Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත

'බඩ පිරෙන්න බත් කන්න ඕනේ' අපේ වැඩිහිටියන් තවමත් කුඩා දරුවන්ට එසේ පවසනු අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ බඩ පිරෙන්න බත් කෑම වර්තමාන ළමා පරපුර කෙරෙහි සියයට සියයක් නොගැලපෙන බව ඔබ දන්නවාද?

මීට පරම්පරා කිහිපයකට ඉහත අප සමාජයේ දරුවන් ගෙවූ දිවිපෙවෙත සහ වත්මන් සමාජයේ දරුවන් ගෙවන දිවි පෙවෙත අතර සුවිසල් පරස්පරතා පවතින බව රහසක් නොවේ. අතීතයේ නිවස තුළ සේම වත්තපිටියේ වසු පැටවුන් පසුපස දුවමින් ඇලේ දොලේ සෙල්ලම් කරමින් විනෝදය පිණිස කය වෙහෙසූ දරු පරපුර අද දක්නට ඇත්තේම නැත. එමෙන්ම 'කටේ කිරි සුවද' යාමටත් පෙර දරුවා 'පාසල් අධ්‍යාපනයේ වහලෙකු' කිරීමේ ශෝචනීය තත්ත්වයක් අද දක්නට ලැබෙන බැවින් දරුවාට හරි හැටි ඇග පත තබා අතක් පයක් වත් සෙලවීමට ඉඩක් නොමැති තරම්ය.

එනිසාම අද ඇත්තේ බොහෝ දෙනෙකු ශෝචනීය සරදමක් පවසන පරිදි 'බ්‍රොයිලර්' ගණයේ දරු කැලතකි. එහිදී දරුවාගේ ආහාර රටාවද දරුවාගේ ජීවන රටාවට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය. 'සම බල' ආහාරවේලක ඇති වැදගත්කම අප සැම පාසලේ ප්‍රාථමික පන්තිවලදීම ඉගෙනගෙන ඇත්තෙමු. එහෙත් එම ආහාරයේ වැදගත් කම එදා දරුවන්ට සාපේක්ෂව අද දරුවන්ට කිහිප ගුණයකින් අදාල වන බව කිව යුතුය.

ඒ නිසා දරුවාට දෙන බත් ප්‍රමාණයට සාපේක්ෂව එළවළු, පළා වර්ග, පළතුරු, ආදිය තුලනාත්මකව වැඩි කළ යුතුය. එමෙන්ම දරුවා පැණි රස, සහ පිටි බහුල ආහාර සහ ලුණු වලින් හැකිතාක් දුරට ඉවත් කළ යුතුය. එසේ  බත් ප්‍රමාණය අඩුකොට දරුවාගේ කුස පිරීම පිණිස මස්මාංශ වලටත් වඩා එළවළු, පළතුරු, කිරි යොදා ගත හැකිනම් එය දරුවාගේ අනාගත යහපැවැත්ම පිණිස මහත්සේ උපකාරීවනු ඇත. විශේෂයෙන් දරුවා නිදන්ගත රෝග වලින් දුරස් කිරිමට එය මහත් පිටිවහලක් වනු ඇත.

 

දමයන්ති ගමගේ (වෛද්‍ය උපදෙස් ඇසුරිනි)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2203

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.