Coss Ear2
lakbima.lk
COSS Ear 1

පොලිස් OIC ග්‍රාම නිලධාරිනියගේ හැට්ටය අස්සට අත දාලා

සැමියා නිවසේ නොමැති අතරේ තම නිවසට බීමතින් පැමිණි රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා තම හැට්ටය තුළට අත දමා ලිංගික අතවරයක් කළ බව කියමින් ග්‍රාම නිලධාරිනියක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

තම සැමියා ඩෙංගු රෝගය වැළදී රෝහල් ගතව සිටින අතර බීමතින් තම නිවසට පැමිණි රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා අවස්ථා දෙකකදීම තමන්ට මෙලෙස ලිංගික අතවර කළ බවත් මෙම සිද්ධිය කිසිවකුට නොපවසන ලෙස පවසා එසේ පැවසුව හොත් මරා දමන බවට තර්ජනය කළ බවත් එම ග්‍රාමනිලධාරිණිය පොලිස්පති වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

ඇගේ පැමිණිල්ල අනුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් යුත්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි දිසානායක මහතා අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහුගේ මෙම ක්‍රියාවට අනුබල දුල් බවට සැක කෙරෙන ත්‍රි රෝද රථ රියදුරෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරු අද (12) තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර රත්නායක, පොලිස් පරීක්ෂක එම්.ඩී.පී.සී.ගුණතිලක යන මහත්වරු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.