Coss Ear2
lakbima.lk
COSS Ear 1

තිස්නව වසරක සිරදඬුවම් ලද සිරකරුට මංගල සීනු හැඬවේ

Prison1
“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න තහවුරු කරමින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ 39 අවුරුදු සිරදඬුවමක් විඳින සිරකරුවකුගේ විවාහයක් ඊයේ (7) මැගසින් බන්ධනාගාරයේදී සිදුවිය. බන්ධනාගාරයේ රැඳවියා සමග විවාහ වූයේ එස්.එස්. චමිලා බක් නමැති 41 හැවිරිදි කාන්තාවකි.
“ඔහු හිටපු ‍පොලිස් නිලධාරියෙකි. අනුරාධපුර තංගල්ල ආදී ප්‍රදේශවල සේවය කළ මොහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම නිසා අධිකරණයෙන් සිරදඬුවම් නියම විය. චෝදනා කීපයකටම වැරදිකරු වීම නිසා ඔහුගේ සිරදඬුවම වසර 39ක් බව ප්‍රකාශ කර තිබුණි. සිරගත වූ ඔහුගේ අයිතිවාසිකම් නඩු කීම වෙනුවෙන් ඉදිරිපත් වූයේ චමිලාය. සිරගත කර සිටි සෙනරත් බන්දුල ලියනආරච්චි වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අයිතියක් නැති බව බන්ධනාගාර නිලධාරීන් ඇයට දන්වා තිබේ. ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය හැක්කේ ඔහුගේ බිරිඳට පමණක් බවද නිලධාරීන් ඇයට දන්වා ඇත.
මේ උපදෙස් ඇයට හොඳ මඟපෙන්වීමක් විය. ඇය බන්ධනාගාර රැඳවියන් බලන්නට එන ඥාතියකු සේ බන්දුලගේ සැපදුක් බලන්නට බන්ධනාගාරයට පැමිණ විවාහය ගැන කතාකරගෙන ඇත. “මම ඔයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න කැමතියි. ඒකට ඉඩක් නෑ කියලා බන්ධනාගාර නිලධාරීන් කියනවා. ඔයාගේ විවාහක බිරිඳට පමණයි ඔයා වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. මම කැමතියි ඔයා එක්ක විවාහ වෙන්න” චමිලා බන්දුලට කීවේය. බන්දුල දෙනෙත් තෙත්කරගෙන ඇය දෙස බලා සිටියේ වසර 39ක සිරදඬුවම් නියම වී ඇති තමන් විවාහ කරගන්නට කැමති වූ තම අනාගත සහකාරිය කෙරෙහි උපන් අනුකම්පාව මුසු ආදරයෙනි.
දෙදෙනාගේ කැමැත්ත විවාහයට ප්‍රමාණවත්ය. හෝටල්වල හෝ වෙනත් උත්සව ශාලා අවශ්‍ය නොවේ. චාම් උත්සවයකින් විවාහය සිදුකරගත හැකි යැයි සිතූ චමිලා බන්ධනාගාර රැඳවියකු විවාහ කර ගැනීමේදී අනුගමනය කළ යුතු සියලු දෑ සම්පූර්ණ කරගත්තාය. දින සති මාස ලෙස වසර තුනක් ගත වුවද බන්ධනාගාර නිලධාරීන්ගෙන් මේ සඳහා යහපත් සහයෝගයක් නොලැබුණ බව චමිලා කියන්නේ කනගාටුවෙනි.
“අවුරුදු තුනක් ගෙවිලත් අපේ විවාහයට අනුමැතිය ලැබුණේ නෑ. අන්තිමේදී මම බන්ධනාගාර ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා හමුවුණා. එතුමා මගේ ඉල්ලීම ගැන මානුෂිකව අවධානය යොමු කරලා ඔහුගේ කාර්ය මණ්ඩලයේද සහයෝගය ලබාගෙන අපේ විවාහය සිදු කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ඉටු කරලා දුන්නා. ඒ අනුව තමයි අපේ විවාහය අද සිද්ධ වුණේ” යැයි චමිලා කීවාය.
ඊයේ චමිලා බන්ධනාගාරයට ආවේ වෙනදා බන්දුල බැලීමට එන සාමාන්‍ය කාන්තාවක ලෙස නොවේ. ඇය ඊයේ ආවේ මනාලියක ලෙසය. ඇය සමග චමිලා විවාහ රෙජිස්ට්‍රාර්වරයාටත් නීතිඥයින් දෙපළකටත් මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් සිව් දෙනකුත් බන්ධනාගාරය තුළට යාමට අවස්ථාව ලැබුණි. මේ සුවිශේෂ විවාහය මාධ්‍යයට විවෘත නොවීය. චමිලා හා බන්දුල විවාහ වූ බවට විවාහ සහතිකයේ ලියවිණ. සාමන්‍ය විවාහයේදී පළමු දිනයේදී මනාලයා හා මනාලිය හනිමුන් ගියත් චමිලා හා බන්දුල විවාහයෙන් පසු නැවත වෙන් විය. බන්දුල සිරකුටියට ගියේය. චමිලා ඇගේ ඥාතීන් සමග නිවසට ආවාය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2146

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3107

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3392

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1377

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3295

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2426

Please publish modules in offcanvas position.