
තිස්සමහාරාමයේ කෝන්පැලෑක ගම්මානයේ දැරියකට කාමාතුරයන් තිදෙනෙකු කළ අපරාධය පිළිබඳ අදහසක් 2018.01.21 'ඉරිදා ලක්බිම' පළ කර තිබුණි.
ඇය වියෙන් දහහතර හැවිරිදිය. පාසලේ 9 ශ්‍රේණියේය.
ජනවාරි 21 ඉරිදා ලක්බිම හෙළිදරව්වෙන් පැවැසුණේ අපරාධ ච්ෙතනාවෙන් පෙම්වතා ඇය ගෙන් එළියට ගත් බවය.
අපේ වැටහීම ඊට ප්රතිපක්ෂය.
පාසලේ ශිෂ්‍යනායිකාවක වීමේ අරමුණින් තමා ඉගෙන ගත් බව, දැරිය දිවි නසා ගැනීමේ තීන්දුව ගත් පසු ලියූ ලිපියේ, සඳහන්ය.
ඒ දුර අරමුණ යට, හොඳින් දිගට ඉගෙනීමේ අරමුණක් පැවතී ඇති බව අපේ වැටහීමය. එහෙව් 14 හැවිරිදි දැරියට පෙම්වතෙකු සිට ඇත.
මේ තරුණයා ඇගේ හැබෑ පෙම්වතා නම්, තවත් කාමුකයන් දෙදෙනෙකු ඇය බිළිගනු අඳුරේ වුව බලා සිටිනු ඇද්ද..? රැවැට්ටීමක තරම
දිනපතා පුවත්පත් මේදිනවල දිගට හරහට හෙළි කරන්නේ මෙවැනි කාමාතුරකම්ය. මේ සිද්ධියෙන් හෙළිවන්නේ ඒ සමාජාපචාරය දැන් ග්‍රාමීය බාල ලියන් දක්වා පැමිණ ඇති බවය.
ප්‍රධාන ආගම් හතරක් ඉගෙන ගෙන, අදහන්නන් බහුල රටක ජනතාවගෙන් පිරිසක් මේ තරමට අශීලාචාර වීම, ඒ අශීලාචාර බව යට ඇත්තේ නොඉවසිලිමත් කාමය වීම...? රටේ ඇස් අරවන සිද්ධි විය යුතු නැද්ද...?
අපේ ආගම් එබඳු සිද්ධීන් ඉදිරියේ සිටින්නේ ඇස් වසාගෙනය. කන් අඟුළු දා ගෙනය. මුව පියාගෙනය.
ප්‍රධාන ආගම් දෙකම දෙසුමෙන් කාමමිථ්‍යාචාර විරෝධීය.
රටේ පාසල් දස දහසෙන් හත් අටදහසක්ම පිහිටියේ ගම්වලය. ඒවායේ ඉගෙනුම ලබන්නේ මෙරට දුගී පවුල්වල දූදරුවන්ය. ඒ පවුල් බොහොමයක්ම අවුල්ය. පාසල් ඒ දරුවනට විෂය නවයක් දහයක් ප්‍රගුණ කරවන්නේය. එහෙත්, දමනය හා දූරදර්ශී බව නොහදාරවන්නේය.
වැඩි විය පත්වන දූ දරුවනට ලිංගික අධ්‍යාපනයක් දීමේ සාකච්ඡා රට තුළ වරින්වර මතුව යට යන්නේය.
ඒ මැද වැඩෙන වයසේ දරුවන් කායිකව කිළිපොවන දර්ශන සහිත පෙළඹවීම් රට පුරාය. විශේෂයෙන්ම රූපවාහිනීවලිනි. නවීන ජංගම දුරකථනවලිනි. සමහර ආකර්ෂණීය වෙළෙඳ දැන්වීම් මගිනි. වේදිකා නාට්‍ය, ගීත, රාත්‍රී සංගීත සංදර්ශන මගිනි.
මිනිස් කාමුකාශා අනියමින් සන්තර්පනය කර ගනු ලබන රහස්‍ය සම්ප්රදා ලෝකාරම්භයේ සිටම වාර්තා ගතය. (බයිබලයේ ආදම් ඒව තහනම් ගහට නැගීමේ පුවත)
ලෝකයට මරණයේ අනතුර හිමිවූයේ ඒ රමණීය පාපී හැසිරීම නිසා බව කිතුනු ආගමික හෙළිදරව්වය.
පාසල් දරුවනට ලිංගිකාධ්යාපනයක් සෘජුවම ලබා දීමේ අවශ්‍යතාව දැන් රටේ කට ළඟටම පැමිණ තිබේ. දරුවනට අනිසි වියේ රසවිඳිනාවස්ථා හඳුන්වා දෙන්නට නොවේ. නිසි වියේ ආරම්භය දක්වා ලිංගික පවිත්‍රතාව හා ඉන්ද්රියයන් රැක ගන්නා අන්දම අවබෝධ කරවන්නටය. ක්‍රියාවෙන් තොර ප්‍රඥාව ඇති කර ගැනීමෙනි.
අපේ රටේ පාසල්වල ආගම් උගැන්වීමේ දුර අරමුණ ඊළඟ පුරවැසියන් සදාචාරවත් කිරීමය. නිදහස ලබා ගවෛන්නට ආසන්න ගත වූ හැත්තෑවසර තුළ රට සදාචාරවත් වී තිබේද..?
අද උගන්වන ආකාරයට පාසල්වල ආගම් උගන්වා රටට සිදුවන කිසිදු සෙතක් නැත. පාසල්වල උගන්වන්නේ ප්‍රායෝගික ආගම් නොවේ ශාස්ත්‍රීය ආගම්ය. දරුවනට යහපත් ජීවිතයක් ගත කරන අන්දම හදාරවන ආගම් නොවන විෂයයක්, අද මෙරට පාසල්වලට හඳුන්වා දිය යුතුව තිබේ. ආගම්, විෂයයකට අමතරවය.
එය, දරුවනට ආගමික ප්‍රඥාව සතු හෘදය සාක්ෂියක් ඇති කර ගන්නා අන්දම, වටහාදෙන
විෂයයක් විය යුතුය. පුරාණ පාසල්, දරුවනට ඒ හෘදය සාක්ෂිය ලබා දුන්නේය. ගැහැනු දරුවනට තනි පංගලමේ පාසල් වැසිකිළියකටවත් නොයන හෘදය සාක්ෂිය පුරාණ පාසල ලබා දුන්නේය. ඒ සඳහා භාවිත විනය නමැති උපකරණය, පැරණි ගුරුවරු පාවිච්චි කළා අපට මතකය.
ඒ පාසල්වල උගත් දරුවනට සිතා මතා තීන්දු ගැනීමේ හා සිය ඉන්ද්රියයන් නිසි කල, නිසි ලෙස පරිහරණය කිරීමේ ප්‍රඥාව ලබා දුන්නේ ඒ පැරණි පාසල්ය. ඒ සඳහා ඒ පාසල් අසලම පිහිට පන්සලේ හෝ පල්ලියේ සහායද පාසල් ප්‍රධානීන් විසින් ලබා ගත්තා අපට මතකය.
ඒ පාසල් දරුවෝ හැම විටම ප්‍රඥාවෙන් පොහොසතුන් වූහ. ඒ ප්‍රඥා පොහොසත් බව ඔවුනට ලබා දුන්නේ ශාස්ත්‍රීය විෂයයක් නොවේ. මවුබස, සාහිත්‍යය හා ආගමික
විෂයයන් උගැන්වූ ගුරුවරුය. ඔවුහු තමන් උගන්වන දෑට අනුරූපවම ජීවත්වන ක්‍රියා කරන මිනිසුන් වූහ. ඔවුන් ආගමික ඇදහිලිවන්තයන් නොවුණි. ආගමික ක්‍රියා අනුවම ජීවත් වන්නන් වූහ.
ඔවුන්ගෙන් උගත් දරුවෝ... ඉවසිලිවන්ත වූහ. තම මළනුවනටවත් බොරු කරන්නන් නූහ. ඔවුන් හැම විටම ගත්තේ තමන්ට සේම අනුන්ටත් අනතුරක් නොවන තීන්දුය.
යහපත් මාපියන් තනන දෙමාපිය දින එදා ඒ පාසල් විසින් සංවිධානය කෙරුණි. සාකච්ඡා කෙරුණේ, පාසල් අරමුදල් ගැනවත් ගොඩනැගිලි තැනීම ගැනවත් නොවේ. පාසල් නම් වෙනස් කිරිම ගැන නොවේ.යහපත් චර්යා ධර්ම දෙමාපියන් විසින්ද අනුගමනය කිරීම ගැනය. යහපත් පවුල් ගොඩනගා ගැනීම ගැනය. යහපත් පවුලක දූ දරු මා පිය සබඳතා ගැනය.
දරුවන්ගේ මවද, සැමියාගේ බිරිඳ ද පමණක් නොව දියණියන්ගේ සමීපතම මිතුරිය විය යුතු අම්මලා සිටියේ ඒ පවුල්වලය.
සිරිල් එඬේරමුල්ල
-
-
Hits: 420