Coss Ear2
lakbima.lk
COSS Ear 1

කිසිම දවසක ගී නොගයන්නට නිරංජලා තීරණය කළේ ඇයි?

70 දශකයේදී මෙරට සංගීත ක්ෂේත්‍රයට පෑයූ තරුවක් වන නෙරංජලා සරෝජිනීගේ ගීත බොහොමයක් අදටත් ගීත ලෝලීන් අතරේ ජනප්‍රියයි. ඇය තනිව ගායනා කළ ගීත පමණක් නොවෙයි සැමියා වන ප්‍රවීණ සංගීතවේදී අබේවර්ධන බාලසූරිය සමග ඇය ගායනා කළ බොහෝ ගීත වලට එකල උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. නමුත්, සැමියාගේ අභාවයෙන් පසුව නෙරංජලා කලා ක්ෂේත්‍රයේ තරමක් නිහඬ පිළිවෙතකුයි අනුගමනය කරන්නේ. ඊට හේතුව විමසද්දී ඇය අපට කීවේ මෙබඳු කතාවක්. 
 
ඔබේ ගීත ප්‍රිය කරන අයට ඔබව අමතක වෙලා නැහැ. ඒත්, අද ඔබ ඔවුන්ව අමතක කරලා ඇයි ඒ?
රසික රසිකාවියන් නිතරම මගෙන් අහනවා සින්දු කියන්න බැරි අයත් ක්ෂේත්‍රයට ඇවිත් සිටින කාලයක ඇයි මම නිහඬව ඉන්නේ කියලා. මම ගීත ගායනයෙන් ඈත්ව සිටීමෙන් මගේ රසික රසිකාවියන්ට සමහර විට අසාධාරණයක් වෙනවා ඇති. නමුත් මගේ පැත්තෙන් ගත්තොත් මට හිතෙනවා මම මේ අරගෙන තිබෙන තීරණය සාධාරණයි කියලා. 
 
ඒ කියන්නේ ගීත ගායනය ගැන අවසන් තීරණයක් ඔබ දැන් අරගෙනද තියෙන්නේ? 
ඔව්. 2008 වසරෙදි ස්නායු ආබාධයක් නිසා අබේට කතා කරන්න බැරුව ගියා. ඒ ගැන ඔහු හුඟක් දුක් වුණා. ඒ කාලයේදීම මම අධිෂ්ඨාන කරගත්තා අබේ නැති දවසක මමත් ගීත ගායනයෙන් ඉවත් වෙනවා කියලා.
 
සැමියා මියගිහින් මේ වන විට කලක් ගතවෙලා මේ කාලය තුළ ඔබ ඔබේ පැරණි ගීතයක්වත් ගායනා කළ අවස්ථා තිබුණේ නැද්ද? 
මේ වෙද්දී අබේ මෙලොවින් සමුගෙන වසර 7කට වැඩි කාලයක් ගතවී තිබෙනවා. ඒ ගතවුණු කාලය තුළ මම කවදාවත් එකදු ගීතයක්වත් ගායනා කරලා නැහැ. 
 
ඉදිරි කාලයේදීත් ඔබේ ස්ථාවරය වෙනස් නොවේවිද? 
අබේ අසනීපයෙන් සිටි කාලය මම ඔහු වෙනුවෙන් මට කළ හැකි හැමදෙයක්ම කළා. මම හිතනවා මේ කැපකිරීමත් ඔහු වෙනුවෙන් මා කළ යුතුම දෙයක් කියලා. ඒ නිසා කවදා හෝ මං මියයනතුරුම මම ගීත ගායනා කරන එකක් නැහැ.
 
ඔබ ප්‍රවීණ ගායිකාවක්. ඒ වගේම රටේ ප්‍රකට කලා පවුලක සාමාජිකාවක්. එසේ තිබියදී එබඳු දැඩි ස්ථාවරයක සිටීම ඔබට පහසුවෙන එකක් නැහැ? 
ගීත ගයන්න කියලා ආරාධනා නම් හුඟක් ලැබෙනවා. නමුත් කථනයෙන් පමණක් දායක විය හැකි අවස්ථාවන්ට පමණයි මම දැන් සහභාගි වන්නේ. 
 
මගහැරිය නොහැකි ආරාධනයක් ලැබුණොත්? 
එවැනි අවස්ථාවලදී මගේ අක්කලා දෙදෙනාගේ දියණියන් තමයි මා වෙනුවෙන් මගේ ගීත ගායනා කරන්නේ. 
 
ඔවුන් ඔබේ ගීත ගායනා කරන ආකාරය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද? 
ඔව්. සනත් මල්කාන්ති සහ විජේරත්න නිර්මලා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත. ඒ අයගේ ආභාසය දියණියන් දෙදෙනාටත් ලැබිලා තිබෙනවා.
 
ඔබ නිහඬව සිටීම නිසා වෙනත් අය ඔබේ ගීත ගායනා කළොත්? 
සෙව්වන්දි සහ අනුරාධා පවා  මගේ අවසරය ඇතිවයි මගේ ගීත ගායනා කරන්නේ. මාව කලින් දැනුවත් කරලා ආධුනිකයන් මගේ ගීත ගායනා කළාට කමක් නැහැ. නමුත්, මගේ ගීත අනිසි දේවල්වලට යොදා ගන්නවාට නම් මම විරුද්ධයි.
 
සැමියා නැතිව ඔබ කොහොමද අද තනිවම ජීවිතයට මුහුණ දෙන්නේ? 
ඔහු සමුගෙන වසර හතක් ගතවී තිබුණත් අදටත් අබේ මගේ පිටුපසින්ම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ. අබේගේ පවු‍ලේ අයත් මගේ සහෝදර සහෝදරයනුත් මා ගැන සොයා බලනවා. ඒත් අබේ නැති අඩුව පුරවන්න ඒ කාටවත් බැහැ.
 
අබේවර්ධන බාලසූරිය මහතා අද ජීවතුන් අතර නැහැ. ඔබත් ගායනයෙන් ඈත්වෙලා කොහොමද ඔබ දෙදෙනාගේ ගීත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය වෙන්නෙ? 
මායි අබේයි ගීත 400-500ක් පමණ ගායනා කරලා තිබෙනවා. අබේ ජීවත්ව සිටින කා‍ලේ අපි පෞද්ගලිකවම මැදිහත් වෙලා ඒවා ‘අබේ නිරංජලා විශිෂ්ට ගී’ නමින් සංයුක්ත තැටි 13කට පිටපත් කළා. මොකද අබේ කැමති වුණේ නැහැ. ඒවා කූට වෙළෙන්දන් අතට පත් වෙනවාට. අදටත් අපේ රසික රසිකාවියන් ගෙදරටම ඇවිත් මගෙන් ඒ ගී තැටි ඉල්ලගෙන ගිහින් රස විඳිනවා.
 
සැමියා සමග ගායනා කළ යුග ගීත අතරින් ඔබට වඩාත්ම විශේෂිත ගීතය මොකක්ද කියලා ඇහුවොත්?
අපි දෙදෙනා ගායනා කළ “ඉසුරු දෙවිඳු” ගීතය චිත්‍රපට ක්ෂේත්‍රයේ සලකුණක් තැබූ ගීතයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. නමුත් අපි දෙදෙනා ගායනා කළ ගීිත සිය ගණන අතරින් අපි ගැයූ මුල්ම ගීතය වන ‘කවුද ආවේ කියන  ගීතයටයි’ මම වැඩිපුරම ඇළුම් කරන්නේ. 1974 වසරේදීයි මම ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණේ ඒත්, ඊට වසර දෙකකට කලින් අබේ විශේෂ අවසරයක් අරගෙන මා සමග එම ගීිතය ගායනා කරපු හැටි මට අද වගේ මතකයි. 
 
කිෂාන් කනංකේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1926

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2946

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3269

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.