහනයට නම් අලාබ හානි වුණා.

  •  වාහනය ගිනි ගන්නා තුරුම බුද්ධිකට දැනුනේ නැද්ද?

මම වාහනය පදවාගෙන යද්දී මට දැනුනා වයර් එකක් පිච්චෙනවා වගේ ගඳක්. ඒත් මම ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ එක පාරටම වාහනය දුමින් පිරුනා. ඒ දුම කාබන් මොනොක්සයිඩ් වායුව. ඒකට සිහි නැතුව ගියොත් වාහනය ගිනි ගත්තත් ඇතුළෙම දැවිලා යන්න වෙන බව මට තේරුනා. මම හුස්ම ගන්න එක නවත්තලා හුස්ම තද කරගෙන වාහනේ පාර අයිනේ නවතලා දොර ඇරගෙන පනින්න හැදුවා. කලබ‍ලේට දොර අරින්න බැහැ. කොහොම හරි දොර ඇරගෙන එළියට පනිනකොටම වාහනේ ගිනි ගත්තා.

  •  ඊට පස්සේ?

වටාපිටාවේ අය ඇවිත් ගින්න නිවා දැමුවා. වාහනයට නම් ඩැමේජ්. එදා මට උදව් කළ ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ. වගේම කොහුවල ‍පොලීසියේ ස්ථානාධිපති රංජිත් මහතා, ඒ.එස්.පී., සමන් ජයසේකර, රන්සිළු මෝටර්ස්හි තුෂාර, සුදත් ඔටෝ ඉම්පෙක්ට්හි සුදත් යන අයවත් ආදරයෙන් මතක් කරනවා.

  •  අනතුරට හේතුව මොකක්ද?

තවම හොයාගෙන යනවා. කාර්මික දෝෂයක් වෙන්න ඇති. එදා වැසි දවසක්නේ.

  •  ඇස් ඉදිරිපිටම වාහනේ ගිනි වැදිලා ගියාම දරාගන්න බැරි දුකක් දැනෙන්න ඇති?

මම මේ කියන දේ ඇත්ත බව මගේ බිරිඳ දන්නවා. වාහන පැදලා ලෝක වාර්තා තබපු මගේ මරණය වාහනය තුළදී වනවා නම් මම කැමතියි කියලා මම මගෙ බිරිඳට කාලෙකට ඉස්සර කියලා තිබුණා. අද ගොඩක් අය ජීවත් වෙන්නේ නොමැරෙන අය වගේ. මරණය ගැන හිතල ජීවත් වුණොත් මේ වගේ ඕනම දෙයක් විඳ දරාගන්න පුළුවනි.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1232

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1068

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1680

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3194

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4039

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4173

Please publish modules in offcanvas position.