Coss Ear2
lakbima.lk
COSS Ear 1

වවුල් පරාදීසයක් වූ කේ.ජයතිලක නිදහස් පුස්තකාලය

සියනෑ පුරවරයේ ජීවත් වු ශ්‍රේෂ්ඨ ‍ලේඛකයකු වූ කේ. ජයතිලක මහතා විසින් තම ජන්මය ලත් වතුරුගම කන්නිමහර පිහිටි ඔහු ජීවත් වූ නිවසේ ඔහු විසින්ම ආරම්භ කරන ලද කේ. ජයතිලක නිදහස් පුස්තකාලය මේ වන විට වැසී යාමේ තත්ත්වයකට පත්ව ඇති බව අපට එහි කළ සංචාරයකදී දැකගන්නට හැකිවිය. 
 
සිය ගම් පියසෙහි වූ තම සහෘදයන්ගේ මෙන්ම දූ දරුවන්ගේ ඥාණාලෝකය උද්දීපනය කරනු වස් ඔහු ජීවත් ව සිටියදීත් තමා අතින් ලියැවුණු පත ‍පොත ඇතුළු රටේ ජාතික උරුමයක් වූ සාහිත්‍යධරයන් රැසකගේ වටිනා ‍පොත් පත් රැසක් මෙම පුස්තකාලයේ තැන්පත් කිරීමට කේ. ජයතිලක මහතා අමතක කළේ නැත. 
ඒ අන්දමින් එදා මෙම පුස්තකාලයේ තැන්පත් වූ විවිධ ‍පොත් පත් සංඛ්‍යාව දහසය දහසකට වඩා ආසන්න වූ බව නොරහසකි. ඒවා බොහොමයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත ‍පොත් බවද බොහෝ දෙනකු පවසති. 
2004 ජුනි මස 27 වැනි දින ආරම්භ කළ මෙම පුස්තකාලය එදා කේ.ජයතිලක මහතා සිිය හදවත මෙන් ආරක්ෂා කළහ. මේ වන විට එම ස්ථානය වවුලන්ගේ පාරාදීසයක් බවට පත් වෙමින් පවතී. 
මෙයට වසර කිහිපයකට පෙර සාහිත්‍ය මාසය තුළ මෙම ස්ථානයේ පවත්වා ගෙන ගිය දේශන - සම්මන්ත්‍රණ හා සාහිත්‍යධරයන්ගේ විවිධ වැඩසටහන් තබා 2015, 2016,2017  යන වසරවල පවත්වාගෙන ආ සාහිත්‍ය උත්සවය ද මේ වන විට මෙහි පැවැත්වෙන්නේ නැත. 
පසුගිය දිනක අප එහි යන විට පුස්තකාලය තුළ වූයේ ඉතා පාළු ස්වාභාවකි. 
වර්ෂා අවස්ථාවේ වහලයේ කඩතොළු තුළින් පුස්තකාලය තුළට ජලය වෑස්සෙනු අපට දකින්නට ලැබුණි පුස්තකාලය තුළ ඇති, ‍පොත් බැහැර ගෙන යාමේ අංශය. දුර්ලභ ‍පොත් සහිත විමර්ශන අංශය , ප්‍රකට  ‍ලේඛකයන්ගේ ඡායාරූප හා ඔවුන්ගේ අත් පිටපත් ප්‍රදර්ශන අංශය, විදේශ රටවලින් ලද සිහිවටන අංශය සහ විවිධ රටවල පැරණි මුදල් නෝට්ටු සහ කාසි  ප්‍රදර්ශන අංශය වැනි ස්ථාන වසර කිහිපයකින් සංස්කරණය කළ බවක් නොපෙනේ. 
‍පොත් බැහැර දීමේ අංශයේ ‍පොත් රාක්ක තුළ ‍පොත්පත් නිසි පිළිවෙළකට තබා නැත. 
මෙම පුස්තකාලයට සිදුව ඇති ප්‍රබල හානිය වී ඇත්තේ දුර්ලභ ‍පොත් සහිත විමර්ශන අංශයට බව ප්‍රදේශවාසීන් රැසක්ද මෙම ස්ථානයට  ලෙන්ගතු කිහිපදෙනකු අප හා පැවැසූහ. ඉන් බොහෝ දෙනකු අපිට කීවේ පුස්තකාලයේ දුර්ලභ ‍පොත් අංශයේ තිබූ වටිනා ‍පොත් රැසක් ඉන් අස්ථාන ගත වී ඇති බවයි. 
මේවායේ වටිනාකම මිල කළ නොහැකි බවද ඒ අසල වෙසෙන පුද්ගලයෙක්  අපිට පැවැසීය. 
පුස්තකාලයේ වූ දුර්ලභ ‍පොත්  අංශය මේ වන විට පස් දෙනෙක් වූ දරු පවුලක වාස භූමිය වී ඇත. මේ හේතුව නිසා එම අංශයට ඇතුළු වීමට කිසිවෙකුට අවසර නැත. 
මේ අයුරින් දැයේ දරුවන්ගේ සාහිත්‍ය රසාස්වාදයට කේ.ජයතිලක මහතා ඇති කළ නිදහස් පුස්තකාලය දෙස අද බලධාරීන්ගේ පමණක් නොව සාහිත්‍යධරයන්ගේ ද ඇල්ම බැල්ම නොලැබි යාම කාගේත් කනස්සල්ලට හේතු වී ඇත. 
අපට මේ  බව අසන්නට දකින්නට හැකි වූයේ සාහිත්‍ය මාසයේ අපි එහි කළ සංචාරයකින් අනතුරුවය. 
කේ.ජයතිලක මහතා වසර 75කට අධික කාලයක් දිවි ගෙවූ වතුරුගම, කන්නිමහර ප්‍රදේශයේදී රමණීය පරිසරයක පිහිටි ඔහුගේ නිවස මෙන්ම අවට පරිසරයද  වසර ගණනාවකින් සංවර්ධනය  කර ඇති බව නොපෙනේ. 
මෙයට වසර හය හතකට පෙර එතුමා ජීවත්ව සිටියදී දැයේ දරුවන් උදෙසා ආරම්භ කරන්නට මුල්ගල තැබූ සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට නියමිත භූමියේද අද වල් බිහිවී ඇත. 
එක් අවස්ථාවක එම පුස්තකාල පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගි වූ දිවංගත හෙළයේ මහා ගාන්ධර්වයන්වූ ආචාර්ය අමරදේවයන් සහ නන්දා මාලීනි මහත්මිය අතින් රෝපණය කළ ඇහැළ ගස් කවුරුන් හෝ කපා විනාශ කර දමා ඇත. 
පුස්තකාල පරිශ්‍රය සහ එහි ‍පොතපත සංරක්ෂණය සඳහා යොදවා තිබූ  පරිපාලන ව්‍යුහය අද එහි ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නැත. 
ජයතිලක නිදහස් පුස්තකාල නිවහන බොහෝ කලකින් අලුත් වැඩියා කළ බවක්ද නොපෙණුනි. 
පුස්තකාලය තුළ ඇති විදුලි පහන් ආලෝකය එවැනි ස්ථානයකට නොසෑහේ. 
අප මෙම තත්ත්වය පිළිබඳව පුස්තකාලය අසල වෙසෙන කේ.ජයතිලක මහතාගේ සොයුරු ප්‍රේමරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පුස්තකාලය පවත්වා ගෙන යාමට විවිධ බාධා පවතින පවයි. 
එහි වගකිව යුත්තන්ගේ අවධානය නොලැබිම නිසා මෙහි පරිහානිය සිදුවෙමින් පවතින බව ඔහු පවසයි. තම සොහොයුරාගේ මුළු හදවතින් දැයට දායාද කළ මෙම පුස්තකාලය මෙසේ පරිහානියට පත්වෙමින්  තිබිම ඔහුටද බලවත් වේදනාවකි.
 
ආරියපාල වීදාගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1697

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1376

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2186

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3500

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4286

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4451

Please publish modules in offcanvas position.