Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබ කරන කියන දේ දරුවන් තේරුම් ගන්නේ කොහොමද?

අපේ බොහෝ වැඩිහිටියෝ කුඩා දරුවන් ඉදිරියේ හැසිරීමේ දී සහ අදහස් හුවමාරු කර ගැනීමේ දී ළමා මනැස සහ එහි ක්‍රියා කාරිත්වය ගැන නොසිතති. එහෙත් දරුවන් ඉදිරියේ හැසිරෙන විට සහ අදහස් හුවමාරු කර ගන්නා විට ළමා මනැසට ‍ඒවා කොතෙක් දුරට ගෝචර වේද, ඒවා ගෝචර වන්නේ කිනම් ආකාරයෙන්ද යන්න පිළිබඳ බොහෝ වැඩිහිටියෝ සැලකිලිමත් නොවෙති.

විශේෂයෙන් කුඩා දරුවන් ඉදිරියේ වැඩිහිටියන් අනුන් විවේචනය කිරීම ප්‍රවේශමෙන් කළ යුත්තකි. ඊට හේතුව එම විවේචන කුඩා දරුවන් විසින් තමන්ටම ආවේණික අයුරකින් තේරුම් ගැනීමය.

"අම්මේ මෙන්න අර ඇන්ටි ඇවිත්"

එක් කුඩා දරුවෙක් නිවස ඉදිරිපිට සිට නිවස තුළ සිටින තම මවට කෑ ගසා කීය.

"මොන ඇන්ටිද පුතා; මව නිවස තුළ සිට ඇසුවාය."

"ඇයි අම්මේ ඉස්සරහගෙදර ඇන්ටි."

"අම්මා කියන්නේ අර මළහෝන්තුව කියලා; අන්න එයා!"

කුඩා දරුවා ඊටත් වඩා හඬ නගා කීවාය. ඊට හේතු වූයේ එම දරුවා මළ හෝන්තුව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හරිහැටි නොදැන සිටීමය.

මේ එවන් තවත් සිද්ධියකි,

එක්තරා නිවසකට ඔවුන්ගේ හිතවත් පවුලක සාමාජික පිරිසක් පැමිණියහ. එවිට එම ගෙහිමියෝ කේක් සහ කෙසෙල් ගෙඩි වලින් එම අමුත්තන්ට සංග්‍රහ කළහ.

තව කෙසෙල් ගෙඩියක් ගන්න යැයි එම ගෘහණිය  අමුත්තෙකුට කී විට ඇගේ සිඟිති දියණිය කීවේ.

"ඕවා හුගක් කණන් ඒත් කමන්නෑ ගන්න යනුවෙනි."

මෙහිදී එම කෙසෙල් ගෙඩි සඳහා අධික මිලක් ගෙවිය යුතු බව එම සිඟිති දැරියට වැටහී තිබුණි. එහෙත් ඒ බව නිවසට පැමිණෙන අමුත්තන්ට නොකිය යුතු බව ඇගේ සිඟිති මනැසට වැටහී තිබුණේ නැත.

එමෙන්ම වැඩිහිටියන් තමන්ගේ යුග ජීවිතයේ පෞද්ගලික කරුණු දරුවන්ට නොවැටහෙන අයුරින් සන්නිවේදනය කරගන්නා අවස්ථාද ඇත. එහෙත් එම වචන ඔවුන් එළෙසින්ම සෙසු වැඩිහටියන් හා කීමේ දී අඹුසැමියන් අතර හුවමාරු වූ එම වදන් වල යටි අරුත වටහා ගැනීමට එම පිටස්තරයන්ට හැකි වනු ඇත.

කුඩා දරුවන් ඉදිරියේ තමන් කරන කියන දෑ කෙරෙහි වැඩිහිටියන් අතිශ්‍ය ප්‍රවේශම් සහගත විය යුත්තේ එබැවිනි.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 743

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 590

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1775

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1380

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1067

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

IMAGE 2018 Apr 16 16:14
කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස්...
Views - 1305

Please publish modules in offcanvas position.