Coss Ear2
lakbima.lk
COSS Ear 1

අරුම පුදුම 'සාධාරණ මුදලාලිගේ' භූමිතෙල් දන්සල

මහියංගණ, කුරුවිතැන්න, සාධාරණ ස්ටෝර්ස් වෙළඳසැලෙහි හිමිකරු  තිස්ස හේවාවසම් මහතා අපූරු මිනිසෙකි.

ඔහුගේ වෙළඳසලට පැමිණෙන අය තමන්ට අවශ්‍ය බඩු කිරා මැන තෝරාගෙන  යති. ඇතැම් විට  ලාච්චුවට සල්ලි දාන්නේද පාරිභෝගිකයන් විසින්මය. ගම්වැසියන්ට මුදලාලි විශ්වාස මෙන්ම මුදලාලිට ද ගම්වැසියන් කෙරෙහි ඇත්තේ දැඩි විශ්වාසයකි.

සාධාරණ ලෙස මේ ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා මෙම ව්‍යාපාරය සාධාරණ  ස්ටෝරස් නමින් හදුන්වන අතර කවුරුත් හේවාවසම් මහතා හඳුන්වනු ලබන්නේ ද සාධාරණ මුදලාලි නමිනි. සාධාරණ මුදලාලි මෙසේ උපයන මුදලින්  කරන පින්කම් ද අසාමාන්‍යය.


ඔහු වෙසක් උත්සවය වෙනුවෙන් වාර්ෂිකව භූමිතෙල් දන්සලක් පවත්වන්නේ විදුලිය නොමැති ප‍්‍රදේශයේ ගම්මාන තෝරා ගනිමිනි. මෙවර 18 වන  භූමිතෙල් දන්සල පවත්වන ලද්දේ ඉතා දුෂ්කර ගම්මානයක් වන මහියංගණය  කුරුතැන්න ගම්මානයේ ශ‍්‍රී බොධිරුක්ඛාරාම විහාරස්ථානයේදි ය. මෙවර භූමිතෙල් බෝතල් 272 පමණ ලබා දුන් අතර  මෙම  භූමිතෙල් දන්සලට ප‍්‍රදේශවාසීන් බොහෝ පිරිසක් වැල නොකැඩී ඇදී ආහ.

ප‍්‍රදේශයේ විදුලිය නොමැති ගම්මාන වල ජනයා මෙම දන්සලෙන් භූමිතෙල් ගෙන සාධාරණ මුදලාලිට පිං දුන්හ.

ඊට අමතරව  සාධාරණ මුදලාලි  දිස්ත‍්‍රික් 20 ක  ආදායමක් නැති වෙහෙර විහාරස්ථාන 110ක විදුලි බිල් ගෙවා ඇති අතර මෙලෙස ගෙවූ ලදුපත් වල බර කිලෝ 13 යි ග‍්‍ර‍්‍ර‍්‍රෑම්ස් 500 කි.





සුලක්ෂ පියතිස්ස බදුල්ල

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.