Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස පැවැත් විණි. 
වසරේ හොඳම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය නිළිය, හොඳම  ටෙලි නාට්‍යය, හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයා, ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම ටෙලි නාට්‍යය යන සම්මානද ඇතුළුව  පසුගිය වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන්  ආවරණය වන පරිදි මෙහිදී සම්මාන පිරිනැමිණ. 
ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය අනුව 22 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නළුවා ලෙස  කාවිංග පෙරේරාත් ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමආරච්චිත් අභිෂේක ලැබූහ. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස මෙවර  සම්මාන ලැබූවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයයි.
තමන් වඩාත් ප්‍රිය කරන කලා ශිල්පීන්, ශිල්පිනියන් සහ ටෙලි නිර්මාණ සුමති සම්මාන උළෙ‍ලේදී සම්මානයට පාත්‍ර කරවීම සඳහා ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය සහ ජනප්‍රියම  ටෙලි නාට්‍යය වෙනුවෙන් “ලක්බිම” සහ “රැජිණ” පුවත්පත්වල පළවූ කූපන්පත් එස්.එම්.එස්. මෙන්ම ෆේස්බුක් හරහාද මනාපය පළකිරීමේ  අවස්ථාව ප්‍රේක්ෂක ජනතාව වෙත උදාකරදී තිබිණි.
රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ප්‍රමිතිය පවත්වා ගැනීමේ අරමුණින් පසුගිය  වසරේ විකාශය වූ  හොඳම වෙළෙඳ දැන්වීම වෙනුවෙන්ද මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන පිරිනැමිණ. එක් එක් රූපවාහිනී නාළිකා මගින් ඉදිරිපත් කරනු ලැබූ විශේෂාංගයන් ඇතුළු ගායන  සහ නර්තනාංග රැසකින්ද 22 වැනි සුමති සම්මාන උළෙල වර්ණවත් විය.
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග්  ආසියාටා සමාගමත්, අනෙකුත් අනුග්‍රාහක ආයතනය ලෙස මහජන බැංකුවත් කටයුතු කළේය. ස්වාධීන රූපවාහිනී සේවය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.
තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු සුමති සම්මාන උළෙල රූපවාහිනී මාධ්‍යයේ උන්නතිය උදෙසා වසරක් පාසා ලබාදෙන මිනුම් දඬුවක් ලෙසද හෙළ කලා අඹර තුළ අභිෂේක ගැන්වී ඇත. 
සුමති සම්මාන උළෙලකදී  සම්මානයකට පාත්‍රවීම කලාකරුවකු හෝ කලාකාරිනියක ජීවිතයේ ලබන සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන  අතර තමන් සම්මාන ලැබුවද නොලැබුවද තම සහෝදර  කලා ශිල්පීන්  සහ ශිල්පිනියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්‍පොළසන් දී ඔවුන් දිරිමත් කරන්නට එක්වන කලාකරුවන්ගෙන් සෑම වසරකම  සුමති සම්මාන රාත්‍රිය පිරී ඉතිරී යයි.
සුමති සම්මාන උළෙල සජීවීව දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අනිද්දා (22) රාත්‍රී 9.30 සිට ස්වාධීන රූපවාහිනියෙන් සුමති සම්මාන උළෙල විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
 
සම්මාන ලේඛනය 
 
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වෙන “සුමති ටෙලි සම්මන උළෙල” විසි දෙවැනි වතාවටත් පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ නෙළුම්‍පොකුණ රඟහ‍ලේදී අති උත්කර්ෂ්වත් අන්දමින් පැවැත්වුණා. පසුගිය වසරේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ දස්කම් පෑ අය මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ එහි අසිරිමත් දසුන් පෙළක්. 
 
කුසලතා සම්මාන
1. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ මොනිකාගේ චරිතය රඟපෑ නිරෝෂා තලගල.
2. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ සීලම්බරගේ චරිතය රඟපෑ කුමාර තිරිමාදුර.
3. ප්‍රියන්ත සිරිකුමාර.
 
* ළමා තාරකාව - ‘තාරා’ ටෙලි නාට්‍යයේ ‘තාරා’ගේ චරිතය රඟපෑ සහේලි සදිත්මා සතරසිංහ.

* නැගී එන ටෙලි නාට්‍ය නළුවා -  බොහිමියානුවා ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතය රඟපෑ සජිත අනුත්තර.

* නැගී එන ටෙලි නාට්‍ය නිළිය - මා ද ඔබම විය ටෙලි නාට්‍යයේ සුභාෂිනිගේ චරිතය රඟපෑ ගයානි රාජපක්ෂ.

* හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන - ජීව සොබා (ජාතික රූපවාහිනිය/ පූජිත දිසානායක)

* හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන - සිහිනයකි රෑ (ජාතික රූපවාහිනිය/ මහේෂ් නිශ්ශංක)

* හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන - ජන අසුන (සිරස ටී.වී./ සමිත් බස්නායක, සමන්)

* හොඳම රූපවාහිනී පූරක - ලක්මාලි ප්‍රදීපිකා වෙලගෙදර (මහඋළුගෙදර- වැලිකඩ/ ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන - අරුම පුදුම රෝද හතර (ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - රන් පෙළහර (ජාතික රූපවාහිනිය)
 
* ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා - කාවිංග පෙරේරා

* ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමාරච්චි

* ජනප්‍රිය ටෙලි නාට්‍ය - දවෛනි ඉනිම
 
ජූරියේ විශේෂ සම්මාන
1. ග්‍රැහැම්බෙල්වත් හිතුවාද? ටෙලි නාට්‍යයේ තිර රචනය වෙනුවෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර.
2. සික්කා ටීම් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රදීප් ධර්මදාස.
3. ‘විභාගය ෆේල්’ ටෙලි නාට්‍යය රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් ලක්මිණි අමරදේව.
 
හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණය :
1. ප්‍රථම ස්ථානය - දෙරණ නාලිකාව
2. දෙවන ස්ථානය - ස්වර්ණවාහිනිය
 
හොඳම රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති වාර්තාකරණය:
ප්‍රථම ස්ථානය - ස්වර්ණවාහිනිය (සජිත් රණසිංහ)
දෙවන ස්ථානය - ස්වාධීන රූපවාහිනිය (ඉන්දික වීරකෝන්)
 
* හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - සුමිත් රත්නායක (මද්දහන ටෙලි නාට්‍යයේ මද්දහනේ අස්වැද්දුම ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් (මාද ඔබම විය ටෙලි නාට්‍යයේ ‘වැල්ලට ඉර’ ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම (ගොළු තාත්තා)

* හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ - භාග්‍ය ශ්‍රි ෆොන්සේකා (තාරා ටෙලි නාට්‍යය)

* හොඳම ටෙලි නාට්‍ය කැමරා කරණය - තිසර තුල්වන් (මද්දහන ටෙලි නාට්‍යය)

* හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - පසුතැවිල්ල (ආනන්ද අබේනායක, ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - ළමා විද්‍යාගාරය (ස්වාධීන රූපවාහිනිය, තුෂාරි ගමගේ) 

* හොඳම ළමා වැඩසටහන - ටිකිරි සිනාමල් (රංගිරි ශ්‍රී ලංකා, නුවන්ප්‍රිය අබේකෝන්)

* හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන - ඇය නැති ලොවක් (සිරස ටී.වී., පුළිඳු -මිස්සක)

* හොඳම රූපවාහිනී අංග රචනය - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය, නාරද ධනංජි- තොටගමුව/ විධුර ශානක අබේධීර)

* හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
* හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - 
1. තෙවන ස්ථානය - නයෝමි ප්‍රනාන්දු (දෙරණ)
2. දෙවන ස්ථානය - ඉෂාරා සමරසිංහ (ස්වර්ණවාහිනිය)
3. ප්‍රථම ස්ථානය - නිශාන්ති දිල්රුක්ෂි (ස්වාධීන රූපවාහිනිය)
 
* යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන - ස්වර්ණා මල්ලවආරච්චි/ නීටා ප්‍රනාන්දු

* හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා - ලක්ෂ්මන් මෙන්ඩිස් (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - ගයනි ගිසන්තිකා (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නළුවා - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නිළිය - උමාලි තිලකරත්න (බොහිමියානුවා, ස්වර්ණවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය - මද්දහන, ස්වාධීන රූපවාහිනිය
 
* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව - ස්වාධීන රූපවාහිනී සේවය 
 






















 
සටහන: ආරියවංශ කුලතිලක/ කිෂාන් කනංකේ 
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ, ලක්මාල් වසන්ත, ප්‍රියන්ත ගමගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.