යාල වනෝද්‍යානයේ වාසය කළ තිලක් නම් වූ දළ පූට්ටු ඇතා තවත් ඇතෙකු ගේ ප්‍රහාරයකට ලක්ව ඊයේ (14) සවස මිය ගිය බව දකුණු දිසාව භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකිර්තී මහතා පැවසීය.
ඊයේ (14) සවස ලුණුගම්වෙහෙර වන වන ජීවී අඩවි කාර්යාලයේ නිළධාරීන් ට තුවාල ලබා සිටි මෙම ඇතා යාල පලටුපාන ප්‍රදේශයේදී හමු වී ඇත.ඉන් අනතුරුව එම නිළධාරීන් තමන් දැනුවත් කළ බවත් තමන් තණමල්විල සිට පලටුපාන ප්‍රදේශයට යන විටත් ඇතා මිය ගොස් සිටි බවත් වෛද්‍ය ධර්මකිර්ති මහතා පැවසීය.
වයස අවුරුදු 51ක් පමණ වූ මෙම ඇතාට පසු ගිය වසර කිහිපය තුළ වරින් වර තුවාල වී තිබුණා. අපි ඒවාට ප්‍රතිකාර කළා. නමුත් පෙරේදා අප දුටුවා ඇතාගේ දකුණු ප්‍රදේශයේ පපුව ආසන්නයේ දරුණු තුවාලයක් තිබුණු බව.එම තුවාලය පපුව ප්‍රදේශයේ ඉල ඇටයක්ද කඩා ගෙන පෙනහැල්ල දක්වා විහිදී තිබුණා. අභ්‍යන්තර ලේ වහනය වීමෙන් මෙම දළ පූට්ටුවා මිය ගොස් තිබුණු බව වෛද්‍ය පරීක්ෂයෙන් අනතුරුව තහවුරු වූ බව වෛද්‍ය ධර්ම කිර්ති මහතා පැවසීය.
වෛද්‍ය ධර්මකිර්ති මහතා වැඩි දුරටත් පැවසුවේ මේ වන විට දළ පුට්ටු ඇතුන් තිදෙනෙකු මෙරට ජීවත් වෙන බවට තහවුරු වී තිබෙන බවයි.ඉන් එක් ඇතෙකු මෙම තිලක් නම් දළ පුට්ටුවා බවද ඔහු පැවසීය.
මෑත කාලය තුල තිලක් නම් දළ පූට්ටු ඇතා යාල පලටුපාන ප්‍රදේශයේ වසය කළ බවපැවසූ වන ජීවී නිළධාරීහු මෙම දළ පුට්ටුවාගේ දළ දෙක සමග හිස යාල වනෝද්‍යානයේ සංරක්ෂණය කරන බවද පැවසූහ.
තංගල්ල චන්ද්‍රසේන ගමගේ
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.