Coss Ear2
lakbima.lk
COSS Ear 1

කරපිංචා කොකිස්
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
සහල්පිටි - ග්‍රෑම් 500
‍පොල් ගෙඩියක උකු මිටිකිරි
කරපිංචා  යුෂ අඬුකෝප්ප 1/2
කරපිංචා කොළ මිටක් පමණ
ලුණු රසට අනුව
 
සාදන ආකාරය
 
සහල්පිටිවලට ලුණු, ‍පොල්කිරි, කරපිංචා යුෂ එකතුකර උකු බැටරයක් සාදා ගන්න. කරපිංචා කොළ ටිකද ඉතාම කුඩාවට කපා මෙයට එකතු කර  මිශ්‍ර කරගන්න. දැන් කොකිස් අච්චුව, රත් වූ තෙ‍ලේ පදම් කරගෙන, කොකිස් පිටි මිශ්‍රණයේ බහා සාමාන්‍ය ලෙස කොකිස් බැද ගන්න.  කොකිස් අච්චුවේ ඇලෙන ගතියක්, ඇත්නම් පිටි මිශ්‍රණයට බිත්තර සුදුමදයක් දමා කලවම් කර ගන්න.
 
රුලං මිශ්‍ර නාරං  කැවුම්
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
රුලං - ග්‍රෑම් 250
සිහින්ව ගා ගත් ‍පොල් ගෙඩියක් පමණ
සීනි - ග්‍රෑම්  500
වියළි පලතුරු - ග්‍රෑම් 100
පාන්පිටි - ග්‍රෑම් 100
සහල්පිටි - ග්‍රෑම් 100
කහකුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
‍පොල්තෙල් බැදගැනීම සඳහා
 
සාදන ආකාරය
 
රුලං ටික කබ‍ලේ දමා රන්වන් පාටට බැද පසෙකින් තබන්න. ‍පොල්වලට සීනි සහ වතුර අඬුකෝප්ප 1/4ක් පමණ එකතු කොට ළිප තබා මද ගින්දරේ මලවා පැණි‍පොල් සාදා ගන්න. දැන් එයට බැදගත් රුලං, වියළි පලතුරු කැබැලි, ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එය ළිපෙන් බා නිවෙන්නට හරින්න. හාල්පිටි, පාන්පිටි, ලුණු, කහ සමග අවශ්‍ය තරමට වතුර එකතු කර උකු පාප්පයක් සාදා ගන්න. දැන් කලින් සාදාගත් රුලං මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා, බැටරයේ ගිල්වා රත් වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.
 
 
මුං කැවුම්
 
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
සහල් පිටි - ග්‍රෑම් 250
බැදගත් මුං පිටි - ග්‍රෑම් 250
පැණි - අඬු කෝප්ප 1
සීනි - ග්‍රෑම් 200
කරදමුංගු කුඩු - තේ හැඳි 1/
ලුණු ස්වල්පයක්
වතුර ටිකක්
බැදගැනීමට  තෙල්
බැටරය සඳහා
සහල්පිටි - ග්‍රෑම් 100
පාන්පිටි - ග්‍රෑම් 100
උකු ‍පොල්කිරි - අඬු කෝප්ප1
කහ ස්වල්පයක්
ලුණු ස්වල්පයක් 
 
සාදන ආකාරය
 
සහල් පිටිවලට මුංපිටි දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් භාජනයක් ගෙන එයට පැණි, සීනි, ලුණු, කරදමුංගු කුඩු සහ වතුර දමා ළිප තබා නටවා ගන්න. හැඳිගාමින් උණුකරමින්, පිටි ටික ටික දමා කලවම් කරගන්න. මේ සඳහා පත්තක් භාවිත කරන්න. මෙය බඳුනේ නොඇලී ගුලිවන පදම ආවිට ළිපෙන් බා ගන්න. දැන් පිටි ටිකක් ඉසගන්න පැතැලි පෘෂ්ඨයක් මත දමා තුනී කර අවශ්‍ය හැඩයට කැබැලි කපා ගන්න. සාදාගත් බැටරයේ මේ කැබැලි ගිල්වා රත් වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. 
 
 
වැලිතලප
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
සහල් පිටි - ග්‍රෑම් 500
සිහින්ව ගාගත් ‍පොල් ගෙඩියක්
කිතුල් පැණි  - බෝතල් 1/4
සීන් - ග්‍රෑම් 250, ලුණු ස්වල්පයක්
 
සාදන ආකාරය
 
සහල් පිටිවලට ලුණු දමා කලවම් කර අතින් වතුර ස්වල්පය බැගින් ඉසිමින් මල්කර  ගන්න. දැන් මේ මල්කරගත් පිට්ටු, ස්ටීමරයක දමා තම්බා ගන්න. දැන් මේ පිට්ටු අතින් ‍පොඩිකර නිවෙන්නට හරින්න. භාජනයක් ගෙන එයට  ගාගත් ‍පොල්, කිතුල් පැණි සීනි සහ ලුණු ස්වල්පයක් දමා ළිප තබා මද ගින්දරේ මලවා ගන්න. දැන් තම්බාගත් පිට්ටු ටික ටික දමමින්  හොඳින් කලවම් කර ගන්න. උණුවෙන්ම ලෑල්ලක් මත වඩා කැබැලි කපා ගන්න.
 
පැණි වළලු
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
පාන් පිටි  - ග්‍රෑම් 500
රතු ආහාර වර්ණක බිංදු කීපයක්
සීනි - කිලෝ ග්‍රෑම් 1
ආප්ප සෝඩා - තේ හැඳි 1/4
හොඳින් ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 2ක්
වතුර අඬු කෝප්ප 1/4
ලුණු ඉතා ස්වල්පයක්
තෙල් අවශ්‍ය තරමට
 
සාදන ආකාරය
 
භාජනයක් ගෙන එයට පාන්පිටි, ආප්ප සෝඩා ‍පොඩිකර ඇඹුල් කෙසෙල් වර්ණක ලුණු වතුර සහ සීනි ග්‍රෑම් 500 දමා හොඳින් අනා ගොරෝසු තලපයක් සාදා ගන්න. ඉතිරි සීනිවලට වතුර ටිකක් දමා ළිප තබා හැඳිගාමින් උණු කර පත්පැණි සාදා ගන්න. දැන් සාදාගත් පිටි මිශ්‍රණය පයිපිං බෑගයකට දමා උණු තෙලට මිරිකමින් රවුම් හැඩයට හුරු වළලු සාදා ගන්න. දැන්  ඒවා රන්වන් පාට වනවිට පැණි මිශ්‍රණයට දමා ටික වේලාවක් තබා එයින් ඉවත් කර වියළි පිරිසිදු බඳුනක අඩුක් කරගන්න.
 

සුවදැල් හාලෙන් එළවළු බතක්
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
සුවදැල් හාල් 1නට
එළ`ගිතෙල් මේස හැ`දි 3
අඹරාගත් ඉ`ගුරු මේස හැඳි 1
අඹරාගත් සුදුළුෑනු මේස හැඳි 01
ලියාගත් බී ලූනු ගෙඩියක්
රම්පා/ සේර කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
වටිටක්කා 200ට
කංකුං කරටි 100ට
තම්බාගත් මුං ඇට අඬුු කෝප්ප 1/2යි
තම්බා ගත් බඩ ඉරිගු ඇට 
කෝප්ප 1/2යි
බිත්තර පහයි. 
 
සාදන ක‍්‍රමය
 
හාල් හොදින් ගරා සෝදා පසෙකින් තබන්න. ගිතෙල් රත්කොට එයට ඉගුරු, සුදුලූනු , රම්පේ කරපිංචා සේර සහ බී ලූනු එක් කර රන්වන් පාට වන තුරු බැද ගන්න. මෙයට කරදමුංගු කරල් හතරක් කරාබු නැටි පහක් හා කුරු`දු පොතු කැබැල්ලක් එක් කරන්න. දැන් එයට සෝදා ගරා ගත් සහල්   එක් කොට වතුර, ලූ‍ණු සහ කහ ස්වල්පයක් එක් කොට බතක් පිස ගන්න. 
වට්ටක්කා සිහින් තීරු වලට කපා ඉන්පසු හීනියට කපා ගන්න. (තෙම්පරාදු බතට කැරට් කපාගන්නා ආකාරයට) ඉන්පසු වතුර අඩු කෝප්ප දෙකක් උතුරවා ලූ‍ණු ස්වල්පයක් එක් කොට සිහින්ව කපාගත් වට්ටක්කා ටික දමන්න. 
විනාඩි තුනක් පමණ තබා වතුර පෙරා ඉවත් කරන්න. වෙනත් භාජනයක් ළිප තබා එයට ගිතෙල් මේස හැ`දි දෙකක් දමා රත්වු පසු වට්ටක්කා ටික දමන්න.  
දැන් තැම්බු මුං ඇට (ඇට වෙන්   වනසේ තම්බා ගන්න) බඩ ඉරිගු එක්කර කලවම් කරන්න. බිත්තර ද කඩා මදක් ගෑරුප්පුවකින් තට්ටු කර එක් කොට කලවම් කරන්න. 
රස අනුව ලූ‍ණු එක් කරන්න. අවසානයේ හීනියට කපාගත් කංකුං ද එක්කොට කලින් පිසගත් බත් සමග කලවම් කර උණුවෙන්ම මේසයට යවන්න.
 
දුන් තෙල් බතක්
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
සුවදැල් හාල් කිලෝ එකයි
දුන්තෙල් මේස හැඳි පහයි
අඹරා ගත් ඉ`ගුරු සුදුලූනු 
මේස හැඳි දෙකයි
රම්පේ කැබැල්ලක්
සේර කැබැල්ලක්
කුරු`දු පොතු කැබැල්ලක්
එනසාල් කරාබුුනැටි
උකු පොල් කිරි අ`ඩු කෝප්ප එකක්.
ලූ‍ණු රස අනුව.
රවුමට කපා බැදගත් බී ලූනු ගෙඩි පහක්
තෙලේ බැදගත් කරපිංචා කොළ අහුරක්.
බැදගත් කජුු මද විස්සක් පමණ
මුද්දරස්පලම් 100ට
 
සාදන ක‍්‍රමය
 
දුන්තෙල් රත් කොට ඉගුරු සුදුලූනු රම්පෙ කරපිංචා සේර දමා ⁣රන්වන් පාට වන තෙක් තෙම්පරාදු කොට සෝදා ගරා ගත් සහල් ලූ‍ණු කරදමුංගු කරාබුනැටි කුරු`දු එක්කොට වතුරද දමා බතක් පිස ගන්න. බත හො`දින් පිසෙන විට ගින්දර අඩු කොට උකුපොල් කිරි එක්කරන්න. මද ගින්්නේ බත පිස ගන්න.
දැන් බැදගත් ලූනු කජු මුද්දරස්පලම් කරපිංචා එක්කොට උණුවෙන්ම පිළිගන්වන්න

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 559

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1425

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2622

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3802

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4794

Please publish modules in offcanvas position.