Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

රන්ජන්ට දඬුවම් නොදෙන්න හේතු දැක්වීමට නියෝග

IMAGE 2018 Jun 19 01:11
ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මගින් අධිකරණයට සිදුවී ඇති අපහාසයට එරෙහිව දඬුවම් නොකළ...
Views - 282
එසැනින් පුවත්

161 ට ඩොලරය නගී

IMAGE 2018 Jun 19 00:45
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගැනුම් හා විකුණුම් අනුපාත සටහනට අනුව ඇමෙරිකා එක්සත්...
Views - 243

පාතාලයේ ෂෙල්ටා අත්අඩංගුවට

IMAGE 2018 Jun 19 00:35
ඝාතන දෙකක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙක් වන අසිත ප්‍රේමතිලක...
Views - 267

ඥාණසාර හිමිට දඬුවම් කළේ රටෙහි පවතින නීතිය අනුවයි

IMAGE 2018 Jun 18 15:02
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අධිකරණය විසින් පනවන ලද දඬුවම රටෙහි පවත්නා...
Views - 1043

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය ගිය දරුවාගේ පියා නඩු මඟට

IMAGE 2018 Jun 18 13:56
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී රෝහල් ගත කිරිමෙන් පසු තම දරුවා මිය ගියේ...
Views - 1172

එජාපයට නව නායකත්වයක් ඕනෑ

IMAGE 2018 Jun 18 13:52
මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා...
Views - 1131

චීන රජයෙන් වසර 12ක් තුළ රු.කෝටි 102,900ක ණය අරන්

IMAGE 2018 Jun 18 09:47
ශ්‍රී ලංකාව චීන රජයෙන් රුපියල් බිලියන 1029ක ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී...
Views - 809

යුද හමුදා නිලධාරීන්ට කළ හැකි මානුෂීය සේවය රත්නප්‍රිය පෙන්නුවා

IMAGE 2018 Jun 18 09:37
යුද හමුදා නිලධාරීන් යුද්ධවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට මානුෂීය මට්ටමින්...
Views - 1018

කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තැබිමට ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක්

IMAGE 2018 Jun 17 22:59
කතරගම කිරිවෙහෙර විහාරධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක...
Views - 1250

සංශෝධිත පනතින් විදෙස් අතපෙවීම් වැඩිවේ

IMAGE 2018 Jun 17 22:55
සාපරාධී කාරණවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම...
Views - 792

මිහින්ත‍ලේ නාහිමිටත් මරණ තර්ජන

IMAGE 2018 Jun 17 22:52
මිහින්තලය රජ මහා විහාරයේ භාරකාර විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක...
Views - 1191

පනත සම්මත වී සති 5යි එක් අධිකරණයක්වත් නෑ

IMAGE 2018 Jun 17 22:46
මහා පරිමාණ මූල්‍ය අපරාධ හා දූෂණ නඩු අඛණ්ඩව විභාග කිරීම සඳහා මහාධිකරණ...
Views - 1006

ඤාණසාර හිමිට සිවුරේ රැඳෙන්න දෙන්න

IMAGE 2018 Jun 17 22:42
වරදට දඩුවමක් ලෙස අධිකරණය මගින් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරය ඉවත්...
Views - 1500

තැපැල් වර්ජනය ගැන බලධාරීන්ගේ අවධානයක් නැහැ ; දින 6ක පාඩුව කෝටි 15ක්

IMAGE 2018 Jun 17 22:37
තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලු...
Views - 811

පෞද්ගලික රෝහල්වල වැට් අහෝසියි

IMAGE 2018 Jun 17 22:34
පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද මේ සතියේ සිට අහෝසි කරන බව මුදල් හා...
Views - 810

ෆොන්සේකාගේ අලි මෙහෙයුම ජනපති අණින් නවතී

IMAGE 2018 Jun 17 22:29
ජනපතිවරයාගේ තීරණයට ඉහළින් යාමට තමාට නොහැකි බැවින් සිංහරාජයේ අලින් දෙදෙනා...
Views - 1331
එතෙර පුවත්

ට්‍රම්ප්ගෙන් කිම් ජොං-උන් ගැන ලොකු වර්ණනාවක්

IMAGE 2018 Jun 18 10:22
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට උතුරු කොරියානු නායක කිම් ජොං-උන් ගැන කතා කරන්නේ...
Views - 388

ඔස්ට්‍රේලියානු හමුදා වාහනයක තිබූ නට්සි ධජය නිසා ආන්දෝලනයක්

IMAGE 2018 Jun 15 14:53
ඇෆ්ගනිස්ථානයේදී  ඔස්ට්‍රේලියානු හමුදා වාහනයක නට්සි ධජයක් ලෙළ දෙමින්...
Views - 939

චීනයට ඉඩම් දීමට එරෙහිව වියට්නාමයේ විරෝධතා

IMAGE 2018 Jun 14 10:50
චීනයට ඉඩම් බදු දීමකට එරෙහිව කලකට පෙර අපේ රටේ ද ලොකු විරෝධතාවක් පැන නැගුණු...
Views - 367

පින්තූර ගැලරිය

IMAGE

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 373

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 2189

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 3547

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 1934

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1267

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1653

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 2777

පොසොන් උදාවේ ජනපතිගේ "දේශපාලන තිඹිරිගෙදර" සුනඛ සංහාරයක්?

IMAGE 2018 Jun 12 09:40
පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව...
Views - 1362

ටෙලි නිළියක් ඇතුළු කතුන් 7ක් ගණිකා වෘත්තියේ

IMAGE 2018 Jun 11 12:08
ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ...
Views - 6950
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 85
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 120

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 91

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 459
logo
 
කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 1162
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1073

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1141
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 457
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 656
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

පුතා කඩුව ගෙන ගියේ සිරිසඟබෝ නාට්‍ය පුහුණුවට

IMAGE 2018 Jun 12 11:45
මන්ත්‍රීවරුන් ඉන්නේ දුකෙන්ය. හැඬු කඳුළෙන්ය. ජීවත්වෙන්න අමාරුය. බදු බරද ඉහළය. දුක කියන්න කෙනෙක් නැත්තේය. ගෙදරින්ද ගෝරිය. ඉස්සර දුක දැනුනේ ශක්‍රයාටය....
Views - 1303
විශේෂ පුවත්

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 65

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 384

වයඹ ඇළ ව්‍යාපෘතිය 2020 අවසානයේදී අවසන්

IMAGE 2018 Jun 13 09:38
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිඳින ප්‍රදේශ වෙත මහවැලි ජලය...
Views - 554

ගම්පොළ සිසුවියක් මාස 7ක සිට නිවසේ

IMAGE 2018 Jun 12 11:51
ගම්පොළ නගරයේ පාසලක පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දැරියකගේ පාසල් ගමන...
Views - 730

බිලිඳු පුතු පැහැරගන්න එංගලන්තයේ සිට සැලසුම් හැදූ තාත්තා

IMAGE 2018 Jun 10 16:59
වව්නියාව, ගුඩ්ෂෙඩ් පාරේ පිහිටි නිවසකට ඉකුත් 31 දා අලුයම 2.30ට පමණ සුදු පැහැති...
Views - 1568

හෙක්ටයාර 20,000ක් දක්වා කටු‍පොල් වැවීමට රජයෙන් අවසර

IMAGE 2018 Jun 08 11:43
ඉහළ ආර්ථික විභවයක් සහිත ශාකයක් වන ඔයිල් පාම් (කටු‍පොල්) වැවීම සඳහා...
Views - 1361

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල හා'හෝවක් මේ වන විට සමාජය පුරා පැතිර තිබේ.

රූපවාහිනිය, පුවත්පත් ආදී මාධ්‍ය ඔස්සේ සතියක් තුළ එම මන්ත්‍ර කරුවන් විසින් පළ කරනු ලබන දැන්වීම් වල මූල්‍ය වටිනාකම ගණනය කළ හැක්කේ රුපියල් මිලියන ගණනිනි. ඒ අනුව ‍ඉහත සඳහන් ගුප්ත ශාස්ත්‍ර මුල්කොට කෙතරම් සුවිසල් මූල්‍ය සංසරණයක් අප සමාජය තුළ පවතී දැයි  වටහාගත හැක. ඒ අතරේ මෙම ගුප්ත ශාස්ත්‍ර මුල්කොට සිදුවන දහසකුත් එකක් වංචනික ක්‍රියා සමාජයේ සැඟව ඇති බවද ප්‍රසිද්ධ රහසකි. ඊට හේතුව මේවාට නතු වන්නවුන් තමන් මුහුණ පෑ වංචා පිළිබඳව නීතිය හෝ සමාජය හමුවේ අනාවරණය නොකිරීමය.

මේ අතර මෙම ගුප්ත ශාස්ත්‍ර මුල්කොට ස්ත්‍රී දූෂණ සහ අපචාර සිදුවීම් රාශියක් සිදුවන අතර ඔබ මෙය කියවන ‍මොහොතේ ද දිවයිනේ කිනම් හෝ තැනක එවන් ඛෙදවාචක කිහිපයක් සිදුවෙමින් පැවතීමේ අරුමයක් නැත.

රොඩී ජනතාව සතුව ඇතැයි පැවසෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ මහත් බියක් පැවති බවට ඵෙතිහාසික සාක්‍ෂි  ඕනෑතරම් තිබේ. 

ඕනෑම කුලවත් වංශවත් කාන්තාවකගේ සිහිවිකල් කොට නීච කුල බන්ධනයට නතු කරගනිමින් ඇය තම වාසස්ථානය හෙවත් කුප්පායම වෙතඅද්දවා ගැනීමේ ගුප්ත හාස්කම් බලයක් මෙම ගෝත‍්‍රිකයන් සතුව ඇතැයි පැරැන්නෝ තදින්ම විශ්වාස කළහ. විශේෂයෙන් මෙම ගෝත‍්‍රයේ පිරිමියකු වෙනත් කුලයක කාන්තාවකගේ සිරුරට අත තැබීමෙන්ම ඇය මෙම බන්ධනයට නතු වන බවක් එකල ප‍්‍රචලිතව පැවතිණ.

මිනිසුන් දහස් ගණන් රැස්වන බදුල්ලේ පැවැත්වෙන (ආගමික) උත්සව අතරට රහසින් රිංගන මෙම මිනිසුන්ගේ වසඟයට පත්වීම වළක්වනු පිණිස ඒවාට එක්වන කුලවත් කතුන් හතර පස්දෙනා එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන ගමන් කළ පුවතක් ලූවිස් එෆ් ලෙසින් 1861 වසරේ තැබූ සටහනක (A Brief Account of Ceylon, Jafna) දැක්වෙයි.

නමුත් රොඩී ගෝත්‍රිකයන් සතුව එවැනි හාස්කම් බලයක් ඇතැයි පැවසීම පට්ටපල් බොරුවකි.

මෙම හුලවාලී මන්ත‍්‍ර ගුරුකම්වල පාරම්පරික හිමිකරුවන් බව පැවසෙන රොඩී හෙවත් ගාඩි ජනයා පිළිබඳ විවිධ මුඛ පරම්පරාගත කතා පවතී. එහෙත් ඔවුන් පිළිබඳ තතු ශ‍්‍රී ලංකාවෙන් බැහැරට ගෙන යාම පිළිබඳ ගෞරවය ක‍්‍රි.ව. 1660-1679 අතර මෙරට එළිමහන් සිරකරුවකු ලෙස දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් ශී‍්‍රමතානන්ට අවිවාදයෙන් පුද කළ යුතුය. ශී‍්‍ර ලංකාවේ විශේෂිත ජන කොටසක් වන මෙම ජනයා පිළිබඳව ඉන්පසු විවෘත අවධානයක් යොමුව ඇත්තේඉංගී‍්‍රසි යටත් විජිත සමයේ බව මූලාශ‍්‍ර විමසීමේදී පෙනෙයි. ෆර්ගියුසන්, එමර්සන්ටෙනන්ට්, හියු නෙවිල්, ජෝන් ඩොයිලි, විල්හෙම් ගයිගර් ආදී බටහිරජාතිකයන් මෙම ජන කොටස පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කිරීමෙන් අනාගත පරපුර උදෙසා ඉටුකළ මෙහෙවර අති විශිෂ්ටය. ඔවුන් අතරින් 1865 ශී‍්‍ර ලංකාවට පැමිණි ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිලධාරී හියු නෙවිල් මෙම කූරගන්දෙණිය ඇතුළු එම ජනතාව වෙසෙන ස්ථානවලට ගොස් ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරය වටහාගෙන ඒ පිළිබඳව මානව සහ සමාජ විද්‍යාත්මක නිරීක්‍ෂණ සිදුකොට තිබීම විස්මය දනවන්නකි. ඒවා මුල් කොට තැප්‍රොබේන් වැනි සමකාලීන වාර ප‍්‍රකාශනයන් හි ඔහු තැබූ සටහන් අදත් ජීවමාන ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්වකවානුවේ කන්ද උඩරට බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රමුඛ කොමසාරිස් පදවිය හෙබවූ ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ වාර්තාවල ද හුලවාලී ගුරුකම් සඳහා ප්‍රසිද්ධ  කූරගන්දෙණිය සහ එහි ජනතාවගේ ඉඩම්හිමිකම් පිළිබඳව පවා සඳහන් වීම විශේෂත්වයකි. එහෙත් ඒ කිසිදු සටහනක ඔවුන් සතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව එක් වදනකු ද සටහන්ව නැත.

ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යා අංශාධිපති පදවිය හොබවා පසුව ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවට එක්වී ශ‍්‍රී ලංකාවේ ජන වර්ග පිළිබඳව ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් කළ සුප‍්‍රකට මානව විද්‍යාඥ එම්.ඩී. රාඝවන් මෙරට රොඩී ජනයා පිළිබද විශිෂ්ට නිබන්ධනයක් ඉදිරිපත් කොට තිබේ. එම ක්ෂේත‍්‍රය පිළිබඳ සිය ගවේෂණ ඇසුරින් 1956 වසරේ එළිදැක්වුණු ඔහු විසින් රචිත Handsome Beggars, The Story of The Ceylon Rodiya නම් කෘතිය එම ජන සමාජයේ අඳුරු මුළු රාශියක් ඒකාලෝක කරමින් එල්ල කෙරුණු අතිශය දීප්තිමත් අලෝක ධාරාවකි. සමස්ත ශී‍්‍ර ලාංකික රොඩී ජනතාව වෙත අතිශය ආදරණීය වූත් සානුකම්පිත වූත් බැල්මක් හෙළන රාඝවන් පඬිවරයා මෙම කූරගන්දෙණිය ගැමියන් හා සුහද සමීප ඇසුරක් පැවැත් වූ බවට ප‍්‍රබල සාක්‍ෂි තම කෘතියෙන්ඉදිරිපත් කරයි. කූරගන්දෙණිය ජනතාව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස සිට හිමිකම් කියන පැහැදිලි ඉතිහාසයක උරුමක්කාරයන් බව කියන රාඝවන් 1948 වසරේසිදු වූ කූරගන්දෙණියේ ගම් ප‍්‍රධානියා හෙවත් අවුසඳා හුලවාලියාගේ පුත්කරුණාරත්න ගේත් එම ජන වර්ගයටම අයත් ගම්පළ වේවැල්දෙණියේ යශෝගේත් විවාහමංගල්‍යය පිළිබඳව වර්ණනා කරනුයේ ඔවුන්ගේ සාම්ප‍්‍රදායක මංගල චාරිත‍්‍ර එකි'නෙක අතිශය විචිත‍්‍රවත් අයුරින් අප හමුවට ගෙන එමිනි. මට හිතෙන හැටියට රාඝවන් එම ගැමියන්ගේ මගුල් තුලා ආදියට පවා සහභාගි වී තිබේ. එහෙත් ඔහු පවසනුයේ සමකාලීන සිංහල බෞද්ධ සමාජයේ පැවැති මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත ශාස්ත්‍ර අභිබවන වෙනත් විශේෂිත කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් මොවුන් සතුව නොමැති බවය. ඒ අනුව මෙම හුලවාලී මන්ත්‍ර ගුරුකම් හුදෙක් ඔවුන් විසින්ම මෝඩයන් ගොඳුරු කර ගනු පිණිස මවා පාන සෙප්පඩ විජ්ජාවක් බව පෙනේ.

වත්මන් කූරගන්දෙණියේ මන්තර ගුරුකම්කරුවන් ගණුදෙනු කරුවන් හා එක්වන ප‍්‍රධානතම මාර්ගය පුවත්පත් දැන්විම් බව ඔබ දනියි. ඒ දැන්වීම්වල පළ කෙරෙන දුරකථන අංක ඔස්සේ ලැබෙන දුරකථන ඇමතුම් එකක්වත් අපතේ නොහැරීමට ඔවුහු වග බලා ගනිති. ඒ එම පුවත්පත් දැන්වීම් සඳහා සතිපතා රුපියල් දස දහස් ගණන් වියදම් වන නිසා ය. එකම පවුලේ සාමාජිකයන් විසින් එකිනෙක දුරකථන අංක යොදා ගනිමින් විවිධාකාර පුවත්පත් දැන්වීම් පළ කිරීම ද ඔවුන් වෙතින් සිදුවන දෙයකි.

මෙම මන්ත‍්‍රකරුවන් හා මන්ත‍්‍ර කාරියන් අතර ශී‍්‍ර ලංකාවේ භාවිතා වන සෑමජාලයකටම අයත් ජංගම දුරකථන සම්බන්ධතා තිබේ. එහෙත් පුවත්පත් දැන්වීම් වල පළ කරනුයේ එවායින් තෝරාගත් කිහිපයක අංක පමණි.

පුවත්පත් දැන්වීමක පළවන එවන් දුරකථන අංකයක් ඔස්සේ එම මන්ත‍්‍රකරුවකු, මන්ත‍්‍ රකාරියක අමතන ගණුදෙනු කරුවකුට එම දුරකථනය හැඬවීමේ නාදය (Ring in Tone) ලෙස බොහෝ විට ඇසෙන්නේ බොදු බැති ගීයකි. නැතහොත් ආශිර්වාදාත්මක ශ්ලෝකයකි. එසේම නැතිනම් සුචරිතය, සදාචාරය, පිළිබඳව පැවසෙන කවි හෝ විරිඳු පෙළකි. එය ද එම ඇමතුම දෙන්නා පහදවා ගැනීමට කූරගන්දෙණියේ  හොර ඇදුරන් යොදන උප්පරවැට්ටියකි.

ඉන්පසුව එම මන්ත‍්‍රකරු, මන්ත‍්‍රකාරිය හෝ එම පවුලේ සාමාජිකයකු එම ඇමතුමට පිළිතුරු දෙන විට ඇමතුම දෙන්නාට ඇමතුමින් පසුබිමින් යම් විශේෂිත හඬක් ඇසෙන්නට ද බැරි නැත. බොහෝ විට ඒ මන්ත‍්‍ර ජප කරන හඬකි. එසේත් නැතිනම් දේවකන්නලව්වකි.

”ඔව් දරුවා කියන්න කාරණේ ”

ඔබ කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් කරන ස්ථානයකට දුරකථන ඇමතුමක් දුනහොත් ඇතැම් විට මන්ත‍්‍රකාරියගේ මිමිනුම් හඬක් ඇසෙන්නේ ඉහත කී පසුබිම් හඬ අතරින් මතු විය හැක.

”මෑණියෝ මොකක් හරි වැඩක් නම් මම පස්සේ කතා කරන්නද?”

එබඳු අවස්ථාවලදී මම ද අසා ඇත්තෙමි.

”ලොකු වැඩක් නම් තමයි, ඒත් කමක් නැහැ. කියන්න දරුවා කාරණේ”

එවිට ඔවුන්ගේ පොදුපිළිතුර වනුයේ එයයි.

එවන් සිදුවීම් අත් දකින දුරකථන ඇමතුම් දෙන බොහෝ දෙනකුට සිතෙනුයේ එම ස්ථානය ලොකු ලොකු වැඩ කරන තැනක් බවය. එහෙත් ඒවායේ කෙරෙන මෙලෝමළ ඉලව්වක් නැත. කෙරෙනුයේ ඉතාම සරල බාල බොළඳ වැඩක් පමණි. එනම් පුවත්පත් දැන්වීම් වලින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන විට නිවසේ සී.ඩී. ප්ලේයරය කි‍්‍රයාත්මක කිරීම පමණි.  ඔවුන් මුල්වරට ගණුදෙනුකරුවන් ගොනාට අන්දවනුයේ එබඳු ”ගුරුකම්” වලිනි.

කූරගන්දෙණියෙන් මන්තර ගුරුකම් වැඩ කරගැනීමට රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කර බකංනිලාගෙන ඉන්නට සිදුවී ඇති පිරිස ද ලක්‍ෂ ගණනකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉල්ලන් කෑම සිය ජීවන වෘත්තිය කරගත් රොඩී ගෝත‍්‍රිකයන්ගෙන් නිකරුණේ 'ඉල්ලන් කෑ හැටි' සමාජයට නොකියති. එහෙත් ශත පහක වත් ඵලප‍්‍රයෝජනයක් නොමැතිව තමන් අතින් ඔවුනට බිලි වූ විශාල ධනස්කන්ධය ආපසු ගැනීමට රහසිගතව හූල්ලන්නවුන් සේම වීරියදරන්නෝ ද හිඟ නොවෙති.

ඔවුන් ඒ සඳහා ගන්නා පළමු පියවර කූරගන්දෙණියේ මන්තර ගුරුකම්කරුවන්ට දුරකථනයෙන් බැණ වැදීම ය. නැතහොත් තර්ජනය කිරීමය. එහෙත් එසේ බැණුමක් දෙකක් අසා කෝප වීමටහෝ දුරකථනය මඟහැරීමට තරම් ඔවුහු අඥාන නොවෙති. 

”දෙයිහාමුදුරුවනේ රුපියල් අසූහතර දාහක් වියදම් වුණා නේන්නම්. ඒක නේන්නම් දරුවෝ මටත් මේ හිතාගන්න බැරි.”

ඔවුන් දුරකථනයට පිළිතුරු දෙනුයේ ඇමතුම දෙන්නාට සීයට සීයක් පක්‍ෂපාතී ලෙස කරුණු දක්වමිනි. එවිට තම බැණුමේ සැර ටිකක් හෝ බාලකර ගන්නට ඇමතුම දෙන්නාට ඉබේටම සිදුවෙයි.

”මම හිතන්නේ දරුවෝ මේක ඔය දරුවා සංසාරේ කරපු මහා බරපතල පාපකරුමයක් හින්දාවෙච්ච දෙයක්. නැත්නම් කීයටවත් මෙහෙම වෙන්න බැහැ. කමක් නැහැ මට ආයෙත් ඔයදරුවාගෙන් එක තඹ දොයිතුවක් වත් එපා. පූජා භාණ්ඩ වලට  ඕන නම් තව රුපියල් විසිදාහක් විතර යාවි ඒක මගේ අතින්ම පලච්චාවේ. මම ඔය දරුවාගේ වැඩේ මොන ක‍්‍රමයකින් හරි කරලා දෙන්න බලන්නම්කෝ”

ඉහත සඳහන් අන්දමේ සාටෝපකාරී වදන් ඇසෙත්ම බොහෝ දෙනකු ඊට තරමක් හෝ නතුවීම ස්වභාවික ය. එහෙත් යමකු එසේ පමණ ඉක්මවා නතු බවක් පළ කිරීම ද නැවතත් ඔවුන්ගෙන් 'ඉල්ලන් කෑමට' මුල්වන පොටකි.

”මයෙ පුතේ ඇත්තෙන්ම කියනවා නම් මාත් කියලා එහෙමට ඉතුරු කරගත්තු දෙයක් නැහැ.මොකද මම මේවා සල්ලි හම්බු කරන දේවල් නෙවෙයිනේ”

යනුවෙන් මන්ත‍්‍රකරු හෝ මන්ත‍්‍රකාරිය පහත් හඬින් මුමුණනු ගණුදෙනුකරුට අසාගත හැකි වනු ඇත. එමෙන්ම ඒසමඟම ඔහුට ඊටත් වඩා පහත් හඬකින් මෙබඳු වදන් කීපයක් ද අසාගත හැකි වුවහොත් කෙසේවත් පුදුම විය  යුතු නැත.

”ඒ හින්දා දරුවෝ ඒ පූජා භාණ්ඩවලට යන වියදමෙන් කොටහක් හරි මට ලැබුණොත් නම් ලොකු උදව්වක්”

දුරකථනය මගින් එල්ලවන තම ගනුදෙනුකරුවාගේ බැණුම ඉතා පහත් නින්දිත මට්ටමක තිබුණ දඉන් පසුගාමී නොවීම මෙම බොහෝ ඇදුරන්ගේත් ඇදුරුවරියන් ගේත් පොදු ලක්‍ෂණයකි.විශාල ධනයක් වියදම් කළ ද අරමුණු ඉටු නොවීම ගැන පැවසෙන වහසි බස්වලට ඔවුහු සාවධානව සවන්දෙති. එම මන්ත‍්‍රකරු අද්දර ඇති තවත් දුරකථනයක් හැඬවෙනු ඇමතුමදෙන ගණුදෙනුකරුට ඇසෙනුයේ ඒ අතරේ ය. 

”දරුවා පිටරටකින් කෝල් එකක් තියනවා මම මොකක්ද බලනකන් ඔහොමම තප්පරයක් ලයින් එකේ ඉන්න.”

මන්ත‍්‍රකරු හෝ කාරිය එසේ කියනුයේ තමන්ට සැරපරුෂ ලෙස බැණ වදින ඉච්ඡාභංගත්වයට පත් ගණුදෙනුකරු පිළිබඳ කිසිදු අහිතක් නොමැති අයුරිනි.

”හත්දෙයියනේ” 

විදේශ දුරකථකන ඇමතුමට මන්ත‍්‍රකරු එසේ පිළිතුරු දීම අරඹනු ඉහත ගණුදෙනුකරුට ඇසේ. 

”දෙයියනේ කවදද? මොනවා වෙලාද?"

ඒ සමගම මන්ත්‍ර කරු හෝ මන්ත්‍ර කාරිය අනෙක් දුරකථන ඇමතුම දෙන තැනැත්තාගෙන් නොඉවසිලිමත්ව අසනු ගණුදෙනුකරු අසා සිටිනුයේ පිබිද එන කුතුහලයෙනි. 

”වාහනයකට යට වෙලා ඔළුව පොඩි පට්ටම් වෙලා....... අනේ අප්පොච්චියේ”

ඒ සමගම මන්ත‍්‍රකරු හෝ කාරිය සුසුම් ලනු ද ඉහත ගණුදෙනුකරුට ඇසේ.

”ඒකනේ දරුවෝ මම කිව්වෙ ඔය වගේ දේකට ඔච්චර බරපතල ගුරුකමක් කරවා ගන්න එපා කියලා.කොහොම හරි ඔය මනුස්සයට ඔහොම විපතක් වෙයිදෝ කියලා මට මුලදිම සැකයකුත් ඇතිවුණා. ඒත් ඉතින් ඔය දරුවගේ බලකිරීමට තමයි මම තරම් බරපතල වැඩක් කළේ....... "

තම දුරකථනයෙන් මඳ වශයෙන් හෝ නැගී එන එම හඬට මුල් ගනුදෙනුකරු ඊළඟට සවන් දෙනුයේ තම කුතුහලයට එක් කරගත් ප‍්‍රබල විස්මයක් ද සමගිනි.

”ඔව් ඉතින් ඔය වගේ ස්වාමි පුරුෂයෙක් නම් ඉන්නවට වඩා නැති එකම තමයි හොඳ; කෝකටත් ඔය දරුවා ලංකාවට ඇවිත් කිසිම වෙනසක් නැතුව ඒ මළගමේ වැඩ වලට සම්බන්ධ වෙන්න. හැබැයි අපේ මේ ගුරුකම් වැඩේ ගැන කටේ කෙළ බිංදුවක් හලනවා එහෙම නෙවෙයි. බැරි වෙලාවත් මේ කතාව එහෙම ප‍්‍රසිද්ධ වුණොත් අපි දෙන්නත් ගස්තමයි.”

මන්ත‍්‍රකරු හෝ කාරිය අනෙක් දුරකථනයෙන් සිදුකරන එම සංවාදය අසා සිටින මීට පෙර දුරකථනයෙන් බැණ වැදුණු ගණුදෙනුකරුට ඔය අතරේ තම සිරුර දහඩියෙන් තෙත් වනු දැනීම අතිශය ස්වභාවික ය. ඒ සමගම වැය වූ මුදලට වඩා තම ජීවිතය වටිනා බව සැණින් නිගමනය කරන ඔහු හනික ඇමතුම විසන්ධි කරයි. නැතහොත් දුරකථනය ද ක‍්‍රියා විරහිත කොට දමයි. ඒ මහා බල සම්පන්න හුලවාලි මන්ත‍්‍රාචාර්යවරයාගේ හෝ වරියගේ කෝපය හෝ ශාපය තමන් වෙත යොමු නොවනු පිණිස ය. නමුදු මන්ත‍්‍රකරුගේ දෙවන දුරකථනයට එන්නේ සැබෑ දුරකථන ඇමතුමක් නොවේ. එය වූ කලී ඔහු සමීපයේ ඇති වෙනත් ජංගම දුරකථනයක් ව්‍යාජ ලෙසින් නාද කරවීමක් පමණි.

කූරගන්දෙණියේ මන්ත‍්‍ර ගුරුකම්කරුවන් තමන් ලූහුබැඳ එන සතුරන්ගෙන් මිදීම පිණිස ක‍්‍රියාවට නංවන මෙම අපූරු ගුරුකම පිළිබඳ පාඩම මා උගත්තේ ද කූරගන්දෙණියේම වියපත් ඇදුරෙකු වෙතිනි. කූරගන්දෙණියේ හුලවාලි මන්තර ගුරුකම් පිළිබඳ එළියට නො ආ තවත් එබඳු ”රස රහස්” බොහොමයක් අදත් ඔවුන් අතරේ ක‍්‍රියාවට නැංවෙනු ඇත.උපායශීලි ලෙස කූරගන්දෙණියේ මන්තර ගුරුකම් පාරාදීසයට රිංගා ගන්නා ඔබට උපක‍්‍රමිකව ඔවුන් වෙතින්ම ඒ ගුරුකම් ඉගෙන ගැනීමට ද බැරිකමක් නැත.

 

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ලංකාවෙන් ප්‍රබල පිළිතුරක් ; කඩුලු 2ක් අතැතිව ලකුණු 287ක් ඉදිරියෙන්

IMAGE 2018 Jun 18 08:32
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ශා. ලුසියාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසානයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිම...
Views - 312

පන්දුව පළුදු කිරීමේ චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

IMAGE 2018 Jun 18 08:19
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ශා. ලුසියාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීම පිළිබඳ එල්ලවන චෝදනා ප්‍රතික්‍ෂේප...
Views - 139
IMAGEමලල කී‍්‍රඩා

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 228

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹෙයි

IMAGE 2018 Jun 07 10:24
18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූහිදී අද (7දා) ආරම්භවේ. මෙම තරගාවලිය අද සිට ලබන 10දා දක්වා ආසියානු කලාපයේ රටවල් 35ක ක්‍රීඩක...
Views - 178
IMAGEරග්බි

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 99

රිච්මන්ඩ්-ඇලෝසියස් රග්බි මහ සටන අද

IMAGE 2018 Jun 14 09:37
රිච්මන්ඩ් විද්‍යාලය සහ ශා. ඇලෝසියස් විද්‍යාලය අතර 25වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා රග්බි තරගය අද (14දා) පස්වරු 4.00ට කොග්ගල ආයෝජන කලාපීය...
Views - 138
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 174

අවු. 19න් පහළ ක්‍රිකට් පුහුණුකරු තනතුර හෂාන් තිලකරත්නට

IMAGE 2018 Jun 04 08:47
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ නව ක්‍රිකට් පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම පත්වීම එළැඹෙන අවුරුදු 19න්...
Views - 319

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.