Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලොව දිගම වැලි බුදු පිළිමය දැන් දියවන්නාවේ

ඉන්දියානු ජාතික සුදර්ශන් පටනික් ලොව දිගින් වැඩිම වැලි බුදු පිළිමය ශ‍්‍රී ලංකාවේ දියවන්නා වෙසක් කලාප භූමියේ ඉදි කර තිබේ. සැතපෙන බුදු රුවක් බව මෙහි දිග අඩි 40 කි. ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කර්යාලය විසින් ලංකා රජයට හඳුන්වා දී ඇති සුදර්ශන් ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයෙන් දිවයිනට පැමිණ තිබෙන්නේ මෙහි පැවැත්වෙන 14 වෙනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව ය.

මීට පෙර වැලි ප‍්‍රතිමා නිර්මාණයෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනගෙන සිටින ඔහු 10 වන මොස්කව් වැලි ප‍්‍රතිමා තරගාවලියේ රන් පදක්කම ද හිමි කර ගැනීමට සමත් වී තිබේ.

1977 ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ පූරි නගරයේ උපත ලද සුදර්ශන් පිරිමි දරුවන් තුන් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා ය. පාසැල් අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක් වූ ඔහු කුඩා කාලයේ සිට චිත‍්‍ර ඇඳීමටත්, මැටිවලින් ප‍්‍රතිමා නෙලීමටත් වැඩි කැමැත්තක් දක්වා තිබිණි. බටහිර රටවල ප‍්‍රසිද්ධ වැලි ප‍්‍රතිමා කලාවට ඔහු යොමු වූයේ වයස අවුරුදු 18 දී ය.

මේ වනවිට ඔහු ඉන්දියාවේ සංස්කෘතිකාංගවලට අයත් පිළිම සහ ලෝක ප‍්‍රසිද්ධ ටාජ් මහල් මාලිගයේ ආකෘතියක්, සිදුහත් කුමරුන්ගේ උපත, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම, බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වානය, ජේසුස් වහන්සේගේ උත්ථානය ආදී සිදුවීම් නිරූපණය වන ආකෘතින් දහස් ගණනක් වැලිවලින් නිර්මාණය කර තිබේ.

සුදර්ශන්ගේ මෙම පුදුමාකාර හැකියාවත්, වැලි ප‍්‍රතිමා කලාව ඉන්දියාව තුළ ව්‍යාප්ත කිරීමට ඔහු දරන උත්සාහයත් හේතුවෙන් ඉන්දියානු රජය 2014 වසරේ දී පද්ම ශ‍්‍රී සම්මානයෙන් පුදණු ලැබීය. පද්ම ශ්‍රී යනු ඉන්දියානු රජය විසින් එහි සිවිල් පුරවැසියන්ට ප්‍රධානය කරන අගය අතින් සිව්වැනි සම්මානයයි. මේ වනවිට ඔහු ,ඔයැ "The Golden Sand Art Institute", නමින් වැලි ප‍්‍රතිමා නෙලීමේ කලාව පිළිබඳ කැමැත්තක් දක්වන දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. මෙහි ඉන්දියානු දරුවන් සියයකට අධික පිරිසක් අධ්‍යාපනය ලබන අතර දවසකට පැය තුන බැගින් සතියේ දින 5 ක් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම සම්පූර්ණයෙන්ම කොමිලේ සිදුවීම ද විශේෂත්වයකි.

සුදර්ශන් විසින් දියවන්නා වෙසක් කලාපයේ නිර්මාණය කර ඇති ලොව දිගින් වැඩිම වැලි බුදු පිළිමය මේ මස 14 වනදා තෙක් මහජනතාව වෙනුවෙන් නිරාවරණය වේ.











දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.