Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෆේස්බුක් හරහා පැතිරෙන ‘දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ’ ලිපි

“කරුණා කරලා මේක කියවන්න. විහිලුවක් නෙවෙයි. ඔබ යම්කිසි අරගලයක සිටිනවා දෙවියන්වහන්සේ දැක තිබෙනවා. දෙවියන්වහන්සේ කියනවා දැන් හැමදෙයක්ම ඉවරයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ගමනට ලබා දෙනවා. ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරනවා නම් මේ මැසේජ් එක යවන්න. කරුණාකරලා මේක නොසලකා හරින්න එපා. ඔබ පරික්ෂාවට ලක් වී ඉවරයි. අද රාත්‍රියේදී දෙවියෝ ඔබේ කැමැත්තවල් දෙකක් ඉටු කරයි. ඔබ දෙවියන්ව විශ්වාස කරනවා නම් හැමදෙයක්ම අත ඇරලා අමතක කරලා දාන්න. හෙට ඔබගේ ජීවිතයේ හොඳම දවස වේවි. මේක කියවලා විනාඩි විස්සක් ඇතුලත මේක ඔබේ කරුණාවන්ත යාලුවෝ තිස් දෙනෙකුට යවන්න.”

ඉහත දක්වා ඇත්තේ මේ දිනවල ෆේස්බුක් මගින් සීඝ්‍රයෙන් හුවමාරු වන පණිවිඩයකි.

ඉන් පැවසෙනුයේ ‘දිව්‍යමය වරප්‍රසාදයක්’ පිළිබඳවය ඒ වරප්‍රසාදය හිමිකර ගැනීමට ඔබ විසින් කළ යුත්තේ  ඒ පණිවිඩය තවත් 30 දෙනෙකු අතරේ පතුරුවාලීම පමණි. ඒ සඳහා ඔබ හට දී ඇති කාලය විනාඩි විස්සකි. අන්තර් ජාලයේ හිඳින්නෙකුට මෙය 'කජු කන්නාක්' වැනි පහසු කටයුත්කත් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙම පණිවිඩ යැවීමේ ක්‍රමය 18 වන සියවස දක්වා ඈත අතීතයට දිව යන්නකි. මේවා හැඳින්වෙන්නේ දම්වැල් ලිපි (Chain Letter) යනුවෙනි.

දැනට වාර්තා වී ඇති පැරණිම දම්වැල් ලිපිය 18 වන සියවසේ එංගලන්තයේ ප්‍රචාරය වූ එකකි. එය හඳුන්වා  දී ඇත්තේ ‘දෙව්ලොව සිට ලිපියක් (Letter from heaven)’ යනුවෙනි.

ක්‍රිස්තියානි නිකායක ආගම් ප්‍රචාරයක් පිණිස සැකසුණු එම ලිපියෙහි ව්‍යාප්ති රටාව අද වන විට ලොව බොහෝ ආගම් ප්‍රචාරයන් සඳහා යොදා ගෙන ඇති බව පෙනේ.

අනුරාධපුර නාග විහාරයේ බවුන් වඩන භික්ෂුවක් පිළිබඳව සඳහන් කරමින් අරඹන ලද මෙවන් ලිපියක් ද ඔබ අතට පත්වී තිබෙන්නට පුළුවන. ‘මුචලින්ද නාග රාජයාගේ පුත්‍ර රත්නය’ වශයෙන් හඳුනාගත් නාගයෙකු පිළිබඳ හාස්‍යජනක පුවතක් සහිත එම ලිපියෙන් පැවසී තිබුණේ එය ලැබී දින 10 තුළ එහි පිටපත් දහදෙනෙකු වෙත යොමු කරන ලෙසය. එසේ කිරීමෙන් ‘මහත් ධන සම්පත්, යස ඉසුරු’ හිමිවන බවටත් එය නොතකා හැරීමෙන් ‘මහත්විපත්’ සිදුවන බවටත් එහි සඳහන්ව තිබේ. ඒ කිසිදු මූලාශ්‍රයකට ගොනු කොට ගත නොහැකි ‘ව්‍යාජ සාක්ෂි’ කිහිපයක්ද ඉදිරිපත් සමගිනි.

ඒ අනුව එකල බොහෝ දෙනෙකු තමන්ට යස ඉසුරු ලබා ගනු පිණිස හෝ විපත් වලින් අත්මිදීම පිණිස අන්ධානුකරණයෙන් එය ක්‍රියාවට නැංවූ බව නොරහසකි.

මුලදී සිදුවූ පිටපත් කිරීම වෙනුවට පසුව ෆොටෝකොපි කිරීම ආදී තාක්ෂණික ක්‍රම මගින් ද මෙම මිථ්‍යාව ජනතාව අතර පැතිර ගිය අතර අදටත් එම දම්වැල් ලියුම් දාමය මුලුමනින් අක්‍රිය වී නැත.

දැන් අපි යළි මෙම  ෆේස්බුක් පණිවිඩය කෙරෙහි විමසීමක් කරමු.

එහි මෙසේ සඳහන් වේ.

“කරුණාකරලා මේක කියවන්න. විහිලුවක් නෙවෙයි. ඔබ යම්කිසි අරගලයක සිටිනවා දෙවියන්වහන්සේ දැක තිබෙනවා. දෙවියන්වහන්සේ කියනවා දැන් හැමදෙයක්ම ඉවරයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ගමනට ලබා දෙනවා.”

මෙහිදී මෙය අප වෙත එවන්නේ කවුද? දෙවියන් වහන්සේ අප වෙත බැල්ම හෙලා හිඳින බව; ආශිර්වාද කරන බව; මේ එවන පුද්ගලයා දැන ගත්තේ කෙ‍සේද?  ආදී ගැටළු විචාරාත්මක මනැසක් ඇති ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙනු නියතය.

 එමෙන්ම ඔබ යම් කිසි අරගලයක සිටිනවා දෙවියන් වහන්සේ දැක තිබෙනවා යන්න එය කියවන ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් ගලපාගත හැකි සටකපට ප්‍රකාශයකි.

ඒ මදිවාට සෑම ජීවිතයකම, සෑම මොහොතක් ගාණේම පැන නගින විවිධාකාරයේ ගැටළු අර්බුද තිබේ. පුදුමයක් වනුයේ එවැනි ගැටළු අර්බුද නැති අයෙකු සිටිය හොත් පමණි.

ඒ මදිවාට  අපෙන් කිසිදු අයදුමකින් හෝ අවසරයකින් තොරවම උන්වහන්සේ අපට ආශිර්වාද කිරීමට ද පැමිණ තිබේ. ඒත් ඒ කුමන පදනමක් යටතේ දැයි අපට සිතා ගත නොහැක.

ඊ ළඟට මෙම ලිපියේ සඳහන් මෙම සාටෝපකාරී වදන විමසා බලමු.

“ඔබ පරික්ෂාවට ලක් වී ඉවරයි. අද රාත්‍රියේදී දෙවියෝ ඔබේ කැමැත්තවල් දෙකක් ඉටු කරයි.”

මෙයද අතිශය වංචනික සටකපට ප්‍රකාශයකි. මොවුන් මේ ලිපියෙන් සඳහන් කරන කැමැත්තවල් දෙක කුමක්ද?  ඒ පිළිබඳ කිසිවක් මෙහි සඳහන්ව නැත.

“අද රෑ කෑමට බැදුමක් තිබුණොත් හොඳයි යනුවෙන් සිතා කෑම මේසයට වාඩි වන ඔබට එහි කරවල බැදුමක් තිබෙනු දුටුවහොත් එය දෙවියන් වහන්සේ ඔබට දුන් තෑග්ගක් ලෙස හැඟීයනු ඇත.  එය දෙවියන් ඉටු කර දෙන කැමැත්තවල් දෙකෙන් එකක් ලෙසට එය ගණන් හදාගැනීමට ද ඔබට පුළුවන.

ඊළඟට  නිදන ඇඳට අලුත් ඇතිරිල්ලක් තිබුණහොත් හොඳ යැයි ඔබ සිතා සිටින විටෙක කවුරුන් හෝ එම කටයුත්ත සපුරා ලූ පසු එයද දෙවියන්ගේ ක්‍රියාවකැයි ඔබට සිතෙනු නියතය.

ඒ අනුව මෙම ලිපියෙන් සිදු කොට ඇත්තේ කාටත් වැටහෙන ලෙස කිවහොත් ‘කනාපල්ලන් ගැසීමකි.’

ඊ ළඟට එහි මෙසේද සඳහන් වෙයි.

“ඔබ දෙවියන්ව විශ්වාස කරනවා නම් හැම දෙයක්ම අතහැරලා දාන්න.’ මෙහි හැම දෙයක්ම යන්නෙන් දෙවියන් වහන්සේද ඇතුලත් වී ඇතැයි සිතීමට නොපුළුවන.

ඊළඟට එහි ඇත්තේ ‍ “හෙට ඔබගේ ජීවිතයේ හොඳම දවස වේවි.” යනුවෙනි.

මෙය ඉතා සරළ මනෝවිද්‍යාත්මක කරුණක් කනපිට ගසා දැක්වීමකි. අපට හැම දෙයක්ම අත හැරීමට, අමතක කිරීමට හැකි නම් ඒ ඔස්සේ අපට සහනයක් ලබා දීමට අමුතුවෙන් ‘දෙවියෙකු, බ්‍රග්මයකු හෝ යකෙකු’ උවමනා නැත. මක් නිසාද අතහැරීම සහනයට මුලක් බව ප්‍රායෝගික සත්‍යයක් බැවිනි.

මෙම  ලිපියෙහි අවසානයෙහි ඇත්තේ “මේක කියවලා විනාඩි විස්සක් ඇතුලත මේක ඔබේ කරුණාවන්ත යාලුවෝ තිස් දෙනෙකුට යවන්න.” යනුවෙනි.

මෙවැනි පුහු විකාර සංකල්ප සමාජය පුරා පැතිර යන්නේ  මෙවැනි විශ්වාසයන් සිත තුළ දරාගෙන සිටින්නවුන් නිසාය.

මෙම දම්වැල් ලිපිවල අන්තර්ගතය කොටස් දෙකකින් යුතුය.

ඉන් පළමු වැන්න මෙම ලිපි කිසියම් සඛ්‍යාවක් යැවීමෙන් මහත් වූ වරප්‍රසාද අත්වන බව පැවසීමය. දෙවැන්න එසේ නොකිරීමෙන් බිහිසුණු විපත් අත්වන බව පැවසීමය. කෙසේ හෝ අතීතයේ දින 10 ක් තුළ ලිපි 10 ක්  වශයෙන් මන්දගාමී ලෙස සමාජ ගත කළ යුතු යැයි 'දෙවියන් කී' මෙම පණිවිඩය නූතන විද්‍යුත් තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන ජාල ඔස්සේ විනාඩි 20 ක් තුළ 30 ක් යවන තරමට වේගවත් වී ඇත්තේ එය ද 'දේව නියමයක්' නිසා දැයි අපි නොදනිමු.

කෙසේ හෝ විචාර බුද්ධියෙන් තොර පුද්ගලයන් අනවශ්‍ය මානසික කුළුගැන්වීම් වලට  සහ කැළඹීම් වලට ලක් කරවන මෙවැනි භාවාතිශය කරුණු අන්තර් ජාලයෙන් ප්‍රචලිත කිරීම දේවත්වයේ නාමයෙන් මනුෂ්‍යත්ව කෙලෙසා ගැනීමක් බව නොකියාම බැරිය.


‘දෙව්ලොව සිට ලිපියක් (Letter from heaven)’

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1105

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.