Coss Ear2
lakbima.lk
COSS Ear 1

වතුර සමඟ ක්‍රීඩාව දරුවාගේ මොළය වඩන කදිම මං පෙතකි.

දෙමාපියන් සෑම විටම උත්සාහ කරනුයේ දරුවන්ට ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමටයි. ඒ දරුවන්ට ඇති ආදරය නිසා වුවද මෙම ආරක්ෂා කිරීම නිසා දරුවන්ට ජීවිතයේ යම් යම් අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා අහිමි වන බවද අමතක කළ යුතු නැත. වතුර සමඟ ක්‍රීඩා කිරීමද මෙම අවස්ථා අතර වේ.

වතුර සමඟ කාලය ගත කිරීමෙන් දරුවන්ට ලබා ගත හැකි අත්දැකීම් මොනවාදැයි බලමු.

භාජන වලට වතුර පිරවීම, එකකින් අනෙකට වතුර වක්කිරීම, පරිමාව හා ධාරිතාව ඉගැන්වීමේ මුල් පියවර වේ.

මේ සඳහා බෝතල්ද භාවිතා කළ හැකියි. එවිට කට විශාල බෝතල් වලට වතුර පිරවීම පහසු බවත් කට කඩු බෝතල් වලට වතුර පිරවීම අපහසු බවත් දරුවෝ අවබෝධ කර ගනිති.
 

එමෙන්ම සීරු මාරුවට වතුර පිරවීමේ දී මොළයේ වැඩීම ද මනාව සිදුවේ.

වතුර භාජනයකට යම් යම් දේ දැමීමෙන් ජලයේ පාවෙන/ ගිලෙන/ දියවෙන දේ පිලිබඳව දරුවන් දැන ගැනීමට පුළුවන.

උදා -: ගල් කැට, ශාක පත්‍ර, තීන්ත, ලුණු කැට


වතුර ඇල්ලීමෙන් දරුවන්ට හානියක් නොවීමට නම්

වතුර සමඟ ක්‍රියාකාරකම් කිරීමෙන් අනතුරුව දරුවා සෝදා පිරිසිදු කර ඇඟ වැසෙන ඇඳුමක් ඇන්දවීමට පුළුවන.

මෙම අවස්ථා වලදී දරුවා සමඟ කාලය ගත කිරීමට වැඩිහිටියකුද සූදානම්ව සිටීම අවශ්‍යය. එවිට මුහුණට වතුර දමා ගැනීම, වතුර භාජන වලට හිස පෙවීම යනාදියෙන් දරුවා ආරක්ෂා කර ගත හැකිවේ.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.