Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න තියෙන්නේ කිරිබත්ගොඩ විතරමද

නුවර පාරෙත් කිරිබත්ගොඩ පසුකර වාහන වලින් මිනිස්සු මේ දවස්වල යන්නේ ‍ලේ කෝප කරගෙනය. අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ ඇඳුම් වෙළෙඳාම තහනම් කරනවාද කියල හිතලාද දන්නෙ නැ. මෙච්චර සෙනගක් කිරිබත්ගොඩට එන්නේ බසයක ගමන් කරමින් සිටි මගියකු එසේ කියන අයුරු අපට ඇසුණේය. 
කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ගවල දිනපතා කොළඹට ගමන් කරන්නන්ට උදෑසනටත් සවසටත් එහි ඇති මාර්ග තදබදය ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නැත. ඒ එහි අපහසුව දිනපතා ඔවුන් හොඳින්ම අත් විඳින බැවිණි. එහෙත් නුවර පාරේ එවැනි මාර්ග තදබද ඇත්තේ නැත. නුවර පාරේ මාර්ග තදබදය ඇති වන්නේ උත්සව සමයටය. ඒ අලුත් අවුරුදු වලට අලුත් ඇඳුම් ගන්නට දිවයිනේ හතර දිග් බාගෙන්ම කිරිබත්ගොඩ නගරය මහා ජනකායකින් පිරී ඉතිරී යෑම නිසාය. අනුරාධපුර, මහනුවර, ‍පොළොන්නරුව කුරුණෑගල ආදී දුර බැහැර ප්‍රදේශවලින් කොළඹට යන බස්වල සිටින කාන්තාවන් කොන්දොස්තරවරුන්ට මේ දවස්වල කියන්නේ කිරිබත්ගොඩින් බස්සන්න යනුවෙනි. ඔවුන් ඔක්කොම එන්නේ ඇඳුම් ගන්නටය. 
අතීතයේදී කිරිබත්ගොඩ යනු මේ තරම් කාර්ය බහුල නගරයක් නොවේ. කිරිබත්ගොඩ ඇඳුම් ගන්නට සෙනග වැඩි වූයේ කොටි නුගේගොඩ, මහරගම, කොළඹ බෝම්බ පුපුරවන්නට ගැනීමත් සමගය. එහි කූටප්‍රාප්තිය වූයේ යුද සමයේ නුගේගොඩ නෝ ලිමිට් ආයතනය අසලදී පුපුරා ගිය බෝම්බයය. මේ සිද්ධියෙන් පසු ඒ පැත්තේ මිනිස්සුත් ඇඳුම්ගන්නට  කිරිබත්ගොඩට ආවෝය. ඒ නිසා කිරිබත්ගොඩ සාප්පු වලට සරු කාලයක් උදා විය. රෙදි පිළි ඇඟලුම්, පාවහන්, ඔරලෝසු, සෙන්ට්, පවුඩර්, වෙළෙඳසල් පමණක් නොව, මහා පරිමාණ වෙළෙඳ සමාගම්වල ශාඛා මෙන්ම දිවයිනේ ඇති සියලුම වාණිජ බැංකු ශාඛාවලින්ද අද කිරිබත්ගොඩ සමන්විතය. එහි බැංකු වසරේ දින 365 පුරාම මහ රෑ වන තුරුත් විවෘතය. ඒ නිසාම දිනෙන් දින කිරිබත්ගොඩට ඇදී එන ජනකායද වැඩි වෙමින් පවතී. අලුත් අවුරුද්ද නත්තල වැනි උත්සව සමයන්හිදී ඒ තත්ත්වය තවත් වර්ධනය වේ. 
අනෙක් අතට කිරිබත්ගොඩ සාප්පු සවාරියේ එන්නේ ‍පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල ආදී උතුරු පැත්තෙන් නගරවැසියන් පමණක් නොවේ. දක්ෂිණ අධිවේගී මාර්ගය කඩවත දක්වා දීර්ඝ කිරීම නිසා දැන් දකුණෙන්ද ගෑනු පිරිමි ඇඳුම් ගන්නට කිරිබත්ගොඩට එති. ඒ නිසාම මේ දිනවල අධිවේගයේ බස් රථයකට කඩවතදී ගොඩ වුවහොත් එහි සුලබව දකින්නට ලැබෙන්නේ කිරිබත්ගොඩ නගරයේ ඉතා ජනප්‍රිය රෙදි අලෙවි සල්වල විශාල කවර පුරවා ගත් කාන්තාවන්ය. 
කිරිබත්ගොඩ නගරයේ සාප්පු සවාරියේ යෙදෙන්නන්ට මේ දිනවල වෙලාවක් කලාවක් ගැන අවබෝධයක් නැති තරම්ය. උදෑසන අටහමාර නවය වන විට මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී යන නගරය මේ දිනවල යළි නිදා ගන්නේ මධ්‍යම රාත්‍රියත් පසු වූ කල්හිය. පුළුවන. ඇතැම් රෙදි අලෙවි සල් අසල ‍පෝලිම් දකිද්දී සිහිවෙන්නේ වෙසක් කාලය කලින්ම ඇවිල්ලා දැයි කියාය. ඒ කාලයට දන්සල්වලට ඇති ‍පෝලිමටත් වඩා රෙදි අලෙවි සල් අසල ඇති ‍පෝලිම් දිග වැඩිය. ගිනි අව්වේ පිච්චෙමින් ඔවුන් මේ ‍පෝලිිම්වල රැඳී සිටින්නේ ඒ රෙදි අලෙවි සල්වලට ඇතුළු වන්නටය. මන්දයත් මේ දිනවල කිරිබත්ගොඩ ඇතැම් රෙදි අලෙවි සල් වලට මිනිසුන් ඇතුලු කරගන්නේ කොටස් වශයෙන් වන බැවිනි. එම නිසා පැය දෙක තුනක් එකම ‍පෝලිිමක රැඳී සිටින්නට ඇතැමුන්ට සිදුවේ. ඇතැම් කඩ අසල උදේ අටහමාර නවය වන විට මීටර් ගණන් දිගට ‍පෝලිම්ය. ඒ අදාළ අලෙවි සල් විවෘත කරන්නටත් පෙර සිටමය. 
‍පෝලිිමේ හිඳ ඇතුළට ගියත්, එහි අවශ්‍ය රෙදි තෝරා ගන්නට ඉඩක් ලැබේද? ඇතැම් අලෙවි සල් වලට ඇතුළු වෙද්දී පෙනෙන්නේ රෙදි නොවේ. කළු පැහැ ඔළු ගෙඩි පමණි. අමාරුවෙන් කඩයක් ඇතුළට රිංගා ගත් ලියුම්කාරිය, එහි සෙනග අතර තෙරපී පඩිපෙළක් නැගගත් කාන්තාවක් අසලට සමීප වීමි. සිරිපාදේ මහගිරිදඹේ නැග්ගා වගේ තමයි, කිසි වෙනසක් නැහැ. ඈ  පැවැසූයේ දැඩි වෙහෙසකාරී මදහසකිනි. 
තවත් අලෙවි සලකට ඇතුළු වූ මට සිතුනේ මා යළි ප්‍රයිවට් බසයක් තුළට ගියා දැයි කියාය. ඔතන වැඩිපුර තෙරපි තෙරපි ඉන්න එපා ඇතුළට යන්න, ඇතුළට යන්න, එළියට යන්න මෙහෙන් එන්න එපා, අනිත් පැත්තෙන් යන්න, ඔය බිල් කරන්න ඉන්න අය මේ ‍පෝලිිමට එන්න, මේ ‍පෝලිමට එන්න, අලෙවි සල සතර දෙසින් ඇසෙන්නේ කඩය තුළ සිටින පාරිභෝගිකයන් හසුරුවන හඬය. 
එම ‍පෝලිම දකින විට හිතෙන්නේ ලංකාවේ මිනිසුන්ට කුමකට සල්ලි නැති වුණත් ඇඳුම් ගන්නට විය පැහැදම් කරන්නට නම් සල්ලි ඕනෑ තරම් ඇති බවය.
 
 ගයාත්‍රි ගීගනආරච්චි
ඡයාරූප - ලක්මාල් වසන්ත 
           මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1105

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.