Coss Ear2
lakbima.lk
COSS Ear 1

අරලිය ගහ මන්දිරයේ 'බොරු රැස්පොට්' පෙන්වූ ගුරුවරයා

ගම්පොළ කුරුඳුවත්ත ‍පොලීසියට අනුයුක්ත උප ‍පොලිස් පරීක්ෂක සමීර රංගන හා ‍පොලිස් සැරයන් සිංහපාල (15419)  යන නිලධාරීහු රථවාහන පරීක්ෂාවක යෙදී සිටියදී ආරක්ෂක පටි නොපැළඳු මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කළහ.  එවිට ඒ සම්බන්ධ වරද පිළිනොගත්  රියදුරු අසුනේ සිටි එම තැනැත්තා පොලිස් නිලධාරීන් වෙත හැඳුනුම්පත දිගු කළේ 'මම අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ අරලියගහ මන්දිරයේ ඩියුටි කරන කෙනෙක්' යැයි පවසමිනි.

එම හැඳුනුම්පත පරීක්ෂා කළ උපපොලිස් පරීක්ෂකයාට පොලිස් රාජකාරි හැඳුනුම්පතක් වන එහි සඳහන් මෙම වැකිය කියැවීමට ලැබුණ.  

"මෙම හැඳුනුම්පත හිමි අය නිසි පරිදි පත්කරන ලද පොලිස් නිලධාරියෙකු බවත් ඔහු වෙත පැවරෙන රාජකාරි ඉටුකිරීම සඳහා මෙය ඔහුගේ අධිකාරි බලය වන බවත්  මින් සහතික කරමි."

එම හැඳුනුම්පත 2002 වසරේ ඔක්තේම්බර් 15 වෙනි දින නිකුත් කරන ලද බවත් එහි පොලිස්පතිවරයා සහ අපරාධ වාර්තා කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා අත්සන් තබා ඇති නිළ හැඳුනුම්පතක් ලෙස මතුපිටින් පෙනුණද  උපපොලිස් පරීක්ෂක සමීර ‍ගේ සිතට සියුම් සැකයක් පහල විය.ඒ අනුව එම හඳුනුම්පත වැඩිදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඔහු පොලිස්ථානය වෙත ගෙන්වා ගන්නා ලදී එවිට අනාවරණය වූයේ ඔහු අග්‍රාමාත්‍ය  ආරක්ෂක කොට්ඨාශයේ අරලියගහ මන්දිරයේ සේවය කරන පෙලිස් නිලධාරියෙකු ලෙස හඟවමින් ශ්‍රී ලංකා ‍පොලීසිය නොමග යැවීමට උත්සාහ කළ ගම්පොළ අධ්‍යාපන කලාපයේ රජයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු බවය.

ඒ අනුව ඔහු භාවිතා කළ ව්‍යාජ හැඳුනුම්පත සහ මෝටර් රථයද සමඟ ගම්පොළ කුරුඳුවත්ත ‍පොලීසිය මගින් පෙරේදා (26) දින ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ, තැලිහුන්න, මීතලාව ප්‍රදේශයේ පදිංචි   හතලිස් හැවිරිදි විවාහකයෙකු වන මොහුගේ බිරිඳද රාජ්‍ය  නිලධාරිනියක් බව අනාවරණය වී තිබේ.

මොහු කලින් ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධව සිටි බවටද තොරතුරු ලැබී ඇත. එහෙත් මොහු සකසා ඇති ‍පොලිස් දෙපාර්තමේන්තු  හැඳුනුම්පත විවිධ කටයුතු සඳහා වසර ගණනාවක් භාවිත කර ඇති බව ‍පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එහෙත් එය කිසියම් අස්වාභාවික මානසිකත්වයක් මත සකස්කරගත් එකක්ද නැතහොත් විවිධ වංචනික ක්‍රියා සඳහා සකසා ගත් එකක්ද යන්න පිළිබඳව මේ වන විට මූලික පරීක්ෂණ සිදුකෙරෙමින් තිබේ.

සැකකරු ඊයේ (27) ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ගම්පොළ කොට්ඨාස බාර ‍පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් සහකාර ‍පොලිස් අධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ කුරුඳුවත්ත ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක චන්දික ශ්‍රී කාන්ත මහතා ප්‍රමුඛ ‍පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

එස්.ඩී. රාජනායක - ගම්පොළ

 

 

 

 

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1940

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2952

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3277

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2376

Please publish modules in offcanvas position.