Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවාට පාඩම් කරන්නට නිවසේ වෙනම කොටසක්

Studyනිවසක් සැලසුම් කරනවිට අද සමාජයේ බහුතරයකට අමතකව යන නමුත් විශේෂයෙන් නිවසක තිබිය යුතුම තැනක් ගැන කතා කිරීම අද අපේ සූදානමයි. විශේෂයෙන් දරුවෙක් සිටින නිවසකට නම් මෙය අත්‍යවශ්‍ය අංගයකි. දරුවාට පාඩම් කිරීමට සිය ‍පොත් පත් තබා ගැනීමට තැනක් ( Study Area) වෙන් කිරීම නිවාස සැලසුමේ පැවැතිය යුතුමය. දරුවා සිය ‍පොත්පත් රැගෙන විසිත්ත කාමරයට කෑම මේසයට යන්නේ ඒ සඳහා නියමිත තැනක් නොමැකි නිසාය. විටින් විට ඒ තැන්වලදී දරුවාට සිදුවන බාධා නිසාම දරුවාට පාඩම් කිරීම නීරස වන්නට පිළිවන.
මේ සඳහා වෙන්කළ යුත්තේ කලබලකාරී බවින් අඩු බාධා නොවන නිස්කලංක තැනකි. එසේම එය මව්පියන්ට, නිවසේ වැඩිහිටියන්ට අධීක්ෂණය කළ හැකි තැනක ස්ථානගත කිරීමද වැදගත්වෙයි. තමන්ගේ  ‍පොත් පත්ද රැගෙන කාමරවලට සිටින දරුවන් ඒවා තුළ තනිවීම වැළැක්විය නොහැක. එසේම කාමර තුළට වැදී  ඒවා වසාගෙන සැබෑවට ඔවුන් පාඩම් වැඩවල නිරතවනවාද නැතිනම් වෙනත් අනවශ්‍ය කටයුත්තක යෙදෙනවාදැයි දෙමාපියන්ට වැටහීමක් නැත. දරුවා මුළු දවස පුරා කාමරයකට වැදුණ පසු පවුලෙන්ද යම් තරමකට ඈත් වන ස්වභාවයක් තිබේ. එබැවින් කුඩා කල සිටම දරුවා නියමිත තැනක සිය අධ්‍යාපන කටයුතුවල නියැළීමට පුරුදු පුහුණු කළ යුතුය. ඒ  සඳහා සුදුසු  තැනක් වෙන්කර දිය යුතුය.
දරුවාට ස්වාධීනව සිතීමට නව නිර්මාණ, අදහස් වලින් යුතු පුද්ගලයෙකු බිහි කිරීමට මේ පියවර බෙහෙවින් අවශ්‍ය වන්නකි. එසේම වැඩිහිටියන්  සිටින නිවසකට පවා කියැවීමේ අඩවියක් ( අඥචඤඪදඨ ඒපඥච) සඳහා ඉඩකඩ වෙන්කර ගැනීම සැබැවින්ම යෝග්‍ය වෙයි.නිදහසේ, නිස්කලංකව යමක් කියවීමට පත්තරයක් බැලීමට නිවසේ තැනක් තිබිම අතිශයින් යෝග්‍ය වෙයි. දරුවෙකු සඳහා  'Study Area' එකක් නිර්මාණයේදී සැලකිය යුතු කරුණ ගැන දැන් අපි සොයා බලමු. එය සැලසුම් කළ යුත්තේ ඔහුගේ ගති ලක්ෂණවලට, ලබන අධ්‍යාපනයට අනුවය. උදාහරණයක් ලෙස යම් යම් ඉලෙක්ටේ‍රානික නිර්මාණ කරන එයට අදාළ විෂයන් ඉගෙන ගන්නා දරුවෙකුට නම් ඉඩකඩ ඇති ලාච්චු සහිත මේසයක් වැනි දේ එහි අඩංගු කළ යුතුය. ඔහුගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ හැකි ඒවා ගබඩා කර තබාගත හැකි පහසුකම්  එහි තිබිය යුතුය.  එසේම දරුවා කැමති වර්ණයකින් එහි බිත්ති අලංකාර කර ගැනීමත් වැදගත්වෙයි. දරුවන්ට එම බිත්තිමත තමන්ට අවශ්‍ය දේ ඇලවීමට හෝ ඇඳීමට නිදහස ලබාදිය යුතුය.  ඒ සඳහා සුදුසු ආකාරයට බිත්ති සකසා ගත යුතුය. එවිට දරුවාගේ සැඟවුණ කුසලතා ඒ හරහා මතුකර ගත හැකිය.
එසේම ඒ ස්ථානය හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක ලෙස සැකසීමද අතිශයින්ම වැදගත්ය. දරුවාට නොදැනෙන්නට නිතරම දරුවා ගැන අවධානයෙන්, නිරීක්ෂණය කළ හැකි තැනක් වීමද වැදගත් වෙයි.

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 747

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 593

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1775

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1381

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1067

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

IMAGE 2018 Apr 16 16:14
කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස්...
Views - 1305

Please publish modules in offcanvas position.