Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෑන් කේක් සැන්ඩ්විච්


b
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි අඬු කෝප්ප 1 1/2
බිත්තර 2 යි
බේකිං පවුඩර් තේ හැඳි 1/2
පිටිකිරි තේ හැඳි 1
සීනි මේස හැඳි 1
අයිසිං ක්‍රීම් ටිකක්
ලුණු ඉතාම ස්වල්පයක්

සාදන ආකාරය
බිත්තරවල කහමද සහ සුදුමද වෙන් කරන්න. පාන් පිටිවලට
බිත්තර කහමද, බේකිං පවුඩර්, පිටිකිරි, සීනි, ලුණු දමා හොඳහැටි මිශ්‍ර කරන්න. වතුර ටිකක් එකතු කර ඉතාම උකුවට බැටරයක් සාදා ගන්න.





දැන් පෑන් එකක් රත් කර එයට බටර් ස්වල්පයක් ආ‍ලේප කරමින් කුඩා ප්‍රමාණයේ එකම තරමකට පෑන් කේක් සාදා ගන්න. දැන් පෑන් කේක් එකක් ගෙන එහි අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. ඒ මත තවත් පෑන් කේක් එකක් තබන්න. දැන් ඒ මතද අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. මේ ආකාරයට පෑන් කේක් හතරක් එක මත තබමින් සැන්විචය නිම කරගන්න. දැන් එය වෙන් නොවන සේ දෙකට කපා තරමක් පළල් කර පිඟානක් මත තබා පිළිගන්වන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.