පුංචි ගංවතුරකටත් දොරකඩටම වතුර පිරෙන ඇළ ළඟ ගෙදර සිරිපාල මාමා මැරුණේ පිළිකාවකින්... මාමාට පිළිකාවක් කියලා දැන ගත්තම හුග දෙනෙක් කම්පාවට පත්වුණා..
අද ඔවුන් කම්පා වන්නේ ඊටත් වඩා ශෝචනීය තත්වයක පසුවන සුගත් ගැනයි.
සුගත් පුංචි ලොරියකුත් ලීසිං කරලා අරගෙන ව්‍යාපාරයකින් ජීවිතය පටන්ගන්න හිතුවා විතරයි.
ඒ පවුලට දෙවැනි සුනාමියත් ආවා..
සුළු සුළු අපහසුකම් තිබ්බ නිසා රෝගී තත්ත්වයේ පූර්ණ පරික්ෂණයෙන් දැන ගත්තේ සුගත්ට ලියුකේමියා කියන රෝගී තත්ත්වය කියලයි.
සුගත්ගේ බිරිඳ චිත්‍රාටත් කිසිම රැකියාවක් නැහැ.
චිත්‍රාගේ අම්මා කොතැන හරි පුංචි කුළියක් කරලා හොයා ගන්න කීයකින් හරි ජීවිතේ ගෙවන්න ගන්න උත්සහය අතරේ සුගත් උණ පතුරු උණ බට එකතු කරලා ඒවායින් මැස්සක් හදලා ගේ දොරකඩ පුංචි කඩ පිළක් හැදුවා..
අහල පහළින් හොයා ගන්නා කෙසෙල් ගස්ලබු වගේ දේවල් විකුණනවට අමතරව හවසට ආප්ප ටිකකුත් හදන්න චිත්‍රාට පුළුවන් නිසා සුගත්ගේ ඒ උත්සහය හොඳ අතට හැරුණා.
ඒකෙන් මාසෙකට සැරයක් සුගත්ගේ ප්‍රතිකාර සඳහා මහරගමට යන එන වියඳම් සහ බේත් වියදමටයි පුංචි පුතාගේ ඉස්කොලේ වියදමුයි යන්තම් හොයා ගන්න හැකියි කියලා සුගත් නිතරම මහන්සියෙන් උත්සහයක් ගත්තා..
බිස්නස් එකට මාස දෙකක් ගත වුණේ නැහැ.
සොබාදහමත් සුගත්ට මහ නපුරු විදියට සළකමින් ගංවතුරෙන් උණ පතුරු වලින් ගොඩ නගා ගත්තු අනාගත සන්තකේමත් සුණු විසුණු වෙමින් අතේ තිබුණු සල්ලි වලින් එකතු කර ගත් විකුණනන්න ගෙනාපු බඩු මුට්ටු සේරම ගසාගෙන ගියා..
සුගත්ගේ මාසෙක බේත් හේත් වලට රුපියල් විසිදහක් විතර යනවා
ගෙදර කන්න බොන්න දරුවගේ ඉගෙනුම් කටයුතු වලට
කොයිතරම් දේවල් තියෙනවද තව..
ලියුකේමියාවෙන් වට්ටන්න හදපු සුගත් ආයෙත් නැගිටින්න හැදුවාවිතරයි ගංවතුර රකුසාගේ අකාරුණිකත්වයටත් අසු වුණා..
ගෙයි බිත්ති සේරම මුල් පාදමෙන්ම ගිලා බැහැලා ඉරි තලලා ගිහින්. ඒකේ ඇතුලෙ ඉන්න වෙලා තියෙන්නේ මර බියත් එක්ක ඒත් සුගත්ටයි පවුලේ අයටයි වෙන කරන්න දෙයකුත් නැහැ.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 787 වලල්ලාවිට නැගෙනහිර ග්‍රාම නිලධාරිවරයා මේ සියල්ල අදාල අංශ වලට දැනුම් දිලා තියෙනවා.
සුළු රෝග වලින් පෙළෙන බොහෝ අය බස් රථවල දුම්රිය මැදිරිවල සිඟමන් යදිමින් සිටියදි ලියුකේමියා රෝගියෙකු වශයෙන් විඳින්නාවූ පීඩාව පසෙක තබා සුගත් අදත් උත්සහ කරන්නේ තනිවම නැගිටින්නටයි.
මේ දිරිය වන්ත මිනිසා වෙනුවෙන් ඔබටත් කළ හැකි උපකාරයක් තිබේනම්..
මහජන බැංකුවේ - පැලවත්ත ශාඛාව
ඊ. ඒ සුගත් තරංග 261 -2-001-1-0026725 ගිණුම් අංකය වෙත බැර කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
වලල්ලාවිට නැගෙනහිර ග්‍රාම නිලධාරී ජනක එදිරිසිංහ මහතාගේ දුරකතන අංකය - 0717309100
සටහන සේයා රූ - විශ්ව ගැමුණු ප්‍රියංකර
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.