Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා  පරිසරයේ ඇති බොහෝ දේ ප්‍රයෝජනයට ගත හැකිය. මෙහි දන්වා ඇත්තේ ශාක පත්‍ර ආධාර කර ගනිමින් දරුවන් වෙත යොමු කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයකි.

මුලින්ම දරුවා සමඟ එළිමහනට ගොස් ගස් වල ඇති කොළ පෙන්වමින් ඒවා පිළිබඳව කතා කළ හැකිය.

උදා -:

  • දළු කාලයේ ශාක පත්‍ර වල පාට තරමක් මෝරා ඇති විට එම පාට වෙනස් වී ඇති ආකාරය.
  • වියලුණු ශාක පත්‍ර වල ස්වභාවය යනාදී කරුණු පිළිබඳව කථා කළ හැකිය.
  • විවිධ ශාක පත්‍ර වල හැඩයේ වෙනස; පිළිබඳව (ගස්ලබු හා අඹ කොළ)
  • ශාක පත්‍ර වල ප්‍රමාණ වල වෙනස්කම් පිළිබඳව (කොස් කොළය හා වෙරළු කොළය)

මෙසේ කථා කිරීමෙන් දරුවන්ට ඒවායේ හැඩය, ප්‍රමාණය, ස්ථානය වැනි කරුණු පිළිබඳව අවබෝධය ලැබේ.

පසුව ඒවා එකතු කරගෙන දරුවා සමඟ විවිධ ක්‍රියාකාරකම් කළ හැකිය. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ.

  • ශාක පත්‍ර සියල්ලම එක ගොඩකට දමා වර්ගය අනුව වෙන් කිරීම.
  • ශාක පත්‍ර කිහිපයක් ගෙන ඒවා එකින් එක ගණන් කිරීම.
  • දිග අනුව පිළිවෙලට තැබීම.
  • දිගින් වැඩිම / අඩුම ශාක පත්‍රය.
  • පළලින් වැඩිම/ අඩුම ශාක පත්‍රය. වශයෙන් තේරීම.
  • විවිධ රටා වලට ශාක පත්‍ර තබමින් රටා සෑදීම.
  • කොස්, වෙරළු වැනි සමමිතික හැඩ ඇති ශාක පත්‍ර ගෙන දෙකට මැඳින් වෙන් කර ගැනීම හා නැවත සුදුසු කොටස ගෙන ශාක පත්‍රය සාදා ගැනීම. (අලවා)
  • ශාක පත්‍රයන් මත සුදු කඩදාසියක් තබා එම ස්ථානය පාට කිරීම.

මේ ආකාරයට විවිධ ක්‍රියාකාරකම් වෙත දරුවා යොමු කළ හැකිය.

මෙවැනි ක්‍රියාකාරකම් සඳහා දරුවෝ ඉතා අශා කරති. දෙමාපියන් එතරම් නොසිතුවද මේවා දරුවන්ගේ බුද්ධි වර්ධනයට මහත් පිටිවහලක් වෙයි.

මෙම ක්‍රියාකාරකම් අවසානයේ එම ස්ථානය පිරිසිදු කිරීමටත් දරුවාගේ සහයෝගය ලබා ගැනීම ඉතාම වැදගත් වේ.

 

ජලදිනී සේනානායක

  1. කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත
  2. පාස‍ලේදී ශාස්ත්‍රීය ආගම නොව ප්‍රයෝගික ආගම උගන්වමු
  3. ඔබට නොසිතෙන ආකාරයට දරුවා ඉගෙන ගන්නා පාඩම් මොනවාද?
  4. කුඩා දරුවන්ට ඉලක්කම් හඳුන්වා දීමේ නිවැරදි ක්‍රමය මෙසේයි
  5. ඔබේ දරුවාගේ යහපත් හැසිරීම් ගොඩනැගිය යුත්තේ මෙහෙමයි
  6. දරුවන්ට නිවැරදිව ගණන් කිරීමට උගන්වමු
  7. ඔබ කරන කියන දේ දරුවන් තේරුම් ගන්නේ කොහොමද?
  8. දරුවාට පාඩම් කරන්නට නිවසේ වෙනම කොටසක්
  9. ඔබේ සිඟිත්තාගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සෑහීමට පත්විය හැකිද?
  10. වැලි කෙළිය දරුවාගේ මොළය වර්ධනයට ප්‍රබල පිටුවහලකි
  11. සිඟිති දරුවන්ට ගායනය හුරු කරමු
  12. සිඟිති මතක ප්‍රබල කරමු
  13. දරුවාට පුහුණු කළ යුතු ආහාර ගැනීමේ නිවැරදි ක්‍රම
  14. ඉදිරිපත්වීම සඳහා දරුවන් පසුබාන හේතු කිහිපයක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.