Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

අමාත්‍යාංශ 51% ක මුදල් පාලනය දුර්වලයි

IMAGE 2018 Jun 19 23:05
දැනට පවතින අමාත්‍යාංශ පනස් එකෙන් සියයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින බව පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත්...
Views - 410
එසැනින් පුවත්

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 171

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 217

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දැඩි වන විනාශයක්

IMAGE 2018 Jun 20 11:24
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ අක්කර 10,000ක පමණ මහා පරිමාණ වන...
Views - 246

අධිවේගයේ අනතුරෙන් මව සහ දියණිය මරුට (Update)

IMAGE 2018 Jun 20 08:07
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට 65වන කිලෝමීටර් කණුව අසල සිදුවු අනතුරෙන්...
Views - 982

නි. ඇමැති - රාජ්‍ය ඇමැතිවරු 2ක් 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති

IMAGE 2018 Jun 19 23:22
නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ...
Views - 1021

විසඳුම් නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයක්

IMAGE 2018 Jun 19 23:07
තැපැල් සේවක ඉල්ලීම්වලට තවදුරටත් විසඳුම් ලබා නොදුණහොත් පවතින අඛණ්ඩ වැඩ...
Views - 675

බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති

IMAGE 2018 Jun 19 22:59
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු...
Views - 599

ඖෂධවල විෂබිජනම් ඇමැති අස්විය යුතුයි

IMAGE 2018 Jun 19 22:55
රෝගීන්ට ලබාදුන් ඖෂධයක විෂබිජයක් තිබිම හේතුවෙන් රෝගීන් මියයන්නේ නම්...
Views - 686

උදය ගම්මන්පිලට උසාවියෙන් දැඩි අවවාද

IMAGE 2018 Jun 19 22:51
තමාට එරෙහිව නඩු විභාගයක් පවතින අතරතුරදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ...
Views - 1182

ඥාණසාර හිමිට ජම්පරය හිමිවීම සාමාන්‍ය දෙයක්

IMAGE 2018 Jun 19 19:57
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ජම්පරයට ඇඳීමට...
Views - 1375

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 70255කට ‍පොහොර සහනාධාර

IMAGE 2018 Jun 19 13:42
2018 යල කන්නය සඳහා කුඹුරු හෙක්ටයාර 70255කට ‍පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කර ඇති...
Views - 611

තිස්සමහාරාම රෝහල වැසියාමේ තර්ජනයක්

IMAGE 2018 Jun 19 13:17
තිස්සමහාරාම රෝහ‍ලේ වෛද්‍යවරුන් 10ක් අඩුයි. හෙදියන් 10ක් අඩුයි. සුළු සේවකයන්...
Views - 660

කිරිවෙහෙරේ සිද්ධියේ සැකකරුවන් සිරමැදිරි 3ක

IMAGE 2018 Jun 19 11:19
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන්...
Views - 959

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50යි

IMAGE 2018 Jun 19 09:01
රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය...
Views - 903

1 වසරට අයැදුම්පත් ලබන 10 තෙක්

IMAGE 2018 Jun 19 08:45
පාසල්වල පළමු ශ්‍රේණියට ලබන වසර සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයැදුම්පත් භාර...
Views - 734
එතෙර පුවත්

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 214

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 90

හැරී කුමරුගේ මාමණ්ඩියගෙන් මසකට පසු කතාවක්

IMAGE 2018 Jun 20 11:50
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය සිදු වී මේ වනවිට...
Views - 377

පින්තූර ගැලරිය

IMAGE

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 788

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3137

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5135

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 2990

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1553

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1813

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3110

පොසොන් උදාවේ ජනපතිගේ "දේශපාලන තිඹිරිගෙදර" සුනඛ සංහාරයක්?

IMAGE 2018 Jun 12 09:40
පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව...
Views - 1452

ටෙලි නිළියක් ඇතුළු කතුන් 7ක් ගණිකා වෘත්තියේ

IMAGE 2018 Jun 11 12:08
ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ...
Views - 7423
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 147
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 237

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 109

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 512

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 1803
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1201

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1513
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 562
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 942
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 260
විශේෂ පුවත්

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 77

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 200

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 381

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 116

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 464

වයඹ ඇළ ව්‍යාපෘතිය 2020 අවසානයේදී අවසන්

IMAGE 2018 Jun 13 09:38
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිඳින ප්‍රදේශ වෙත මහවැලි ජලය...
Views - 679

අප අතර ගැවසෙන සිංහල බල්ලන් හඳුනාගනිමු

අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත.මේ නිසාම අප රටේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් ‛ගම් බල්ලන්’, ‛පර බල්ලන්’ හෝ ‛වල් බල්ලන්’ සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.ඉංග්‍රීසි බසින් මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛මන්ග්‍රල්’ (mongrel - දෙමුහුම්, පර, සංකර) නමිනි. සුනඛ වර්ග අභිජනනය කිරීමේදී විවිධ වර්ගයන් මිශ්‍ර කිරීම සිදු කෙරේ. මෙවැනි මිශ්‍ර කිරීම් සිදුකරනු ලබන්නේ යම් යම් පර්යේෂණ කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදුකිරීමෙන් ගුණාත්මක සුනඛ වර්ගයක් බිහි වේ යැයි ඔප්පු වීමෙන් පමණි. කෙසේ නමුත් එවැනි පර්යේෂණයක් සිදු නොවී, සැලසුම් කිරීමකින් තොරව සුනඛ වර්ග දෙකක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වන සුනඛයන් ‛මන්ග්‍රල්’ නමින් හඳුන්වනු ලබයි. එවැනි සුනඛයන් පැහැදිලි පරම්පරාවකට හිමිකම් පාන්නේ නැත. මෙවැනි සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ යන බල්ලන්’ (Stray Dogs) ලෙසින් ද හඳුන්වනු ලබයි.

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් මොවුන් ‛වල් බල්ලන්’ (wild dogs) ලෙසින් ද හඳුන්වනු ලැබුවත්, සැබැවින්ම පැවසිය හැක්කේ අප රටේ ‛වල් බල්ලන්’ දක්නට නොලැබෙන බවය. නමුත් ලෝකයේ බොහෝ රටවල වල් බල්ලෝ දක්නට ලැබෙති. ඇමරිකාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙවැනි වල් බල්ලන් බොහෝ සංඛ්‍යාවක් දක්නට ලැබේ. මොවුන් එසේ හඳුන්වනු ලබන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත් වන බැවිනි. නමුත් අප රටේ වල් බල්ලන් නැතැයි පවසන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත්වන සුනඛ විශේෂ දක්නට නොලැබෙන බැවිනි. එමෙන්ම ඉහත ‛මන්ග්‍රල්’ යනුවෙන් හඳුන්වනු ලබන සුනඛයන් ද වල් බල්ලන්ගේ ගොඩට දැමීමට හැකියාවක් නැත. මන්ද ඔවුන්ට පැහැදිලි පරම්පරාවක් නැතත්, ඔවුන් බෝ වී ඇත්තේ ‛කානිස් ලූපස් ඩොමෙස්ටිකස්’ (canis lupus domesticus) යන සුනඛ වර්ග අතර ඇතිවන ප්‍රජනන ක්‍රියාවලියක් මගින් පමණක් වීම නිසාය.

එමෙන්ම අප සාමාන්‍යයෙන් දකින සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ’ යන බල්ලන් ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුවහොත්, සැබැවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ ‛කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක්’ වැනි අදහසකි. නමුත් අප දකින සුනඛයන්ට එසේ ඇවිදීමේ චර්යාවක් දක්නට නැත. සැබැවින්ම අයිතිකරුවකු නොමැතිව මහ මග ජීවත්වන සුනඛයන් පවා තමන් විසින් නිර්ණය කරගත් වාසභූමිය (Habitat) තුළ ජීවත්වන බව පර්යේෂණවලින් ද පැහැදිලි වී තිබේ. ඔවුන් තමා ජීවත් වන ප්‍රදේශයෙන් (territory) බැහැරට යන්නේ නැත. යම් ආකාරයකින් බැහැරට යන්නට සිදුවුවහොත් එවැනි ප්‍රදේශයකදී ඔවුන් ඉතා යටහත් පහත් ලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබේ. ඔවුන් මුත්‍රා කරමින් සිය භූමි සීමාවන් සළකුණු කර ගන්නා ආකාරය නිතරම දක්නට ලැබෙන්නකි.

මේ ආකාරයට දක්නට ලැබෙන සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුව ද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමග ජීවත්වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් ‛වල් බල්ලන්’ ලෙස නොව ‛ප්‍රජා සුනඛයන්’ (community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසුය.

ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන මෙවැනි සාමාන්‍ය සුනඛයන් පිළිබඳ සළකා බැලුවහොත් පැහැදිලිව දැකිය හැකි දෙයක් වන්නේ ඔවුන් හඳුන්වන නම් ගණනාවක්ම පැවතීමය. ඕස්ට්‍රේලියාවේ මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛ඩිංගෝ’ (dingo - Canis lupus dingo) නමිනි. මොවුන්ගේ වර්ග දෙකක් සිටින අතර කැලෑබදව ජීවත්වන්නවුන් ‛වල් ඩිංගෝ’ හෝ ‛වන ඩිංගෝ’ (wild dingo) නමින් හඳුන්වනු ලබයි. අනෙක් වර්ගය මිනිසුන් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙයි. ඇමරිකාවේ මෙවැනි සාමාන්‍ය සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛කැරොලිනා’ (Carolina) නමිනි. කෙසේ නමුත් ඉන්දියාවේ මෙවැනි සුනඛයන් හැඳින්වීම සඳහා යොදන නම මේ සියල්ලටම වඩා උසස් යැයි සිතේ. එයට හේතුව එහි ඔවුන්ව හඳුන්වන්නේ ‛ඉන්දීය දේශීය සුනඛයා’ (Indian native dogs) නමින් වීමය. මොවුන්ට වසර 15,000කටත් වඩා ඉතිහාසයක් පවතින බව පර්යේෂණවලින් හෙලීවී තිබේ.

විකිපීඩියාව පිරික්සා කිරීමේදී ද ‛සිංහල සුනඛයා’ යන්නට සමාන පදයක් හමුවේ. ඒ Sinhala Hound යන්නය. එහි සඳහන් විස්තරයට අනුව නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සුනඛ අවශේෂ හමුවී ඇති අතර පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ. අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්ට තිබේ. මොවුන් ඩිංගෝ සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.

සිංහල සුනඛයා පිළිබඳව මෙසේ කතා බහ කිරීමේදී ඔවුන් පිළිබඳ තබනු ලැබූ පැරණි මෙනම් අපූරු සටහනක් පිළිබඳව ද සඳහන් කළ යුතුය. සෙනරත් පරණ විතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්‍රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ඨ විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සුරීන් විසින් රචිත ‛ත්‍රාස ක්‍රීඩා’ (Some Sinhala combative, field and aquatic sports and games / by P.E. P. Deraniyagala/ National Museums of Ceylon, 1959) නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් හඳුන්වන්නට සුවිශේෂී නමක් දී තිබේ. ඒ ‛සිංහල සුනඛයා’ සහ ‛සිංහල බල්ලා’ යන ඒවාය. ඔහු මේ පිළිබඳව මෙසේ සටහන් කොට තිබේ.

“සිංහල සුනඛයෝ ලංකාවේ බිතුසිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, ඍජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9වැනි සියවසට අයත් ගල් කණුවකද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් කල්කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ. කෙටිවූ විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුන උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසලදී උස්වේ. තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල්කණුවේ ඡායාරූපයක් ‛එපිග්‍රුෆියා සිලනිකා’ සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18වන සියවසට අයත් කැලණියේ ඇති ‛මා කණ්හ ජාතකය’ දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත. මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රුෆියා සිලනිකා, 3කාණ්ඩය, රූප .24 - 27) රැකවල් බල්ලන් හා 13වන සියවසට අයත් මදුරෙයි කෝරලේ කොට්ටන්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්යටත් අතර මැදි වර්ගයකි.”

මෙහිදී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකිරීමට වෙරදරන දැණියගල සුරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.

“දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන්ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහතය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත්ය. පුල්ලි රහිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.

විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදතුවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරාගැනීමට දැන සිටි බව පෙනේ. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655ජුනි 10දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද ලිපියේ “මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුනඛයන් තබාගැනීමට ලොල්වූ රාජසිංහ රජුට සුනඛයින් කීපදෙනක් සොයාදීමට හැකිනම් අපි සතුටුවන්නෙමු”යි සඳහන් කිරීමෙන් පෙනේ. (පීරිස් 1829, පිටුව 180). යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට පත්වුණු බව අන් ලිපිවලින් හෙළිවේ. එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2, පිට 358) “මේ කරුණුවලදී රජ හාස්‍යජනක කිරීම ඕලන්දක්කාරයන්ගේ ආශාව විය. ඔවුහු අශ්වයන් පමණක් නොව, රජතවන් සෑද හා කටකලියාද, සුනඛයන්ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා “මේ බල්ලන්ට රජ මැඳුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීම ද අසතුටුදායක”යී කීය. දඩයම් පිණිස තෑගි කළ තවත් බල්ලෙකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැත” යි පැවසීය.

පිණි නිය තිබේනම් ඒ විඩාවට පත් නොවීමේ ලකුණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැතිනම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යැයි නොසළකත්.”

තම ලේඛනය මගින් දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?

“ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙනගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ.

(පර්සිසවල් 1803, පිටුව 262)”

අප ජාතිය හඳුන්වන නම ද සිංහල බැවින් යමෙකු තුළ එකවර මේ පිළිබඳ යම් විරෝධයක් වුව ඇති විය හැකිය. නමුත්, ශිලා ලේඛණ ඇතුළුව සිංහල ජාතිය පිළිබඳ සඳහන් වන බොහෝ ස්ථානවල මෙම සුනඛයන් පිළිබඳ සඳහන්ව ඇති බැවින් දැරණියගල සූරීන් ඔවුන් මේ නමින් හඳුන්වන්නට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේත් නොමැති නම් අතීතයේ අප රට ‛සිංහලේ’ නමින් හඳුන්වනු ලැබූ නිසා සුනඛයන්ට ද එම නම භාවිත කරන්නට ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

දකුණ සහ බස්නාහිර මධ්‍යම තෙවැනි ජය වාර්තා කරයි

IMAGE 2018 Jun 20 11:06
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණ වාර්තා කිරීමට දකුණු පළාත සහ...
Views - 42

මාරවිල ශා. සේවියර් ලකුණු 3කට දැවී යයි

IMAGE 2018 Jun 20 10:40
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී...
Views - 70
IMAGEමලල කී‍්‍රඩා

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 259

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹෙයි

IMAGE 2018 Jun 07 10:24
18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූහිදී අද (7දා) ආරම්භවේ. මෙම තරගාවලිය අද සිට ලබන 10දා දක්වා ආසියානු කලාපයේ රටවල් 35ක ක්‍රීඩක...
Views - 207
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 49

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 139
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 100

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 187

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.