Coss Ear2
lakbima.lk
COSS Ear 1

මගේ ගීත මංකොල්ල කෑවොත් මගේ ඉවසීමේ සීමාවත් නැතිවෙයි

ඉන්ද්‍රානි පෙරේරා කියන අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායිකාවගේ ලොකු නිහැඩියාවක් අද පෙනෙන්නට තිබෙනවා. ඇයි ඒ?
ගෘහස්ථ ප්‍රසංගවල නම් මම තවමත් ගී ගයනවා. එළිමහන් ප්‍රසංගවලට නම් සහභාගි වෙන්නේ නැති තරම්. 1969 ඉඳන් නිදි මැරුවා ඇතිනේ. ඒකයි මම නිහඬ වෙලා වගේ පේනවා ඇත්තේ.
 
තවමත් ඔබ එදා ගැයූ ගී ජනප්‍රියයි. ඒත් අලුත් නිර්මාණයක් නම් අහපු කාලයක් මතක නැහැ.
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම පුංචි කතාවක් කියන්නම්. පසුගිය දවසක මම එක්තරා  ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට සහභාගි වුණා. ඒ වැඩසටහන අහන්න අදාළ නාලිකාව හොයාගන්න පැය එකහමාරක් රේඩියෝ එක එහාට මෙහාට කරකවන්න වුණා. මම දන්න තරමට අද වෙද්දී ගුවන් විදුලි නාලිකා 40කට වැඩිය තියෙනවා. ඒත් ඒවායේ අපේ ගී ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ හින්දා හැමෝම අහනවා අලුත් ගීත කළේ නැද්ද කියලා. හැබැයි මේ වෙද්දී කරපු අලුත් ගීත කීපයක්ම තියෙනවා. 
 
නව පරපුර ක්‍ෂේත්‍රයට එද්දි ඔබලා යටපත් වෙලා යනවද? 
එහෙනම් අපේ පරණ සිංදු තවමත් ජනප්‍රියත්වයේ තියෙන්නෙ නැහැනේ. එදා අපි සිංදුවක් කරලා ගුවන් විදුලියට දුන්නාම එය ප්‍රචාරය වෙනවා. ගීතය ජනප්‍රිය වනවා. ඒත් අද ගීත ප්‍රචාරය කරවන්න වෙහෙසෙන්න ඕනේ. මට දැන් එහෙම කරන්න බැහැ. අනික අද ගීතයක් ජනප්‍රිය වන්න මියුසික් වීඩියෝ එකක් කළ යුතුයි කියන මට්ටමට Music Video කලාව ප්‍රබලයිනේ. ඒ නිසාම මගේ අලුත් ගීතයකටත් Music Video එකක් කරන අදහසක් මට තියෙනවා. 
 
ඇතැම් ප්‍රවීණයෝ Music Video වලට බැණ වදිනවා. ඔබ Music Video කරන්න යන බව පවසනවා.
නව පරපුරට, නව සංගීත රටාවලට, නව තාක්ෂණයට අලුත් වගකීම්වලට මම බණින්නේ නැහැ. ඒ හැමදේම හොඳ විදියට යහපත් විදියට වෙනවා නම් හොඳයි. හැබැයි ඔය Music Video කරන අය හිතන්න ඕන තමන් සිංහල පවුලක ඉපදී අපේ සංස්කෘතියත් එක්ක හැදුණු වැඩුණු අය බව. තමන්ගේ Music Video එක දවසක තමන්ගේ දරුවෙක් දකින්න පුළුවන් කියලා හිතාගෙන හැදුවොත් Music Video හොඳයි.
 
අලුත් දේ අගය කරනවා නම් ඉන්ද්‍රානිටත් පුළුවන්නේ නව පරපුර හා එකතු වෙලා නිර්මාණයක් කරන්න
මට ආවේණික ශෛලියක් තියෙනවා. ඒක නව සංගීත රටාවට ගැළපෙනවද, නව සංගීත රටාවට අනුව මගේ ශෛලිය වෙනස් කළොත් මිනිස්සු ඒක පිළිගනීද කියන ප්‍රශ්නය තියෙනවා. අනික මම නව සංගීතයට අනුව මගේ ශෛලිය වෙනස් කළොත් මම අලුත් පිරිසව කොපි කරනවා කියන චෝදනාව එල්ල වෙන්නත් බැරි නැහැ.
 
ඔබේ ගීතයන් “රී මේක්” කරන්න කැමති නැද්ද? 
ඉස්සර සංගීත අධ්‍යක්ෂවරු ගීතනු නිර්මාණය කළේ ගායක ගායිකාවන් ගැන හිතලා. ඒ ජනප්‍රිය ගීත අලුතින් රී මේක් කරලා ඒ සංගීතවේදීන්ට අපහාස කරන්න මම කැමති නැහැ. 
 
ඔබේ ගීත අද වෙනත් ගායිකාවන් අලුත් විදියට ගයනවා නේද?
ඒ කිසිම දෙයක් මගේ අවසරය පිට සිදුවන දේවල් ‍නෙවෙයි. මම නිහඬව සිටියේ ඒ ගීතවලට දායක වූ සංගීතවේදීන් ගැන හිතලා. හැබැයි මේ විදියට මගේ ගීත මංකොල්ල කන්න ගියොත් මගේ ඉවසීමේ සීමාවත් නැතිව යා හැකියි. 
 
ඉන්ද්‍රානිගේ පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු මොනවද?
පුතා නිමේන්ද්‍ර ධනංජය ජේම්ස්. දැන් ජනතා දේව සභාවේ පාස්ටර් කෙනෙක්. දුව අංජලි චාරුතේෂි සිංගප්පුරුවේ බැංකුවක උප සභාපති විදියට කටයුතු කරනවා. දෙදෙනාම විවාහකයි. මම සහ සැමියා ජේම්ස් සාමාන්‍ය විදියට අපේ ජීවිත ගත කරනවා.
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.